The 6th Day (2000) Sinhala Subtitle
The 6th Day කියන්නෙ හොලිවුඩ් දැවැන්තයෙක් වන ආනෝල්ඩ් ස්වාසෙනෙගර් ද්විත්ව චරිත රඟපාපු Action / Thriller / Mystery / Science Fiction චිත්‍රපටයක්. මුලින්ම තිරගත වුනේ 2000 නොවැම්බර් 17. ආරම්භක සති අන්තයේදීම ඩොලර් මිලියන 13 ක ආදායමක් උපයාගත් අතර තම ගමන නිමා කලේ ඇ. ඩො. මි. 96 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගනිමින්. මෙහි ආනෝල්ඩ්ගෙ චරිතය වෙනුවෙන් ඩො. මි. 25 ක් ගෙවූ බවයි වාර්තා වෙන්නෙ. ඒ වගේම මෙහි නිෂ්පාදනයටත් ආනෝල්ඩ් සම දායකත්වය සපයලා තියෙනවා. විනාඩි 123 ක ධාවන කාලයක් සහිත මෙහි Arnold Schwarzenegger (ඇඩම්) සමග Tony Goldwyn (ඩ්‍රකර්), Michael Rooker (මාෂල්), Sarah Wynter (ටාලියා) සහ Wendy Crewson (නටාලි) රංගනයෙන් එකතු වෙනවා.
අනාගතයේදී, මිනිසුන් ක්ලෝන කිරීම සම්පූර්ණයෙන්ම තහනම් තත්ත්වයක් යටතේ මයිකල් ඩ්‍රකර් නම් ව්‍යාපාරිකයෙක්, ඩොක්ටර් කෙනෙකුගේ සහය ඇතිව රහසිගතව, මුදලට මිනිසුන් ක්ලෝන කරනවා. නමුත් එක් අවස්ථාවක ඩ්‍රකර්ව සහ ඔහු ගමන් කල යානයේ නියමුවා වන ඇඩම්ව යම් අයෙක් විසින් මරා දමනවා. එවිට ඔවුන් ඩ්‍රකර්ව නැවත ක්ලෝන කරන අතර සිද්ධිය සම්පූර්ණයෙන්ම වසන් කිරීම සඳහා ඇඩම්වත් ක්ලෝන කරනවා. එතන තමයි වැඩේ පත්තු වෙන්නෙ. එදා ඇඩම් විදිහට පෙනී පෙනී හිඳිමින් නියමුවා හැටියට යන්නෙ, ඔහුගේ යාලුවා හැන්ක්. ඉති හැන්ක් මැරුනාම ක්ලෝන කරන්නෙ ඇඩම්ව. දැන් ඇඩම්ලා දෙන්නයි. වැඩේ වැරදුනු බව දැනගන්න ඩ්‍රකර්, ඇඩම්ව මරන්න උත්සාහ කරනවා. ඒත් තමන් ක්ලෝන කලේ වැරදි මිනිහව බව ඩ්‍රකර්ට ටිකෙන් ටික අවබෝධ වෙනවා.
මේ 6th Day ( 6 වන දිනය ) කියන එකේ තේරුම ගැනත් පොඩි හැඳින්වීමක් කරන්නම්. බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ මැවීම් ක්‍රියාවලියේදී මුල් දින පහ ගත වූයේ පරිසරය සහ සතුන් මැවීමටයි. මිනිසා මවන ලද්දේ 6 වන දිනයේදීයි. මිනිසා සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ මැවීමට විරුද්ධව යමක් කරන්නේ නම්, එය සලකන්නේ 6 වන දින නීති කඩ කිරීමක් ලෙසයි. එනම් 6 වන දින උල්ලංඝනයක් ලෙසයි.
ඉතින් මේකෙ සිපගැනීම් හැරුණම අසභ්‍ය දර්ශන නම් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
Quality // 720p – 1.1gb // 1080p – 2.2gb