ඔන්න එහෙනම් මාස 3 විතර නිවාඩුවකට පස්සෙ තවත් උපසිරැසියක් උස්සගෙන මේ පැත්තට ආවා. අළුතෙන්ම රිලීස් වුණු දෙමළ ෆිල්ම් එකක් තමා මේ පාර අරගෙන ආවෙ. එහෙනම් ෆිල්ම් එකෙ විස්තර ටිකක් බලමුකෝ.
මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ ජූනි 29 වෙනිදා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Badri Venkatesh විසින්. ඒවගේම කතාව ලියලා තියෙන්නේ G. Radhakrishnan විසින්. ඒවගේම තමා මේ ෆිල්ම් එකෙ නිෂ්පාදන කටයුතු කරලා තියෙන්නේ අපෙ ෆිල්ම් එකෙ ප්‍රධාන නලුවා Atharvaa විසින්ම තමා. එයාගෙ ඒ නිෂ්පාදන ආයතනය Kickass Entertainment කියන නමින් තමා නම් කරලා තියෙන්නේ. Action/Comedy/Thriller ගණයට තමා අයිතිවෙන්නෙ. ඒවගේම තව දෙයක් කියන්නම ඕනෙ. ඒ තමා මේ ෆිල්ම් එකෙ සමහර රූගත කිරීම් කේරලෙත් කරලා තියෙනවා. ලස්සන ලස්සන තැනුත් එහෙම තියෙනවා. මේ ලිපිය ලියන මොහොතෙදිත් මේ ෆිල්ම් එකට IMDB මීටරෙන් 7.1 ක අගයක් දීලා තියෙනවා. ඒවගේම ගූගල් පරිශීලකයන්ගෙනුත් 88% ක කැමැත්තක් හිමිවෙලා තියෙනවා. එහෙනම් හොඳ ෆිල්ම් එකක් කියලම ඔයාලට තේරෙනවා ඇතිනෙ.
ෆිල්ම් එකෙ ප්‍රධාන නළුවා Atharvaa ගැනනම් ඔයාලා ඉතින් දන්නවා ඇතිනෙ. Eetti 2015 ෆිල්ම් එක එහෙම බලලා තියෙනවනම් අමතක වෙන්න විදියක් නෑනෙ. ඒවගේම ප්‍රධාන නිළිය තමා Mishti. මෙයානම් මලයාලම් ෆිල්ම් වල එහෙමත් රඟපාලා තියෙනවා. Adam Joan 2017 එකෙ ඉන්නෙ. අනිත් නළු නිළියො විදියට Anaika Soti, Karunakaran, John Vijay, Prinz Nithik, manobala මේ ෆිල්ම් එකේදි ඔයාලට බලාගන්න පුළුවන්. ඒවගේම හොඳ හොඳ කොමඩි ටිකකුත් තියෙනවා.
එහෙනම් ෆිල්ම් එකෙ මොකක්ද වෙන්නෙ කියලා බලමුකෝ..
රමේෂ් (Atharvaa) කියලා පොරක් ඉන්නවා. පොරගෙ හොඳම යාලුවා තමා නන්දු (Karunakaran). රමේෂ් කියන්නෙ ආදරෙ පැරදිච්ච පොරක්. හැබැයි ඒක එහෙමම කියන්නත් බෑ. ඒක ඔයාලට ෆිල්ම් එක බලද්දි තේරෙයි. පොර මෙහෙම දුකින් ඉද්දි පොරගෙ යාළුවා මුට හොඳ යෝජනාවක් දෙනවා. ඒ තමා කෙල්ල නැති පාළුව මකා ගන්න වෙන කෙල්ලෙක් සල්ලි වලට ගන්න එක. අපි කියන්නෙ ඔය ඩිස්ටිඩිඩින් කියලා. ආන්න ඒ වගෙ සීන් එකක්. පොරත් මොකද නේ ඉතින්..! ඌත් හොඳටම බීලා ඉන්න නිසා වැඩේට කැමති වෙනවා. ඔන්න දැන් ඉතින් කෙල්ලත් ගෙදරට ඇවිල්ලා ඉන්නෙ. මීට වඩා කියන්න ගියොත් එහෙම කතා කතාවෙ රසය යනවා. මොකද ඔතනින් පස්සෙ තමා හොඳම හරිය තියෙන්නේ. ඉතුරු ටිකෙ වෙන්නෙ මොකක්ද කියලා බලන්න ෆිල්ම් එක බලලම ඉන්නකෝ. පැය 2 විනාඩි 12 ක් පුරාවටම විහිළු තහලු වලින් පිරිච්ච ගහගන්න ඒවා (එච්චරම හොඳ ඒවා නෙවේ ඉතින්) තියෙන නිසා ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුවම බලන්න පුළුවන් ෆිල්ම් එකක්. එහෙනම් ෆිල්ම් එක අරන්ම බලන්නකෝ. ?
*තව දෙයක් කියන්න ඕනෙ. මම සබ් එක කළේ HDRip - 720p - x265 - HEVC කියන කොපියට. ඒක 790MB ක් තියෙනවා. කොපිය හොඳටම හොඳයි. ඔයාලත් පුළුවන්නම් ඒ කොපියම ගන්න බලන්න. අනිවාර්යයෙන්ම ඔය කොපි එකම ගන්න බලන්න. මොකද සබ් එක සමහර HDRip කොපි වලට හරියට වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන්. මොකද මට ඕක වෙලා තියෙන නිසා.*
එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙත් මේ වගේම සුපිරිම ෆිල්ම් එකකට උපසිරැසිය අරන්ම එන්නම්කෝ. එතෙක් ඔබට ජය.. ✌





Windows 7Opera 54
thanx sub ektaa
Windows 7Chrome 68
supiri ftta
Windows 8.1Chrome 75
ගොඩාක් ස්තුතියි උපසිරැසියට
Windows 8.1Chrome 75
video link wada nane?
Windows 10Chrome 76
Sinhala sub download kraganna