Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Movies
  • English Movies
  • The Courier (2021) Sinhala Subtitle

The Courier (2021) Sinhala Subtitle

May 09, 2021 Junior Admin
ඔත්තු

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් සියලුම දෙනාට. අද මේ අරගෙන එන්නෙ සෝවියට් සංගමය හා ඇමරිකා එක්සත් ජනපදය අතර සීතල යුධ සමයේ සත්‍ය සිදුවීම් අලලා නිර්මාණය වුණ The Courier (2021) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි. ටොම් ඔ’කොනර්ගේ රචනයෙන් ඩොමිනික් කුක්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙය මේ වනවිට IMDb වෙතින් 7.1ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 87%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 64%ක අගයක්ද වශයෙන් ලබා එක් සම්මානයකටද නිර්දේශව තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ බ්‍රිතාන්‍ය නළු බෙනඩික්ට් කම්බර්බැච් වන අතර මෙහිදී ඔහුට ලැබෙන චරිතය සෝවියට් සංගමය තුල බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු ලෙස සේවය කල ග්‍රෙවිල් වින්ගේ චරිතයයි. ඒ අනුව මෙය බෙනඩික්ට් කම්බර්බැච් බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ආශ්‍රිත චරිතයකට පණ පොවන තුන්වන අවස්ථාවයි, මින් පෙර එවන් චරිතවලට ඔහු පණ පොවා තිබෙනවා Tinker Tailor Soldier Spy (2011) හා The Imitation Game(2014) යන චිත්‍රපටවල. ඊට අමතර මෙයට රංගනයෙන් දායක වෙන්නෙ ; ව්ලැමිදිර් චුප්‍රිකොව් (නිකිතා කෘෂෙව්), මෙරාබ් නිනිද්ස් ( ඔලෙග් පෙන්කොව්ස්කි),මරියා මිරොනොවා (වේරා), රේචල් බ්‍රොස්නාන් ( එමිලි ඩොනවන්), ජෙසී බක්ලි (ශීලා) ඇතුළු පිරිසක්. කතාව පැත්තට යන්නට පෙර සටහන් කල යුතුයි මෙහි සැබෑ කතාවත් චිත්‍රපටයේ කතාවත් අතර යම් යම් වෙනස්කම් තිබෙනවා. අන්තර්ජාලයේ සෙවුමක් කිරීමෙන් ඒ පිලිබඳ සොයා දැනගත හැකියි, එම කරුණු ලිපියේ සටහන් කරන්නට හැකියාවක් නෑ එය රස වින්දනයට බාධාවක් විය හැකි නිසා. කෙසේ වෙතත් චිත්‍රපටය නැරඹීමේදී යම් අයට ගැටළුකාරී විය හැකි යම් වචන හා සිදුවීම් පහත විශේෂ කරුණු යටතේ සටහන් කර තබන්නම් ඔවුන්ගේ පහසුව තකා. කතාව දිවෙන්නේ සීතල යුධ සමය වකවානුව තුල නිසා ඒ සම්බන්ධව යම් පැහැදිලි කිරීමක් මම ඊලඟට ගෙන එන්නම්.

Cold War Era (සීතල යුධ සමය)

සීතල යුධ සමය ලෙස ලෙස හැඳින්වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය (USSR) අතර තිබූ දේශපාලනික, මතවාදී, ආර්ථික හා භූදේශපාලනික බලවතා වීමේ තරඟකාරී කාල සමයයි. මෙය හුදෙක් ඇමරිකාවත් සෝවියට් සංගමයත් අතර බල තරඟයක් ලෙසම හැඳින්විය නොහැකි අතර, ඇමරිකාවට හිතවත් බටහිර පාර්ශවය (Western Bloc) හා සෝවියට් හිතැති පෙරදිග සමාජවාදී කොමියුනිස්ට් පාර්ශවය (Eastern Bloc) අතර පැවති තත්වයක් ලෙස පොදුවේ හැඳින්විය හැකියි.

මෙහි නියමිත කාල වකවානුව මේයැයි ඉතිහාසඥයන් අතර එකඟතාවක් නැතත්, 1947 ටෲමන් ඩොක්ට්‍රින් ලෙස හැඳින්වෙන ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය කරලියට ඒමත් 1991 වසරේදී සෝවියට් සංගමය විසුරුවා හැරීමත් අතර කාලය ලෙසයි පොදුවේ හැඳින්වෙන්නේ. ඔබට ටෲමන් ඩොක්ට්‍රීන් යනු කුමක්දැයි ගැටලුවක් ඇත්නම්, මම එය විසඳා දෙන්නම්. ටෲමන් ඩොක්ට්‍රීන් යනු සීතල යුධ සමයේ සෝවියට් සංගම් භූ දේශපාලනික ව්‍යාප්තිය සීමා කිරීම සඳහා ගෙනා ආ විදේශ ප්‍රතිපත්තියයි සරලවම කිව්වොත්. “සීතල” යන විශේෂන පදය භාවිතා වීමට හේතුව වන්නේ එවක මේ ලෝක සුපිරි බලවතුන් දෙදෙනා අතර තිබූ ගෝලීය බල අරගලය සෘජු යුද්ධයකින් තොරව තම තමන්ගේ න්‍යෂ්ටික බලය දෙපාර්ශවයට පෙන්වා බියගන්වමින් (Nuclear deterrence) ඇදීගිය එකක් නිසා.කෙසේ වෙතත් ප්‍රධාන රජයන්ගෙන් පරිභාහිරව යම් යම් කණ්ඩායම් අතර ඇතිවූ සටන්වලට මේ බලවතුන් දෙදෙනාගේම සහය ලැබුණා, එම ගැටුම් හැඳින්වෙන්නේ ප්‍රොක්සි යුද්ධ ලෙසයි.

දැන් අපි මේ සාරාංශගත කිරීම වඩා පැහැදිලිව විග්‍රහ කරමු.

සීතල යුද්ධයේ ආරම්භය

දෙවන ලෝක යුද්ධය අවසානය සමයේ හිට්ලර් ප්‍රමුඛ නාසි ජර්මනිය 1945 වසරේ මැයි මසදී මිත්‍ර පාර්ශවයන්ට යටත් වීමෙන් පසු, මිත්‍ර පාර්ශවයන් අතරින් බලවතුන් වූ ඇමරිකා එක්සත් ජනපදයත් මහා බ්‍රිතාන්‍යයත් සෝවියට් සංගමයත් අතර යම් යම් ගැටලු මතුවන්නට පටන්ගත්තා. 1948 වසර වනවිට සමාජවාදී සෝවියට් රතු හමුදාව විසින් මුදාගත් නැගෙනහිරෙ යුරෝපා රටවල් තුල වාමාංශික රජයන් පිහිටුවා තිබුණා සෝවියට් රුසියාව විසින්. ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය මෙය දුටුවේ එම රටවල් තුල සෝවියට් බලයට යටපත් සමාජවාදය ස්ථිරව පැලපදියම් වීමේ තර්ජණයක් ලෙස. සෝවියට් රුසියාවට සැබැවින්ම එම අරමුණ තිබුණ අතර, ඊට අමතරව ඔවුන්ගේ වෑයම වූයේ තම බලය හා මතවාදය ලොව පුරා ස්ථාපිත කිරීම මගින් නැවත ජර්මානු තර්ජණයක් ඇතිවීම වැලැක්වීමයි. ඇමරිකාව එයට ගෙන එන විසඳුම වන්නේ මම පෙරකී ටෲමන් ඩොක්ට්‍රීන් විදේශ ප්‍රතිපත්තිය.

සුපිරි බලවතුන් අතර අරගලය

සීතල යුද්ධය එහි උච්චතම ස්ථානයට ලඟාවන්නේ 1948 වසරත් 1953 වසරත් අතරයි. මෙම කාල වකවානුව තුල 1949 වසරේදී යුරෝපය තුල සෝවියට් බලය ව්‍යාප්තවීම වැලැක්වීම උදෙසා එක්සත් හමුදා සංවිධානයක් වන Atlantic Treaty Organization නොහොත් NATO ලෙස අප හොඳින්ම දන්නා සංවිධානය බිහිවෙනවා.

ඊට අමතරව 1949 වසරේ විශේෂ සිදුවීම්

• සෝවියට්වරු RDS-1 නම් තම මුල්ම පරමාණු බෝම්බය පුපුරවා හරින අතර, එයින් අවසන් වෙනවා ඇමරිකා එක්සත් ජනපද පරමාණු ඒකාධිකාරය.

• අදටද ලෝකයට හිසරදයක් වෙමින් පවතින චීන කොමියුනිස්ට් පක්ෂය චීනය තුල බලයට පැමිණීම.

• සෝවියට් සහය ලත් උතුරු කොරියානු කොමියුනිස්ට් රජය ඇමරිකා සහය ලත් දකුණු කොරියාව ආක්‍රමණය කිරීම (1950), කොරියානු යුද්ධය ලෙස හඳුන්වන මෙය 1953 වසර දක්වා දිග් ඇදුණා.

එයින් පසුව 1957 වසර දක්වා මෙම සීතල යුධ උණුසුම්කාරි තත්වය යම් තරමකට සංසිඳී යනවා 1953 වසරේදී සෝවියට් ආඥාදායක ජෝශප් ස්ටාලින් අභාවප්‍රාප්ත වීම සමග, කෙසේ වෙතත් 1955 වසරේදී වෝර්සෝ සම්මුතිය තුලින් එනම් සෝවියට් පාර්ශව රටවල් අතර එක්සත් හමුදා සංවිධානයක් බිහිවෙනවා, ඒ එම වසරේදීම NATO සංවිධානයට බටහිර ජර්මනිය ඇතුලත් කර ගැනීමට එකට එක කිරීමක් ලෙස. සීතල යුධ සමයේ තවත් තීව්‍ර කාල සමයක් 1958ත් 62ත් අතර කාලය. ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අන්තර්-මහද්වීපික බැලිස්ටික් මිසයිල නිර්මාණය කරන්නට පටන්ගන්නා අතර 1962දී සෝවියට්වරුන් රහසේම කියුබාව තුල න්‍යෂ්ටික මිසයිල ස්ථාපිත කරන්නට පටන්ගන්නවා, ඇමරිකාව දෙසට එල්ලවන ලෙසට. අප කියුබා මිසයිල අර්බුදය ( Cuban missile crisis) ලෙස දන්නා සිදුවීම ඇරඹෙන්නේ මෙතනින් (චිත්‍රපටය දිවෙන්නේ එම කාල වකවානුවේ නිසා මින් ඉදිරියට එය විස්තර කිරිම අනවශ්‍යයැයි මා සලකනවා) .

කියුබානු මිසයිල අර්බුදයෙන් ලෝකයට පෙන්නුම් කලා එකිනෙකා පරයා යන න්‍යෂ්ටික බලයක් ඇමරිකා එක්සත් ජනපදයවත් සෝවියට් සංගමයවත් සතුව නොමැති බවත්, එම බලය භාවිතා කිරීමට සූදානමක්ද ඔවුන්ට නොතිබූ බව.1963දී මෙම සුපිරි බලවතුන් දෙදෙනා න්‍යෂ්ටික අත්හදාබැලීම් තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තබනවා. නමුත් මෙම අර්බුදයෙන් මින්පසු කිසිදිනෙක හමුදා බලය හීනවයාමේ ලැජ්ජාවට මුහුණ නොදීමේ අධිෂ්ඨානයක් ගොඩනැගෙන අතර, ඔවුන් සම්ප්‍රදායානුකූල හා උපායමාර්ගික බලවේග ගොඩනැගීම් අරඹනවා, ඉන්පසු එන වසර 25 පුරාවටම ඒ හා සම වන්නට සිදුවෙනවා ඇමරිකා එක්සත් ජනපදයට.

ඔය තමයි සීතල යුධ සමයේ කතාවේ චිත්‍රපටය නැරඹීමේදී අවශ්‍ය කරන කොටස. කතාව ගැන යම් අදහසක් දැන් ඔබට තිබෙන නිසා මින් ඉදිරියට විස්තර කරන්නේ නෑ මම. ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය Web සහ HD පිටපත් සඳහා වන අතර Blu-ray පිටපත් ඉදිරියේදී නිකුත්වුවහොත් ඊට අදාල යාවත්කාලීන කිරීම් කෙරෙනු ඇති.

විශේෂ :-

• නිකිතා කෘෂෙව්

නිකිතා කෘෂෙව් (1894-1971)

නිකිතා කෘෂෙව් යනු සෝවියට් සංගම් කොමියුනිස්ට් පක්ෂයේ මුල්ම ලේකම් ලෙස 1953 වසරේ සිට 1964 දක්වා කටයුතු කලේ ඔහුය. එසේම ඔහු සෝවියට් රුසියාවේ ඇමති කවුන්සිලයේ සභාපති තනතුරද දැරුවාවර්ෂ1958 සිට 1964 දක්වා. ඔහු කොමියුනිස්ට් ලෝකය තුල වඩාත්ම විශේෂ වන්නේ තම ධුර කාලය පුරාවට ජෝශප් ලෙනින් පාලන සමය තුල සිදුවූ අපරාධ හෙලාදකිමින් ලෙනින්කරණය රට තුලින් ඉවත්කිරීමට කටයුතු කිරීමයි. කියුබා මිසයිල අර්බුදය දක්වා දිවෙන කාලය තුල ඔහු කටයුතු කල ආකාරය විවේචනයට බඳුන්වුවත්, ඉන්පසුව ඔහු න්‍යෂ්ටික මතගැටුම් සංසිඳවීමේලා එක්සත් ජනපදය සමග ඉතා සාර්ථකව කටයුතු කල අතර ඔහුගේ රැඩිකල් ක්‍රම විධි නිසා ඔහුව පසුව ධුරයෙන් පහ කෙරෙනවා.

• Little Octobrist (ලිට්ල් ඔක්තෝබ්‍රිස්ට්)

එහි ලාංජනය

1917 රුසියානු ඔක්තෝබර් විප්ලවය සමයේ උපන් දරුවන් හැඳින්වීමට මුලදී භාවිතා කෙරුණ මෙම පදය පසුව වයස අවුරුදු7ත් 9ත් අතර දරුවන් සඳහාවූ සෝවියට් රුසියා තරුණ සංවිධානයේ නාමය බවට පත්වෙනවා. වයස 9න්, එනම් තුන්වන ශ්‍රේණියෙන් පසුව මෙම ලිට්ල් ඔක්තෝබ්‍රිස්ට් සාමාජික දරුවන් තරුණ පුරෝගාමී සංවිධානයට සම්බන්ධව තිබෙනවා.

• GRU (සෝවියට් හමුදා බුද්ධි මණ්ඩලය)
විදේශ බුද්ධි තොරතුරු පිලිබඳ කටයුතු බාරව තිබූ කාර්යාංශයයි මේ.

• Popov (පොපොව් සිදුවීම)

චිත්‍රපටයේ මුල් කාර්තුවේ තැනකදී මේ නම සඳහන් කරනවා CIAහි අසාර්ථක මෙහෙයුමක් ලෙස. මෙහිදී පොපොව් ලෙස හැඳින්වෙන්නේ පියොත්ර් සෙම්යොනොවිච් පොපොව්.දෙවන ලෝක යුධ සමයේ සෝවියට් හමුදා බුද්ධි මණ්ඩලය (GRU) හා කටයුතු කල ඔහු, පසුව වියෙනාහි සේවය නියුතුව සිටි සමයේදී ඩබල් ඒජන්ට් කෙනෙක් නොහොත් දෙපාර්ශවයටම තොරතුරු ලබාදෙන්නෙක් බවට පත්වෙනවා. ඔහු විසින් යම් වැදගත් බුද්ධි තොරතුරු ඇමරිකානු CIA ආයතනයට ලබාදී තිබෙන අතර, එයින් වැදගත් තොරතුරක් වන්නේ ඇමරිකානු ලොක්හීඩ් U-2 ඔත්තු බැලීම් යානා ව්‍යාපෘතියට සෝවියට් සංගමය රහසින් ඇතුලුවී තිබීම ගැන අනතුරු ඇඟවීමයි. පසුව ඔහු ගැන සැක සිතන සෝවියට් බලධාරීන් ඔහුව GRU එකෙන් ඉවත්කරනවා 1958දී. ඔහුගේ ඉරණම ගැන වැඩි විස්තර චිත්‍රපටයෙන් දැකගතහැකියි.

Lockheed U-2 ඔත්තු යානය

• KGB (සෝවියට් රාජ්‍ය ආරක්ෂක කමිටුව)

Komitet Gosudarstvennoy Bezopasnosti නමේ කෙටිකිරීමක් වන KGBය සෝවියට් සංගමයේ ප්‍රධාන බුද්ධි අංශය වූ අතර 1991 වසරේදී විසිරුවා හැරුණා . ඇමරිකානු CIA සංවිධානයට සමානව පැවතුණු මෙහි සේවය කල එක් බුද්ධි නිලධාරියෙක් තමයි වර්තමාන රුසියා ජනපති ව්ලැද්මීර් පුටින්.

ව්ලැද්මීර් පුටින්

• ගුලාග් (සෝවියට් රුසියා වැඩ කඳවුරු)

ව්ලැද්මීර් ලෙනින්ගේ නියමයෙන් සෝවියට් රුසියාව පුරා තම දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් හා සුළු අපරාධකරුවන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගැනීමට ඇරඹුනු කඳවුරුයි මේ නමින් හැඳින්වෙන්නේ.

1923 වසරත් 1961ත් අතර පැවති ගුලාග් කඳවුරු

ගුලාග්හි සිරකරුවන් (1920ත් 1950ත් අතර)

•  Military Thought (හමුදා සිතිවිල්ල)

1858 වසරේදී රුසියානු රාජකීය හමුදා ඇකඩමියේ මහාචාර්යවරයෙකු වූ දිමිත්‍රි මිල්යුතින්ගේ යෝජනාවක් අනුව ඇරඹුණු සඟරාවකුයි මේ නමින් හැඳින්වෙන්නේ. මෙය හමුදා ප්‍රතිපත්ති, හමුදා කලා සහ අනෙකුත් හමුදා කටයුතුවල ගැටලු අධ්‍යයනයට කැපවූ එකක්.

තොරතුරු හා ඡායාරූප මූලාශ්‍ර (Sources) : විකිපීඩියා (‍Wikipedia) , බ්‍රිටැනිකා (Britannica) සහ media.pri.org.

ලබාදී ඇති උපසිරැසිය Web සහ Blu-ray පිටපත් දෙවර්ගයටම ගැලපේ.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3950 වාරයක්
Download Links
DIR
TOR
DIR
Available Torrents
720p bluray 1 GB
GET
1080p bluray 2.06 GB
GET
2160p bluray 5.03 GB
GET
720p web 1 GB
GET
1080p web 2.06 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (8)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81
    2021-05-09

    තෑන්ක්ස් සහෝ

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 90
    2021-05-09

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • sachintha Unregistered
    Android 11 UC Browser 13.3
    2021-05-09

    සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Tharindu Jeewantha Unregistered
    Windows 10 Chrome 90
    2021-05-09

    මෙන්න වැඩ. හරි හමන් ෆිලම් එකකට උපසිරසියක් ගන්න හරි අමාරුයි. අවශ්‍යතාවයට සැපයුම. මේ වෙබ් එකේ ආසම දෙයක් තමයි මේක. සුපිරි බඩු තෝරල බේරල අරන් උපසිරස ලබාදෙන්නෙ. බොහොම ස්තුතියි!

    Reply
  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 90
    2021-05-10

    බොහොම ස්තූතියි හසිත!

    Reply
  • Sithija Tharuka Unregistered
    Windows 10 Chrome 90
    2021-05-11

    Pattai Ekenma !
    But Adds godak wadi. Click kara kara inna giyama epawenawa.

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88
      2021-05-11

      ඇඩ් ඉතිං මේකෙත් තියනව, ටොරන්ට් එහෙම ගන්න ගියාමත් තියනව, කොහොමත් එකයිනෙ. අනික සයිට් කරගෙන යන අයටත් වියදම් තියනවනෙ, අපි වෙනුවෙන් යමක් දීලනෙ, ඉතිං අපිත් යම් කැපකිරීමක් කරන්න ඕනෙ මගෙ මතයනං. මම ප්‍රතිපත්තියක් විදියට ෆිල්ම් ගනිද්දි ඇඩ් එකක් දෙකක් ක්ලික් කරල එනව පුරුද්දක් විදියට ඒ හින්ද.

  • අසංක Unregistered
    Windows 10 Chrome 90
    2021-05-11

    බොහොම ස්තූතියි සහෝදරයා!
    හැකිනම්,
    Voyagers (2021)
    Stowaway (2021)

    The Virtuoso (2021)
    යන චිත්‍රපට වලට උපසිරැසි ලබා දෙන්න. හොඳ චිත්‍රපට තුනක්.

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved