Raees (2017) Sinhala Subtitle
ෂාරුක් ඛාන්…තවත් වචනයකින් කියනවනම් බොලිවුඩයේ කිං ඛාන්.1965 වසරේ නොවැම්බර් 25වන දින දිල්ලියේදී උපත ලද මේ මහා රංගන ශිල්පියා රංගන ක්ෂේත්‍රයට පා තබන්නේ 1988 වසරේ දූර්දර්ශන් රූපවාහිනී සේවයේ විකාශයවූ Fauji ටෙලි වෘතාන්තයේ ලුතිනන් අභිමන්යු රායිගේ චරිතයට පණපොවමින්.එයින් වසර 4කට පසුව දීවානා (1992) චිත්‍රපටයෙන් සිනමාවට එක්වන මේ රංගධරයා තමන් රඟපෑ සෑම චරිතයකින්ම ප්‍රේක්ෂක සිත් සතන් අතර තම නම නොමැකෙන ලෙස සටහන් කර තබන්නට සමත් වනවා.ඉන් නොනැවතී 2002 වසරේදී රෙඩ් චිලීස් එන්ටටේන්මන්ට් නිෂ්පාදන සහ ද්‍රෘශ්‍යප්‍රයෝග සමාගම අරඹන අතර එහි නවතම නිමැවුම වන්නේ මේ රායීස් සිනමා පටයයි…
රායීස් චිත්‍රපටය ගැන කියනවනම් මෙහි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් එක්වන්නේ පකිස්තාන් නිළි මහීරා ඛාන් මේ ඇයගේ රංගනයෙන් හැඩවන ප්‍රථම බොලිවුඩ් සිනමා නිර්මාණය.ඒ වුණත් ඇය පකිස්තානයේ ඉතාම ජනප්‍රිය නිළියක් වගේම පකිස්තානය තුළ වැඩිම මුදලක් අය කරන රංගන ශිල්පිනියත් ඇයයි.නමුත් මේ සිනමාපටය නිකුත්වීමටත් මත්තෙන් ඇයට දැඩි විරෝධයක් එල්ලවුණා ඉන්දියානු ජාතිකයින්ගෙන්.එයට හේතුව ඇය කලකට පෙර රූපවාහිනී වැඩසටහනකදී දැඩි ඉන්දීය විරෝධී මතයක සිට කල අදහස් දැක්වීමක වීඩියෝ පටයක්.ඇය එහිදී ප්‍රකාශ කරන්නේ පකිස්තානු සිනමාව කිසිසේත්ම බොලිවුඩ් ආභාෂය ලබානොගත යුතු බවයි.මේ ප්‍රශ්ණය නිසාම ෂාරුක්ට තමන්ගේ සිනමාපටයේ ප්‍රචාරක පුවරුවලින් මහීරා ඛාන්ගේ රුව ඉවත්කිරීමටත් සිදුවුණා.තවද කාශ්මීරයේ යූරිහි හමුදා කඳවුරට එල්ලවූ ප්‍රහාරයෙන් (2016)පසුව දෙගුණ තෙගුණවූ මේ ප්‍රශ්ණය අවසානයේ බොලිවුඩ්හි සේවය කරන සියලු පකිස්තානු ජාතිකයින්ට ඉන්දියාවෙන් පිටව යන ලෙස නියෝග කිරීමට තරම් දිග්ගැස්සුණා.ඒ අනුව පකිස්තානු ශිල්පියෙක් බොලිවුඩ් සිනමාවට දායක වන අවසන් චිත්‍රපටය රායීස්වනු ඇති.වසර ගණනාවක් තිස්සේ ඇදීයන මේ ඉන්දු-පකිස්තාන් අර්බුදය යම් තරමකින් හෝ නිවාදැමීමට මේ බොලිවුඩ් කලාලෝකය දරන උත්සාහයන් ජාතිවාදය නම් රකුසා නිසා ව්‍යර්ථව යාම කණගාටුවට කාරණයක්…
දැන් අපි යමු චිත්‍රපටය පැත්තට.IMDB හි 7.3ක ඉහළ අගයක් ලබාගත් රායීස් සිනමාපටය ගූගල් පරිශීලකයින් 85%ක ප්‍රතිශතයක ප්‍රසාදය දිනාගන්නටත් සමත්වෙනවා.අධ්‍යක්ෂණය රාහුල් ධෝලකියාගෙන් වන අතර ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වන්නේ රායීස් අලාම් ලෙස ෂාරුක් ඛානුත්, ඔහුගේ බිරිඳ ආශියා ලෙස මහීරා ඛානුත්, පොලිස් පරීක්ෂක මජ්මුදාර් ලෙස නවාසුද්දීන් සිද්දිකීත් (මම ආසම චරිතාංග නළුවා) සහ ජෙයරාජ් සේට් ලෙස අතුල් කුල්කර්නි ඇතුළු නළු නිළි කැලක්.කතාව දිවෙන්නේ මත්පැන් තහනම තදින්ම ක්‍රියාත්මක වන ගුජරාට ප්‍රාන්තයේ කෙරීගෙන නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරයන් වටා.නීත්‍යානුකූල මත්පැන්වලට අධික තහනම් පැනවෙන කල සිද්ධවෙන්නේ මේ වගේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය ( අපේ භාෂාවෙන් කියනවනම් කසිප්පු) සහ නීතිවිරෝධී ලෙස විදේශීය මත්පැන් රට තුලට ගලාඒම.ගුජරාටය තුල මේ කර්තව්‍යය තදින් සිද්ධ වෙනවා…
ඉතිං අපේ කථානායක රායීස් අලාම් උපදින්නෙත් මේ වගේ වටපිටාවක් ඇතුලේ.ඔහුත් කුඩාකාලයේදී නිරායාසයෙන්ම තමන්ගේ ගමවන ෆටේපූරාහි සිදුවන මේ නීතිවිරෝධී ව්‍යාපාරයේ කොටස්කරුවෙක් බවට පත්වෙනවා.ඔහුත් සමග ඔහුගේ හොඳම මිත්‍රයා සාදිකුත් මේ වැඩේට හවුල් වෙනවා.ෆටේපූරාවල මේ ව්‍යාපාරය දිවෙන්නේ ජෙයරාජ් සේට්, උල්වාල් භායි සහ රම්නික් භායි නම් ව්‍යාපාරිකයින් තිදෙනෙක් වටා.රායීස් සහ සාදික් දෙන්න වැඩ කරන්නෙ මේ මුලින් කියපු ජෙයරාජ් සේට්ට.කුඩා කාලයේ ඉඳන්ම ජෙයරාජ්ට වැඩ කරපු රායීස්ට තමන්ගෙම කියල මත්පැන් ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් එනව.ඒකට උදවුවක් ගන්න ජෙයරාජ්ව හම්බවෙන්න යන මේ දෙන්නට උදවු වෙනුවට හම්බවෙන්නෙ අභියෝගයක්.අභියෝගය ජයගන්න මුදල් හොයන විදියක් ගැන කල්පනා කරන රායීස්ට පහලවෙනවා හොඳ අදහසක්.ඒ අදහස මුදුන්පත් කරගන්න බොම්බේ (අද මුම්බාය) නගරය වෙත යන මේ දෙන්නට ආයිත් ප්‍රශ්ණයකට මුහුණ දෙන්න වෙනව කෙසේ හෝ දැඩි අධිෂ්ඨානයෙන් තමන්ගේ අරමුණ කරා යන රායීස්ට මේ නිතිවිරෝධී මත්පැන් අධිරාජ්‍යයේ කිරුළ පළඳින්නට වැඩි කාලයක් යන්නේ නෑ.ඒ අතර ෆටේපූරාවලට පත්වෙලා එනව මජ්මුදාර්නම් අලුත් පොලිස් ස්ථානාධිපතිවරයෙක්.ඔහුත් එක්ක රායීස්ට මේ වැඩේ කරන්න ලේසි වෙන්නෙ නෑ, ඒවුණත් තමන්ගෙ ශූර කපටි මොළෙන් සහ ධෛර්යයෙන් ඒ සියල්ල පරදවනවා.හැබැයි එක දවසක ගන්නා සුළු වැරදි තීරණයකින් මේ සියල්ල කණපිට හැරෙනවා.වෛරය, ඉවසීම, ශූර බව, ධෛර්යය සහ කරුණාව එක්තැන්වූ රායීස්ගේ කතාවයිමේ…
නරඹන ඔබට ගැටලුවක් වියහැකි විශේෂ වචන.
මේකෙදි රායීස්ගෙ ස්වභාවය ගැන කියන්න නිතරම භාවිතා වෙන පදයක් තියනවා.
” Baniye* ka dimaag aur miyanbhai* ki daring”
මේකෙ තේරුම වෙන්නෙ “බානියාවරයෙක්ගෙ මොළෙයි, මියාන්භායිගෙ නිර්භීතකමයි.”
BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
BluRay Updated
Spoiler Warning : A determined police officer (Nawazuddin Siddiqui) threatens to destroy a crime lord’s (Shah Rukh Khan) powerful empire in Gujarat, India…
ගොඩක් ස්තූති සහෝ සබ් එකට.ඔයගේ සබ් ගැන කියන්න වදන් නෑ.බොක්කටම වදින විදියට සබ් එක නිර්මාණය කරලා තිබුනා.පුලුවනනම් ඉක්මනට Badrinath Ki Dulhania මෙකටත් සබ් දෙන්න සහො….
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි , සම්පත්. Badrinath Ki Dulhania එකටත් කොහොමහරි සබ් දෙන්නම්.
thankz saho
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
Niymi hasitha bro.
Raees.2017.Hindi.720p.BRRiP.x264.ShAaNiG link aka denna ko
othana shah rukh khan sir ge upan dine waradiy. eka 1965.november.02 widiyata wenas wenna ona hode!!!sub ekanam niyamai.film eka supirima supiriy
OYALAGE SEVAVATA MAGE HADA PIRI STHUTHIYA;;;;;
jaya janaki nayaka telugu film ekatath sub dennakoooooooo😐