The Bodyguard (2004) Sinhala Subtitle

/
අංක එකේ ආරක්ෂකයා

දැනට වසර 20 කට විතර කලින් අතිශය ජනප්‍රිය වුනු තායි ෆිල්ම් එකකට තමයි අද උපසිරැසියක් අරගෙන ආවෙ. පට්ටම පට්ට ඇක්ෂන් කොමඩියක්. ඒ තමයි 2004 ජනවාරි 21 දින මුලින්ම තායිලන්තයේදී තිරගත කිරීම ඇරැඹූ The Bodyguard. විනාඩි 95 ක් පුරා දිගහැරෙන Wire-fu Action Comedy යක්. සුපිරි තායි සටන් නලු ටෝනි ජා මුලින්ම ලෝක සිනමාවට කඩා පැනලා ලෝක පෙරලියක් කල 2003 වසරේ නිකුත්වුනු “Ong Bak” චිත්‍රපටයේ ටෝනි සමග සහය චරිතය රඟපෑ තායි විකට නලු වන, Mum Jokemok ලෙසින් තායිලන්තයේ ප්‍රසිද්ධ Petchtai Wongkamlao තමයි මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ. Tony Jaa ත් මේකෙ එක සටන් දර්ශනයකට පෙනී ඉන්නවා. පොඩි ජවනිකාවක් වුනත්, ඒක මුලු චිත්‍රපටයටම ආලෝකයක් වුනු, අදටත් අමතක නොවන සටන් දර්ශනයක්. “ඔන්ග් බැක්” චිත්‍රපටයෙන් ඒ දෙදෙනාම අතිශය ජනප්‍රියත්වයට පත්වුනු නිසා, ඊළඟ වසර වන 2004 දී නිකුත්වුනු, ඒ දෙදෙනාම පෙනී සිටි “බොඩිගාඩ්” ට විශේෂ අවධානයක් යොමු වුනා. ඒ නිසාත්, ඇත්තටම ඒක ඇක්ෂන් පිරුණු රස සාගරයක් වීම නිසාත්, චිත්‍රපටය ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත්තා.
කතාව කෙටියෙන් කියනවා නම්, වොංකොම් කියන්නෙ ධනවත් ව්‍යාපාරිකයෙකුගෙ බොඩිගාඩ්. එක් අවස්ථාවකදී ව්‍යාපාරිකයාට ප්‍රහාරයක් එල්ල වන අතර ඔහුව බේරාගන්න වොංකොම් අපොහොසත් වෙනවා. ඒ සිද්ධිය පිටුපස ඉන්න අයගේ ඊළඟ ඉලක්කය වන්නේ, ව්‍යාපාරිකයාගේ එකම උරුමකරු වන, ඔහුගේ පුත්, චායි. වොංකොම්ට මේ මිනීමරු කල්ලිය නවත්තන්න පුලුවන් වෙයිද?
මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියල විශේෂයෙන්ම කියන්න ඕනෙ. මිනිහෙක් තුවක්කුවක් අරගෙන නිරුවතින් පාරෙ දුවන දර්ශනයක් නම් තියෙනවා. ඒකෙත් ලොකු දෙයක් නෑ. පස්ස පැත්ත විතරයි පෙන්නන්නෙ. කොමඩියට තමයි මුල් තැන දීලා තියෙන්නෙ. ඔයාලම තීරණය කරන්න. ඒ ඇරුනම පවුලේ සැමට එකට ඉඳන් බලන්න පුලුවන්. සබ හැදුවේ වයිටීඑස් කොපියට. ලින්ක් අවුලක් වුනොත් ඒ පිටපත බාගන්න. ඇඟේ ලේ ටිකක් පිරිසිදු කරගන්න තියෙන මේ මහඟු අවස්ථාව අත හරින්න නම් එපා.

ජය වේවා.

QUALITY  //  720p – 900mb  //  1080 – 1.6gb

SUB FORMAT // SRT

♣♣ WEBRip / 720p / 1080p ♣♣

5.7
IMDB

Year : 2004

Actors : Phetthai Vongkumlao,Pumwaree Yodkamol,Piphat Apiraktanakorn

2023-03-19 05:51 pm
Admin

Movies

127

Tv Episodes

0

  • Download : 128
  • File Size : 29.036KB
  • ශාමල් මනෝජන් Unregister User
    Windows 10Chrome 120

    උපසිරැසියට බොහොම ස්තුතියි.
    Kids from shaolin – 1984
    Martial Arts of Shaolin – 1986
    Once Upon a Time in China collection ෆිල්ම් ටිකටත් සබ් දෙන්න සහෝ

    2023-12-21 at 10:24 am
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 109

      ශාමල් කාලෙකින් දැක්කෙ.

      2023-12-23 at 10:57 am
  • Sahan vishwa Unregister User
    Android 10Chrome 120

    Maru aiye thank you

    2023-12-22 at 9:17 am
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 109

      අගය කලාට ස්තූතියි, සහෝ.

      2023-12-23 at 10:58 am
  • Ishan Unregister User
    Windows 10Edge 119

    බොහෝම ස්තූතියි…

    2023-12-22 at 5:47 pm
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 109

      අහක බලන් නොගියට තෑන්ක්ස් බ්‍රෝ.

      2023-12-23 at 10:59 am
  • Lahiru Sandaruwan Unregister User
    Android 10Chrome 119

    Toni jaage the Bodyguard 2 2007 movie eka ona please

    2024-01-09 at 6:34 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *