Parched (2015) Sinhala Subtitle

January 19, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

Dear Zindagi ෆිල්ම් එක දීපු ගමන්ම ඔන්න තවත් එකක් අරගෙන ආවා.මේකත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත්තු චිත්‍රපටයක් ඒ වගේම සේරටම කලින් කියන්න ඕනේ හින්දි එකක් වුනාට මේ ෆිල්ම් එක 18+ එකක් වගේම  කතා තේමාවත් ටිකක් සැරයි. නිරුවත් දර්ශන කීපයක්ම ඇතුලත් සහ අසභ්‍ය වචන බොහොමයක් තියනවා චිත්‍රපටය පුරාවටම. ඉතිං ඒකත් මතක තියාගෙනම දැන් යමු විස්තරය පැත්තට…

මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සිනමා නළු අජේ දෙව්ගන්ගෙ Adf films ආයතනය රචනය සහ අධ්‍යක්ෂණය ලීනා යාදව්ගෙන්, දෙබස් සුර්පතික් සෙන්ගෙන්.Imdb අගය 7.6ක් සහ Rotten Tomatos හි 94% ක් වගේ  දැවැන්ත අගයකට හිමිකම් කියන්න මේ චිත්‍රපටය සමත්. සම්මාන ගැන බැලුවොත් ලොස් ඇන්ජලීස් ඉන්දීය සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි ජූරි සම්මානය මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන  තනිෂ්තා චැටර්ජි, රාධිකා ආප්තේ,සුර්වීන්චෞලා සහ ලේකර් ඛාන් අතරේ සම සමව බෙදී යනවා.   එම උළෙලේදීම හොඳම චිත්‍රපටයට හිමි ප්‍රේක්ෂක සම්මානය ලබාගන්නා අතරම ස්ටොක්හෝම් සිනමා සම්මාන උළෙලේදීත් සම්මානයක් හිමිකර ගන්නට මෙම සිනමා පටය සමත් වෙනවා.ඊට අමතරව Santa Barbara International Film Festival සහ Screen Weekly Awards හීදීත් සම්මාන දෙකකට නිර්දේශ වෙලා තියනවා.

පුරුෂාධිපත්‍යය,ගණිකා වෘතිය වගේ දේවල් අපේ රටත් ඇතුළුව  ලෝකෙ හැම රටකම වගේ අඩු වැඩි වශයෙන් තියනවනෙ…එතකොට  ළමා විවාහ?අන්න ඒ අතින් අපි වාසනාවන්තයි,අපේ සංස්කෘතිය අපිට එහෙම දෙයක් දායාද කරල නෑ. ඒත්, අපේ අසල්වැසි ඉන්දියාවෙ අඩු වයසෙන් විවාහ කරදීම් සහ පුරුෂාධිපත්‍යය තදින්ම තියනවා, ඉතිං ඔන්න ඔය කාරණා  ගැන,  ඒ දේවල් නිසා ඉන්දීය කාන්තාව විඳින දුක් ගැහැට ගැන තමයි මේ ෆිල්ම් එකේ පොදුවේ කතා කෙරෙන්නේ.  මේක බැලුවහම මට හිතුණ දෙයක් තමයි අපේ රට කොච්චර වාසනාවන්තද කියන එක.කතාවට පදනම් වෙන්නෙ    රාජස්ථානයේ පිහිටි ගම්සබාවක අනපණත් යටතේ සියලු කටයුතු   කෙරෙන කොටින්ම කිව්වොත් පුරුෂාධිපත්‍යයට යටවුන  පිටිසර ගමක්.ගමේ පිරිමි උදවිය රැකියාව නිසා වැඩිපුරම ඉන්නෙ ගමෙන් පිට . ඔවුන්ගෙන් බොහොමයක් ස්ත්‍රී ඇසුරට ලොල්වුණ බේබද්දන්.

රාණි – අවුරුදු 17 පුතෙක් ඉන්න ,තමන්ගෙ රෝගී නැන්දම්මට ඇප උපස්ථාන කරගෙන ඉන්න තරුණ වැන්දඹුවක්.

ලජ්ජෝ – රාණිගෙ හොඳම මිතුරිය, විවාහකයි නමුත් දරුවන් නෑ.

බිජ්ලි –  රාණිගෙ හොඳම මිතුරියක් ,නර්තන කණ්ඩායමක සේවය කරන ගණිකාවක්.

ගුලාබ් – රාණිගෙ පුතා, දඩබ්බර නරක ඇසුරට වැටුණ අයෙක්. රාණි ඔහුට විවාහයක් කරල දෙනවා.

ජානකී – ගුලාබ්ගෙ ලමා මනාලිය..අහිංසක පාසල් යන වයසේ දැරියක්.

කිෂන් – ගමේ හණමිටි සම්ප්‍රදායන්වලට විරුද්ධ කෙනෙක්.ගමේ අසරණ කාන්තාවන්වත් හවුල් කරගෙන පේෂකර්ම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමයි ඔහුගේ එකම අරමුණ.

මං කතාව මෙතනින් නවත්තන්නම් . ඉතුරු ටික ඕගොල්ලන්ට බාරයි.  නරඹලම බලන්න.ආයිත් මතක් කරනවා මේක 18+ එකක්…

Available Torrents
720p bluray 1.05 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (6)
  • Obama_SL Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  • lahiru Unregistered
    Windows 8.1 UC Browser 7

    elama machan me wage hangunu movies walata sub demuuuuuuu

  • Mithun Unregistered
    Android 8 Chrome 67

    බොහොම ස්තුතියි හසිත සහෝ සිංහල උපසිරසියට…මෙක දැම් අහම්බෙන් බ්ලුරේ ටොරෙන්ට් එකක් දැක්කෙ padman බැලුවට පස්සෙ… බලන්න ඔනේ 😍😍😍😍❤❤❤❤

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 54

      ඉෂිතලගෙන් ස්වප්නලගෙන් වැහිච්ච සැබෑ බමුණු මතධාරී ඉන්දියාව තමයි,මිතුන්, චිත්‍රපටය පුරාවට තියෙන්නෙ. බලල කියන්නකොමේක මට ගොඩක් හිතට වැදුණ ෆිල්ම් එකක් (එන්ඩින් එකටනම් කැමති නැත ). ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි,මිතුන් 🙂

  • Thilina harshana Unregistered
    Android 7 Chrome 55

    Download kalata sub 1 wada na ban

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6

      සබ් එක වැඩ. මම මේ දැනුත් චෙක් කලා. RAR ෆයිල් එකක් විදියට තියෙන්නෙ ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search