Rabbit School – Guardians of the Golden Egg (2017) Sinhala Subtitle
ආයුබෝවන් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. සජීවීකරණ චිත්‍රපටවලට ලොකු කුඩා කවුරුත් කැමතියිනෙ ඒ නිසා මේ වතාවෙ අරගෙන එන්න හිතුවා ජර්මන්- ඉතාලි සජීවීකරණ චිත්‍රපටයක්. මේක ඇත්තටම උපසිරැසි කරන්න අරන් දැන් මම හිතන්නෙ සති දෙකක් විතර වෙනව. අවසන් ලයින් කීපය ඉවර කරගන්න ටිකක් කල් ගියා එක එක වැඩ හින්ද. කොහොමහරි වෙලාවක් ලැබුණ වෙලේ තමයි මේ උපසිරැසිය අවසන් කරල ඕගොල්ලො හමුවට අරගෙන එන්නෙ. හරි… මේ චිත්‍රපටයෙ නම තමයි Rabbit School – Guardians of the Golden Egg (2017). සජීවීකරණ, වීර වෘතාන්ත, හාස්‍යජනක යන වර්ගවලට අයත් මෙහි ධාවන කාලය පැයකුත් මිනිත්තු 15ක්. Imdb අගය 5.7ක් දිනාගෙන ඇති මෙය ගූගල් පරිශීලකයන් 85%කගේ ප්‍රසාදයද ලබාගත්තක්. ඊට අමතරව සම්මාන තුනකට නිර්දේශව එයින් දෙකක් දිනාගන්නටත් සමත් වී තිබෙනවා. අධ්‍යක්ෂණය ජර්මන් ජාතික Ute von Münchow-Pohl ගෙන්. චරිතවලට තම හඬ දායකත්වය ලබාදෙන්නේ Noah Levi ( මැක්ස්), Senta Berger ( හර්මයිනි ගුරුතුමිය) ,Friedrich von Thun ( එයිට්ල්ෆ්‍රිට්ස්), Jenny Melina Witez (එමී) ,Max Boguth ( අර්නස්ට්), Ben Boxberg ( ඇන්ටන්), Dirk Petrick (ෆඩිනන්ඩ්), Constantin von Jascheroff (බෲනෝ) වගේ පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට…
මැක්ස් කියන්නෙ බොහොම දඟකාර නාගරික ජීවිතයට තදින් හුරුවුණ නගර හාවෙක්. මෙයාට ඉන්නවා තව එයා වගේම යාළුවො දෙන්නෙකුත්. මේ කට්ටිය මේ දඟකාරකම් කර කර ඉන්න අතරෙ නගරෙ හා කල්ලිය ප්‍රධානී හාවෙක් මේ මැක්ස්ව දැකල අදහසක් එනවා එයාව තමන්ගෙ කල්ලියට බඳවගන්න. එහෙම හිතල එයා කියනව පාස්කු ඉරිදා දවල්ට ඇවිත් ඒ සඳහා තියන සම්මුඛ පරීක්ෂණේට පෙනී ඉන්න කියල. ඉතින් මේ කල්ලියට බැඳෙන්න සෑහෙන ආසාවෙන් ඉන්න මැක්ස් ඉන්නෙ පාස්කු ඉරිදා එනකං ඇඟිලි ගැන ගැන. කොහොමහරි ඔය අතරෙ මැක්ස් කරන්න ගිය දඟකාරකමක් නිසා මැක්ස් අන්තිමේ නවතින්නෙ පාස්කු උත්සවයට බිත්තර රැගෙන යන හාවුන් පුරුදු පුහුණු කරන පිටිසර පාසලක. නාගරික ජීවිතේට හුරුවුන මැක්ස්ට මේක නිකං වහකදුරු වගේ, ඒ නිසා පුළුවන් ඉක්මනින් ආපහු නගරෙට යන්නයි මැක්ස්ගෙ කැමැත්ත, අනිත් එක පාස්කු ඉරිදා වෙනකොට කොහොමත් යන්නම ඕනෙ අර සම්මුඛ පරීක්ෂණේට පෙනී ඉන්න. ඒ වුණාට මේ හාවුන්ගේ පාසලේ ඉඳල නගරෙට යන එක එච්චර ලේසි නෑ , ඒකට හේතුව තමයි පාසල වටා වනාන්තරේ ඉන්න හිවල් පවුල… එතනින් එහාට ඔන්න නරඹන ඔබට බාරයි. මම ගිහින් එන්නම් හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්.
විශේෂ :-
ලබාදී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් හඬකැවූ පිටපතක් බව සලකන්න.
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Obey 2018 Drama Onna okata puluwan nm sabtitel karannako. Rotten tomatoes 100/ imdb 6.5
BlacKkKlansman 2018 .drama . Imdb 7.5 Rotten tomatoes 95/
සබ් එකට තැන්ක්ස්!
ගොඩක් ස්තුතියි…!ඇනිමේෂන් නම් මං අනිවා බලනවා..හිතේ සතුට විතරක් බලාපොරොත්තුවෙන් කරන මේ සද්කාර්යයට ඔබටත්, සබ්ස් එකේ සියලුම දෙනාටත් පිං…තෙරුවන් සරණයි…!
thankss machan sub ekata
tnx sub ekata
සබ් එකට තැන්ක්ස්!
ela saho thanks
බොහොම ස්තූතියි සහෝ
Thanks you so much
ගොඩාක් ස්තුතියි යාලුවා
Thank you my friend