Robin Hood (2018) Sinhala Subtitle
සියළුම දෙනාට තෙරුවන් සරණයි! ජය වේවා! ඉතින් මේ අවුරුද්දෙ පලමු වරට අරගෙන එන්නෙ ඔයාල බලාපොරොත්තුන් හිටිය ෆිල්ම් එකක්, පලමුවෙන්ම මේ ෆිල්ම් එකට උපසිරැසිය කරන්න බාර දුන්නු අපේ කවීෂ සොහොයුරාව මතක් කරනවා, ටිකක් විතර පරක්කු උනා නම් සමාවෙන්න ඕනෙ, මොකද අනිත් වැඩත් එක්ක කාලය වෙන් කරගන්න බැරි උනා, කොහොම හරි ඔන්න අද තමයි සබ් එක අරගෙන එන්නෙ, හරි එහෙනම් ෆිල්ම් එක ගැන චුට්ටක් කිවුවොත් රොබින් හුඩ් කියල සෑහෙන ෆිල්ම් ප්‍රමාණයක් ඇවිල්ල තියෙනවා, ඒ හින්ද අනිත් ෆිල්ම් ගැන මතක් කරන්න ඕනෙ නෑ කාලය ඉතුරු කරගමු, රොබින් හුඩ් මේ ෆිල්ම් එක නිදහස් උනේ 2018 අවුරුද්දෙ නොවැම්බර් 18 වෙනිද, IMDB අගය 5.4 ක් ලැබිල තියෙනවා, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 83% ක් ලැබිල තියෙනවා, පලමු වරට තිරගත වුනේ ඇමෙරිකාවෙදි, ප්‍රධාන චරිතය රඟදක්වන්නෙ ඔයාල කවුරුත් දන්න Taron Egerton, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Otto Bathurst, කොහොම නමුත් මේ ෆිල්ම් එකට වියදම් කරපු තරමට ආදායමක් ලබාගෙන නෑ, නිෂ්පාදනයට වැය කල මුදල ඇමෙරිකානු ඩොලර් මිලිනය 100, ආදායම ලබාගෙන තියෙන්නෙ ඇමෙරිකානු ඩොලර් මිලිනය 82.2 ක් පමණයි, දැන් අපි චුට්ටක් බලමු ෆිල්ම් එකේ කතාව විස්තර වෙන විදිහ.
රොබින් ලොක්ස්ලි කියන්නෙ නොටින්හැම් නගරයේ ඉන්න වංශාධිපතියෙක්, ඔහු සැපවත් ජීවිතයක් ගත කරන කෙනෙක්, ඔහු එහෙම ජීවිතයක් ගතකරන අතරෙ ඔහුට ලැබෙනවා නොටින්හැම් ෂෙරීෆ්ගෙන් ලියවිල්ලක්, ඒකෙ සඳහන් වෙන්නෙ තුන්වන කුරුස යුද්ධයේ හමුදා සෙබලෙකුට ඔහුව ඉතා අවශ්‍ය බවයි, ඔහුට එම නියෝගයට අනුව අකමැත්තෙන් හෝ යන්න වෙනවා, යුද්ධය තියෙන්නෙ අරාබියත් සමග, ඔහු යුද්ධ කරමින් සිටින අතරෙ යම් ප්‍රශ්නයක් ඔහුගෙ ජෙනරාල් සමග ඇති වෙනවා, ඒ වෙලාවෙ ජෙනරාල් රොබින්ට ඊතලකින් විදල නැවට දානවා නොටින්හැම් වලට අරගෙන යන්න කියල, ඔහු නොටින්හැම් වලට යද්දි ඔහුගෙ ජීවිතේ තිබුනු සියලුම දේ විනාශ වෙලා ඉවරයි, මොකද ඒ වෙනකොට ඔහුගෙ හැම දේපලක්ම ෂෙරීෆ් අයිති කරගෙන, නමුත් ඔහු නොටින්හැම් වලට එන්න කලින් අරාබියේ යුධ සෙබලෙක්ව හිටිය වෙලාවෙ ඔහු ඔහුගෙ ජනරාල්ට විරුද්ධ වෙන්නෙ අරාබි සිරකරුවෙක්ගෙ පුතාව ඝාතනය කරන්න හදන වෙලාවෙ, ඒ සිරකරුගෙ නම ජෝන්, ජෝන් එතනදි බේරුනාට පස්සෙ ආයෙමත් රොබින්ට ඔහුව හම්බ වෙන්නෙ නොටින්හැම් වලදි, ඒ වෙලාවෙ ජෝන් සහ රොබින් එකතු වෙලා ෂෙරීෆ්ට විරුද්ධව සැලසුමක් හදන්න එඟක වෙනවා, ඒ සටනට රොබින්ට අවශ්‍ය සියලුම ප්‍රායෝගික දැනුම ලබා දෙන්නෙ ජෝන්, රොබින්ගෙ පුහුණුවෙන් පස්සෙ තියෙන්නෙ විශාල සටනක්, අපි බලමු ෂෙරීෆ්ට සහ ෂෙරීෆ්ගෙ සෙබළුන්ට විරුද්ධව ජෝන් සහ රොබින් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියල, ඉතා හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක්, එහෙනම් වැඩි විස්තර නැතුව ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට තෙරුවන් සරණයි..!!
උපසිරැසියට ස්තූතියි….😌😌
Thank you!!
Elakiri ban
සබ් එක දුන්නට ස්තූතියි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය..!!
Thanks for subtitle..
ස්තූතියි දිනූෂ මල්ලි….😛😛
Niyamai malli digatama denna..!
එලකිරි සහෝ, දිගටම සබ් දෙමු”””
Thanks for sub… Good luck………
Thanks for sub….
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි..!
සුපිරියක් බැලුවා..
සබ් එකට බොහොම ස්තූතියි, සහෝ….