උමතු එකාධිපතියෙකුට එරෙහි සටන
ඉතින් හැමෝටම ආයුබෝවන්. වෑන් ඩෑම් රසිකයින් වෙනුවෙන් ඔන්න අද තවත් පරණ බොක්ස් ඔෆීස් ෆිල්ම් එකක් අරගෙන ආවා. ඒ තමයි Street Fighter. මුලින්ම තිරගත වුනේ 1994 දෙසැම්බර් 23 ඇමෙරිකාවේදී. ආරම්භක දිනයේදීම ඇ.ඩො. 3,124,775 ක ආදායමක් උපයාගත් අතර එම සති අන්තයේදීම එය ඇ.ඩො. 9,508,030 දක්වා ඉහළ දමා ගනිමින් බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ අංක තුන වෙන්නට සමත් වෙලා තියෙනවා. ඩොලර් මිලියන 35 ක් වැය කර නිපදවූ ස්ට්‍රීට් ෆයිටර් තම ගමන අවසන් කලේ ඇමරිකාව සහ කැනඩාවෙන් ඩො.මි. 33.4 ක්ද, ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩො.මි. 66 ක්ද ලෙස ඇ.ඩො.මි. 99.4 ක් තම ගිණුමට බැර කර ගනිමින්. තවද VHS පටය 1995 දී නිකුත් වූ අතර කේබල් ටීවී විකාශනයටද ලබාදී ඇත. ඒ මගින්ද විශාල ආදායමක් ලබා ගැනීමට සමත් වූ අතර, එම හෝම් මීඩියා සහ බොක්ස් ඔෆීස් ආදායමේ එකතුව ආසන්න වශයෙන් ඩො.මි. 165 ක් විය.
එකල ඉතාමත් ජනප්‍රිය වීඩියෝ ගේම් එකක් වූ, Capcom Co. Ltd සමාගමේ “Street Fighter 2 : World Worrior” ඇසුරෙන් නිපදවා ඇති අතර මෙහි නිෂ්පාදකයා වන්නෙත් එම සමාගමමයි. Action, Adventure, Sci-fi, Comedy, Thriller යන වර්ග වලට අයත් වෙනවා. කිසිම අසභ්‍ය දර්ශනයක් නොමැති අතර පවුලේ සියලු දෙනාටම එකට සිට නැරඹිය හැකි ෆිලුමක්. අඩු තරමේ සිප ගැනීමේ සීන් එකක්වත් නෑ. මිනිත්තු 102 ක ධාවන කාලයකින් යුක්තයි. චිත්‍රපටය සඳහා වෑන් ඩෑම්ව යොදා ගැනීමට Capcom සමාගම කලින් ඉඳන්ම තීරනය කරගෙන සිට ඇති අතර මෙහි රඟපෑම වෙනුවෙන් ඔහුට ඩො.මි. 8 කට ආසන්න මුදලක් ගෙවල තියෙනවා. මුලු බජට් එක වූ මිලියන 35 න් 8 ක්ම ඔහුට වියදම් වූ නිසා සෙසු චරිත වලට එකල ජනප්‍රිය අඩු ශීල්පින් යොදාගන්න කටයුතු කල බවයි කියවෙන්නෙ. මෙහි Jean-Claude Van Damme (ගයිල්) සමග Raul Julia (බයිසන්), Ming-Na Wen (චුන් ලි), Wes Studi (සගාට්), Kylie Minogue (කැමී), Byron Mann (රායු) සහ Damian Chapa (කේන්) රංගනයෙන් දායක වෙනවා. ප්‍රධාන දුෂ්ට චරිතය වන බයිසන් වෙනුවෙන් පෙනී සිටි Raul Julia මෙහි රඟපෑමට කැමතිවෙලා තියෙන්නෙ ඔහුගේ ළමයින් එහි වීඩියෝ ගේම් එකට ගොඩක් ආස නිසාලු. කෙසේ වෙතත් ඔහුගේ අවසන් චිත්‍රපටයත් මෙය බවයි කියවෙන්නෙ. චිත්‍රපටය තිරගත වීමට මාස දෙකකට පෙර හෘදයාබාධයකින් ඔහු මියගොස් තියෙනවා. මේ නිසා චිත්‍රපටය ඔහු වෙනුවෙන් වෙන් කරල තියෙනවා.
කතාවට ආරම්භයක් දෙන්නම්. මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක්, ඒකෙන් ලොකු ධනයක් උපයගෙන, විශාල සහ නවීන තාක්ෂණයෙන් සමන්විත හමුදාවක් හදාගෙන ලෝකයේ පාලනය තමන් අතට ගන්න හදනවා. ඔහු අමානුෂික, බලයෙන් උමතු ඒකාධිපතියෙක්. තමන්ටම ජෙනරාල් කියාගන්නා මොහු නමින් බයිසන්. මොහුව පරාජය කරන්න ලෝකයේ ජාතීන් එකතුවෙලා සන්ධානයක් හදාගන්නවා. මේ මිත්‍ර ජාතීන්ගේ බලකායෙ අණ දෙන නිළධාරියා තමයි කර්නල් ගයිල්. සිවිල් වැසියන් 63 දෙනෙක් ප්‍රාණ ඇපයට තියාගෙන බයිසන් විශාල කප්පම් මුදලක් ඉල්ලනව. ඔවුන් බේරගන්න ගයිල් මෙහෙයුමක් ලෑස්ති කරනවා. මේ සඳහා ඔහු මුලින්ම පොඩි හොර ජාවාරම් කාරයො දෙන්නෙක්ව තමන්ගෙ පැත්තට අරගෙන බයිසන්ගෙ කල්ලියට රිංගවනවා. ඒ තමයි ස්ට්‍රීට් ෆයිටර්ලා දෙන්නෙක් වන කේන් සහ රායු. ඔවුන් හිරෙන් පැනල යන්නෙ ගයිල්වත් මරලා. නමුත් ඒක බයිසන්ව රවට්ටන්න කරන එකක්. දැන් බයිසන් හිතන් ඉන්නෙ ගයිල් මළා කියල. මේ අතර බයිසන්ගෙ රාජධානියේ හිරවෙලා ඉන්නවා චුන්-ලි සැං කියල ටීවී රිපෝටර් කෙනෙක්. දක්ෂ මාෂල් ආට් සටන්කාරියක්. ඇය එහෙට යන්නෙ පරණ සිද්ධියකට බයිසන්ගෙන් පලිගන්න. ඇයගෙ සහායකයො දෙන්නත් සුපිරි බඩු. එක්කෙනෙක් ජපන් සුමෝ කෙනෙක්. අනිත් කෙනා බොක්සර් කෙනෙක්. ගයිල්ගෙ බලකායෙත් වැඩ්ඩො ඉන්නවා. ඔහුගේ ප්‍රධාන සහායිකාව ලුතිනන් කැමී ඉන් විශේෂයි. ඉතින් ඔයාල විවේකීව ඉන්නව නම්, මේ කට්ටියම එකතුවෙලා බයිසන්ව නවත්තන හැටි බලමුද?
ජය වේවා. 
QUALITY
480P \ 400 MB
720P \ 832 MB
1080P \ 1.8 GB
SUB FORMAT – SRT & IDX
♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣
Information

Year :
1995
Genre :
Action,adventure,comedy
Actors :
Jean-Claude Van Damme,Raul Julia,Ming-Na Wen
Writer : N/A
Director :
Steven E. De Souza
Plot : Street Fighter: Directed By Steven E. De Souza. With Jean-Claude Van Damme, Raul Julia, Ming-Na Wen, Damian Chapa. Col. Guile And Various Other Martial Arts Heroes Fight Against The Tyranny Of Dictator M. Bison And His Cohorts.

සිංහල උපසිරැස Download කරගන්න 108 times
4
0%
0%
තෑන්ක්ස් සබ් එකට සහෝ සුපිරි ෆිල්ම් එකක්
Very thanx, Bro.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Thanx, Brother.
සබ් එකට බොහොම ස්තුතියි,,,සුපිරියක්, වැන්ඩෑම්ගේ untildeath, jcvd,desert heat, legionnaire, knockoff, death warrent, lionheart වගේ ෆිල්ම් වලට පුලුවන්නම් සබ් කරලා දෙන්න….
ඉඩ ලැබෙන විදිහට කරමු. death warrent එකට මන් දීල තියෙන්නෙ.