• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • Sur (2002) Sinhala Subtitle

Sur (2002) Sinhala Subtitle

2023/08/11 at 4:01 pm
Rasika Samanjith
ආ භි ජා, ආ භි ජා.. - ලොවක් නැලවූ ගීතය

                         "ආ භි ජා" කියන අකුරු තුන ඇහෙද්දි, ඒ මොකක්ද කියල අමුතුවෙන් කාටවත් කියන්න ඕන නෑ. ඕන කෙනෙකුට මතකයට එනවා, ලොවක් නැලවූ, හදවත් සැනසූ මන මෝහනීය ගීතයක්. අලුත් පරම්පරාව නම් දන්නෙ නැතුව ඇති. හැබැයි "SUR" කිව්වම නම් එච්චර මීටර් නැතුව ඇති. ඒ තමයි "ආ භි ජා" ගීතය ඇතුලත් සුපිරි සංගීතමය හින්දි චිත්‍රපටය. ඉතින් අද අරන් ආවෙ 2002 සැප්තැම්බර් 13 රිදී තිරයේ රැව්දුන් Sur - The Melody of Life චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි. Drama, Musical, Romance ෆිලුමක්. ධාවන කාලය පැය 2යි විනාඩි 16 යි. සටන් ගැටුම් වලින් තොර, ගස් වටේ දුවන පෙම්වතුන්ගේ ගීත රාමුවෙන් මිදුණු, ලස්සන කතාවක් ඇතුලත් සංගීතමය නිර්මාණයක්. Sur චිත්‍රපටය ජනප්‍රිය වුනේම එහි සංගීතය නිසාමයි. "ආ භි ජා"ත් ඇතුලුව මිහිරි ගීත රාශියක් චිත්‍රපටයෙ ඇතුලත් වුනා. ඔක්කොම එක වගේ ලස්සන ගීත. විශේෂයෙන්ම අන්තිම ගීතය වන "කබි ශාම් දලේ". ඉතින් සංගීතය කිව්වම කාවද මතක්වෙන්නෙ? සංගීත අධ්‍යක්ෂක. තෙලිගු සිනමාව මූලික කරගෙන ඉන්න ඉන්දීය සිනමාවෙ දැවැන්තයෙක්. ඔහු ඉන්දීය සිනමාව වෙනුවෙන් කල සේවය නිසා මේ වසරේ (2023) ඉන්දීය රජය ඔහුට "පද්ම ශ්‍රී" සම්මානයෙන් ගෞරවය පුදකලා. බාහුබලි 1 සහ 2 [2017 / ], මගදීරා [2009], පහේලි [2005], ජිස්ම් [2003] යන අති ජනප්‍රිය චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂකවරයා. ඒ විතරක් නොවෙයි පසුගිය 2022 වසරේ, "RRR" චිත්‍රපටයේ "Naatu Naatu" ගීතයෙන්, 95 වෙනි ඇකඩමි සම්මාන උලෙලේ "Best Original Song" සම්මානය, ප්‍රථම වරට ඉන්දියාවට, ඒ වගේම ආසියාවට හිමිකර දුන් අසහාය කලාකරුවා. ඒ තමයි වැඩිය කවුරුවත් නමින් නොහඳුනන, ඇල්බම් නිෂ්පාදකයෙක්, ගායකයෙක් සහ පද රචකයෙකුත් වන M. M. Keeravani. ඔහුගේ සංගීතයෙන් හැඩවුනු ගීත 7 ක් Sur චිත්‍රපටයේ ඇතුලත් වුනා. ඒ සියලුම ගීත වල පද රචනය Nida Fazli ගෙන්.

1. "ආ භි ජා ආ භි ජා" - ලකී අලි, සුනිදි චවුහාන් 2. "ආඕ තුම්හෙ ඒක් නයී බාත්" - ලකී අලි 3. "ඩිල් මේන් ජාගි දඩ්කන් ඒසේ" - සුනිදි චවුහාන් 4. "ජානා ක්‍යා ඩූන්තා හේ" - ලකී අලි 5. "කබි ශාම් දලේ" - මහාලක්ෂ්මී අයියර් 6. "කොයා හේ තුනෙ ජො යෙ දිල්" - ලකී අලි 7. "තූ දිල් කි කුෂී" - ලකී අලි, සුනිදි චවුහාන්

