ආයුබෝවන් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. The Equalizer (2014) උපසිරැසියත් සමගම ඔන්න එහි දෙවැනි නිර්මාණය වන The Equalizer 2 (2018) චිත්‍රපටයේ උපසිරැසිය ඔබට දෙන්න තමයි මේ සූදානම. මෙයත් අපේ කවීෂ සහෝදරයගෙම ඉල්ලීමක්. ඔහුට බොහොම ස්තූතියි කියල ඉන්න ඕනෙ මුලින්ම. චිත්‍රපටය පැත්තට යන්න කලින් කියන්න ඕනෙ මේ චිත්‍රපටය නරඹන්න පෙර මුල් චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න. මොකද කිව්වොත් මේ දෙක අතර සෘජු සම්බන්ධකම් තියනවා. ඒ නිසා මුල් චිත්‍රපටය නරඹා නැති අය ඉන්නවනම් මෙතනින් ඉදිරියට ලිපිය කියවීම ඔබේ රසවින්දනයට බාධාවක් විය හැකියි. හරි මුල් චිත්‍රපටය තිරගත වෙලා දැන් වසර හතරක් ගෙවිල නිසා මම නරඹපු අයට කෙටියෙන් චිත්‍රපටය මතක් කරල ඉන්නම් මෙහෙම.
The Equalizer (2014) Recap
රොබට් මැකෝල් මැසචුසේ ප්‍රාන්තයේ බොස්ටන්වල පදිංචි බොහොම සාමාන්‍ය නිහඬ ජීවියක් ගෙවන කෙනෙක් තමයි රොබට් මැකෝල්. ඔහු සේවය කරන්නෙ හෝම්-මාට් ගොඩනැගිලි ද්‍රව්‍ය වෙලඳසලේ. නිහඬ පුද්ගලයෙක් වුණත් සහෝදර සේවකයන් අතරේ ඔහු ජනප්‍රිය චරිතයක්. ඒ ඔහුගේ විනීත සහ කරුණාවන්ත ගතිගුණ නිසා. ඔහු තමන්ගේ සහෝදර සේවකයෙකුට ආරක්ෂක නිලධාරියෙකු වීමේ විභාගයකට උදවු පවා කරනවා. මෑතකදී තම බිරිද අහිමිවූ මේ මැකෝල් රාත්‍රිය ගතකරන්නේ තනිවම අවන්හලක පොතක් බලමින් නිදහසේ කෝපි කෝප්පයක් තොල ගාමින්. එහිදී බාලවයස්කාර ගණිකාවක් වන ටෙරී නොහොත් ඇලීනා ඔහු හා හිතවත් වෙනවා. ඇයගේ තැරැව්කරුවා වන සැල්වි නැමැත්තා ඇයට අමානුෂික ලෙස පහරදීමක් කරන අතර,මෙයින් කම්පාවට පත්වන ඔහු තීරණය කරනවා ඇයව මේ අඳුරු වෘතියෙන් නිදහස් කරගැනීමට. ඒ සඳහා තමන් ඉතිරි කරගත් මුදලකුත් රැගෙන ඔවුන්ව හමුවීමට. නමුත් ඔවුන් මෙයට එකඟවන්නේ නෑ. එතනදියි මැකෝල් නම් මේ නිදාසිටි දරුණු මිනිසා අවදිවෙන්නෙ. ගැටුම අවසන් වන්නේ තත්පර 19ක් ඇතුලත සැල්වි ඇතුළු ගණිකා තැරැව්කරුවන් මරාදැමීමෙන්. නමුත් සියලු ප්‍රශ්ණ ආරම්භ වෙන්නෙ මෙතනින්, හෙතුව තමයි මේ මරාදාමූ සැල්වි ඇතුළු පිරිස පුෂ්කින් නම් රුසියානු බලවත් රුසියානු ජාවාරම් නායකයකුගේ ගෝලයන් වීම. මේ මරණය සැලවෙන පුෂ්කින් මෙවන් ගැටලු විසඳීම වෙනුවෙන්ම තබාගෙන සිටින හිටපු රුසියානු විශේෂ බළකා (ස්පෙට්නාස්) සෙබළෙක් ඇමරිකාවට එවනවා මේ ඝාතනවලට වගකිවයුත්තා සෙවීමට. ඇමරිකාවට ආ සැනින්ම ඔහු තම රාජකාරිය ආරම්භ කරන අතර ඔහු සැකකරනවා මැකෝල් මේ සිදුවීමට සම්බන්ධ බව. මේ රුසියානු මාෆියාකරුවන් තමන් පසුපස එලවන බව ක්ෂණිකව වටහාගන්නා මැකෝල් තම මිතුරියක වන සූසන්ව හමුවෙන්න යනවා, ඇය ඇමරිකානු CIA සංවිධානයට සම්බන්ධ තැනැත්තියක් බවත්, මැකෝල් යනු හිටපු හමුදා සහ CIA විශේෂ මෙහෙයුම් සෙබළෙක් බවත්, ඔහු ජීවතුන් අතර බව සූසන් ඇරෙන්නට වෙන කිසිවෙක් නොදන්නා බවත් අපි දැනගන්නෙ මෙතනින්. සූසන්ගේ උදවුවෙන් මැකෝල් දැනගන්නවා තමන් පසුපස එලවන ස්පෙට්නාස් සෙබළාගේ නම ටෙඩී නොහොත් ඉචෙන්කෝ බව. ගැටුම් ගණනාවකට පසුත් මැකෝල්ව මට්ටු කරන්නට අසමත් තැන ටෙඩී කරන්නේ ඔහු සේවය කරන හෝම්මාට් ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසලේ සේවකයන් කීපදෙනෙක් තම ප්‍රාණ ඇපයට ගැනීමයි. එතනට යන මැකෝල් ටෙඩීවද එතෙන්ට ගෙන්වාගන්නවා , දෙදෙනා අතර සටනින් අවසානයේ ජයගන්නේ මැකෝල්. එයින් අනතුරුව රුසියාවටද යන මැකෝල් තමන් පසුපස එලවන අවසාන තැනැත්තා එනම් රුසියානු මාෆියා නායක පුෂ්කින්වත් මරාදමනවා.
ඉන්පසුව අවසානයේ අප දකින්නේ විසඳිය නොහැකි ගැටලු ඇති අයට උදවු කිරීමට තමන්ට හැකි බවට ජාලගත දැන්වීම් අඩවියක තමන්ම පළකල දැන්වීමකට ලද ප්‍රතිචාරයකට ඔහු පිළිතුරු සපයන අයුරුයි. මෙතනින් අපට ඉඟියක් ලැබෙනවා ඔහු තමන්ගේ මේ රහස් අවනීතික නීති රකින්නා කාර්යය ඉදිරියට කරගෙන යන බව.
The Equalizer 2 (2018)
හරි ඔන්න දැන් අපි එන්නෙ මැකෝල්ගෙ පුනරාගමනය නොහොත් The Equalizer 2 වෙත. චිත්‍රපටය පටන්ගන්නෙම අර පෙර චිත්‍රපටය අවසානයේ අපට දුන්න ඉඟිය බොරුවක් නොවෙන බව අපට ඔප්පු කර පෙන්වමින්. ඒ ගැන මම කියන්න යන්නෙ නෑ ඔබටම බලාගන්න පුළුවන් ආරම්භයෙදි. කොහොමහරි මේ වනවිට මැකෝල් රැකියාව කරන්නෙ ලිෆ්ට් (Lyft) කුලී රථ සේවයේ රියදුරෙක් ලෙස. හෝම්-මාට් එකේ සේවය කරන කාලයෙදි වගේම ඔහු තම රැකියාව තුලින් හමුවන, ඉන් පිටත තමන් හඳුනන අයට රහසින් උදවු කරමින් නිහඬව ජීවත්වෙනවා මහල් නිවෙසක කුලී නිවැසියෙකු ලෙස. ඔහුගේ පැරණි මිතුරිය සූසන් හා ඔහු තවමත් හිතවත්. ඇත්තටම කිව්වොත් ඇය තවමත් ඔහුව බලන්නට එනවා. ඇයගේ සැමියා බ්‍රයනුත් මේවනවිට ඔහුගේ හොඳ හිතවතෙක්. කොහොමින්හරි මේ විදියට ජීවිතය ගලාගෙන යද්දි දවසක මැකෝල්ට ලැබෙන්නේ තමන් සිහිනෙන්වත් බලාපොරොත්තු නොවුණ ඇමතුමක්. එතැන් සිට ඔබට බාරයි IMDB අඩවියෙන් 6.9ක්, Rotten Tomatoes වෙතින් 51%ක් සහ ගූගල් පරිශීලකයන් 92%කගේ ප්‍රසාදයත් ලබාගත් මේ චිත්‍රපටය නරඹන්න. මෙවරත් මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නෙ පෙර චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Antoine Fuqua මයි. මේ වනවිට එක් සම්මානයකට නිර්දේශ වෙන්නත් මෙය සමත්කම් දක්වා තිබෙනවා. මුල් නිර්මාණයෙන් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ ඩෙන්සිල් වොෂින්ටන් (මැකෝල්), බිල් පුල්මන් (බ්‍රයන්) සහ මෙලීසා ලියෝ (සූසන්) පමණයි. ඊට අමතරව Narcos කතාමාලාවෙන් අපේ මතකයේ රැඳුණ පෙඩ්රො පැස්කල් (ඩේව් යෝක්) සමග ඈෂ්ටන් සැන්ඩර්ස් (මයිල්ස්), ඕර්සන් බීන් (සෑම්), ජොනතන් ස්කාෆ් (රෙස්නික්),කේසි ටොහිනාස් (ආරි), ගැරට් ගෝල්ඩන් (කොවැක්), සකීනා ෆැෆරි (ෆාතිමා) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නෙ. ඒ වගේම ඩෙන්සිල් වොෂින්ටන් තම චිත්‍රපටයක දෙවැනි නිර්මාණයකට දායක වෙන ප්‍රථම අවස්ථාව. හරි, එහෙනම් මම ගිහින් එන්නම්. හමුවෙමු තවත් චිත්‍රපටයකින්.
විශේෂ :-
- මේ චිත්‍රපටය තුලදී එක් තැනක මැකෝල් මයිලස්ට ආමන්ත්‍රණය කරනවා " ලිට්ල් යමී" නමින්. ඇත්තටම මේ යමී කියන්නෙ රොබට් 'යමී' සැන්ඩිෆර් නම් චිකාගෝහි සිටි කල්ලි සාමාජිකයෙක්. ඔහු තවත් කල්ලි සාමාජිකයන් පිරිසක් අතින් මියයන අතර එවිට ඔහුගේ වයස අවුරුදු 14ක් බවයි විශ්වාස කෙරෙන්නේ. කෙසේ හෝ මේ සිදුවීම ජාත්‍යන්තර අවධානය දිනාගන්නා අතර ඔහුගේ රුව ටයිම් සඟරාවේ 1994 සැප්තැම්බර් මස කලාපයේ මුල්පිටුවටත් ඇතුල්වෙනවා. මේ තියෙන්නෙ එය.




Android 6Chrome 70
Supiri sahoo
Windows 8.1Chrome 71
thxx broo niyama wedak ………………..
Windows 10Chrome 71
Thank u..keep it up
Android 4.3Samsung Browser 1.5
Thankz bro..