Sap Ji Sang Ciu AKA Chinese Zodiac (2012) Sinhala Subtitle
jackie chan, oliver platt, qi shu, daniel wu
සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු මගෙ ආසම ලීඩිං මෑන්ගෙ සුපිරි ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක ගොඩක් කට්ටිය බලන්න ඇති කියල හිතනවා.කොහොම උනත් දෙපාරක් බලන්න පුලුවන් ෆිල්ම් එකක්, කැමති අයට YIFY කොපියත් එක්ක බලන්න අවස්ථාව තියෙනවා, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2012 අවුරුද්දෙ දෙසැම්බර් 20 වෙනිද, පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ චීනෙදි, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් Jackie Chan ම තමයි, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 83% ලැබිම තියෙනවා, IMDB අගය 6.2 ලැබිල තියෙනවා, ඒ වගේම ඇමෙරිකානු ඩොලර් 145,000,000 උපයල තියෙන ෆිල්ම් එකක් කියලයි වාර්තා වෙන්නෙ…
ෆිල්ම් එකේ හැටියට Jackie Chan ට කියන්නෙ JC කියල, ඔහුගේ සැබෑ නම කෙටි කරල තියෙන්නෙ, ෆිල්ම් එකේ හැටියට ඔහු කෞතුක භාණ්ඩ හොරකම් කරන කෙනෙක්, ඔහු කෞතුක භාණ්ඩ හොරකම් කරල වෙන්දේසි කරුවෙකුට විකුණනවා, ඔහුට ඉන්නවා කණ්ඩායමක්, ලෝකෙ තියෙන හැම කෞතුක භාණ්ඩයක්ම තියෙන තැන් හොයල ඒවා හොරකම් කරන එක තමයි මේ කණ්ඩායම කරන්නෙ, ඒ අතරෙ JC ට ආරංචි වෙනවා ‘චීන රාශිචක්‍රයේ ලෝකඩ හිස් 12’ ගැන, ෆිල්ම් එකේ තේමාව වෙන්නෙත් මේ ලෝකඩ හිස් දොළහම තමයි, ෆිල්ම් එකට නම යොදල තියෙන්නෙත් ඒ අදහස අරමුණු කරගෙන, ෆිල්ම් එකේ හැටියට මේ ලෝඩක හිස් 12 ලොකු වටිනාකමක් තියෙනවා, ඉතින් මේ ජැකීගෙ කණ්ඩායම හොයනවා මේ ලෝකඩ හිස් 12 තියෙන්නෙ කොහෙද කියල, එයාල ඒක දැනගද්දි ලෝකෙ හැමතැනටම මේ ලෝකඩ හිස් දොළහ බෙදී ගිහින් අවසන්, ඉතින් මේ ජැකීගෙ කණ්ඩායමට ලොකු සටනක් දෙන්න වෙනවා මේ ලෝකඩ හිස් දොළහ එකතු කරගන්න, අපි බලමු ඒක සිද්ධ වෙන්නෙ කොහොමද කියල, ඒත් එක්කම නවතින්න කලින් මතක් කරන්න ඕනෙමයි මගෙ කලින් උපසිරැසි වලට ස්තූතියි කරපු සියලුම සොහොයුරන්ව මේ වෙලාවෙ මතක් කරනවා…තවත් JC ගෙම ෆිල්ම් එකකින් හමුවෙනතුරු සියලුම දෙනාට නිරෝගි බව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!!!
Spoiler Warning : A treasure hunter (Jackie Chan) and his team set out on a global quest to find a set of Chinese zodiac bronze heads that were stolen from a Beijing palace in the 19th century…
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
elama saho thanks
sab nathi film walata sab denna
බොහොම ස්තූතියි සහෝ
tnx niyamaai
thanx sub akata
ගොඩක් ස්තූති සබ් එකට