Sadece Sen (2014) Sinhala Subtitle

Published September 14th, 2023 by

මගේ ජීවිතය ඔබම පමණි

ආදරය ගැන නා නා ප්‍රකාර චිත්‍රපටි අපි බලල තියෙනවනෙ. සැබෑ ආදරයේ සංකේත වන කැපකිරීම, පරිත්‍යාගය ගැන කියවෙන, හදවතට වදින ( හරියටම කිව්වොත් බොක්කටම වදින ), ලස්සනම ලස්සන තු ර් කි සලරුවක් තමයි අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ. ඒ තමයි 2014 මාර්තු 14 දින මුලින්ම තුර්කියේදී තිරගත කිරීම ඇරැඹුණු Sadece Sen. ජාත්‍යන්තර ඉංග්‍රීසි පිටපත වුනේ Only You. භාෂාවත් තු ර් කි. 7.3/10 ක IMDb අගයකුත්, 75% ක Rotten Tomatoes අගයකුත් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. පැය 1 යි විනාඩි 45 ක ධාවන කාලයක් සහිත මෙය Action, Drama, Romance වර්ගයේ චිත්‍රපටයක්. දකුණු කොරියානු චිත්‍රපටයක් වුනු Always [2011] ඇසුරෙන් තමයි මේක නිපදවලා තියෙන්නෙ. ඒ වගේම 2016 නිකුත්වුනු Do lafzon ki kahani හින්දි චිත්‍රපටයත් මේකෙ රීමේක් එකක්. අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Hakan Yonat විසින්. රංගනයෙන් එකතු වෙනවා Belçim Bilgin (හසාල්) සහ Ibrahim Celikkol (අලි).
අලි හිටපු දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක්. බොහොම අඳුරු අතීතයකට හිමිකම් කියන ඔහු දැන් ඒ වැරදි වැඩ වලින් ඈත්වෙලා, තමන්ගෙ පාඩුවේ, සාමකාමී, බොහොම නිහඬ ජීවිතයක් ගත කරනවා. දවල්ට වතුර බෝතල් ඩිලිවරි කරන රෑට පාකින් ලොට් එකක වැඩ කරනවා. එතනදි ඔහුට හඳුනාගන්න ලැබෙනවා, හසාල් කියල අන්ධ තරුණියක්. හසාල්ගෙ අම්මා, තාත්තා මැරිලා. එයාට කාත් කවුරුවත් නෑ. මුලින් සුලුවෙන් පටන්ගන්න මේ දෙන්නගෙ ආශ්‍රය පසුව ආදරයක් බවට පත්වෙනවා. ආදරයේ හිරු කිරණ වැදී, අලිගෙ අඳුරු ජීවිතය යලි ආලෝකමත් වීගෙන එනකොට අලිට දැනගන්න ලැබෙනවා, හසාල්ගෙ ඇස් නොපෙනී යාමටත්, ඇගේ දෙමව්පියන්ගේ මරණ වලටත් හේතුවූ අනතුරට හේතුව තමා කියලා. තමන්ගෙන් වුනු වැරැද්ද තරමක් දුරට හෝ නිවැරදි කරන්න අලිට දැන් තියෙන්නෙ එක අවස්ථාවක් පමණයි. ඒ තමයි ඇගේ පෙනීම ලබා දීම. එම සැත්කමට අවශ්‍ය වන විශාල මුදල සොයාගැනීමට, ඔහුගේ අඳුරු ජීවිතයට නැවතත් පය තබන්න අලි තීරණය කරනවා. ඒ අනුව ඔහු මාරක, පාතාල සටන් වළල්ලට අවතීර්ණ වෙනවා. අලිගෙ අතීත ජීවිතය කෙසේ වීද? ඔහු පාතාලයෙන් පණ පිටින් එයිද? තමන්ගේ මේ අවාසනාවන්ත ජීවිතයට හේතුව අලි බව දැනගත්තම හසාල් මොනා කරාවිද? මේ ලස්සන තු ර් කි නිර්මාණය නරඹන්න ආරාධනා කරමින් නවතින්නම්. මේකෙ 18+ දර්ශනය නොමැති බවත් කියන්න ඕනෙ.

ජය වේවා.

QUALITY // 720p – 960mb // 1080p – 1.9gb

SUB FORMAT // SRT // IDXTV

♣♣ WEBRip / 720p / 1080p ♣♣

US

Download Links:

Download Torrent WEBRip WEBRip පිටපත 960 MB Download Torrent WEBRip පිටපත 1900 MB Download Direct WEBRip පිටපත 960 MB uptobox Download Direct WEBRip පිටපත 1900 MB uptobox
Download

Sadece Sen (2014) Sinhala Subtitle

Download: 223

File size : 2.3 MB

Rasika Samanjith

TV EPISODES : 0
MOVIES : 124
7.3
0%
0%

Comments: 2

  • prageeth dilshan

    නියමයි අයියා කතාව මං බැලුවා සුපිරි❤️…. බොහොම ස්තූතියි සබ් එකට❤️ ජය වේවා!!

    2023-09-24 at 9:41 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip