The Spy Who Dumped Me (2018) Sinhala Subtitle
සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා, මේ වතාවෙ අරගෙන එන්නෙත් ඔයාල බලාපොරොත්තුන් හිටිය ෆිල්ම් එකක්, එත් ඉතින් සබ් එක අරගෙන එන්න චුට්ටක් පරක්කු වුනු හින්ද සමාවෙන්න කියල මතක් කරනවා, ඒත් එක්කම ෆිල්ම් එක වෙන් කරල දුන්නු කවීෂ සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මතක් කරනවා, ෆිල්ම් එක නිදහස් උනේ 2018 ජූලි මාසෙ, 25 වෙනිද, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 88% කියල තමයි සඳහන් වෙන්නෙ, IMDB අගය 6.1 ලැබිල තියෙනවා, ප්‍රධාන ලෙස රංඟනයෙන් දායක වෙන්නෙ Mila Kunis, Sam Heughan, Kate McKinnon, Justin Theroux, මේ හතරදෙනා ගැන ගොඩක් අය දන්නෙ නැතුව ඇති, කොහොම නමුත් එයාල ගැන මතක් කරන්න වෙනම කාලයක් ගන්නෙ නෑ, මේ ෆිල්ම් එකේ නිෂ්පාදනය වියදමට ගිහින් තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 40. ඒත් එක්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියල තියෙනවා, චිත්‍රපටි නිෂ්පාදන සමාගම් තුනකින් දායකත්වය දුන්නු ෆිල්ම් එකක්, රන් වෙන කාලය මිනිත්තු 116, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Susanna Fogel කියන අධ්‍යක්ෂකවරිය.
ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ මේ විදිහටයි, Mila Kunis තමයි ඕඩ්‍රි කියන චරිතය රඟදක්වන්නෙ, Kate McKinnon තමයි මෝගන් කියන චරිතය රඟදක්වන්නෙ, ඒත් එක්කම Sam Heughan තමයි සෙබස්තියන් කියන චරිතය රඟදක්වන්නෙ, Justin Theroux තමයි ඩෲ කියන චරිතයට පණ පොවන්නෙ, ඉතින් ෆිල්ම් එකේ හැටියට ඕඩ්‍රිගෙ කලින් පෙම්වතා තමයි ඩෲ කියන්නෙ, එයා CIA නිලධාරියෙක්, එයා යම් වෙලාවක ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් ඕඩ්‍රිගෙ ගෙදර තියල යනවා, ඒ ඩ්‍රයිව් එකේ තියෙන්නෙ හයිලන්ඩ් කියන ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙක්ගෙ ප්‍රහාරක සැලසුම් වගයක්, ඒ ඩ්‍රයිව් එක හින්ද මේ ත්‍රස්තවාදි කණ්ඩායම ඩෲව මරන්න උත්සාහ කරනවා, අන්තිමේදි ඩෲ මැරෙන්න කලින් ඩ්‍රයිව් එක ඕඩ්‍රිගෙ අතට දීල කියනවා ඒක යම් තැනකට අරගෙන යන්න කියල, ඉතින් ඕඩ්‍රිගෙ හොඳම යාලුවා තමයි මෝගන් කියන්නෙ, මේ දෙන්න ඩෲගෙ අන්තිම පොරොන්දුව ඉටුකරන්න ඕන නිසා ඩ්‍රයිව් එකත් අරගෙන ඩෲ කියපු ස්ථානයට යනවා, ඒක අරගෙන යන අතරෙ ඕඩ්‍රිට සහ මෝගන්ට විශාල කරදර වලට මුහුණ දෙන්න වෙනවා, මොකද CIA එක සහ හයිලන්ඩ්ගෙ ත්‍රස්තවාදි කල්ලිය මේ දෙන්නව ලුහුබඳින හින්ද, කොහොමහරි ඉතින් ඕඩ්‍රි සහ මෝගන් සෑහෙන කරදර ගොඩකට මුහුන දීල ඩෲ කියපු තැනට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක අරගෙන යනවා, ඉතින් එතනින් එහාට මොකක්ද වෙන්නෙ කියල දැනගන්න එක ඔයාලට බාරයි, ෆිල්ම් එක බලලම තේරුම් ගන්න මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නෙ කියල, නවතින්න කලින් සියලුම සොහොයුරන්ව මතක් කරනවා, තව තවත් චිත්‍රපටි බලන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල. තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට බුදු සරණයි!!!
The Spy Who Dumped Me tells the story of Audrey (Kunis) and Morgan (McKinnon), two best friends who unwittingly become entangled in an international conspiracy when one of the women discovers the boyfriend who dumped her was actually a spy.
උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.
උපසිරැසියට බොහෝම ස්තූතියි ජයවේවා!
අවංකවම සබ් එක සුපිරි, ඒ වගේම සබ් එක දුන්නට බොහොම ස්තූතියි, තව තවත් සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න, ඔබට ජය෴෴
Thank brother
ෆිල්ම් එක ඔයාගෙ සබ් එකෙන් තමා බැලුවෙ .පට්ට ෆිල්ම් එක සබ් එකත් සුපිරි . ලස්සනට දාල තියෙනව .තවත් මෙවගෙ හොද ෆිල්ම් පරක්කු වේල හරි කමක් නැ ගෙමු.❤️
Tnx lot of
Thanks bro
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, හදවතින්ම පිළිගන්නවා අන්තර්ජාලයට එකතු වුනු අංක එකේ උපසිරැසිය විදිහට,තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න…! ඔබට දෙවි පිහිටයි…!!!
නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴
බොහොම ස්තූතියි දිනූෂ සහෝ.. සුපිරිම සබ් එක කරල තියෙනවා.. දිගටම සබ් දෙමු…!