Red Sonja (1985) Sinhala Subtitle

September 01, 2025 Admin
Subtitle by Rasika Samanjith
රෙඩ් සොන්ජා - පුරාවෘත්තයක ආරම්භය
         ඇමරිකන් කතුවරයෙක් වන රොබර්ට් ඊ. හොවාර්ඩ් ( Robert E. Howard ) විසින් රචිත The Shadow of the Vulture නමැති කෙටි කතාව මුලින්ම පළවෙන්නේ 1934 ජනවාරි මාසයේ මැජික් කාපට් සඟරාවෙ ( The Magic Carpet Magazine ). රෙඩ් සොන්ජා චරිතය මුලින්ම හඳුන්වා දෙන්නේ ඒ කතාවෙන්. පසු කාලයක මාවල් කොමික් පොත් වලටද අවතීර්ණ වුනු රෙඩ් සොන්ජා පසුව රිදී තිරයද ආක්‍රමණය කලා. නවතම Red Sonja [2025] චිත්‍රපටය සිනමා ලෝකයට පිවිසීමත් සමගම පැරණි සහ මුල්ම රෙඩ් සොන්ජා චිත්‍රපටයත් කරලියට ආවා. ඉතින් අපි හිතුවා, 1985 ජූලි 03 දින ඇමරිකාවේදී මුලින්ම තිරගතවූ Red Sonja [1985] චිත්‍රපටයටත් උපසිරැසියක් අරන් එන්න. මේක විනාඩි 89 ක ධාවන කාලයක් සහිත Action / Adventure / Fantasy / Sword & Sorcery වර්ගයේ ෆිලුමක්. එකල ජනප්‍රිය නිලියක් වූ Brigitte Nielsen සොන්ජාගේ චරිතය නිරූපණය කලා. ඒක ඇගේ ප්‍රථම චිත්‍රපටය වුනා. ඊළඟ ප්‍රධාන චරිතය වන කැලිඩෝර්ගේ භූමිකාවට එක්වුනේ හොලිවුඩයේ දැවැන්තයෙක් වන, අප කවුරුත් දන්න Arnold Schwarzenegger. ඔවුන් සමඟ රංගනයෙන් එකතුවුනා Sandahl Bergman (ගෙඩ්රන් රැජින), Paul Smith (ෆෝල්කන්) සහ Ernie Reyes, Jr. (ටාර්න්).
       බලයට කෑදර ගෙඩ්රන් රැජින ලෝකය නිර්මාණය කළ සහ විනාශ කළ හැකි අද්භූත ගෝලයක් වන තලිස්මන්, එය ආරක්ෂා කරන පූජකවරියන් මරා පැහැරගන්නවා. නමුත් තුවාල සහිතව බේරෙන එක් පූජකවරියක්, මෙම ගෙඩ්රන් රැජිනගේ ලෝක ආධිපත්‍යය සඳහා වූ සැලැස්ම ගැන ඇගේ රණශූර සහෝදරිය වන රෙඩ් සොන්ජාට දැනුම් දී, තලිස්මන් විනාශ කිරීමද ඇයට පවරා මිය යනවා. සොන්ජාගේ දෙමව්පියන් මරා, නිවසත් ගිනිබත් කර, ඇයවත් දූෂණය කරන්නේ මේ ගෙඩ්රන් රැජිනගේ හමුදාව විසින්. ඒ වෙනුවෙනුත් පලිගන්න බලා සිටින සොන්ජා, ගෙඩ්රන් සොයා පිටත්වෙනවා. තලිස්මන්ගේ භාරකරු වන කැලිඩෝර් අධිපතියාත් පසුව ඇගේ සහායට එනවා.
      ඉතින් මේක රෙඩ් සොන්ජා [2025] වගේ සුපිරියක් කියල නම් මම කියන්නෙ නෑ. ඒත් ඉතින් “ඕල්ඩ් ඊස් ගෝල්ඩ්” කියනවනෙ. මේ වගේ පැරණි ෆිල්ම් වලටත් ආස කරන බොහෝ අය ඉන්නවා කියල අපි දන්නවා. ඉතින් ඔයාලා වෙනුවෙනුයි මේක ගෙනාවෙ. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ 18+ සීන් මොකුත් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. BR සහ REMASTERED BR යන පිටපත් දෙකටම අදාල උපසිරැසි දීලා තියෙනවා.
ජය වේවා.
Quality // 480p – 450mb // 720p – 800mb, 900mb // 1080p – 1.2gb
♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣
Rip Type: Bluray
Available Torrents
1080p bluray 1.24 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search