Home Movies English Movies Tai Chi Master (1993) Sinhala Subtitle

Tai Chi Master (1993) Sinhala Subtitle

සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම.සෑහෙන දවසකට පස්සේ ඔන්න මං තවත් නිර්මාණයක් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා.Subz LK වෙබ් අඩවියේ අළුත් චිත්‍රපටිවලට වගේම පැරණි චිත්‍රපටිවලටත් තැනක් තියෙනවනේ.ඒ හින්දා මෙදා පාර මං ගෙනාවේ පැරණි චිත්‍රපටයක උපසිරැසියක්.මේ නිර්මාණය ඔයාලට ගේන්න විශේෂ හේතු කීපයක් තියෙනවා.මොකද මේ චිත්‍රපටය මං මේ වෙබ් අඩවියත් සමඟ සම්බන්ධ වෙන්න කලින් ඉඳලම මගේ ගාව තිබ්බ චිත්‍රපටයක්.අනික මේ චිත්‍රපටියේ උපසිරැසිය මං මගේ පළවෙනි නිර්මාණය විදිහට දෙන්න හිතන් හිටියේ.පස්සේ හිතුනා පළවෙනියටම දෙන උපසිරැසිය අළුත් චිත්‍රපටියකට කළොත් හොඳයි කියලා.ඒ හින්දා මේ චිත්‍රපටිය මම පොඩ්ඩක් පස්සට දැම්මා.ඒවගේම විශේෂ කාරණය තමයි ඔයාලා ඕනෑ තරම් පැරණි චිත්‍රපට බලලා ඇති.නමුත් මේ චිත්‍රපටය ඊට හාත්පසින්ම වෙනස් එකක්.ලස්සන කතාවක් මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියෙනවා.ඒ හින්දමයි මං ඔයාලට මේක ගේන්න ඕනෑමයි කියලා හිතුවේ…

හුඟක් දෙනෙක් සමස්ථයක් වශයෙන් පැරණි චිත්‍රපට බලන්න කැමති නෑ.මොකද ඒවා වැඩක් නෑ කියලා හිතලා.බොරුවට Data නාස්ති වෙන හින්දා.මේ චිත්‍රපටයත් දැකපු ගමන් වර්ෂයත් එක්ක ඔයාලට එහෙම හිතෙයි.ඊටත් වඩා හිතෙන දෙයක් තමා වීඩියෝ Quality එක ගැන.ඔයාලා ඒකට බයවෙන්න කිසිම වුවමනාවක් නෑ.මං මේ උපසිරැසිය කරලා තියෙන්නේ Bluray Rip පිටපතකට.ඒ හින්දා අවුලක් නැතුව බලන්න පුළුවන්.කියෙව්වා ඇති වගේ කියලා හිතෙනවා.ඉක්මනින් චිත්‍රපටය පැත්තට හැරෙමු…

Tai-chi Master (1993)

වෙනදා වගේම අදත් චිත්‍රපටය පිළිබඳ පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්.1993 වර්ෂයේ තිරගත වුණු මේ සිනමා නිර්මාණය නම් කරලා තියෙන්නේ – Tai-chi Master – නමිනි.ඒවගේම මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ හොලිවුඩයේ අපි කවුරුත් වගේ දන්න Jet Li.Action, Adventure, Comedy සහ Drama කියන ගණයට අයත් වෙන මේ චිත්‍රපටය IMDb 7.3ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.මෙහි ධාවන කාලය පැය 1යි මිනිත්තු 36ක් ලෙස තමා සඳහන් වෙන්නේ.මීට අමතරව චිත්‍රපටයට රංගනයෙන් දායක වන සෙසු චරිත මෙසේය…

Cast

  • Jet Li as Junbao.
  • Michelle Yeoh as Siu Lin.
  • Siu-Ho Chin as Chin Bo.
  • Fennie Yuen as Miss Li.
  • Cheung-Yan Yuen as Rev. Ling.
  • Shun Lau as Master Jueyuan.
  • Hai Yu as Head Master.

චිත්‍රපට කතාව පිළිබඳ හැඳින්වීම,

මේකයි කතාව.ජුන් බාවෝ සහ සියු ලිනුයි පොඩි කාලේ ඉඳලම එකට තමා හිටියේ.ඒත් එයාලා සහෝදරයෝ නෙමේ.ඒත් සහෝදරයෝ වගේ තමා.ඔහොම ඉන්න එක දවකදී එයාලට ඕන වුණා කුන්ග්-ෆූ පුරුදු වෙන්න. ඉතින් එයාලගේ මාස්ටර් එයාලට අවසර දුන්නා. මේ දෙන්න හැදී වැඩුණේ ශැඔලින් පන්සලක. මේ දෙන්නා ඉක්මනින්ම හැදී වැඩුණා. දවසක් දා ශැඔලින් පන්සලේ තිබුණු තරග අවස්ථාවකදී සියු ලින්ට එක්කෙනෙක් වංචා කරනවා. ඉතින් ඒකට සියු ලින්ට තරහ යනවා.සියු ලින් ඊටපස්සේ එයත් එක්ක දිගටම සටන් කරනවා. මෙහිදී සියු ලින් ඉක්මවා පහර දෙන නිසා එයාලගේ ලොකු මාස්ටර් එයාට නවත්තන්න කියලා අවවාද කරනවා. ඒත් මෙතනදී සියු ලින්ගේ අතේ වැරද්දක් නෑ. ඊට කලින් කියන්න ඕනේ ජුන් බාවෝ කියන්නේ අහිංසක කෙනෙක්. කාටවත් කරදරයක් කරන්නැති පාඩුවේ ඉන්න කෙනෙක්. ඒත් අසාධාරණය නම් පෙන්නන්න බෑ. ඒවගේම සියු ලින් නම් පොඩ්ඩ වෙද්දී තරහ ගන්න කෙනෙක්. ඉතින් මේ සිදුවූ දෙයින් පස්සේ ලොකු මාස්ටර් එයාලගේ මාස්ටර්ට කියනවා මෙයාලව මෙහෙන් යවන්න කියලා. ඒත් මෙයාලගේ මාස්ටර්ට මේක කරන්න හිතදෙන්නේ නෑ. ඒත් මේක ඉහළින් ලැබුණු අණක් හින්දා කරන්නම වෙනවා. ඒත් මෙයාලගේ මාස්ටර් මෙයාලව යවන්න කලින් chi නැමැති පොත ජුන් බාවෝගේ අතට දෙනවා. ඊටපස්සේ මෙයාලා වෙනම ගමකට යනවා. එහිදී මෙයාලට යාළුවෝ ටිකක් හම්බවෙනවා. ජුන් බාවෝයි සියු ලිනුයි එයාලත් එක්ක හොඳට ඉන්නවා. ඒවගේම මේ නගරය පාලනය කරන්නේ කෘර පාලකයෙක් වෙන ආණ්ඩුකාර ලියූ කියලා කෙනෙක්. මිනිස්සුන්ට සලකන්නේ නැති, මිනිස්සුන්ගෙන් බලහත්කාරකමින් බදු මුදල් එකතු කරන නරුම පාලකයෙක්. ඉතින් නගරයේ ඉන්න මිනිසුන් එදා වේල හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්. ඒත් මෙහෙම ජීවිත ගත කරන මිනිස්සුන්ට වෙන ඉරණම හිතාගන්නවත් බෑ. ” හිතන්න ඔයාලගේ හොඳම යාළුවා ඔයාලට විරුද්ධව වැඩ කරද්දී මොන වගේ හැඟිමක්ද දැනෙන්නේ කියලා”. ඒවගේ දෙයක් තමා දැන් වෙන්න යන්නේ. සියු ලින්ට හිතෙනවා මේ හැමදෙයක්ම මගේ කරගන්න ඕනේ කියලා. ඉතින් මේ මිල මුදල්, සැප සම්පත් නිසා සියු ලින් නරුම ආණ්ඩුකාර ලියූ එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා විතරක් නෙමේ. තමන්ගේ හොඳම යාළුවන්ට විරුද්ධවත් කටයුතු කරනවා…

මම මෙහෙම කිව්වට තේරුම් ගන්න බැරුව ඇති.ඔයාලා එක සැරයක් මේක අරගෙන බලන්න.එතකොට තේරුම් යයි මොන වගේ කතාවක්ද කියලා.මේක අරන් බැලුවා කියලා පාඩුවක් වෙන්නේ නෑ.සෑහෙන දෙයක් කියෙව්වා කියලා හිතෙනවා.දැනට මම නවතින්නම්.ආයෙත් චිත්‍රපටයක උපසිරැසියක් සමඟින් හම්බවෙමු…එතෙක් ඔබ සැමට බුදු සරණයි!!!

