The Croods: A New Age (2020) Sinhala Subtitle

January 14, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
හෙට දවස

 

ආයුබෝවන් සබ්ස් එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. TENET චිත්‍රපටයත් සමගම මේ අරගෙන එන්නෙ බොහොම කාලයක් සිට ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුව සිටි නමුත් මුල් චිත්‍රපටයට- එනම් Croods (2013) චිත්‍රපටයට- වසර හතක පමණ පරතරයකින් පසුව පැමිණි The Croods : A New Age (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි. ඩ්‍රීම්වර්ක්ස් නිර්මාණයක් වන මෙය මේ වනවිට IMDB අඩවියෙන් 7.0ක අගයකුත් Rotten Tomatoes වෙතින් 76% ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 86%කුත් ලෙස ලබාගෙන තිබෙනවා. ඊට අමතරව සම්මාන හතරක් සඳහා මෙය නිර්දේශව තිබෙනවා. ජොයෙල් ක්‍රෝෆර්ඩ්ගේ අධ්‍යක්ෂණයෙන් නිමවන මෙහි කතාව කර්ක් ඩෙමිකෝගේ හා ක්‍රිස් සැන්ඩර්ස්ගෙන් වන අතර තිර පිටපත කෙවින් හේග්මන්, ඩෑන් හේග්මන්, පෝල් ෆිෂර් හා බොබ් ලෝගන් යන සිව්දෙනාගෙන්. චිත්‍රපටයට හඬ දායකත්වය දක්වන්නේ
නිකලස් කේජ් (ග්‍රග්), එමා ස්ටෝන් (එමා ස්ටෝන්), රයන් රෙනෝල්ඩ්ස් (ගයි), කැතරින් කීනර් (අගා), ක්ලොරිස් ලීච්මන් (ආච්චි), ක්ලාක් ඩියුක් (තන්ක්), ලෙස්ලි මාන් (හෝප්), පීටර් ඩ්‍රින්ක්ලාජ් (ෆිල්), කෙලී මාරි ටැන් (ඩෝන්), ඇතුළු පිරිසක්.

මෙයත් දෙමාපිය මගපෙන්වීම යටතේ ඕනෑම වයස් කාණ්ඩයකට ගැලපෙන බවට (PG) ඇමරිකාව තුල නිර්දේශ කර ඇතත්, මෙහි එන යම් දර්ශනවලින් කුඩා දරුවන් බියපත්වන්නට ඉඩ තිබෙනවා.

කතාව මෙහෙමයි… ඔබට මතක ඇති මුල් චිත්‍රපටය අවසන් වෙන්නෙ ග්‍රග්, අගා, ඊප්, ගයි ඇතුළු පිරිස ගයි විසින් පවසන හෙට දවසේ ආලෝකය සොයායාමේ කාර්යයට සූදානම් වීමකින්. මෙවර චිත්‍රපටය ඇරඹෙන්නේ එතනින්…මෙවර කෲඩ්ස් පවුලට මුණගැහෙනවා තමන්ට වඩා පරිණාමය වූ පවුලක්, ඔවුන් හා වාසය කිරීමේදී ඇතිවන සිද්ධි දාමයක් තමයි චිත්‍රපටයට අන්තර්ගත වෙන්නෙ. එහෙනම් සිනහවෙන් පිරි මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරමින් මම නවතින්නම්, හමුවෙමු තව උපසිරැසියකින්…

ලබාදී ඇති උපසිරැසිය සියලුම  WEB සහ Internal (Leaked) Blu-Ray ඇතුළු සියලුම Blu-Ray පිටපත් සඳහා ගැලපේ.

Download Links
DIR
TOR
TOR
Available Torrents
3D bluray 1.81 GB
720p bluray 873.96 MB
1080p bluray 1.75 GB
720p web 874.03 MB
1080p web 1.75 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (3)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 87

    මම එත් බැලුවා ..හසිතට මේ ෆිල්ම් එක මිස් වුනා ද කියලා ..තෑන්ක් හසිත ..සබ් එකට …ෆිල්ම් එක නම් ආපු ගමන් බැලුවා ..එත් ආපහු සැරයක් බලන්න ඕන

  • Hashan Unregistered
    Android 9 Chrome 80

    බොහොම ස්තූතියි හසිත සබ් එකට :slight_smile:❤…
    ජය වේවා.! :punch::punch::punch:

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 87

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search