The Killer (2024) Sinhala Subtitle

September 05, 2024 Admin
Subtitle by Rasika Samanjith
උණු වූ යකඩ හදවත

              පසුගිය 2024 අගෝස්තු 23 දින නිකුත්වූ නවතම ඇමරිකන් සලරුවකට තමයි මෙදා පාර අරගෙන ආවෙ. චිත්‍රපටය The Killer. පැරිස් නගරය පසුබිම්ව කතාව ගලාගෙන යන නිසා ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා දෙකම හරි හරියට භාවිතා වෙනවා. විනාඩි 126 ක ධාවන කාලයකින් යුතු Action, Thriller වර්ගයේ ෆිලුමක්. හොංකොං ඇක්ෂන් සිනමාවෙ දැවැන්තයෙක් වන John Woo ගේ අධ්‍යක්ෂනයක්. John Woo ( ජෝන් වූ ) කියන්නෙ ඇක්ෂන් චිත්‍රපට බලන අයට නම් අලුත් නමක් නෙමේ. ජනප්‍රිය වගේම අති සාර්ථක චිත්‍රපට ගොන්නක අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම හොංකොං සිනමාවෙ අයිකන් එකක් කිව්වොත් නිවැරදියි. හොංකොංවලින් නොනැවතී හොලිවුඩයත් ආක්‍රමණය කල ඔහු, තම හොලිවුඩ් ගමන පටන්ගන්නේ වෑන් ඩෑම් රඟපෑ Hard Target [1993] චිත්‍රපටයෙන්. ඉන්පසු Broken Arrow [1996], Face/Off [1997], Mission: Impossible 2 [2000], Windtalkers [2002] සහ Paycheck [2003] යන සුපිරි නිර්මාණ ඔහු සිනමා ලෝකයට දායාද කරනවා. Paycheck [2003] නිර්මාණය කර වසර 20 කට පසු නැවතත් ඔහු හොලිවුඩයට පා තබමින් තවත් කතාබහට තුඩු දුන් නිර්මාණයක් පසුගිය 2023 දෙසැම්බර් මස සිනමාශාලා වලට මුදාහැරියා. ඒ තමයි Silent Night. ඇමරිකාවේ සහ කැනඩාවේ පළමු සති අන්තයේදීම ඇ.ඩො. මිලියන 8 කට ආසන්න ආදායමක් සමගින් ඩො. මිලියන 10 ක සමස්ථ බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගන්න “සයිලන්ට් නයිට්”සමත්වුනා. ඒකටත් මම සබ් එක කලා. නොබලපු අය අරන් බලන්න. සයිලන්ට් නයිට් වලින් පසුව සිනමා ලොවට ජෝන් වූ නිකුත් කල නවතම බ්ලොබස්ටරය තමයි ” කිලර් “. මේකෙ පොඩි විශේෂත්වයකුත් තියෙනවා. මේක ඇවිල්ලා ඔහුගේම නිර්මාණයක් වූ, 1989 වසරේ අති සාර්ථකව ප්‍රදර්ශනය වූ හොංකොං ඇක්ෂන් චිත්‍රපටයක් වන The Killer හී රීමේක් එකක්. එදා සිට මේ දක්වා එහි රීමේක් එකක් කරන්න විවිධ අය කීප අවස්ථාවක්ම උත්සාහ කලද අවසානයේ එය ජෝන් වූටම බාරවීම දෛවෝපගත සිද්ධියක්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ බ්‍රිතාන්‍ය නිලියක් වන Nathalie Emmanuel (සී). ඊට අමතරව ප්‍රංශ රංගන ශීල්පින් වන Omar Sy (සෙයි) සහ Eric Cantona (ජූල්ස් ගොබට්), ඕස්ට්‍රේලියානු නලු Sam Worthington සහ ඇමරිකන් රංගන හා නිරූපන ශිල්පිනියක් වන Diana Silvers (ජෙන්) රංගනයෙන් එකතුවෙනවා.
                   සී වෘත්තීමය ඝාතක කාන්තාවක්. මරණයේ රැජින ලෙස හැඳින්වෙන පුරාවෘත්තයක්. එක්තරා ජොබ් එකකදී ඇය ක්ලබ් එකක සිටින සියලු දෙනා මරා දමන අතර එහි ජෙන් නමැති තරුණ ගායිකාවක් එහිදී වෙන අනතුරක් අන්ධ භාවයට පත්වෙනවා. සීට ඇයව මරන්න හිතෙන්නේ නෑ. නොමරා අත අරිනවා. නමුත් ඇයට ලැබී තිබුනු නියෝගය වුනේ එහි සියලු දෙනාම මරා දැමීමටයි. ඒ වෙනුවෙන් සීට චෝදනා එල්ලවීම නිසා, නැවත ජෙන්ව මැරීමට සී රෝහලට ගියත් ඇය එවරත් ඒක කරන්නෙ නෑ. සී මෙය දිගින් දිගටම කිරීම නිසා ඔවුන් ජෙන්ව මැරීමට වෙනත් කණ්ඩායමක් යොදවනවා. එහිදී සියලු සීමා බිඳ දමන සී, ජෙන්ව ආරක්ෂා කිරීමට තමාගේ සංවිධානය සමගම යුද්ධයකට අවතීර්ණ වෙනවා.
                 විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් හෝ අඩු තරමේ සිපගැනීමක්වත් දර්ශනයක්වත් නෑ කියලා. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. එහෙනම් නැවතුනා.

ජය වේවා.

Quality // 480p – 500mb / 720p – 1.1gb / 1080p – 2.2gb

♣♣ WEBRip / 480p /720p / 1080p ♣♣

Available Torrents
720p bluray 1.13 GB
1080p bluray 2.31 GB
720p web 1.12 GB
1080p web 2.31 GB
1080p web 2.09 GB
2160p web 5.59 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (3)
  • naveen vidusha Unregistered
    Windows 10 Chrome 128

    thanks bro..

  • Gayan Chandana Junior Admin
    Windows 10 Edge 128

    ස්තූතියි අයියා 😍

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 128

      Tthanks, Saho.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search