Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • English Movies
  • The Equalizer 2 (2018) Sinhala Subtitle
The Equalizer 2 (2018) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 2018-11-09 / 08:33 AM

ආයුබෝවන් Subz  LK හිතවතුන් හැමදෙනෙක්ටම. The Equalizer (2014) උපසිරැසියත් සමගම ඔන්න එහි දෙවැනි නිර්මාණය වන The Equalizer 2 (2018) චිත්‍රපටයේ උපසිරැසිය ඔබට දෙන්න තමයි මේ සූදානම. මෙයත් අපේ කවීෂ සහෝදරයගෙම ඉල්ලීමක්. ඔහුට බොහොම ස්තූතියි කියල ඉන්න ඕනෙ මුලින්ම. චිත්‍රපටය පැත්තට යන්න කලින් කියන්න ඕනෙ මේ චිත්‍රපටය නරඹන්න පෙර මුල් චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න. මොකද කිව්වොත් මේ දෙක අතර සෘජු සම්බන්ධකම් තියනවා. ඒ නිසා මුල් චිත්‍රපටය නරඹා නැති අය ඉන්නවනම් මෙතනින් ඉදිරියට ලිපිය කියවීම ඔබේ රසවින්දනයට බාධාවක් විය හැකියි. හරි මුල් චිත්‍රපටය තිරගත වෙලා දැන් වසර හතරක් ගෙවිල නිසා මම නරඹපු අයට කෙටියෙන් චිත්‍රපටය මතක් කරල ඉන්නම් මෙහෙම.

The Equalizer (2014) Recap

රොබට් මැකෝල් මැසචුසේ ප්‍රාන්තයේ බොස්ටන්වල පදිංචි බොහොම සාමාන්‍ය නිහඬ ජීවියක් ගෙවන කෙනෙක් තමයි රොබට් මැකෝල්. ඔහු සේවය කරන්නෙ හෝම්-මාට් ගොඩනැගිලි ද්‍රව්‍ය වෙලඳසලේ. නිහඬ පුද්ගලයෙක් වුණත් සහෝදර සේවකයන් අතරේ ඔහු ජනප්‍රිය චරිතයක්. ඒ ඔහුගේ විනීත සහ කරුණාවන්ත ගතිගුණ නිසා. ඔහු තමන්ගේ සහෝදර සේවකයෙකුට ආරක්ෂක නිලධාරියෙකු වීමේ විභාගයකට උදවු පවා කරනවා. මෑතකදී තම බිරිද අහිමිවූ මේ මැකෝල් රාත්‍රිය ගතකරන්නේ තනිවම අවන්හලක පොතක් බලමින් නිදහසේ කෝපි කෝප්පයක් තොල ගාමින්. එහිදී බාලවයස්කාර ගණිකාවක් වන ටෙරී නොහොත් ඇලීනා ඔහු හා හිතවත් වෙනවා. ඇයගේ තැරැව්කරුවා වන සැල්වි නැමැත්තා ඇයට අමානුෂික ලෙස පහරදීමක් කරන අතර,මෙයින් කම්පාවට පත්වන ඔහු තීරණය කරනවා ඇයව මේ අඳුරු වෘතියෙන් නිදහස් කරගැනීමට. ඒ සඳහා තමන් ඉතිරි කරගත් මුදලකුත් රැගෙන ඔවුන්ව හමුවීමට. නමුත් ඔවුන් මෙයට එකඟවන්නේ නෑ. එතනදියි මැකෝල් නම් මේ නිදාසිටි දරුණු මිනිසා අවදිවෙන්නෙ. ගැටුම අවසන් වන්නේ තත්පර 19ක් ඇතුලත සැල්වි ඇතුළු ගණිකා තැරැව්කරුවන් මරාදැමීමෙන්. නමුත් සියලු ප්‍රශ්ණ ආරම්භ වෙන්නෙ මෙතනින්, හෙතුව තමයි මේ මරාදාමූ සැල්වි ඇතුළු පිරිස පුෂ්කින් නම් රුසියානු බලවත් රුසියානු ජාවාරම් නායකයකුගේ ගෝලයන් වීම. මේ මරණය සැලවෙන පුෂ්කින් මෙවන් ගැටලු විසඳීම වෙනුවෙන්ම තබාගෙන සිටින හිටපු රුසියානු විශේෂ බළකා (ස්පෙට්නාස්) සෙබළෙක් ඇමරිකාවට එවනවා මේ ඝාතනවලට වගකිවයුත්තා සෙවීමට. ඇමරිකාවට ආ සැනින්ම ඔහු තම රාජකාරිය ආරම්භ කරන අතර ඔහු සැකකරනවා මැකෝල් මේ සිදුවීමට සම්බන්ධ බව. මේ රුසියානු මාෆියාකරුවන් තමන් පසුපස එලවන බව ක්ෂණිකව වටහාගන්නා මැකෝල් තම මිතුරියක වන සූසන්ව හමුවෙන්න යනවා, ඇය ඇමරිකානු CIA සංවිධානයට සම්බන්ධ තැනැත්තියක් බවත්, මැකෝල් යනු හිටපු හමුදා සහ CIA විශේෂ මෙහෙයුම් සෙබළෙක් බවත්, ඔහු ජීවතුන් අතර බව සූසන් ඇරෙන්නට වෙන කිසිවෙක් නොදන්නා බවත් අපි දැනගන්නෙ මෙතනින්. සූසන්ගේ උදවුවෙන් මැකෝල් දැනගන්නවා තමන් පසුපස එලවන ස්පෙට්නාස් සෙබළාගේ නම ටෙඩී නොහොත් ඉචෙන්කෝ බව. ගැටුම් ගණනාවකට පසුත් මැකෝල්ව මට්ටු කරන්නට අසමත් තැන ටෙඩී කරන්නේ ඔහු සේවය කරන හෝම්මාට් ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසලේ සේවකයන් කීපදෙනෙක් තම ප්‍රාණ ඇපයට ගැනීමයි. එතනට යන මැකෝල් ටෙඩීවද එතෙන්ට ගෙන්වාගන්නවා , දෙදෙනා අතර සටනින් අවසානයේ ජයගන්නේ මැකෝල්. එයින් අනතුරුව රුසියාවටද යන මැකෝල් තමන් පසුපස එලවන අවසාන තැනැත්තා එනම් රුසියානු මාෆියා නායක පුෂ්කින්වත් මරාදමනවා.

