The Breadwinner (2017) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. සෑහෙන දවසකට පස්සෙ චිත්‍රපටයකට
උපසිරැසියක් අරගෙනයි අද මේ එන්නෙ. ඇත්තටම කිව්වොත් මේක ඇනිමේෂන් චිත්‍රපටයක්. මම සාමාන්‍යයෙන්ඇනිමේෂන් උපසිරැසිවලට ඒතරම් අතගහන්නෙ නැතිවුණත් මේක අපි දකින සාම්ප්‍රදායික ඇනිමේෂන් වලින් වෙනස් පැත්තකට ගිය සැබෑ ලෝකයට ඉතා සමීප එකක් නිසා හිතුණ උපසිරැසි කරන එක හොඳයි කියල. චිත්‍රපටයෙ නම තමයි The Breadwinner (2017) නම සිංහලට පරිවර්තනය කලොත් දිවි බර උසුලන්නී. මෙවර ඔස්කා සම්මාන උළලේ හොඳම ත්‍රිමාණ සජීවීකරණ සම්මානයේ නිර්දේශිත නාමයන්ගෙන් එකක් වීම ඇතුළුව තවත් සම්මාන
උළලෙවල් විශාල ගණනක සම්මාන 52කට නිර්දේශවී එයින් 12ක්ම තමන් සතු කරගන්නට සමත්වුණ මේ චිත්‍රපටයට විධායක නිෂ්පාදනයෙන් ජනප්‍රිය හොලිවුඩ් නිළි ඇන්ජලෝනා ජොලීත් දායක වී තිබෙනවා. ඇන්ජලීනා ජොලී සම්බන්ධ වුණොත් ඉතිං හොඳම එකකටනෙ, බලපු අයට මතක ඇතිනෙ First They Killed My Father (2017) , Unbroken ( 2014) එහෙම. ඩෙබෝරා එලිස් විසින් රචිත මේ නමින්ම යුත් නවකථාවක් ඇසුරු කරගෙන නිමවුණ මේ චිත්‍රපටය Imdb දර්ශකයෙන් 7.6ක්ද Rotten Tomatos වෙතින් 94% ක දැවැන්ත අගයක් සහ ගූගල් පරිශීලකයන් 93%කගේ ප්‍රසාදයත් ලබාගන්නට සමත්කම් දක්වා තිබෙනවා. ඒ වගේම මෙහි ත්‍රිමාණ සජීවීකරණ කටයුතු කල කැනේඩියානු Guru Studios හි පළමු නිර්මාණ කාර්යයත් මෙයලු. මෙයට තම හඬින් පණ පොවන්නේ, Saara Chaudry (පර්වානා), Soma Chhaya ( සාශියා), Noorin Gulamgaus ( ඉඩ්රිස්/සුලෙයිමාන්) ,Laara Sadiq ( ෆාතිමා), Ali Badshah (නූර්උල්ලා) , Shaista Latif (සොරායා), Kawa Ada ( රසාක්) ඇතුළු පිරිසක්.

      මම කලින් කිව්වනෙ මේක ටිකක් සාම්ප්‍රදායික ඇනිමේෂන් චිත්‍රපටවලින් එහාට ගිය සැබෑ ලෝකයට සමීප එකක්  කියල. ඒ නිසා කතාව ටිකක් සැරයි, මම කිව්වෙ යම් ප්‍රචණ්ඩත්වය පිලිඹිබුවන දර්ශනවලින් සහ කතාව පැත්තෙන්.

කතාව කෙටියෙන් කියන්නම් මම. කතාව දිවෙන්නේ 2001 චසරේ ඇෆ්ගනිස්ථානයේ..මේ වනවිට ඇෆ්ගනිස්ථානය තලේබාන් සංවිධානයේ පාලනයට ගොදුරුවෙලයි ඉන්නෙ. පර්වානා කියන්නෙ මේ අඳුරු කාල සමයේ තම පවුලේ උදවියත් සමගින් ජිවිත සටන ගෙනයන වයස අවුරුදු 11ක පුංචි දියණියක්. රටේ තත්වය නිසා දුර්වලවන ආර්ථිකයත් එක්ක ඉතාම අසීරුවෙන් දිවිගෙවන මේ පවුලේ පියා හිටපු ගුරුවරයෙක් . අවාසනාවන්ත සිදුවීමක් නිසා පියාගේ සරණ අහිමිවෙන මේ පවුලේ බර වැටෙන්නෙ පර්වානාගේ කර මතට. නමුත් තලේබාන් සංවිධානයේ දරදඬු අසාධාරණ නීති නිසා එය කිසිසේත්ම පහසු වෙන්නෙ නෑ. එතනින් එහාට මම කියන්න කැමති නෑ මොකද මම චිත්‍රපටයක් බලන්න කලින් අඩුමගාණේ ට්‍රේලර් එකක්වත් බලන්නෙ නෑ, ඒ නිසා ලිපියෙ වචනෙකින් හරි ඔබේ රසවින්දනයට බාධාවක් වෙයිද කියල බයක් මට එනව ලිපිය ලියද්දි. එහෙනම් නරඹන ඔබට බාරයි ඉතිරිය.. හමුවෙමු තවත් උපසිරැසියකින්..

