Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • The Card Counter (2021) Sinhala…

The Card Counter (2021) Sinhala Subtitle

October 01, 2021 Junior Admin

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ බොහෝදෙනෙක් මගබලාගෙන සිටි ඔස්කා අයිසැක් රංගන ශිල්පියා ප්‍රධාන චරිතය රඟදක්වන The Card Counter (2021) චිත්‍රපටයේ උපසිරැසිය. පෝල් ෂ්‍රේඩර් අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂණය කල මෙහි තිර රචනයත් ඔහුගේමයි. මේ වනවිට IMDb වෙතින් 6.3ක අගයක්ද Rotten Tomatoes වෙතින් 87%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 78%ක අගයක්ද ලබාගෙන එක් සම්මානයකට නිර්දේශවන්නට සමත්ව තිබෙනවා මේ චිත්‍රපටය. කෙසේ වෙතත් මා බලාපොරොත්තු වූ තරමේ විශේෂත්වයක් චිත්‍රපටය තුලින් නොදුටු බවත් සඳහන් කල යුතුමයි. මෙහි රංගනයෙන් දායක වන්නේ ඔස්කා අයිසැක් (විලියම් ටෙල්), ටිෆනි හැඩිෂ් ( ලා ලින්ඩා), ටයිලර් ෂෙරිඩන් (කර්ක්), විලියම් ඩැෆෝයි ( ගෝර්ඩෝ), ඇලෙක්සැන්ඩර් බාබරා ( මිස්ට USA), බොබී සී කිං ( ආඳා ජෝ), බ්‍රයන් ට්‍රොන්ග් ( මිනසෝටා) ඇතුළු පිරිසක්. කතාව පැත්තට යමු අපි දැන්.

විලියම් ටෙල්, ඔහු හිටපු හමුදා ප්‍රශ්ණ කරවන්නෙක්. මේ වනවිට ඔහු කාඩ් සූදුවේ නිරත වෙමින් කැසිනෝවෙන් කැසිනෝවට යමින් ජීවිකාව කරගෙන යන්නෙක්. යම් ආකාරයක අඳුරු අතීතයක් ඇති ඔහුගේ සිතේ යමෙක්ගෙන් පලිගැනීමේ චේතනාව යම් ආකාරයකට සැරිසරනවා. මේ අතරේදි ඔහුට තම චේතනාවට සමාන චේතනාවක් ඇති තරුණයෙක් හමුවෙනවා. දෙදෙනාගේ සතුරා පොදු අයෙක් වන නිසා මේ තරුණයා සිතනවා තමන්ට විල්ගේ උදව් වැදගත් වෙනු ඇතැයි කියා. කෙසේ හෝ මේ ඉරණම් හමුවීම ඔවුන්ගේ පොදු අරමුණ කරා යාමට උදව්වක් වේද? එහෙනම් මම නවතින්නම්, මීලඟට Free Guy (2021) සිංහල උපසිරැසියත් සමගින් හමුවෙමු. චිත්‍රපටය නැරඹීමේදී යම් අයට උදව්වක් විය හැකි පැහැදිලි කිරීම් කිහිපයක් පහතින් දැක්වේ.

ලබාදී ඇති උපසිරැසිය AMZN (Amazon) ‍WEB-DL ඇතුළු ‍WEB පිටපත් සඳහා ගැලපේ. පෙර නිකුත්වූ WEBSCR (‍WEBScreener පිටපත් සඳහා උපසිරැසිය නොගැලපෙන බව කරුණාවෙන් සලකන්න.

විශේෂ යෙදුම් සහ පැහැදිලි කිරීම් : –

• කාඩ් ගණින්නා (Card Counter)

කාඩ් කවුන්ටර් නොහොත් කාඩ් ගණින්නා යනු මුදල් මත කෙරෙන කැසිනෝ කාඩ් ක්‍රීඩාවන්හි අනීතික සේ ගැනෙන, ක්‍රීඩාකෙරෙන කාඩ්පත් මතකයේ තබාගෙන එය අනුව ඉදිරි කාඩ් අත්වල වාසි අවාසි ගණනය කර තමන්ට වාසිවන සේ මුදල් ඔට්ටු තබන අයෙක්.

• කාඩ් සපත්තුව (Card Shoe)

මෙය බොහෝවිට කැසිනෝවල දකින්නට ඇති, ක්‍රීඩා කාඩ් කුට්ටම් කීපයක් රඳවාතබන්නට භාවිතා කරන උපකරණයක්. ක්‍රීඩා වාර කිහිපයකදී කාඩ් ඇනීම නොහොත් ෂෆල් කිරීමට යන කාලය ඉතුරුකරගන්නට සේම කාඩ් කුට්ටම කපන්නා (Dealer) සිදුකරන වංචාවලට මග ඇහිරීමටද මෙය භාවිතාවෙනවා. එසේම කාඩ් කුට්ටම මතකයේ තබාගැනීමට කාඩ් ගණින්නන්ට ඇති ඉඩද ඇහිරීයනවා මෙයින්.කාඩ් ගැණීමේ ඉඩකඩ බහුලව පවතින බ්ලැක්ජැක් වැනි කාඩ් ක්‍රීඩාවන්හීදී ෂෆල් කල කාඩ් කුට්ටම් කීපයක් එකට තබාගැනීම කැසිනෝ හෝ කාඩ් ක්‍රීඩාපලට ඇති වාසිය (House advantage) ඉහල යාමක්.

• පායි – ගොව් (Pai- gow)

(පායි-ගොව් කැට)

පායි- ගොව් ලෙස හැඳින්වෙන්නේ සාම්ප්‍රදායික චීන ඩොමිනෝ කැට ක්‍රීඩාවක්. මෙයම කාඩ් කුට්ටමේ කාද්වලින් ක්‍රීඩා කරනවා. එවිට මෙය හැඳින්වෙන්නේ පායි-ගොව් පෝකර්, නොඑසේනම් ඩබල් -හෑන්ඩ් පෝකර් ලෙසයි.

• කැසිනෝ ව්‍යාපාරයන්හි රතු ඉන්දියානු බලාධිකාරිය

රතු ඉන්දියානු ගෝත්‍ර බොහොමයක් ඇමරිකාව තුල රතු ඉන්දියානුවන්ට වෙන් කර ඇති ප්‍රදේශ ( රෙසවේෂන් කොටස්) වල මහා පරිමාණයෙන් කැසිනෝ පවත්වාගෙන යනවා. ඇමරිකා එක්සත් ජනපද නීතිය තුල ඔවුන්ට ලැබී ඇති ගෝත්‍රමය ස්වාධීනත්වය නිසා සෙසු ඇමරිකානු නීති ආයතනවලට මෙම පෙදෙස්වල සිදුවන ක්‍රියාකාරකම්වලට මැදිහත්වීමට ඇති අයිතිය සීමිතයි. ඔබ Wind River(2017) චිත්‍රපටය සහ Banshee (2013-2016) කතාමාලාව නරඹා ඇත්නම් මෙම වටපිටාව පිලිබඳ සැලකියුතු අවබෝධයක් ඇති.

• රේසිනො (Racino)

කැසිනෝවලම දිගුවක් තමයි මෙසේ රේසිනෝ ලෙස හැඳින්වෙන්නේ. කැසිනෝ එකකදී දකින්නට ඇති අනෙකුත් ක්‍රීඩාවලට අමතරව රේසිනෝ එකකදී තුරඟ තරඟ පිටිද දක්නට ලැබෙනවා.

• මිනසෝටා ෆැට්ස් (Minnasota Fats)

මිනසෝටා ෆැට්ස් ලෙස හැඳින්වෙන්නේ ඇමරිකානු වෘතීය බිලියඩ් ක්‍රීඩකයෙකු වූ රුඩොල්ෆ් වෝල්ටර් වැන්ඩරොන් (1913-1996). ඔහුට මේ නම ලැබෙන්නේ ඇමරිකානු නවකතා ලේඛක වෝල්ටර් ටෙවිස් විසින් නිර්මාණය කල, ඔහුගේ The Hustler(1959) නවකතාවේ එන ප්‍රබන්ධමය පූල් ක්‍රීඩකයෙකු නිසා. මෙම නවකතාව පසුව සිනමාවටද නැගෙනවා එනමින්ම, ඒ 1961 වසරේදී. රුඩොල්ෆ් වෝල්ටර් කිසිදිනෙක ප්‍රධාන පෙලේ පූල් තරඟාවලියක් ජයගෙන නැතත්, එක් කලෙක ඇමරිකාව තුල ජනප්‍රියම පූල් ක්‍රීඩකයා බවට ඔහු පත්වන්නේ, ඔහුගේ ක්‍රීඩා විලාශයේ තිබූ ප්‍රේක්ෂකයා පිනවීමේ ගුණය නිසා.

• “චීන ෆෝන්බුක් එකකට වඩා චින් ” විහිළුව

මෙහි සාමාන්‍ය අරුතනම් ස්ථූල ශරීරයක් ඇත්තෙකුගේ ගෙල පෙදෙස හාස්‍යයට ගැනීමට. මෙහි වචනාර්ථ අර්ථය වන්නේ චීන ජාතිකයන්ගේ දුරකථන අංක පෙලක “චින්” ලෙස උච්චාරණය වන නම් බොහෝ තිබිය හැකිවීම. චින් (Chin) යන වචනය ඉංග්‍රීසියෙන් ගත්කල නිකට නිසාත් මෙහි ඇති හාස්‍යය ඔබට තේරුම් යනු ඇති. නිකට පෙදෙස කොටස් දෙකකට බෙදී ඇති අයයි ඩබල් චින් ලෙස චිත්‍රපටය තුල හාස්‍යයට ලක් කෙරෙන්නේ.

• ප්‍රති- කැරලි ක්‍රියාමාර්ග (counterinsurgency /COIN)

 

නිකරගුවා කොන්ට්‍රා කැරලිකරුවන් පිරිසක්

ප්‍රති- කැරලි ක්‍රියාමාර්ග ලෙස හැඳින්වෙන්නේ යම් රටක නීත්‍යානුකූල හමුදා නොවන කැරලි, විප්ලව හෝ සටන් ව්‍යාපාර අඩපණ කිරීමට ගන්නා හමුදාමය, අර්ධ-හමුදාමය, දේශපාලනික, ආර්ථිකමය, මානසිකමය ක්‍රියාමාර්ගයි. චිත්‍රපටය තුලදී Contras ලෙස හැඳින්වෙන්නේ 1979දී නිකරගුවා විප්ලවයෙන් පසු නිකරගුවාවේ පාලන බලයට පැමිණි මාක්ස්වාදී SJNR රජයට විරුද්ධව සටන්කල ,ඇමරිකානු සහය හා අරමුදල්වලින් පන්නරය ලැබූ, දක්ෂිණාංශික කැරලි ව්‍යාපාර.

• රිවස් ඉංජිනේරුකරණය (Reverse Engineering)

රිවස් ඉංජිනියරින් ලෙස සරලව හැඳින්වෙන්නෙ යම් නිර්මිත යමක් ක්‍රම ක්‍රමයෙන් ආපස්සට අධ්‍යයනය කිරීම. උදාහරණයකට, අපිට නැවත අලුතෙන්ම වෙනත් පරිපථ පුවරුවක සකසන්නට අවශ්‍ය යම් ඉලෙක්ට්‍රොනික පරිපථයක් ඇතැයි සිතමු. නමුත් අපි සතුව එහි පරිපථ සටහනක් (schematic diagram) නෑ. එවිට කල හැකි එකම දේ අදාල නිර්මිත පරිපථය ප්‍රවේශමෙන් අධ්‍යයනය කරමින් එය පරිපථ සටහනක් ලෙස උකහා ගැනීමයි, ඉන් අනතුරුව අපිට හැකියි නැවත මුල් නිර්මිත පරිපථයට සමාන ලෙස එය වෙනත්ම පුවරුවක සකස් කරන්නට.

• බ්ලැක් සයිට් (Black Site)

හමුදා ව්‍යවහාරයෙන් බ්ලැක් සයිට් ලෙස හැඳින්වෙන්නේ රහසිගත (නිල පිලිගැනීමක් නැති) හමුදා මෙහෙයුම් සඳහා භාවිත වන ගොඩනැගිලි, ගොඩනැගිලි සංකීර්ණ හෝ බිම් පෙදෙස්. ත්‍රස්තයන් හෝ ත්‍රස්තයන් සේ සැලකෙන්නවුන් රඳවාතබාගැනීමට භාවිත වන රැඳවුම් කදවුරුත් මීට අයිතියි.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2501 වාරයක්
Download Links
DIR
DIR
DIR
TOR
TOR
Available Torrents
720p bluray 1023.1 MB
GET
1080p bluray 2.06 GB
GET
720p web 1020.57 MB
GET
1080p web 1.85 GB
GET
2160p web 4.99 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (10)
  • Hashan Unregistered
    Windows 10 Chrome 94
    2021-10-01

    බොහොම ස්තූතියි හසිත සබ් එකට! දෙනකන් හැමදාම සයිට් එකට ඇවිල්ලා බැලුවා..
    The Many Saints of Newark (2021)
    අද ආපු සුපිරි ෆිල්ම් එකක්, බලල හොඳයි නම් සබ් එක හදන්නකො..

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 92
      2021-10-02

      ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ,හෂාන්. බලල සබ් දෙන්නම්.

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 94
    2021-10-01

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • FREEMAN MH User
    Android 10 Chrome 94
    2021-10-02

    sinhala subtitles ekata bohoma sthuthi brother :heart::heart::heart::heart: thank you very happy

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 94
    2021-10-02

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    The Many Saints of Newark (2021)

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 92
      2021-10-02

      ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ, Kantha. බලල සබ් දෙන්නම්. මීලඟට එන්න තියෙන්නෙ Free Guy ෆිල්ම් එක. ඒකෙන් පස්සෙ දෙන්නම්. බොහොම ස්තූතියි.

    • Kantha_DLA Unregistered
      Windows 10 Chrome 94
      2021-10-02

      :heart_eyes::heart_eyes:Font is ok…Thanks Brother…

  • Mccoy Unregistered
    Windows 10 Chrome 94
    2021-10-02

    The.Card.Counter.2021.720p.WEBRip.x264.AAC-[YTS.MX]
    Sub mekta match wenne nane

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 92
      2021-10-02

      YTSලගෙ එකම නරක ඔන්න ඕක. සමහරවෙලාවට පරණ ප්‍රින්ට් රීනේම් කරනව වැරදියට (ඒකයි මම YTS ලින්ක් නොදාන්නෙ). WEBSCR එක ක්‍රොප් කරල WEBRIP කියල රීනේම් කරල තියන්න ඇති ෂුවර් එකට. දැන් සයිට් එකෙත් නෑ ප්‍රින්ට් එක, අයින් කරගෙන. මම බලන්න හැදුවෙ සින්ක් කරල දෙන්න, ප්‍රින්ට් එක නෑ හොයාගන්න. මම දීල තියන ලින්ක් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රින්ට් එක, ඒවට හරියටම ගැලපෙනව සබ් එක.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 92
      2021-10-02

      ඔයාගෙ ප්‍රින්ට් එකේ watermark එකක් තියනව නේද, “property of focus features” කියල? එහෙම තියනං WEBSCR එකමයි WEBRip කියල වැරදියට නේම් කරල තියෙන්නෙ. ප්ලේයර් එකෙන් කී පාවිච්චි කරල සබ් එක සින්ක් කරගන්න .Pot player නං .

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved