Sweetie, You Won’t Believe It 2020 Sinhala Subtitle

April 22, 2023 Admin
Subtitle by Rasika Samanjith
බබා, ඔයා ඒක විශ්වාස කරන එකක් නෑ

ඉතින් මේ පාර ගෙනාවෙ ඔයාලට ටිකක් හිනාවෙන්න පුලුවන් පට්ටම පට්ට ත්‍රිලර් කොමඩියක්. Thriller, Comedy, Horror, Drama කියන කැටගරි වලට දාන්න පුලුවන් සුපිරි කසකස්තාන් නිර්මාණයක්. රුසියන් සහ කස්කස්තාන් යන භාෂා දෙකෙන්ම එලි දැක්වෙලා තියෙනවා. ඔයාලට මන් දෙන කොපියෙ භාෂාව මේ දෙකෙන් මොකක්ද කියල නම් ඇත්තටම මට දැනුමක් නෑ. මොකක් වුනත් අපිට එකයිනෙ නේද? චිත්‍රපටය තමයි 2021 වසරේ නිකුත් වූ
Sweetie, You Won’t Believe It. ඔරිජිනල් නම ඇවිල්ලා Zhanym, ty ne poverish. ධාවන කාලය විනාඩි 84 යි. 6.2/10 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා.හැබැයි අපි දන්න
හඳුනන මුහුණු නම් නෑ. කොහොමහරි ඉතා දක්ෂ කසකස්තාන් නලු නිලි පිරිසක් මේකට දායක වෙලා තියෙනවා. ඒ Daniyar Alshinov (දස්තාන්), Asel Kaliyeva (සහානා), Azamat Marklenov (අර්මාන්), Yerlan Primbetov (මුරාත්), Dulyga Akmolda (ටාර්සන්), Almat Sakatov (කුකා), Rustem Zhanyamanov (පීටොක්), Yerkebulan Daiyrov (කිසෙක්) සහ Bekaris Akhetov (බූසාව්).
දස්තාන්ගෙ බිරිඳ සහානා ඇගේ පළමු දරුවා බිහි කරන්න ආසන්නවයි ඉන්නෙ. ඇගේ කට ගැන නම් කියන්න වචන නෑ. අපේ බොහෝ ගෑණුන් වගේම තමයි. ෂේප් වෙන්න කොහොම කතා කලත්, මොකක් කිව්වත්, ඒකෙ වචනයක් අල්ලගෙන රණ්ඩු වෙන්න හරි දස්සයි. ප්‍රසූතිය ළංවෙන්න ළංවෙන්න තත්ත්වය තවත් දරුණු වෙනවා. ඇගේ කන්දොස්කිරියාවෙන් දවසකට හෝ බේරෙන්න හිතාගෙන දස්තාන් තමාගෙ අතිජාත මිත්‍රයො දෙන්නත් එක්ක දවසෙ ට්‍රිප් එකක් යනවා. ඒ ටිකක් කැලෑබද ප්‍රදේශයක තියෙන පොඩි ගඟක මාලු බාන්න. ඒ තමයි එයාලගෙ මුල්ම ෆිෂින් ට්‍රිප් එක. පටන් ගැන්මෙදි නම් වැඩේ ලස්සනට, ෆන් එකේ යනවා. ඒත් ඒ කූකූ ප්‍රමුඛ හතර දෙනෙක් කරන මිනී මැරුමක්, මිතුරන් තිදෙනා තම දෑස් වලින්ම දකින තුරු විතරයි. අපි එහෙනම් මධ්‍යම ආසියානු රටක සිනමා ශීල්පීන්ගේ සිනමාත්මක හැකියාවත්රස විඳිමු.

ජය වේවා.

QUALITY // 720P – 775MB // 1080P – 1.4GB

SUB FORMAT // SRT // IDXTV

♣♣ BRRip / 720p / 1080p ♣♣

Available Torrents
720p bluray 775.97 MB
1080p bluray 1.41 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search