 

 

 

Available Torrents
720p bluray 868.66 MB
1080p bluray 1.57 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (15)
  • ලහිරු සඳරුවන් Unregistered
    Windows 7 UC Browser 7

    තෑන්ක්ස් හසිත අයියේ උපසිරැසියට. මොකද මං ඇනිමේෂන් ෆිල්ම් බලන්න මාරම ආසායි.
    හැමදාමත් බලන ඇනිමේෂන් වලට වඩා එහාට ගිය අමුතුම විදිහේ කතාවක් වගේ. අනිවාර්යෙන්ම මං මේක බලනවා.
    ඒවගේම මට මතකයි අයියා මට හදලා දීපු PDF ෆයිල් එකේ මේ චිත්‍රපටයේ ස්ක්‍රීන්ෂොට් දාලා පොඩි හැඳින්වීමක් කරලා තිබුණා. මං ඊටපස්සේ සයිට් එකට ඇවිල්ලා බැලුවා මේකට උපසිරැසි දීලවත්ද කියලා. ඒත් තිබුණේ නෑ. මං හිතුවා ඒක Update කරන විදිහ කියලා දෙන්න ඕන නිසා දාපු එකක් කියලා. මං කොහොමත් කියන්න ගියේ ඒකටත් උපසිරැසි දෙන්න කියලා. කොහොමහරි අද දීලා තියෙනවා. ඒකට තෑන්ක්ස් හසිත අයියේ.

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 51

      බොහොම ස්තූතියි, ළහිරු 🙂 මේක බලපු දවසෙම සබ් කරන්න අදහස ආවා. PDF එක හදද්දිත් ටිකකට සබ් කරල තිබුණෙ.හෙමීට කරල සයිට් එකේ දැම්ම .

  • Mithun Unregistered
    Android 7 Chrome 64

    සබ්ෆයිල් එකට ස්තුතියි හසිත සහෝ.. මේක ඩව්න්ලොර්ඩ් කරල හිටම් තිබුනෙ තව බැලුවෙ නෑ. දැම් ඉතින් ඔයාගෙ සබ් එක එක්ක තමා බලන්නෙ .මේක මන් ටිකක් එහෙම් මෙහෙන් බැලුව හිතට දැනෙන කතාවක් තියෙන්නෙ

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 51

      බලන්න වටින කතාවක්, මිතුන්, හිතට වදිනවා මාර විදියට. බලල කියන්නකො තත්වෙ. ආ…ඔයා ඉල්ලපු කොරියන් එකට සබ් දෙන්නම් ලඟදිම 80%ක් විතර ඉවරයි දැනටත්. ඔයා ඒකෙ ප්‍රින්ට් එක ඩවුන් කරල කිව්ව නේද තියෙන්නෙ? මොකද්ද Hdrip එකක්ද නැත්තං Blurayද මගෙ ලඟ තියන්නෙ HDrip එකක් . ඔයාගෙ බ්ලූ රේනං කමක් නාඇ මම ඒකට හදල දෙන්නම් සබ් එක.

    • Mithun Unregistered
      Android 7 Chrome 64

      එම්මො hdrip එපෝ බ්ලුරේ ඔනේ.. mkvcage BRRIP

  • Madusha Unregistered
    Windows 10 Opera 51

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 51

      බොහොමත්ම ස්තූතියි, මධූෂ 🙂

  • Sam fisher Unregistered
    Android 5.1 Chrome 63

    ඇන්ජලා සම්බන්ද වෙන්නෙ පට්ටම එවට වගෙ ඔයත්කරන්නෙ හොදම එවනේ???.ඔයානිසා ම⁣ටනම් ගොඩක් නිකම්ම film වෙනුවට නිර්මානාත්මක අතින් සුපිරිම නිර්මාන ගොඩාක් රසවිදින්න ලැබුනා ගොඩාක් ස්තුති මේවගෙ චිත්‍රපටියක් මේපාරත් තොරගත්තට.

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 51

      හැමදාම කරන මේ දිරිගැන්වීමට හදවතින්ම ස්තුතියි, මිත්‍රයා 🙂

    • Sam fisher Unregistered
      Android 5.1 Chrome 63

      හැමදාමත් අපිවෙනුවෙන් සබ් එකක් ගෙනවට වැඩියෙන්ම ස්තුතිය ඔයාට සහො

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 59

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 51

      බොහොම ස්තූතියි, Kantha 🙂

  • asitha Unregistered
    Windows 8.1 Chrome 65

    thanks saho

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • Tharidu Returns User
    Windows 8 Chrome 65

    තෑන්ක්ස් හසිත සහෝ උපසිරැසියට

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search