The Lost Lotteries (2022) Sinhala Subtitle

May 12, 2023 Admin
Subtitle by Rasika Samanjith
නැතිවුණු ලොතරැයි

                      2022 නොවැම්බර් 16 දින නිකුත්වුනු තායි කොමඩියක් තමයි අද ඔයාලට අරන් ආවෙ. නම Lost Lotteries. තායිලන්ත නිර්මාණයක්. භාෂාවත් තායි. Comedy, Crime, Thriller වර්ගයේ ෆිලුමක්. ධාවන කාලය පැය 1 යි, විනාඩි 46 යි. ආගන්තුක පස් දෙනෙක් තමන්ගෙ නැතිවුනු ජයග්‍රාහී ලොතරැයි ටිකට් පත් පහක් නැවත ලබාගන්න, එක්වී ගහන ගේමක් ගැනයි කතාව තියෙන්නෙ. මුල සිට අග දක්වාම එක හුස්මට හිනාවෙවී බලන්න පුලුවන්. හාස්‍ය රසයෙන් අනූනයි. කිසිම අසභ්‍ය දෙයක් නෑ. පවුලේ සැමට එකට වාඩිවෙලා රස විඳින්න පුලුවන්. රඟපෑමෙන් එකතුවෙන්නේ Sky Wongravee Nateetorn ( ටේ ), Pat Napapa Tantrakul ( සෝයි ), Minnie Phantira Pipityakorn ( බීට් ), Somjit Jongjohor ( කුන්ග්) සහ Jazz Chuanchuen ( වෙන් ).
                           ටේ තාම ඉගෙනගන්න තරුණයෙක්. ටේගෙ තාත්තා නෑ. අම්මා විතරයි ඉන්නෙ. බොහොම දිළිඳු ජීවිතයක් ගත කරන්නෙ. අම්මා රස්සාවට කරන්නෙ ලොතරැයි විකුණන එක. නිවාඩු දවස්වලට අම්මගෙ ජොබ් එක කරන්නෙ ටේ. එයා ලොතරැයි විකුණන දාට පුරුද්දක් වශයෙන් එක ටිකට් එකක් අරන් තියෙනවා. කවදාහරි වාසනාවක් පෑදෙයි කියලා. ටිකට් 5 හේ සෙට් හැටියට තියෙන්නෙ. දවසක් එක පහේ සෙට් එකක ටිකට් හතරක් වෙනුවෙන්, හතර දෙනෙක් සල්ලි බඳිනවා. අනික ටේ තියාගන්න අතරේ ටිකට් පහම ලොතරැයි ට්‍රේ එක ඇතුලේ හංගනවා. චයි බොස් කියන්නෙ සල්ලිකාර ජාවාරම්කාරයෙක්. ටේගේ අම්මා ගත්තු ණය මුදලක් ආපහු ගෙවීම පමාකිරීම නිසා, ඒ වෙනුවට ටේගෙ ලොතරැයි ට්‍රේ එක චයි බොස්ගෙ හෙන්චයියො අරන් යන්නෙත් එදාමයි. ඒ දවසේ දිනුම් ඇදීමේදී ඒ ටිකට් පහට මුල් දිනුම ඇදෙනවා. බාට් මිලියන 30 ක්. අනෙක් ජයග්‍රාහකයින් හතර දෙනා තමයි බීට්, සෝයි, කුන්ග් සහ වෙන්. මේ හැමෝම අනාගතය වෙනුවෙන් සිහින දකින සරල මිනිස්සු. මෙයාල කොහොමද බලවත් චයි බොස් එක්ක හැප්පෙන්නෙ? ඒත් නැතිවෙන්න දෙයක් නැති නිසා ටිකට් ආපහු අරගන්න මේ පස්දෙනා සැලසුමක් ගහනවා. වඩාත්ම භයානක සහ වඩාත්ම හාස්‍යජනක සැලසුමක්. බලමුද ඒක කොහොමද කියලා? මෙන්න එහෙනම් “ලොස්ට් ලොටරීස්”.

ජය වේවා.

QUALITY // 720p – 980mb // 1080p – 1.9gb

SUB FORMAT // SRT // IDXTV

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Available Torrents
720p web 982.69 MB
1080p web 1.97 GB
2160p web 4.75 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search