ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ අපේ Kantha සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල 2019 වසරේ නිර්මාණය වුන Synchronic චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. නාට්‍යමය, සංත්‍රාස හා විද්‍යා ප්‍රබන්ධ යන ත්‍රිත්ව ෂානරයන්ට අයත් හෝරාවකුත් මිනිත්තු 42ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටයේ රචන ජස්ටින් බෙන්සන්ගෙන් වන අතර අධ්‍යක්ෂණයත් ඔහුගෙන් හා ඒරොන් මූර්හෙඩ්ගෙන්. මේ වනවිට (2021:ජන:17) IMdb වෙතින් 6.2ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 81%ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 82%කුත් වශයෙන් ලබා ඇති (මේ අගයන් මදක් වැඩියි මගෙ පෞද්ගලික මතය අනුව) මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ ඇන්තනි මැකී (ස්ටීව්), ජේමි ඩෝනන්(ඩෙනිස්),කේටි ඇස්ල්ටන් (ටාරා),ඇලී අයොනිඩ්ස් (බ්‍රියානා), රමිස් මොන්සෙෆ් (කිර්මානි), බෙට්සි හොල්ට් (ලියා) ෂේන් බ්‍රේඩි (ට්‍රැවිස්) ඇතුළු පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට...
පැරමෙඩික්ස්ලා... ඔබ දන්නවා කවුද මේ අය කියල. මේ තමයි යම් හදිසි අනතුරක් අසනීපයක් ඇතිවූවිට අප ලබාදෙන ඇමතුමට ප්‍රතිචාර දක්වමින් පැමිනෙන වෛද්‍ය පුහුණුව සහිත ගිලන් රථ වෘතිකයන්. ස්ටීව් හා ඩෙනිස් දෙදෙනාත් මෙවන් ගිලන් රථ සේවකයන් දෙදෙනෙක්, මේ අඹ යහළුවන් දෙදෙනාගේ ජීවිත උඩු යටිකුරු වන්නේ ඩිසයිනර් මත්ද්‍රව්‍යයකට ඈඳුනු බිහිසුණු මරණ ඔවුන් දෙදෙනා සේවය කරන ලුයිසියානා ප්‍රාන්තයේ නිව් ඕර්ලන්ස් නගරය අවටින් වාර්තා වන්නට පටන්ගැනීමත් සමගයි.( ඩිසයිනර් මත්ද්‍රව්‍ය යනු කුමක්දැයි චිත්‍රපටය තුල ඇති බැවින් මම මෙහි සඳහන් කරන්නේ නෑ) . මරණයන් පමණක් නොවෙයි මේ මත්ද්‍රව්‍යයේ තවත් වෙනස්ම මානයක බලපෑමක් තිබෙනවා, ඒ හා ගැටෙන්නට සිදුවන ඔවුන් දෙදෙනාගේ කතාව තමයි මේ චිත්‍රපටයෙන් දකින්නට ලැබෙන්නේ. එහෙනම් ඊට වැඩි විස්තර අවශ්‍ය නෑ මම හිතන්නෙ. මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියක් සමගින්.
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා වේ.




Windows 7Chrome 87
අම්මෝ ඇති යම්තම් හසිතගේ සබ් එකකට කලින් කොමෙන්ට් එකක් දාන්න ලැබුනා ..තෑන්ක් සබ් එකට ..ටිකක් වෙනස් එකක් වාගේ
Windows 10Firefox 84
ඔව්, දමිත්, ටිකක් වෙනස් එකක්. ස්ක්‍රිප්ට් එක ටිකක් වෙනස් වුනානං හොඳයි කියල හිතෙනව හැබැයි. ස්තූතියි ප්‍රතිචාරයට.
Windows 10Chrome 87
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Request :
Redemption Day (2021)
Run Hide Fight (2020)
Android 9Chrome 80
බොහොම ස්තූතියි හසිත :slight_smile:❤…
ජය වේවා.!! :punch::punch::punch:
Android 10Chrome 111
How can watch?