BluRay/BluRay Rip පිටපත් සඳහා ගැලපේ

  • Details
  • Trailer
  • Download links

Year : 1993

Rating : 7.3

Genre : Action, Comedy, Drama

Actors : jet li, michelle yeoh, siu-ho chin, fennie yuen

Writer : david b. baron , jack maeby , scott smith , michael sorich , kwong kim yip

Director : woo-ping yuen

Plot :

Two friends, ex Shaolin monks, part ways as they brush with the ongoing rebellion against the government. The ambitious one rises up to be a powerful military commander, while his betrayed friend resorts to learn the calm ways of Tai Chi.

 



සිංහල උපසිරැස Download කරගන්න 1331 times


Lahiru Sandaruwan

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

Kill It (2019) [S01 : E01] Sinhala Subtitle

 හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් හුග කාලෙකට පස්සෙ ආයෙමත් උපසිරැසි කරන්න පටන්න …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

31 comments
  1. ලහිරු සඳරුවන්

    සමාවෙන්න ඕන කට්ටියම. මගේ අතින් ලිපියේ පොඩි අතපසුවීමක් වෙලා තියෙනවා.
    ජුන් බාවෝ සහ සියු ලින් කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. සියු ලින් නෙමේ එතනට එන්න ඕන. “ටියන් බාවෝ” කියන නම. මොකද සියු ලින් කියන්නේ ෆිල්ම් එකේ එන නිළියක්. ලිපියේ පොඩි අතපසුවීමක් වෙලා තිබ්බා කියලා සබ් එක ගැන බයවෙන්න එපා. සබ් එක සුපිරියටම කරලා තියෙන්නේ. අරගෙන බලන්න.

  2. මට ඕනි ෆිල්ම් එකක් ලස්සනයිනම් එච්චරයි??
    මේකනම් අනිවා ලොවෙත් බලනවා?
    උපසිරැසියට තුති සහෝ?
    ඔබට ජය??

  3. ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

  4. Niyamayi sahoo..????

  5. Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ජයෙන් ජය!

  6. දමිත්

    සබට ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  7. asitha

    elama saho thanks

    • ලහිරු සඳරුවන්

      තෑන්ක්ස් අසිත සහෝ comment එකට.

  8. Kantha

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    • ලහිරු සඳරුවන්

      තෑන්ක්ස් කාන්ත comment එකට. ඔයාලගේ comment එක වටිනවා.

  9. KAVINDA GAMAGE

    සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
    මේ වෙලාවේ ප්රාිර්ථනා කරන ගමන්ම සහෝගේ
    තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
    ජයම වේවා…

    • ලහිරු සඳරුවන්

      අනිවාර්යෙන්ම සහෝ.
      මේ වගේ comment දාන ඔයාට බොහොම ස්තූතියි.

  10. MALINDA

    පරණ කුන්ග්ෆු ෆිල්ම් වල ආතල් දන්නේ බලන එවුන්. මම නම් දැක්කොත් අනිවා ගන්නවා. එල.

    • ලහිරු සඳරුවන්

      ඒකනම් ඇත්ත තමා.
      තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට.

  11. Chanaka

    Loweth ne broo. sinhala sub eka supetama thibba

  12. Rithmi anjana

    Maru aiye sinhala sub aka. Thanks

  13. srimal

    1922,the 100℅ love film wala sinhala sub eka hdl denwd??

    • ලහිරු සඳරුවන්

      හරි යාළු, උත්සහ කරලා බලන්නම්.

  14. Dark

    ela brooooo… jaya wewa…

  15. Nimantha Nadeesh

    නියම වැඩක් දිගටම කරන්න 💪

    • ලහිරු සඳරුවන්

      තෑන්ක්ස් යාළුවා.😎😎😎

Leave a Reply

Your email address will not be published. Required fields are marked *