The Island (2005) Sinhala Subtitle

November 30, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. මේ තමයි 2005 වසරේ තිරගත වුන The Island චිත්‍රපටයේ උපසිරැසිය. මේ චිත්‍රපටය ඇත්තටම මම මීට අවුරුදු කීපෙකට කලින් DVD එකකින් බලපු චිත්‍රපටයක්. IMDB අගය 6.9ක්ද Rotten Tomatos වෙතින් 40% ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 50%ක අගයක්ද ලබා ඇති මේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය සුප්‍රකට අධ්‍යක්ෂ මයිකල් බේ මහතාගේ. මෙය සම්මාන 7කට නිර්දේශව එයින් එකක් දිනාගන්නත් සමත් වෙලා තියනව. රංගනයෙන් දායක වෙන්නෙ එවන් මැක්ග්‍රෙගර්, ස්කාලට් ජොහැන්සන්, (ඩ්)ජේමන් හොන්සු, ෂෝන් බීන්, මයිකල් ක්ලාක් ඩන්කන්, ස්ටීව් බුෂෙමි වගේ නළු නිළි පිරිසක්. දැන් අපි යමු චිත්‍රපටයෙ කතාව පැත්තට.

මේ කතාව දිවෙන්නෙ 2019 වසරේ. ඒ කියන්නෙ අනාගතේ. පරිසර දූෂණය හේතුවෙන් ලෝකය විනාස වෙලා කියලයි කියන්නෙ මේ කාලෙ. ඉතින් ඒකෙන් බේරුණ අය වෙනම ආරක්ෂිත පරිසරයක තියාගෙන ඉන්නව. මේ පිරිසෙන් එක්කෙනෙක් තමයි ලින්කන්-6- එකෝ. අමුතු නමක් නේ? ඔව්, ඒකට හේතුව දැනගන්න පුළුවන් චිත්‍රපටය නරඹද්දි. කොහොමහරි මේ පිරිසට පිටත පරිසරයට යාමේ වරම නෑ අර පෙර කිව්ව පරිසර විෂවීම හේතුකරගෙන. හැබැයි මේ අය රඳවගෙන ඉන්න තැන ජීවයට අවශ්‍ය කරන සියලුම දේවල් තියනවා. මේ ස්ථානය පාලනය කරන්නෙ මෙරික් නම් වෛද්‍යවරයෙක් යටතේ. ඔහු තමයි මේ ලින්කන්-6- එකෝ ඇතුළු පිරිසෙ සියලු දේවල් සොයාබලන්නෙ. පිරිසත් කිසිදු ගැටලුවක් නැතුව දෙන දෙයක් කාල බීල තියන වැඩක් පලක් කරගෙන ජීවත්වෙනවා. හැබැයි අර පෙරකී පරිසර විෂවීමට ගොදුරු නොවුණ එකම එක තැනක් ලෝකයේ තියනවා කියලයි වෛද්‍ය මෙරික් සහ පිරිස කියන්නෙ, ඒ ස්වර්ග දූපත නම් ස්ථානයක්. එතනට යාමට නම් මෙම ස්ථානය තුල කෙරෙන ලොතරැයි දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයෙක් විය යුතුයි. ජය ගන්නා අයට තමන් සිහින දකින මේ ස්වර්ග දූපතට යාමේ දුර්ලභ අවස්ථාව හිමිවෙනවා. හැබැයි මේ දිනුම් ඇදීම් ක්‍රමවේදය විනිවිදභාවයකින් තොරයි. ඒත් ඉතිං මේ ගැන ප්‍රශ්ණ කරන්න කවුරුවත් නෑ එක්කෙනෙක් ඇරුණම. ඒ තමයි ලින්කන්-6- එකෝ. මෙම ස්ථානය ඇතුලෙ කරන දේවල්, පිටත පරිසරේ මොනවගේද, තමන් මේ ස්ථානෙ රඳවගෙන ඉන්නෙ ඇයි වගේ ප්‍රශ්ණ ගොඩාක් තියනව ලින්කන්-6- එකෝගෙ හිතේ. මේ සියල්ල දැනගන්න ඔහු ඉතාම කුතුහලයෙන් හිටියත් ඔහුට හරිහමන් තොරතුරක් දැනගන්න ලැබෙන්නෙ නෑ. ඔහොම ඉන්න අතරෙ දවසක ලින්කන්ට මුණගැහෙනවා සජීවී හෝඩුවාවක්… එතනින් එහාට ලින්කන්ට තේරෙනව මෙතන වෙන්නෙ තමන් හිතාගෙන ඉන්න දෙයක් නොවෙන බව. ඉතිරිය නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්. හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියක් සමඟින්.

විශේෂ :-

  • චිත්‍රපට අධ්‍යක්ෂ රොබට් එස් ෆයිව්සන් මෙම චිත්‍රපටයට එරෙහිව නඩුරා තිබෙනවා මෙය තමන්ගේ The Clonus Horror (1979) චිත්‍රපටයේ කථාව අවසරයකින් තොරව උපුටාගෙන සෑදූවක් බවට. කෙසේ හෝ නඩුව දුරදිග යාමට පෙර නිර්මාණකරුවන් ගැටලුව සමථයකට පත්කරගෙන තිබෙනවා අති විශාල මුදලක් රොබට් එස් ෆයිව්සන්ට ගෙවාදැමීම මගින්.
  • මෙහි අවසන්භාගයේ ලින්කන් -6- එකෝ පදවන මෝටර් රථය කැඩිලැක් සමාගම 2002 වර්ෂයේදී තම 100වන සංවත්සරය වෙනුවෙන් නිර්මාණය කල Cien නම් මෝටර්රථයයි. මෙය සංකල්පයකට පමණක් සීමාවූ (Concept Car) මෝටර් රථයක්. Cien යනු ස්පාඤ්ඤ බසින් සියය යන අර්ථය ඇති වචනයක්. (මේ කාරය Ashphalt 9 වීඩියෝ ක්‍රීඩාවෙ තිබුණ මතක ඇති ඔබට)
Available Torrents
720p bluray 801.97 MB
1080p bluray 1.90 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (6)
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 55

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • Madusha Unregistered
    Windows 10 Opera 55

    නියමයි.ස්තූතියි සහෝ

  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 7.4

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…දිගටම සබ් දෙන්න. අලුත්ම Film බලන්න තමයි ආස මෙහෙම බලන්න පුරුදු වෙලාම. අවුලක් නෑ තාම 2019 වුනෙත් නැහැනෙ.. 🙄දිගටම උපසිරැසි දෙන්න. අපි දැන් දවසකට එකක් ගානෙ වත් Film බලන්න ඇබ්බැහි වෙලා.තෙරුවන් සරණයි..!

  • Nishantha Unregistered
    Android 5.1 Chrome 68

    ඔබට තව තවත් උපසිරැසි සකසකිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • rasika samanjith Unregistered
    Windows 7 Opera 56

    කලින් බලපු පට්ට ෆිල්ම් එකක්. සබ් දැම්මට ස්තුතියි සහෝ.

  • VinoD Unregistered
    Android 5.1 Opera 36

    එලහ්……..👍

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search