Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • CANTONESE Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy Friends (1995) [S02 : E06] Sinhala Subtitle Comedy Friends (1995) [S02 : E05] Sinhala Subtitle Comedy Friends (1995) [S02 : E04] Sinhala Subtitle Comedy Friends (1995) [S02 : E03] Sinhala Subtitle Comedy Friends (1995) [S02 : E02] Sinhala Subtitle Comedy Friends (1995) [S02 : E01] Sinhala Subtitle Action The Punisher: One Last Kill (2026) Sinhala Subtitle Action Varisu (2023) Sinhala Subtitle Action Ten (2005) Sinhala Subtitle Drama Saiyaara (2025) Sinhala Subtitle Comedy Friends (1995) [S02 : E06] Sinhala Subtitle Comedy Friends (1995) [S02 : E05] Sinhala Subtitle Comedy Friends (1995) [S02 : E04] Sinhala Subtitle Comedy Friends (1995) [S02 : E03] Sinhala Subtitle Comedy Friends (1995) [S02 : E02] Sinhala Subtitle Comedy Friends (1995) [S02 : E01] Sinhala Subtitle Action The Punisher: One Last Kill (2026) Sinhala Subtitle Action Varisu (2023) Sinhala Subtitle Action Ten (2005) Sinhala Subtitle Drama Saiyaara (2025) Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. Soldier (1998) Sinhala Subtitle

Soldier (1998) Sinhala Subtitle

January 19, 2023 Rasika Samanjith | Admin
IMDB RATING 6.3
GENRES
ActionDramaGenresHindi MoviesMoviesMusical
CAST

Bobby Deol,Preity Zinta,Rakhee Gulzar

“රට වෙනුවෙන් මැරෙන අයට කියන්නෙ ජීවිතේ පූජා කරන්නෝ කියල. රට වෙනුවෙන් මරන අයට කියන්නෙ… සෝල්ජර්.”
                        මේ පාර අරගෙන ආවෙ හින්දි සිනමාවෙ 90 දශකයේ තවත් පෙරළිකාර චිත්‍රපටයක්. අතිශය ජනප්‍රිය වුනු “සෝල්ජර් සෝල්ජර් මීටි බාටෙන් බෝල්කර්” ගීතය ඇතුලු රසාලිප්ත ගීත ගණනාවක් සමග සටන්, ක්‍රියාදාම, කොමඩි හැම දෙයක්ම අන්තර්ගත වුනු Action, Drama, Musical, Romance, Thriller වර්ගයේ සුපිරි සිනමා නිර්මාණයක්. ඒ තමයි Soldier. 1998 නොවැම්බර් 20 දින මුලින්ම ඉන්දීය රිදී තිරයේ දිග හැරෙන්නේ එම වසරේ වැඩිම ආදායම් වාර්තා ලැබූ බොක්ස් ඔෆීස් ලිස්ට් එකේ දෙවෙනි තැනට පත් වෙමින්. සෝල්ජර් දෙවෙනි වූයේ ‘කුච් කුච් හෝතා හේ’ චිත්‍රපටයට පමණි. ප්‍රධාන චරිත දෙකට පණ පොවන්නෙ Bobby Deol සහ Preity Zinta. ඒ වගේම ප්‍රීති සින්ටාගෙ මුල්ම චිත්‍රපටයත් මේක වෙනවා. සෙසු චරිත වලටත් රංගනයෙන් එකතු වෙන්නේ බොලිවුඩයේ ජනකාන්ත නලු නිලි පිරිසක්. Rakhee Gulzar (ගීතා මලහෝත්‍රා), Suresh Oberoi ( ප්‍රතාප් සිං), Farida Jalal (ශාන්ති), Dalip Tahil (විරේන්ද්‍ර), Sharat Saxena (බල්දේව්), Ashish Vidyarthi (දිනේශ් කපූර්), Salim Ghouse (ජස්වන්ත්) සහ Johny Lever (මෝහන්). අධ්‍යක්ෂනය Abbas-Mustan සහෝදර දෙපළගෙන්. ඔවුන් බොබී ඩියෝල් සමග සුපර් හිට් චිත්‍රපට කීපයක් නිර්මාණය කල අතර මෙය ඉන් පළමු චිත්‍රපටය විය. 44 වෙනි ෆිල්ම් ෆෙයා සම්මාන උලෙළේදී ‘හොඳම අධ්‍යක්ෂනය’ ඇතුලු සම්මාන 5 කට නිර්දේශ වී, ‘හොඳම නවක නිලිය’ (ප්‍රීති සින්ටා – Dil se… චිත්‍රපටයත් සමග) ඇතුලු සම්මාන 2 කට හිමිකම් කියන්නත් ‘සෝල්ජර්’ සමත්වුනා.
                    මෙහි කතාව ලියූ Shyam Goel පවසන්නෙ සත්‍ය සිද්ධියක් මීට පදනම වූ බවයි. පන්ජාබයේ එක්තරා කාන්තාවකගේ සැමියා හමුදා නිලධාරියෙකු වූ අතර ඔහුට විෂමාචාර චෝදනා එල්ල වීම නිසා ඔහු දේශද්‍රෝහියෙකු ලෙස නම් කිරීම හේතුවෙන්, එම කාන්තාවගේ නලලේ “මගේ සැමියා දේශද්‍රෝහියෙකි” යනුවෙන් පච්චයක් කොටා ගමෙන් එලියට දමා ඇත. මෙම සිදුවීම පදනම් කරගෙන 1969 දී Thaai Naadu නමින් දමිළ බසින් සිනමාවට නැගුනු අතර එහි ප්‍රධාන චරිතය කලේ සත්‍යරාජ් විසිනි. කෙසේ වෙතත් “සෝල්ජර්” චිත්‍රපටයේ රීමේක් එකක් 2000 වසරේ බන්ග්ලාදේශ් භාෂාවෙන් .එලි දැක්වුනු අතර, 2009 දී ප්‍රභූදේවා විසින් Villu ලෙස දමිල භාෂාවෙන්ද නිර්මාණය කරන ලදි . Villu හී ප්‍රධාන චරිත වලට දායකවුනේ Vijay සහ Nayantara ය.
                   මෙහි සංගීතය ගැනත් නොකියම බෑ. සංගීත නිර්මාණය Anu Malik ගෙන්. 44 වෙනි ෆිල්ම් ෆෙයා සම්මාන උලෙළේ හොඳම සංගීතය වෙනුවෙන් නිර්දේශ වුනත් Dil Se… චිත්‍රපටයෙ A.R. Rahuman එක්ක තරග කරන්න බැරිවුනා. ඉතා මිහිරි ගීත රාශියක් අනු මලික් සෝල්ජර් වෙනුවෙන් නිර්මාණය කරල තිබුනා.
1. “Soldier Soldier” – Kumar Sanu & Alka Yagnik
2. “Tera Rang Balle Balle” – Sonu Nigam & Jaspinder Narula
3. “Mehfil Mein Baar Baar” – Kumar Sanu & Alka Yagnik
4. “Mere Dil Jigar Se” – Kumar Sanu & Alka Yagnik
5. “Mere Khwabon Mein Jo Aye” – Alka Yagnik
6. “Meri Saanson Mein Samaye” – Sonu Nigam
7. “Hum To Dil Chahe Tumhara” – Kumar Sanu & Hema Sardesai
            කතාව පටන්ගන්නෙ ඉන්දියාවෙ රාජස්ථාන් වල කාන්තාර සහිත ප්‍රදේශයක් වන Barmer වලින්. හමුදා සෙබලුන් වන ප්‍රතාප් සිං, විරේන්ද්‍ර සිංහා, ජස්වන්ත් දලාල් සහ DK නමින් තමන්ව හදුන්වාගත් පිටස්තර පුද්ගලයක් විසින් යුධ හමුදා ආයුධ කොල්ලකා විකිණීමේ ජාවාරමක යෙදී සිටිනවා. අවංක නිලධාරියෙක් වන මේජර් විජේ මලහෝත්‍රා මොවුන්ව, ආයුධ ට්‍රක් එකක් කොල්ලකන අවස්ථාවේ අතටම අල්ලගන්නවා. එහිදී ඔවුන් මේජර් විජේව ඝාතනය කරනවා. ඊට පස්සෙ කතාව දිග හැරෙන්නෙ අවුරුදු 20 කට පස්සෙ. අවුරුදු 20 කට පස්සෙ මොනාද වෙන්නෙ? ඒ ගැන කිව්වොත් වැඩක් නෑ. මොකද කතාව ගලාගෙන යන්නෙ අපි හිතන් ඉන්න දේවල් නිතරම වෙනස් වෙන ආකාරයට, අවසානය වෙනකල්ම කුතුහලය පවතින ආකාරයට. ඉතින් පැය 2 යි විනාඩි 36 පුරා දිගහැරෙන ‘සෝල්ජර්’ නම් ඒ රසාලිප්ත හින්දි සිනමා සලරුව රසවිඳිමු.
යූ ටියුබ් එකේ ඇති 2:36:02 ක ධාවන කාලයක් සහිත Soldier | Full Movie | Bobby Deol – Preity Zinta – Rakhee – Suresh Oberoi – 90’s Action Movie නමින් ඇති වීඩියෝවටත් ගැලපෙන සබ් එකකුත් දාලා තියෙනවා. හැබැයි මම නම් රෙකමන් කරන්නෙ 720p 1.3gb mp4 එක.
ජය වේවා.
Quality // 480p – 400mb // 720p – 1.3gb // 1080p – 4gb
Sub Format // SRT // IDXTV

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
177 Movies
0 TV Series
177 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2773 වාරයක්
Download Links
WEBRip 480P
400 MB DIR
WEBRip 720P
1.3 GB DIR
WEBRip 1080P
4 GB DIR
WEBRip 720P
1.3 GB DIR
Discussion (0)

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 252
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved