Sew Torn (2025) Sinhala Subtitle

February 11, 2026 Admin
Subtitle by Rasika Samanjith
නූල් සූත්තරකාරි
           අපේ ජීවිත පිරිල තියෙන්නෙ “තේරීම්” වලින්. හැම තප්පරයකම තේරීම්. උදාහරණයක් විදිහට අපිට කවුරුහරි බනිනව නම් අපි මොකද කරන්නේ? පෙරලා බනිනවද? ගහනවද? නැත්නම් මරනවද? පාඩුවෙ මගහැරල යනවද? ඔය වගේ තේරීම් ගොඩයි. අපි ඒ තේරීම කරන තප්පරය, අපේ ජීවිතය කොච්චර වෙනස් කරයිද? ඒ වගේ අවස්ථාවකට පොඩි ටේලර් ෂොප් එකක් පවත්වාගෙන යන, ජංගම මැහුම් ශිල්පිනියක් වන, බාබර ඩගන්ස් මුහුණ දෙනවා. ඇය පාරෙදි දකිනවා අපරාධ සිද්ධියක්. දෙන්නෙක් බරපතල තුවාල සහිතව වැටිල ඉන්නවා. පෙරලුනු මෝටබයික් තියෙනවා. පාරෙ තුවක්කු, මත් කුඩු පාර්සල් සහ සල්ලි පිරුණු බ්‍රීෆ්කේස් එකක් තියෙනවා. ඇයට මොනවද තියෙන තේරීම්. ඇය මොන තේරීම කලත් මේ සීන් එක දැකපු නිසා, ඇය මේ ජාවාරම් සිද්ධියට පැටලිලා ඉවරයි. ඇය කරන තේරීම්, ඇයව මොන මොන අවසානයන් දක්වා අරන් යයිද?
              අපේ විවිධ තේරීම් අපේ ජීවිත වලට බලපාන හැටි ගැන කතා බහ කරන Crime / Thriller / Comedy වර්ගයේ චිත්‍රපටයක් තමයි Sew Torn. මුලින්ම සිනමාශාලා වලට නිකුත් කෙරුනේ 2025 මැයි 09 ඇමරිකාවේදී. මේක විනාඩි 90 ක ධාවන කාලයක් සහිත, ටොමැටෝ මීටරය 95% කට කරකවන්න සමත්වුනු, ඇමරිකන් / ස්විස්ටර්ලන්ත සම නිෂ්පාදනයක්. රංගනයෙන් එකතු වෙනවා Eve Connolly (බාබරා), Calum Worthy (ජෝෂුවා), John Lynch (හඩ්සන්), K. Callan (මිස් එන්ගල්) සහ Caroline Goodall (ග්‍රේස්).
          බාබරා දක්ෂ මැහුම් කාරියක්. නූල් සහ ඉඳිකටු ඇයට සෙල්ලම් බඩු. ඇගේ මේ පණ බේරාගන්න කරන අරගලයේදී ඇය ඇගේ මැහුම් හැකියාව, නූල් සූත්තර පාවිච්චියට ගන්නා අරුම පුදුම ආකාරය දැකගන්නට ආරාධනා කරමින් නවතින්නම්. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියලත් විශේෂයෙන්ම කියනවා.
ජය වේවා.
Quality // 720p – 882mb // 1080p – 1.7gb

♣♣ BRRip / 720p / 1080p ♣♣

Available Torrents
720p bluray 882.71 MB
1080p bluray 1.77 GB
720p web 920.31 MB
1080p web 1.85 GB
1080p web 1.67 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search