• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Father (2020) Sinhala Subtitle

The Father (2020) Sinhala Subtitle

2021/04/26 at 9:08 pm
Hasitha Prasad
මතක-අමතක

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාටම. කෙටි නිහැඬියාවකට පසු නැවතත් චිත්‍රපට උපසිරැසියක් රැගෙන එන්නට කල්පනා කලා. මේ අතිදක්ෂ රංගධර ඇන්තනි හොප්කින්ස් මහතා හා ඔලීවියා කොල්මන් රංගන ශිල්පිනිය ප්‍රධාන චරිත රඟන මේ වසරේ ඔස්කා සම්මාන උළෙලේ හොඳම නළුවාට ( ඇන්තනි හොප්කින්ස් මහතා) හිමි සම්මානය හා සිනමාවට ආදේශ කරගත් හොඳම තිර පිටපත යන සම්මාන ද්විත්වයට හිමිකම් කියූ The Father(2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි. ඔස්කා සම්මාන ද්විත්වයත් ඇතුළුව සම්පූර්ණ සම්මාන 26කට මේ වනවිට හිමිකම් කියා ඇති මේ විශිෂ්ඨ චිත්‍රපටය ඇන්තනි හොප්කින්ස් මහතාගේ හොඳම රංගනයන්ගෙන් එකක් බවටයි මගේ මතය. IMDb වෙතින් 8.3ක අගයක් ලබා, එහිම හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 123 වන ස්ථානයත් තමන් සතු කරගෙන ඇති මෙය Rotten Tomatoes හා Metacritic වෙතින් පිලිවෙලින් 98%ක් හා 88%ක් වශයෙන්ද අගයන් ලබා තිබෙනවා. මෙය ප්‍රංශ ජාතික නවකතා රචක, නාට්‍ය රචක, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ, තිර පිටපත් රචක හා සිනමා අධ්‍යක්ෂ ෆ්ලොරියන් සෙලර්ගේ නාට්‍යයක් ඇසුරින් ඔහුගේ සහ ක්‍රිස්ටෝෆර් හැම්ප්ටන්ගේ තිර රචනයෙන් සෙලර්ගේම අධ්‍යක්ෂණයක් ලෙසයි සිනමාවට පිවිසෙන්නේ.

ඇන්තනි හොප්කින්ස් මහතා (වමේ), ෆ්ලොරියන් සෙලර් (දකුණේ)

දිවියේ සැඳෑ සමයේ වෙසෙන ඩිමෙන්ෂියාව නොහොත් මතකය අහිමිවීමේ රෝගයට ප්‍රධානතම හේතුකාරකයක් වන ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳින පියෙක්ගේ හා ඔහුගේ අසනීප තත්වය හේතුකරගෙන ඔහුගේ සමීපතමයන්ගේ, විශේෂයෙන්ම ආදර දියණියගේ, ජීවිතවලට වන බලපෑම අනුවේදනීය හා දක්ෂ ලෙස ඉදිරිපත් කර ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ ඇන්තනි හොප්කින්ස් ( ඇන්තනි),ඔලීවියා කොල්මන් (ඈන්), මාක් ගැටිස්, ඔලීවියා විලියම්ස්, ඉමජුන් පූට්ස් (ලෝරා),රුෆස් සෙවෙල් (පෝල්),අයේෂා ධර්කර් (වෛද්‍ය සරායි) ඇතුළු පිරිසක්. මෙම පිරිසගේ රංගනය කොතරම් උසස්ද යත් මද වේලාවකින්ම අප මේ ඇල්සයිමර් රෝගී පියාගේ ඇසින් චිත්‍රපටය දකින්නට පටන්ගන්නවා නිතැතින්ම.

විශේෂ :-

• ෆ්ලොරියන් සෙලර් 2017 වසරේදී චිත්‍රපටයේ පිටපත යවා තිබෙනවා ඇන්තනි හොප්කින්ස් මහතාට. ඉන් පසුව ඔහු කර තිබෙන්නේ ඔහුගෙන් පිලිතුරක් ලැබෙන තෙක් බලා සිටීම පමණයි. ෆ්ලොරියන් පසුව පවසා තිබුණෙ හොප්කින්ස් මහතා චරිතය බාරගැනීමට එකඟ නොවූයේනම් තමන් චිත්‍රපටය ප්‍රංශ බසින් නිර්මාණය කිරීමට සිතාසිටි බවයි.

• ඇන්තනි හොප්කින්ස් මහතාට මෙවර ඔස්කා සම්මානය ලැබෙනවිට ඔහුගේ වයස අවුරුදු 83ක්, ඒ අනුව රංගන කාර්යයක් වෙනුවෙන් ඔස්කා සම්මානය දිනූ වයස්ගතම පුද්ගලයා ඔහුයි.මින් පෙර එම වාර්තාවට හිමිකම් කියූවේ පසුගියදා අප අතරින් සමුගත් ක්‍රිස්ටෝෆර් ප්ලමර් රංගධරයායි, Beginners' (2011) චිත්‍රපටයේ හොඳම සහය නළුවාට හිමි ඔස්කා සම්මානය දිනාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 82ක්.

• ඇන්තනි හොප්කින්ස් මහතාට සම්මානය ලැබෙන බවට නිවේදනය කරන විට ඔහු සිට ඇත්තේ තමන් පදිංචි වේල්සයේ තිබෙන ඔහුගේ පියාගේ සොහොනට ගෞරව කරන්නට ගොසින්. එහි සිටම ඔහු වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබුණා මෙම සම්මානය තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූවක් බවත් සියලු දෙනාටම ස්තූති කරනා බවත් පවසමින්, එසේම තමන් හා තරඟ වැදි, මෑතක වියෝවූ, හොලිවුඩ් රංගන ශිල්පී චැඩ්වික් බෝස්මන්ව සිහි කරන්නටත් අමතක කරන්නේ නෑ ඔහු. මේ එම වීඩියෝව.

මෙය ඩිමෙන්ෂියාවෙන් පෙලෙන පියෙක්ගේ හා ඔහුට උවටැන් කරන දියණියකගේ කතාවක් බව මම ඉහලින් සඳහන් කලා ඔබ දකින්නට ඇති. එම නිසා මම කතාව ගැන ඊට වඩා විස්තර කරන්නට යන්නේ නෑ මේ කලකට අමතක නොවෙන අනුවේදනීය අත්දැකීම ඔබටම විඳගන්නට සලස්වමින්. එහෙනම් ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

Blu-ray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත. ‍Web පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

සිංහල උපසිරැසිය ලබා ගන්න 2724

Download Links:

පිටපත (Direct)
පිටපත (Direct)
පිටපත (Torrent)
The Father
  • 720p (bluray)
    890.27 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.79 GB
    Download Torrent
  • 720p (web)
    889.77 MB
    Download Torrent
  • 1080p (web)
    1.79 GB
    Download Torrent
  • 2160p (web)
    4.32 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Supun Kaushalya Unregistered User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සහෝ

    2021-04-28 at 12:15 am
    Reply
  • Suresh Unregistered User
    Windows 10Chrome 90

    Thank you for the sub……
    We are waiting for ‘The Virtuoso’ (2021) ,’Trigger Point’ (2021) and ‘The Courier’ (2020)

    2021-05-02 at 12:48 am
    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10Firefox 88

      The Courier(2020) is on the way right now.

      2021-05-07 at 5:30 pm
  • Manohari Unregistered User
    MacOS Big SurChrome 91

    Godak sthuthi..Jaya wewa!

    2021-06-21 at 5:40 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms