ඇමරිකාවේ 2020 නොවැම්බර් 17 දින නිකුත් නවතම සලරුවක් තමයි Playhouse". මේක Horror, Thriller ගණයට අයිති එකක්. මේක බ්‍රිතාන්‍ය ෆිල්ම් එකක්. බ්‍රිතාන්‍යයේ සහ ස්කොට්ලන්තයේ රූපගත කර ඇති මෙය විනාඩි 87 ක ධාවන කාලයකින් යුක්තයි. Grace Courtney, William Holstead, Helen Mackay සහ James Rottger ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.
ජැක් ට්‍රැවිස් කියන්නෙ නාට්‍ය රචකයෙක්. එයාගෙ දුව බී උසස් අධ්‍යාපනය හදාරන තරුණියක. ජැක් ස්කොට්ලන්තයේ ඈත පිටිසර පිහිටි බලකොටුවක් වගේ පැරණි මාලිගාවක් මිලට ගෙන ඔවුන් එහෙ පදිංචියට යනවා. බී නම් කැමති නෑ. ජැක්ගේ අරමුණ ඒ මාලිගාව සම්බන්ධව තියෙන කට කතාවක් ගැන නාට්‍යයක් ලියන්න. ඒ කතාව අනුව ඉස්සර ඒ මාලිගාවෙ ඉඳල තියෙනවා ලෙයාර්ඩ් මැකේ කියල බැරන් කෙනෙක්. එහෙ සේවිකාවක් වන තබිතා සමඟ ඔහුගේ සම්බන්ධයක් තිබිලා ඇය ඔහු නිසා ගැබ් අරගෙන. ඇයට ලැබුනු පුතා තමයි ලස්ඩෙයාර්. ඔහු ලෙයාර්ඩ්ගෙම පුතෙක් වගේ මාලිගාවෙ හැදුනා. උස් මහත් උනාට පස්සෙ දවසක් රෑ ප්‍රිය සම්භාෂණයකදි වැදගත් අමුත්තන් ඉදිරියේ ඇලස්ඩෙයාර් මේ ගැන දෙඩෙව්වා. රහස එලිවීමෙන් අතිශය ලැජ්ජාවට පත්වූ ලෙයාර්ඩ් ඔහුව මාලිගාවෙ යට මාලයේ තැනක හිරකරලා බිත්තියක් බැන්දා. ඔහු පිපාසෙන් හා බඩගින්නෙන් දවස් කීපයක් බේරගන්න කියලා කෑ ගහලා තියෙනවා. නමුත් හදපු අම්මවත්, වදපු අම්මවත් බේරගන්න ඇවිත් නෑ. හැබැයි වෙන එක්කෙනෙක් ඇවිත්. යක්ෂයා. ඔහු ඇලස්ඩෙයාර් එක්ක ගිවිසුමකට ඇවිත්, ඔහුට පලිගන්න ඉඩ දෙන්නම්, ඒ වෙනුවට සදාකාලයටම යක්ෂයාට සේවය කල යුතුයි කියලා. ඉන්පසු තබිතව හම්බෙලා තියෙනවා පඩිපෙල පාමුල වැටිලා මැරිලා ඉන්නකොට. ලෙයාර්ඩ්ට පීස්සු හැදිලා මාලිගාවෙ ඉහලම ජනේලෙන් පැනලා මැරිලා, නැත්නම් එහෙම කියනවා. ඉතින් ඇලස්ඩෙයාර් හිරකල ඒ බිත්තියට දැනටත් කවුරුහරි අත තිබ්බොත් උදව් ඉල්ලලා කෑගහන එක ඇහෙනවලු. බීගෙ යාලුවො දෙන්නෙක් ආපු වෙලාවක මේ ගැන බීට කියනවා. පස්සෙ එයාලා ඒක ඇත්තද කියලා බලන්න බිත්තියට අත තියනවා. ඒකෙන් පස්සෙ මාලිගාවෙ යම් යම් දේවල් වෙන්න පටන් ගන්නවා. මේ අතර තවත් කෙනෙක් කතාවට සම්බන්ධ වෙනවා. අසල්වැසි තරුණියක් වන ජෙනී. ඇයගේ ලොකු ආච්චි තමයි තබිතා. මේ හැමෝගෙම ඉරණම කෙසේ වේවිද? නැවත හමුවෙමු. ජය වේවා.




Android 9Chrome 80
තෑන්ක්ස් සහෝ
Windows 10Chrome 87
sub aka ganne kohomada saho