Radhe (2021) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න අද අරගෙන ආවා හින්දි චිත්‍රපටයකට සිංහල උපසිරැසියක්.
RADHE (2021)
බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් රංගනයෙන් දායක වන 2021 වර්ෂයේ අලුත්ම චිත්‍රපටය තමයි රාධේ. 2021 මැයි මස 13 වෙනිදා නිල වශයෙන් නිකුත් කරපු මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 1.7ක ඉතාමත් අඩු අගයක් තමා ලබාගෙන තියෙන්නේ. ඒවගේම 2017 තිරගත වුණ කැන්ග් යූන්-සන්ග් අධ්‍යක්ෂණය කරපු “The Outlaws” නැමැති කොරියානු චිත්‍රපටය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. පැය 1යි විනාඩි 50ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය Action, Crime, Thriller යන ගණයන්ට අයත් වේ. ඩිෂා පටානි, ජැකී ෂෙරෝෆ්, රන්දීප් හූඩා, මේගා අකාශ්, සප්නා පබී, සුධීර් බාබු, ගෞතම් ගුලාටි, සුදන්ෂු පාණ්ඩේ, අර්ජුන් කනුන්ගෝ, ප්‍රවීන් තාඩේ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඉන්දියන් මයිකල් ජැක්සන් නමින් හඳුන්වන ප්‍රභූ දේවා විසිනි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අනාගත තරුණ පරම්පරාව ගලවාගෙන, මත්ද්‍රව්‍ය වලින් තොර සුපිරිසිදු නගරයක් තනන්න කටයුතු කරන ආකාරය තමයි චිත්‍රපටයෙන් කියවෙන්නේ. එහෙනම් ඉතින් චිත්‍රපටය නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
තෑන්ක්ස් කමෙන්ට් එකට.
තෑන්ක්ස් සහෝ
තෑන්ක්ස් කමෙන්ට් එකට.
කියන්න දෙයක් නැහැ ..උපසිරැසි ගින්දර වගේ තිබ්බා ..ෆිල්ම් එකත් සුපිරි ..අවසාන climax seen නම් වැඩක් නැහැ ..ඒ හින්දා ම මන්දා imdb අඩු අගයක් ගත්තේ
තෑන්ක්ස් ඇඩ්මින් සහෝ කමෙන්ට් එකට.
කොහොම වුණත් ෆිල්ම් එකේ අවසානේ නම් අවුල් තමා.
download karanne kohomada
ඇයි විදුරංග උඩ තියෙන්නේ, “අදාල වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න” කියලා කොළ පාට තීරුවකූයි, “සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න” කියලා නිල්පාට තීරුවකුයි. එතනින් ෆිල්ම් එකයි සබ් එකයි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
subz .lk akata mama apu palaweni sare meka…dl subs.lk ake tv series walata sub den nadda oyala…
ටීවී සීරියස් වලට සබ් නොදෙනවාම නෙමෙයි.
සමහර අලුත් ටීවී සීරියස් වලට සබ් කරලා තියෙනවා.
කාලයේ ප්‍රශ්නයක් නිසා තමයි ටීවී සීරියස් වලට සබ් කෙරෙනවා අඩු. කොහොම වුණත්, පුළුවන් වෙලාවල් වලට සබ් දෙන්න බලන්නම්. පළවෙනි සැරේට සයිට් එකට ආපු එක ගැන සතුටුයි. දිගටම අපිත් එක්ක ඉන්න.
mata dwn krnna ba ne
සබ් එකද, ෆිල්ම් එකද?
එහෙම අවුලක් නෑ මිනිදු. මං දැනුත් චෙක් කළා.
වැඩ කරනවා. ආයේ සැරයක් ට්‍රයි කරලා බලන්න.
සබ් එක නම් සුපිරි:thumbsup::thumbsup::thumbsup::thumbsup:
Baazi-1995 මේ හින්දි ෆිල්ම් එකටත් සබ් එක දෙන්නකෝ…
තෑන්ක්ස් දෙනෙත් කමෙන්ට් එකට.:star_struck:
ට්‍රයි එකක් දෙන්නම්.
Direct link eka wada karanne na wage poddak balannako,
https://letsupload.io/3yNop/%5Bwww.Movie4me.cc%5D-R4DH3_(2021)_Hindi_720p_HDRip_x264_ESubs.mkv ඔය දීලා තියෙන ලින්ක් එකෙන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න යාළුවා.
පොඩ්ඩක් බලන්න ඔය පිටපතේ කොලිටිය එහෙම හොඳයිද කියලා. මං ඕක ඩවුන්ලෝඩ් කරලා බැලුවේ නම් නෑ. HDRIP නිසා අවුලක් නැතුව ඇති කියලා හිතනවා. සබ් එකත් ගැලපෙයි. මොකක්මහරි අවුලක් තිබුණොත් කියන්න. මං ඔය පිටපතට ගැලපෙන විදිහට සබ් එක හදලා දෙන්නම්. කලින් දීලා තිබුණෙත් HDRIP තමා. ඒ සයිට් එකේ තියෙන ඔක්කොම ඩිරෙක්ට් ලින්ක්ස් ටික දැන් වැඩ කරන්නේ නෑ. ඒකයි ඕක දුන්නේ.