The Girl in the Fog (2017) Sinhala Subtitle

July 05, 2019 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. කාලෙකින් විදේශ භාෂා චිත්‍රපටයකට උපසිරැසි කලෙත් නැති නිසා මම කල්පනා කලා මම පහුගිය දවසක නරඹපු වගේම අවසානය තෙක් නරඹන්නා කුතුහලයෙන් චිත්‍රපටයට ඇද තබාගන්න සමත් ඉතාලි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්න. ගොඩක් අය කැමතියිනෙ අපරාධ, අභිරහස් වර්ගයන්ට අයත් චිත්‍රපට බලන්න. මේ චිත්‍රපටයත් අපරාධ, අභිරහස්, ත්‍රාසජනක යන තෙවර්ගයට අයත් එකක්. මෙහි ඉතාලි නාමය La ragazza nella nebbia වන අතර ඉංග්‍රීසි බසින් The Girl in the Fog (2017) නමින් තමයි නම් කරල තියෙන්නෙ. මෙය ඉතාලි ජාතික නවකතාකරු සහ තිරපිටපත් රචක ඩොනාටෝ කැරිචිගේ මේ නමින්ම යුත් නවකතාවක් ඇසුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාත් ඔහු වන අතර මේ ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. මෙය සම්මාන 10කට නිර්දේශව එයින් 3ක් තමන් සතු කරගන්නත් සමත් වුණ නිර්මාණයක් බව කියන්න ඕනෙ. රේටින් පැත්තෙන් ගත්තොත් IMDB වෙතින් 6.8ක අගයක්ද, ගූගල් පරිශීලක ප්‍රසාදය 86%ක්ද ලබා තිබෙනවා.රංගනයෙන් දායක වෙන පිරිස ගත්තොත් ප්‍රංශ ජාතික නළු ජීන් රෙනෝ ( වෛද්‍ය ෆ්ලෝරස්), ටෝනි සර්විලෝ ( වෝගල්), ඇලෙසියෝ බෝනි ( ලොරෙස් මාටිනි), ගැලෂියා රැන්සි ( ස්ටෙලා හොනර්), මිකෙලා සෙචොන් ( මයර්), ලුක්‍රෙෂියා ගිඩොන් ( ක්ලෙයා) වගේ පිරිසක්. එහෙමනම් අපි දැන් යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

කලක් සංචාරක ආකර්ශණය දිනා සිට පසුව ලෝකයෙන් හුදෙකලාව තිබෙන ඇවෙෂෝ නම් කඳුකර නගරයක සිදුවන සිදුවීමක් වටා තමයි මේ කතාව දිවෙන්නෙ. දැඩි ආගමික භක්තික පවුලක දියණියක වන ඇනා ලූ නම් 16 වියැති තරුණියක් හිටි හැටියේම අතුරුදන්වනවා. මේ සම්බන්ධව විමර්ශණය කරන ඇවෙෂෝ පොලිස් නිලධාරීන්ගේ සහයට පරීක්ෂකවරු දෙදෙනෙක් පැමිණෙනවා, ඒ අතරින් ප්‍රධාන පරීක්ෂකවරයා වෝගල් නැමැත්තෙක් වන අතර ඔහු ඊට පෙරද එවන් සිදුවීමක් සම්බන්ධව විමර්ශණය කල අයෙක් වන අතර, එහිදී ඔහු අනුගමනය කල හිතුවක්කාරී සහ අසම්මත ක්‍රම විධි හේතුවෙන් දැඩි ආන්දෝලනයකටද ලක්වූවෙක්. මෙම සිදුවීමෙදිත් ඔහුගේ එම ක්‍රමවල කිසිදු වෙනසක් නෑ. ඔය තමයි සරලවම කතාව..හැබැයි මේක දිවයන්නෙ පසුකාලයක වෝගල් විසින් එම විමර්ශණය සිදුවූ ආකාරය පිළිබඳව මනෝවෛද්‍යවරයෙකු ඉදිරියේ පැහැදිලි කිරීමක් කරන ආකාරයට..විටින් විට අතීතයට යන්නත් නැවත වර්තමානයට එන්නත් තමයි තියෙන්නෙ. එහෙනම් නරඹලම බලන්න පැය දෙකයි මිනිත්තු අටක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය නැරඹීමට වැය කල කාලය අපතේ යාමක් ලෙස හිතෙන එකක් නෑ කිසිම විදියකින්. මම ගිහින් එන්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින්.

Download Links
DIR
TOR
Available Torrents
720p bluray 1.15 GB
1080p bluray 2.37 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (11)
  • Prabodha Unregistered
    Android 8.1 Chrome 71

    Sthuthi sub ekata…….

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    තැන්ක් යූ බ්‍රෝ සබ් එකට…
    ජය වේවා.!

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 75

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    The Wolf’s Call (Le chant du loup) (2019)

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6

      The wolf’s call එකට සබ් දෙන්නම්, Kantha.

  • Isuru Unregistered
    Android 9 Chrome 74

    Thanks for the sub

  • Madusha Unregistered
    Windows 10 Opera 60

    ස්තූතියි සබ් එකට සහෝ

  • upul Unregistered
    Windows 7 Chrome 75

    ස්තූතියි සබ් එකට

  • upul Unregistered
    Windows 7 Chrome 75

    Thanks for the sub

  • dilum Unregistered
    Windows 10 Edge 17

    niymai broo

  • dilum Unregistered
    Windows 10 Edge 17

    hoda nirmanyak jaya

  • Saranga J. Liyanagama Unregistered
    Windows 7 Chrome 80

    ස්තූතියි සබ් එකට…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search