රඟපෑම් පැත්තට ගියොත්, මෙහි සියලුම පිරිමි ගීත ගායනා කල Maqsood Mahmood Ali නොහොත් ලකී අලි තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. ඔහු නලුවෙකුට වඩා ගායකයෙක්, පද රචකයෙක්. Sunoh [1996], Sifar [1998] ඇතුලු ජනප්‍රිය ගීත ඇල්බම් කීපයක්ම එලි දක්වලා තියෙනවා. ඒ වගේම ඔහුට සිනමා පසුබිමකුත් තියෙනවා. ඔහුගේ පියා තමයි පැරණි බොලිවුඩ් විකට නලු මෙහෙමූද්. ඒ වගේම ජනප්‍රිය හින්දි නිලි මීනා කුමාරිගෙ සහෝදරියක් වන මහේලකා තමයි ඔහුගෙ අම්මා. "කහෝ නා ප්‍යාර් හේ" චිත්‍රපටයේ "ඒක් පල් කා ජීනා" ගීතය ගායනය වෙනුවෙන් ඔහුට 2001 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළලේ හොඳම පසුබිම් ගායනයට (පිරිමි) හිමි සම්මානය හිමිවුනා. 2003 වසරේ පැවති 48 වෙනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළලේ හොඳම පසුබිම් ගායනය සඳහා, Sur චිත්‍රපටයේ "ආ භි ජා" ගීතය වෙනුවෙන් ඔහුගේ නම යෝජනා වුනත්, Saathiya [2002] චිත්‍රපටයේ "සාතියා.." ගීතය ගායනා කල සෝනු නිගම් හමුවේ පරාජයට පත්වුනා. Lucky Ali (වික්‍රමාදිත්‍ය සිං) සමග Gauri Karnik (ටීනා), Simone Singh (දිව්‍යා), Achint Kaur (පූජා), Harsh Vashisht (අකීබ්), Divya Dutta (රීටා) සහ Ehsaan Khan (හර්මන්) රංගනයෙන් දායක වෙනවා. ඒ සියලු දෙනාගෙ රඟපෑම් විචාරක ගෞරවයට පාත්‍ර වුනා. ඒ ගෞරවයෙන් වැඩි කොටසක් චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා Tanuja Chandra ට හිමි විය යුතුමයි. ඇය ඇගේ කාර්යය ප්‍රශස්ත ලෙස ඉටුකර ඇති බව ඔයාලටත් පෙනේවි. තිර රචනයත් ඇයම තමයි. "දිල් තෝ පාගල් හේ" හී තිර රචනයටත් ඇය සම දායකත්වයෙන් සහභාගි වෙලා තියෙනවා. 1998 වසරේ කාජල් රඟපෑ Dushman චිත්‍රපටයෙන්, චිත්‍රපට අධ්‍යක්ෂනය පටන් ගත් ඇයගේ දෙවෙනි අධ්‍යක්ෂනය වුනේ 1999 වසරේ නිකුත්වූ ආක්ෂේ කුමාර් රඟපෑ Sangharsh. හතර වෙනි එක තමයි Sur. වික්‍රමාදිත්‍ය සිං කියන්නෙ ජනප්‍රිය සංගීතවේදියෙක්, ගායකයෙක්. සංගීත පාසලක් පවත්වාගෙන යනවා. දවසක් වික්‍රම්ට දකින්න ලැබෙනවා, පල්ලියක ගීතිකා කියමින් සිටින ටීනාව. දුප්පත් තරුණියක්. ඇගේ දක්ෂතාවය හඳුනාගන්න වික්‍රම් ඇයව තම පාසලට එක්කන් යනවා. ඔහුට ඕනෙ ඇයව ස්ටාර් කෙනෙක් කරන්න. ඔහුට ඕනෙ ඇයව තව වික්‍රමාදිත්‍ය සිං කෙනෙක් කරන්න. නමුත් ඇය තමන්ටත් වඩා සංගීතයට දක්ෂ වේගෙන එනකොට, වික්‍රම්ට ඇය ගැන ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා. ඔහුගේ මේ ඊර්ෂ්‍යාව ඔහුව කොහේට අරගෙන යයිද? ඔහු ටීනාගේ දෙයක් හොරකම් කරනවා. ඒ මොකක්ද? උත්තරය = Sur. සියලු දේ අමතක වෙන මන මෝහනීය සංගීතයක් සමග හෝරා දෙකක් ගත කරන්න ආරාධනා කරනවා. ඒ වගේම පරිස්සම් වෙන්න, අවාසානයේදී ඔබ නොදැනුවත්වම ඔබේ ඇසට කඳුළක් උණනු නොඅනුමානයි.

ජය වේවා.

QUALITY // 480p - 300MB // 720p - 1.2GB // 1080p - 4gb

SUB FORMAT // SRT

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1701

Download Links:

WEBRip 480P පිටපත 300 MB G drive (Direct)
WEBRip 720P පිටපත 1.2 GB G-drive (Direct)
WEBRip 1080P පිටපත 4 GB G-drive (Direct)
Profile
170
Movies
0
Tv episodes
170
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Lasantharathnasirirox Unregistered User
    Android 10Chrome 81

    Link වැඩ නෑ…

    2023-10-24 at 7:03 am
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 109

      mkvCinemas eken baaganna. e kopiya ok.

      2023-10-26 at 10:26 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms