The Body (2019) Sinhala Subtitle
Emraan Hashmi, Rishi Kapoor, Sobhita Dhulipala, Vedika
ආයුබෝවන් සියලුදෙනාටම.ඉතින් මන් අද ඔයාලට අරගෙන ආවේ මේ ළඟකදී නිකුත් වුණ The Body කියන හින්දි චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.එහෙනම් කතාව පැත්තට යමු.
Jeethu Joseph විසින් අධ්‍යක්ෂණය කොට ඇති මෙම චිත්‍රපටය Emraan Hashmi, Rishi Kapoor, Sobhita Dhulipala, Vedhika වැනි පිරිස රංගනයෙන් දායක වී ඇත.2019 වර්ෂයේ දෙසැම්බර් මස 13න් වෙනි දින ප්‍රථමවරට ඉන්දියාවේ නිකුත් කළ මෙම චිත්‍රපටයට ලැබී ඇති IMDb අගට 6.0කි.ඒවගේම මේ චිත්‍රපටය Oriol Paulo අධ්‍යක්ෂණය කළ 2012 වර්ෂයේ මේ නමින්ම නිකුත් ස්පැනිෂ් චිත්‍රපටයේ නැවත නිර්මාණකි.කෙසේ වෙතත් හින්දි චිත්‍රපටයට නම් ස්පැනිෂ් චිත්‍රපටයට ලැබුණු ඉහළ ප්‍රතිචාර ලැබී නෑ.ඉතින් මන් කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්.
මායා වර්මා කියන්නේ ලොකු ව්‍යාපාරිකාවක්.ඉතින් මායගේ සැමියා තමා පූරි.මොහු විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙක්.නමුත් පූරිට විශ්ව විද්‍යාලේ ඉන්න එක් ශිෂ්‍යාවක් කෙරෙහි ආදරයක් ඇතිවෙනවා.ඒ ශිෂ්‍යාව තමා රිතූ කියන්නේ.ඉතින් පස්සේ මේ දෙන්නගේ බැදීම නිසා පූරි හිතනවා මායව දික්කසාද කරන්න.ඒත් මායා දික්කසාද කළොත් පූරිට ලැබෙන වත්කම් ප්‍රමාණය අඩු නිසා පූරි තීරණය කරනෝ මායට හෘදයාබාධයක් ඇතිකරලා, එයාව මරන්න.මොකද, ඒකෙන් පූරිට මායගේ මුළු වත්කම් සියල්ලම ලැබෙන නිසා.ඉතින් මායගේ මරණයෙන් පස්සේ මායගේ සිරුර මෝචරියෙන් අතුරුදහන් වෙනවා.මේ කේස් එක සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ SP ජයිරාජ් රාවල්.SP නම් එච්චර ලේසි පහසු කෙනෙක් නෙවේ.එයා හැමතිස්සෙම පූරිව සැක කරන්න ගන්නවා.ඉතින් මේ සිරුර අතුරුදහන් වුණේ කොහොමද? පූරිගේ මායව මැරුවා කියලා හෙළිවෙයිද? මේ ප්‍රශ්න පිළිතුරු ලැබෙන්නේ චිත්‍රපටියෙන්ම තමා.නමුත්, ඔයාලා මේ ලිපිය කියවලා තේරුම් ගත්ත අදහස චිත්‍රපටියේ අවසානය වෙන්නේ නම් නෑ.මොකද චිත්‍රපටියේ අවසන් මිනිත්තු 15 තුළ චිත්‍රපටිය දෘෂ්ටිකෝණයකට අපිව රැගෙන යනවා.ඉතින් මන් වැඩි දෙයක් කියන්නේ නෑ, ඔයාලට චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා.
ඒවගේම තව දෙයක් කියන්න ඕන.මන් හිතනෝ ඔයාලා හින්දි චිත්‍රපට රසිකයෝ වශයෙන් BADLA හින්දි චිත්‍රපටිය නරඹන්න ඇති කියලා.ඉතින් මේ චිත්‍රපටියෙනුත් ඔයාලට BADLA චිත්‍රපටිය නරඹද්දී ආපු හැඟීම එන්න ගනීවි.නමුත් ඔයාලා දන්නවා ඇති BADLA චිත්‍රපටය තුළ කතාව පුරාවට කිසිදු වෙනසක් නැතිව නරඹන්නව එක සමාන කුතුහලයකින් චිත්‍රපටය අවසානය තෙක් ගෙනියන්න හැකි වුණා.ඒත් මේ චිත්‍රපටයේ මැදට ආදර සිදුවීම් එකතු කරලා සින්දු කිහිපයක් චිත්‍රපටියට යොදවලා තියෙන නිසාම චිත්‍රපටිය ආරම්භයේ ඇතිවන කුතුහලය නැති වෙන්න අරගත්තා වගේ.නමුත් චිත්‍රපටිය අවසානය නම් අපි චිත්‍රපටිය මුලදී හිතන් ඉන්න දේ එහෙම්පිටින්ම ඉවත් කරලා වෙනස්ම පැතිකඩකට යොමු කරලා තියෙනවා.
හැමෝටම සුබ දවසක්. තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
ජය වේවා.! 👊👊👊
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
thanks for the sub