The Last Vermeer (2020) Sinhala Subtitle

/
නාසින් රැවටූ සිතුවම

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාට. අද මේ අරගෙන එන්නෙ 2019 වසරේ නිකුත්වූ, දෙවන ලෝක යුධ සමයේ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිමැවූ චිත්‍රපටයක සිංහල උපසිරැසිය. නමින් මෙය The Last Vermeer(අවසන් වර්මීර් සිතුවම). ජොනතන් ලොපෙස්ගේ “The Man Who Made Vermeers” පොත ඇසුරින් , ජෝන් ඔලොෆ්,මාක් ෆගස්,හෝක් ඔස්ට්බිගේ තිර රචනයෙන් ,ඩෑන් ෆ්‍රිඩ්කින්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මේ චිත්‍රපටය මේ වනවිට IMDb වෙතින් 6.7ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 69%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 56%ක අගයකුත් වශයෙන් අගයන් ලබා තිබෙනවා, ඒ එක් සම්මානයක්ද ඇතුළුව. රංගනයෙන් දායක වන්නේ ගයි පියර්ස් ( හාන් වැන් මීගරන්),ක්ලේස් බැන්ග් (ජෝශප් පිලර්), විකී ක්‍රිප්ස් (මිනා හෝම්බර්ග්),රෝලන්ඩ් මොලර් (ඩෙකර්),ඕගස්ට් ඩීල් (ඇලෙක්ස් ඩි ක්ලාක්ස්), කාල් ජොන්සන් ( බර්නාඩ් බෙකර්), ඇන්ඩෲ හැවිල් ( මාර්ටන් වූනින්),ඔලීවියා ග්‍රාන්ට් (කෝට්යේ හෙනින්),එඩ්‍රියන් ස්කාබරෝ(ඩර්ක් හැනමා) ඇතුළු පිරිසක්.

කතාව කෙටියෙන්…

දෙවන ලෝක යුද්ධයේදී ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ කුරිරු නාසි පාලනය මිත්‍ර පාර්ශවයන් අතින් පරාජයව සති කීපයකට පසුයි මෙහි කතාව ඇරඹෙන්නේ. ඒ ජර්මානු රෙජීමයේ නාසි පාලනය යටතේ තිබී පසුව මිත්‍ර පාර්ශව භාරකාර රජය යටතේ තිබෙන ඕලන්දයෙන්. කපිතාන් ජෝශප් පිලර් යනු එම පාලනාධිකාරියට සම්බන්ධ ඕලන්ද ජාතික යුදෙව් හමුදා නිලධාරියෙක්. නාසීන් විසින් සොරාගත් විවිධවූ කලා නිර්මාණ හා සුප්‍රකට වටිනා චිත්‍ර ඔවුන් අතට පත්වූයේ කෙසේද සොයාබැලීම බාරව තිබෙන්නේ ඔහුට. තම මිතුරෙකුගේද සහය ඇතිව මේ කාර්යය කරන ඔහු අතට පත්වනවා සුප්‍රකට ඕලන්ද (නෙදර්ලන්ත) චිත්‍ර ශිල්පී යොහැන්නස් වර්මීර් (1632-1675)ගේ ක්‍රිස්තූන් සහ අනාචාරයේ හැසිරුණු ලඳ නම් චිත්‍රය.

යොහැන්නස් වර්මීර්

මෙහි අලගියමුලගිය තැන් සොයන කපිතාන් ජෝශප්ට හමුවෙනවා හාන් වැන් මීගරන් නම් චිත්‍ර ශිල්පියෙක් හා කලා නිර්මාණ වෙලෙන්දෙක් මීට සම්බන්ධ බව. ඒ සම්බන්ධව විමර්ශනය කිරීමේදී ඔහුට දැනගන්නට ලැබෙන්නේ අපූරු චිත්‍ර ජාවාරමක්. මෙන්න මේ සත්‍ය කතාව ඇසුරින් චිත්‍රපටය නිමැවී තිබුණත් මෙහි ඓතිහාසික සාක්ෂි හා සිනමා නිර්මාණය අතර දැඩි වෙනස්කම් තිබෙන බව ඔබට මේ පිලිබඳ යම් සොයාබැලීමක් කලහොත් වැටහේවි. ඒවා ලිපියේ සඳහන් කරන්නට නොහැක්කේ එය රසවින්දනයට සෘජු බාධාවක් විය හැකි නිසාවෙන්. කෙසේ හෝ මෙය හුදෙක් චරිතාපදානයක් ලෙසම හඳුන්වන්නට නොහැකියි මෙය යම්විට දේශපාලනික මුහුණුවරක්ද, තවත් විටෙක හාස්‍යයට බර වීමද, තවත් විටෙක අධිකරණ ශාලා නාට්‍යයක මුහුණුවරක්ද ගන්නා නිසා. රසවිඳීම ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් චිත්‍රපටයකින්.

වර්මීර් චිත්‍ර ශිල්පියාගේ තවත් චිත්‍ර කිහිපයක් විස්තර සහිතව මෙම ලින්ක් එකෙන් බලන්නට හැකියි ඔබට.

Blu-ray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත. ‍‍Web පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

6.7
IMDB

Year : 2020

Actors : Guy Pearce,Claes Bang,Vicky Krieps,Roland Møller

Directed by Dan Friedkin. With Guy Pearce, Claes Bang, Vicky Krieps, Roland Møller. An artist is suspected of selling a valuable painting to the Nazis, but there is more to the story than meets the eye.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 385
  • File Size : 81.987KB
  • Sub Update :2021-05-11
  • sashika Unregister User
    Windows 10Chrome 90

    can’t download sub

    2021-05-01 at 11:54 pm
  • Supun Kaushalya Unregister User
    Android 10Chrome 81

    සබ් එක ගන්න බෑ හසිත දමිත්ගෙ වෙන සයිට් එකකට යන්නෙ view. lk කියල

    2021-05-02 at 12:22 am
    • Hasitha Prasad Super Mod
      Windows 10Firefox 88

      ඔව් නේද? ලොග් අවුට් වෙලා ඩවුන්ලෝඩ් කරනකොටයි දැක්කෙ. ලොග් වෙලා ඉද්දි ඩවුන්ලෝඩ් වෙනවා. මම දමිත්ට කියන්නං, සුපුන්. දැනට මෙතනින් ගන්න.
      https://drive.google.com/file/d/1WoQqW8o2hDEL1LNqfNXRXzEtkoXT0ZJS/view?usp=sharing

      2021-05-02 at 12:47 am
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 90

      එක හරි නම් මේ විදියට ඕන පෙන්න …මොකක් හරි අවුලක් වෙලා වාගේ.

      2021-05-02 at 1:22 pm
  • Suresh Unregister User
    Windows 10Chrome 90

    Thank you for the sub……
    We are waiting for ‘The Virtuoso’ (2021) ,’Trigger Point’ (2021) and ‘The Courier’ (2020)

    2021-05-02 at 12:50 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *