The Father (2020) Sinhala Subtitle

Published April 26th, 2021 by

මතක-අමතක

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාටම. කෙටි නිහැඬියාවකට පසු නැවතත් චිත්‍රපට උපසිරැසියක් රැගෙන එන්නට කල්පනා කලා. මේ අතිදක්ෂ රංගධර ඇන්තනි හොප්කින්ස් මහතා හා ඔලීවියා කොල්මන් රංගන ශිල්පිනිය ප්‍රධාන චරිත රඟන මේ වසරේ ඔස්කා සම්මාන උළෙලේ හොඳම නළුවාට ( ඇන්තනි හොප්කින්ස් මහතා) හිමි සම්මානය හා සිනමාවට ආදේශ කරගත් හොඳම තිර පිටපත යන සම්මාන ද්විත්වයට හිමිකම් කියූ The Father(2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි. ඔස්කා සම්මාන ද්විත්වයත් ඇතුළුව සම්පූර්ණ සම්මාන 26කට මේ වනවිට හිමිකම් කියා ඇති මේ විශිෂ්ඨ චිත්‍රපටය ඇන්තනි හොප්කින්ස් මහතාගේ හොඳම රංගනයන්ගෙන් එකක් බවටයි මගේ මතය. IMDb වෙතින් 8.3ක අගයක් ලබා, එහිම හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 123 වන ස්ථානයත් තමන් සතු කරගෙන ඇති මෙය Rotten Tomatoes හා Metacritic වෙතින් පිලිවෙලින් 98%ක් හා 88%ක් වශයෙන්ද අගයන් ලබා තිබෙනවා. මෙය ප්‍රංශ ජාතික නවකතා රචක, නාට්‍ය රචක, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ, තිර පිටපත් රචක හා සිනමා අධ්‍යක්ෂ ෆ්ලොරියන් සෙලර්ගේ නාට්‍යයක් ඇසුරින් ඔහුගේ සහ ක්‍රිස්ටෝෆර් හැම්ප්ටන්ගේ තිර රචනයෙන් සෙලර්ගේම අධ්‍යක්ෂණයක් ලෙසයි සිනමාවට පිවිසෙන්නේ.

ඇන්තනි හොප්කින්ස් මහතා (වමේ), ෆ්ලොරියන් සෙලර් (දකුණේ)

දිවියේ සැඳෑ සමයේ වෙසෙන ඩිමෙන්ෂියාව නොහොත් මතකය අහිමිවීමේ රෝගයට ප්‍රධානතම හේතුකාරකයක් වන ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳින පියෙක්ගේ හා ඔහුගේ අසනීප තත්වය හේතුකරගෙන ඔහුගේ සමීපතමයන්ගේ, විශේෂයෙන්ම ආදර දියණියගේ, ජීවිතවලට වන බලපෑම අනුවේදනීය හා දක්ෂ ලෙස ඉදිරිපත් කර ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ ඇන්තනි හොප්කින්ස් ( ඇන්තනි),ඔලීවියා කොල්මන් (ඈන්), මාක් ගැටිස්, ඔලීවියා විලියම්ස්, ඉමජුන් පූට්ස් (ලෝරා),රුෆස් සෙවෙල් (පෝල්),අයේෂා ධර්කර් (වෛද්‍ය සරායි) ඇතුළු පිරිසක්. මෙම පිරිසගේ රංගනය කොතරම් උසස්ද යත් මද වේලාවකින්ම අප මේ ඇල්සයිමර් රෝගී පියාගේ ඇසින් චිත්‍රපටය දකින්නට පටන්ගන්නවා නිතැතින්ම.

විශේෂ :-

ෆ්ලොරියන් සෙලර් 2017 වසරේදී චිත්‍රපටයේ පිටපත යවා තිබෙනවා ඇන්තනි හොප්කින්ස් මහතාට. ඉන් පසුව ඔහු කර තිබෙන්නේ ඔහුගෙන් පිලිතුරක් ලැබෙන තෙක් බලා සිටීම පමණයි. ෆ්ලොරියන් පසුව පවසා තිබුණෙ හොප්කින්ස් මහතා චරිතය බාරගැනීමට එකඟ නොවූයේනම් තමන් චිත්‍රපටය ප්‍රංශ බසින් නිර්මාණය කිරීමට සිතාසිටි බවයි.

ඇන්තනි හොප්කින්ස් මහතාට මෙවර ඔස්කා සම්මානය ලැබෙනවිට ඔහුගේ වයස අවුරුදු 83ක්, ඒ අනුව රංගන කාර්යයක් වෙනුවෙන් ඔස්කා සම්මානය දිනූ වයස්ගතම පුද්ගලයා ඔහුයි.මින් පෙර එම වාර්තාවට හිමිකම් කියූවේ පසුගියදා අප අතරින් සමුගත් ක්‍රිස්ටෝෆර් ප්ලමර් රංගධරයායි, Beginners’ (2011) චිත්‍රපටයේ හොඳම සහය නළුවාට හිමි ඔස්කා සම්මානය දිනාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 82ක්.

ඇන්තනි හොප්කින්ස් මහතාට සම්මානය ලැබෙන බවට නිවේදනය කරන විට ඔහු සිට ඇත්තේ තමන් පදිංචි වේල්සයේ තිබෙන ඔහුගේ පියාගේ සොහොනට ගෞරව කරන්නට ගොසින්. එහි සිටම ඔහු වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබුණා මෙම සම්මානය තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූවක් බවත් සියලු දෙනාටම ස්තූති කරනා බවත් පවසමින්, එසේම තමන් හා තරඟ වැදි, මෑතක වියෝවූ, හොලිවුඩ් රංගන ශිල්පී චැඩ්වික් බෝස්මන්ව සිහි කරන්නටත් අමතක කරන්නේ නෑ ඔහු. මේ එම වීඩියෝව.

මෙය ඩිමෙන්ෂියාවෙන් පෙලෙන පියෙක්ගේ හා ඔහුට උවටැන් කරන දියණියකගේ කතාවක් බව මම ඉහලින් සඳහන් කලා ඔබ දකින්නට ඇති. එම නිසා මම කතාව ගැන ඊට වඩා විස්තර කරන්නට යන්නේ නෑ මේ කලකට අමතක නොවෙන අනුවේදනීය අත්දැකීම ඔබටම විඳගන්නට සලස්වමින්. එහෙනම් ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

Blu-ray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත. ‍Web පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

Download Links:

Download Direct පිටපත Download Direct පිටපත Download Torrent පිටපත
Download

The Father (2020) Sinhala Subtitle

Download: 1917

File size : 59.53 KB

Hasitha Prasad

TV EPISODES : 226
MOVIES : 276
8.3
98%
88%

Comments: 4

  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    April 28, 2021 at 12:15 am
    Reply
  • Suresh

    Thank you for the sub……
    We are waiting for ‘The Virtuoso’ (2021) ,’Trigger Point’ (2021) and ‘The Courier’ (2020)

    May 2, 2021 at 12:48 am
    Reply
    • Hasitha Prasad

      The Courier(2020) is on the way right now.

      May 7, 2021 at 5:30 pm
  • Manohari

    Godak sthuthi..Jaya wewa!

    June 21, 2021 at 5:40 pm
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021