ඉන්පසුව අවසානයේ අප දකින්නේ විසඳිය නොහැකි ගැටලු ඇති අයට උදවු කිරීමට තමන්ට හැකි බවට ජාලගත දැන්වීම් අඩවියක තමන්ම පළකල දැන්වීමකට ලද ප්‍රතිචාරයකට ඔහු පිළිතුරු සපයන අයුරුයි. මෙතනින් අපට ඉඟියක් ලැබෙනවා ඔහු තමන්ගේ මේ රහස් අවනීතික නීති රකින්නා කාර්යය ඉදිරියට කරගෙන යන බව.

The Equalizer 2 (2018)

හරි ඔන්න දැන් අපි එන්නෙ මැකෝල්ගෙ පුනරාගමනය නොහොත් The Equalizer 2 වෙත. චිත්‍රපටය පටන්ගන්නෙම අර පෙර චිත්‍රපටය අවසානයේ අපට දුන්න ඉඟිය බොරුවක් නොවෙන බව අපට ඔප්පු කර පෙන්වමින්. ඒ ගැන මම කියන්න යන්නෙ නෑ ඔබටම බලාගන්න පුළුවන් ආරම්භයෙදි. කොහොමහරි මේ වනවිට මැකෝල් රැකියාව කරන්නෙ ලිෆ්ට් (Lyft) කුලී රථ සේවයේ රියදුරෙක් ලෙස. හෝම්-මාට් එකේ සේවය කරන කාලයෙදි වගේම ඔහු තම රැකියාව තුලින් හමුවන, ඉන් පිටත තමන් හඳුනන අයට රහසින් උදවු කරමින් නිහඬව ජීවත්වෙනවා මහල් නිවෙසක කුලී නිවැසියෙකු ලෙස. ඔහුගේ පැරණි මිතුරිය සූසන් හා ඔහු තවමත් හිතවත්. ඇත්තටම කිව්වොත් ඇය තවමත් ඔහුව බලන්නට එනවා. ඇයගේ සැමියා බ්‍රයනුත් මේවනවිට ඔහුගේ හොඳ හිතවතෙක්. කොහොමින්හරි මේ විදියට ජීවිතය ගලාගෙන යද්දි දවසක මැකෝල්ට ලැබෙන්නේ තමන් සිහිනෙන්වත් බලාපොරොත්තු නොවුණ ඇමතුමක්. එතැන් සිට ඔබට බාරයි IMDB අඩවියෙන් 6.9ක්, Rotten Tomatoes වෙතින් 51%ක් සහ ගූගල් පරිශීලකයන් 92%කගේ ප්‍රසාදයත් ලබාගත් මේ චිත්‍රපටය නරඹන්න. මෙවරත් මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නෙ පෙර චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Antoine Fuqua මයි. මේ වනවිට එක් සම්මානයකට නිර්දේශ වෙන්නත් මෙය සමත්කම් දක්වා තිබෙනවා. මුල් නිර්මාණයෙන් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ ඩෙන්සිල් වොෂින්ටන් (මැකෝල්), බිල් පුල්මන් (බ්‍රයන්) සහ මෙලීසා ලියෝ (සූසන්) පමණයි. ඊට අමතරව Narcos කතාමාලාවෙන් අපේ මතකයේ රැඳුණ පෙඩ්රො පැස්කල් (ඩේව් යෝක්) සමග ඈෂ්ටන් සැන්ඩර්ස් (මයිල්ස්), ඕර්සන් බීන් (සෑම්), ජොනතන් ස්කාෆ් (රෙස්නික්),කේසි ටොහිනාස් (ආරි), ගැරට් ගෝල්ඩන් (කොවැක්), සකීනා ෆැෆරි (ෆාතිමා) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නෙ. ඒ වගේම ඩෙන්සිල් වොෂින්ටන් තම චිත්‍රපටයක දෙවැනි නිර්මාණයකට දායක වෙන ප්‍රථම අවස්ථාව. හරි, එහෙනම් මම ගිහින් එන්නම්. හමුවෙමු තවත් චිත්‍රපටයකින්.

විශේෂ :-

  • මේ චිත්‍රපටය තුලදී එක් තැනක මැකෝල් මයිලස්ට ආමන්ත්‍රණය කරනවා ” ලිට්ල් යමී” නමින්. ඇත්තටම මේ යමී කියන්නෙ රොබට් ‘යමී’ සැන්ඩිෆර් නම් චිකාගෝහි සිටි කල්ලි සාමාජිකයෙක්. ඔහු තවත් කල්ලි සාමාජිකයන් පිරිසක් අතින් මියයන අතර එවිට ඔහුගේ වයස අවුරුදු 14ක් බවයි විශ්වාස කෙරෙන්නේ. කෙසේ හෝ මේ සිදුවීම ජාත්‍යන්තර අවධානය දිනාගන්නා අතර ඔහුගේ රුව ටයිම් සඟරාවේ 1994 සැප්තැම්බර් මස කලාපයේ මුල්පිටුවටත් ඇතුල්වෙනවා. මේ තියෙන්නෙ එය.

උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වයටම උපසිරැසි අඩංගුය.
ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ.

Information

Year : 2018


Genre : Action, Crime, Thriller

Actors : Denzel Washington, Pedro Pascal, Ashton Sanders, Orson Bean

Writer : N/A

Director : Antoine Fuqua

Plot : Robert McCall Serves An Unflinching Justice For The Exploited And Oppressed, But How Far Will He Go When That Is Someone He Loves?

Youtube Trailer
BRRip සඳහා වීඩියෝ පිටපත්

Torrent පිටපත (720P)

Torrent පිටපත (720P)

සිංහල උපසිරැස Download කරගන්න 7953 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
CO - Admin
6.9
52%
50%
  1. Dulara Lakshitha Unregistered User November 9, 2018 at 7:37 am

    Thanks machan sub ekata..


    Reply
  2. පසිදු සාරංග Subtitler November 9, 2018 at 7:46 am

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴


    Reply
  3. Sahan Dilanka New User November 9, 2018 at 7:55 am

    උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.


    Reply
  4. Mithun Unregistered User November 9, 2018 at 8:24 am

    එකපාරම දෙකම දාලනෙ..තැන්ක්ස් සහෝ සබ්ටයි දැම්මට .තව බැලුවෙ නැ අලුත් එක. දැම් ඉතින් සුපිරි එකෙන් බලන්න පුලුවන් .💖


    Reply
  5. Danushka Unregistered User November 9, 2018 at 6:29 pm

    Thanks for equlizer 2 sub


    Reply
  6. Danushka Unregistered User November 9, 2018 at 6:31 pm

    Thankas for equlizer 2sub


    Reply
  7. සමීර ඉඳුනිල් Subtitler November 9, 2018 at 8:25 pm

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා!


    Reply
  8. geeganagamage Unregistered User November 10, 2018 at 9:16 pm

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට .


    Reply
  9. Mithun Unregistered User November 12, 2018 at 5:05 pm

    Please BluRay update ………😍


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin November 13, 2018 at 4:03 am

      Updated


  10. Madusha Unregistered User November 13, 2018 at 5:06 pm

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!


    Reply
  11. kantha_DLA Unregistered User November 15, 2018 at 3:24 pm

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!


    Reply
  12. Mithun Unregistered User November 16, 2018 at 10:30 pm

    අද තමයි බැලුවෙ පට්ට ….. Liam Neeson ඉන්න Taken එක වගේ මෙකෙත් තුන්වෙනි ෆිලුමක් එයිද දන් නැ…


    Reply
  13. Gayan Unregistered User December 22, 2018 at 5:46 am

    Supiri sahoo


    Reply
  14. gamith Unregistered User January 10, 2019 at 2:20 pm

    thxx broo niyama wedak ………………..


    Reply
  15. Tharindu Kapuwatta Unregistered User January 12, 2019 at 9:28 pm

    Thank u..keep it up


    Reply
  16. mahesh Unregistered User April 24, 2019 at 9:59 am

    Thankz bro..


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      The Equalizer 2 (2018) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK