• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • Soldier (1998) Sinhala Subtitle

Soldier (1998) Sinhala Subtitle

2023/01/19 at 6:18 am
Rasika Samanjith
"රට වෙනුවෙන් මැරෙන අයට කියන්නෙ ජීවිතේ පූජා කරන්නෝ කියල. රට වෙනුවෙන් මරන අයට කියන්නෙ... සෝල්ජර්."
                        මේ පාර අරගෙන ආවෙ හින්දි සිනමාවෙ 90 දශකයේ තවත් පෙරළිකාර චිත්‍රපටයක්. අතිශය ජනප්‍රිය වුනු "සෝල්ජර් සෝල්ජර් මීටි බාටෙන් බෝල්කර්" ගීතය ඇතුලු රසාලිප්ත ගීත ගණනාවක් සමග සටන්, ක්‍රියාදාම, කොමඩි හැම දෙයක්ම අන්තර්ගත වුනු Action, Drama, Musical, Romance, Thriller වර්ගයේ සුපිරි සිනමා නිර්මාණයක්. ඒ තමයි Soldier. 1998 නොවැම්බර් 20 දින මුලින්ම ඉන්දීය රිදී තිරයේ දිග හැරෙන්නේ එම වසරේ වැඩිම ආදායම් වාර්තා ලැබූ බොක්ස් ඔෆීස් ලිස්ට් එකේ දෙවෙනි තැනට පත් වෙමින්. සෝල්ජර් දෙවෙනි වූයේ 'කුච් කුච් හෝතා හේ' චිත්‍රපටයට පමණි. ප්‍රධාන චරිත දෙකට පණ පොවන්නෙ Bobby Deol සහ Preity Zinta. ඒ වගේම ප්‍රීති සින්ටාගෙ මුල්ම චිත්‍රපටයත් මේක වෙනවා. සෙසු චරිත වලටත් රංගනයෙන් එකතු වෙන්නේ බොලිවුඩයේ ජනකාන්ත නලු නිලි පිරිසක්. Rakhee Gulzar (ගීතා මලහෝත්‍රා), Suresh Oberoi ( ප්‍රතාප් සිං), Farida Jalal (ශාන්ති), Dalip Tahil (විරේන්ද්‍ර), Sharat Saxena (බල්දේව්), Ashish Vidyarthi (දිනේශ් කපූර්), Salim Ghouse (ජස්වන්ත්) සහ Johny Lever (මෝහන්). අධ්‍යක්ෂනය Abbas-Mustan සහෝදර දෙපළගෙන්. ඔවුන් බොබී ඩියෝල් සමග සුපර් හිට් චිත්‍රපට කීපයක් නිර්මාණය කල අතර මෙය ඉන් පළමු චිත්‍රපටය විය. 44 වෙනි ෆිල්ම් ෆෙයා සම්මාන උලෙළේදී 'හොඳම අධ්‍යක්ෂනය' ඇතුලු සම්මාන 5 කට නිර්දේශ වී, 'හොඳම නවක නිලිය' (ප්‍රීති සින්ටා - Dil se... චිත්‍රපටයත් සමග) ඇතුලු සම්මාන 2 කට හිමිකම් කියන්නත් 'සෝල්ජර්' සමත්වුනා.
                    මෙහි කතාව ලියූ Shyam Goel පවසන්නෙ සත්‍ය සිද්ධියක් මීට පදනම වූ බවයි. පන්ජාබයේ එක්තරා කාන්තාවකගේ සැමියා හමුදා නිලධාරියෙකු වූ අතර ඔහුට විෂමාචාර චෝදනා එල්ල වීම නිසා ඔහු දේශද්‍රෝහියෙකු ලෙස නම් කිරීම හේතුවෙන්, එම කාන්තාවගේ නලලේ "මගේ සැමියා දේශද්‍රෝහියෙකි" යනුවෙන් පච්චයක් කොටා ගමෙන් එලියට දමා ඇත. මෙම සිදුවීම පදනම් කරගෙන 1969 දී Thaai Naadu නමින් දමිළ බසින් සිනමාවට නැගුනු අතර එහි ප්‍රධාන චරිතය කලේ සත්‍යරාජ් විසිනි. කෙසේ වෙතත් "සෝල්ජර්" චිත්‍රපටයේ රීමේක් එකක් 2000 වසරේ බන්ග්ලාදේශ් භාෂාවෙන් .එලි දැක්වුනු අතර, 2009 දී ප්‍රභූදේවා විසින් Villu ලෙස දමිල භාෂාවෙන්ද නිර්මාණය කරන ලදි . Villu හී ප්‍රධාන චරිත වලට දායකවුනේ Vijay සහ Nayantara ය.
                   මෙහි සංගීතය ගැනත් නොකියම බෑ. සංගීත නිර්මාණය Anu Malik ගෙන්. 44 වෙනි ෆිල්ම් ෆෙයා සම්මාන උලෙළේ හොඳම සංගීතය වෙනුවෙන් නිර්දේශ වුනත් Dil Se... චිත්‍රපටයෙ A.R. Rahuman එක්ක තරග කරන්න බැරිවුනා. ඉතා මිහිරි ගීත රාශියක් අනු මලික් සෝල්ජර් වෙනුවෙන් නිර්මාණය කරල තිබුනා.
1. "Soldier Soldier" - Kumar Sanu & Alka Yagnik 2. "Tera Rang Balle Balle" - Sonu Nigam & Jaspinder Narula 3. "Mehfil Mein Baar Baar" - Kumar Sanu & Alka Yagnik 4. "Mere Dil Jigar Se" - Kumar Sanu & Alka Yagnik 5. "Mere Khwabon Mein Jo Aye" - Alka Yagnik 6. "Meri Saanson Mein Samaye" - Sonu Nigam 7. "Hum To Dil Chahe Tumhara" - Kumar Sanu & Hema Sardesai
            කතාව පටන්ගන්නෙ ඉන්දියාවෙ රාජස්ථාන් වල කාන්තාර සහිත ප්‍රදේශයක් වන Barmer වලින්. හමුදා සෙබලුන් වන ප්‍රතාප් සිං, විරේන්ද්‍ර සිංහා, ජස්වන්ත් දලාල් සහ DK නමින් තමන්ව හදුන්වාගත් පිටස්තර පුද්ගලයක් විසින් යුධ හමුදා ආයුධ කොල්ලකා විකිණීමේ ජාවාරමක යෙදී සිටිනවා. අවංක නිලධාරියෙක් වන මේජර් විජේ මලහෝත්‍රා මොවුන්ව, ආයුධ ට්‍රක් එකක් කොල්ලකන අවස්ථාවේ අතටම අල්ලගන්නවා. එහිදී ඔවුන් මේජර් විජේව ඝාතනය කරනවා. ඊට පස්සෙ කතාව දිග හැරෙන්නෙ අවුරුදු 20 කට පස්සෙ. අවුරුදු 20 කට පස්සෙ මොනාද වෙන්නෙ? ඒ ගැන කිව්වොත් වැඩක් නෑ. මොකද කතාව ගලාගෙන යන්නෙ අපි හිතන් ඉන්න දේවල් නිතරම වෙනස් වෙන ආකාරයට, අවසානය වෙනකල්ම කුතුහලය පවතින ආකාරයට. ඉතින් පැය 2 යි විනාඩි 36 පුරා දිගහැරෙන 'සෝල්ජර්' නම් ඒ රසාලිප්ත හින්දි සිනමා සලරුව රසවිඳිමු. යූ ටියුබ් එකේ ඇති 2:36:02 ක ධාවන කාලයක් සහිත Soldier | Full Movie | Bobby Deol - Preity Zinta - Rakhee - Suresh Oberoi - 90's Action Movie නමින් ඇති වීඩියෝවටත් ගැලපෙන සබ් එකකුත් දාලා තියෙනවා. හැබැයි මම නම් රෙකමන් කරන්නෙ 720p 1.3gb mp4 එක.
ජය වේවා.
Quality // 480p - 400mb // 720p - 1.3gb // 1080p - 4gb
Sub Format // SRT // IDXTV

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1277

Download Links:

WEBRip 480P පිටපත 400 MB G drive (Direct)
WEBRip 720P පිටපත 1.3 GB G drive (Direct)
WEBRip 1080P පිටපත 4 GB G-drive (Direct)
WEBRip 720P පිටපත 1.3 GB G-drive (Direct)
Profile
170
Movies
0
Tv episodes
170
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms