ඉතින් නවතම සුපිරි මලයාලම් Crime, Thriller එකක් තමයි අද ඔයාලට අරගෙන ආවෙ. ඒ තමයි පසුගිය 2024 සැප්තැම්බර් 27 දින නිකුත් වුනු Gumasthan. පැය 2 විනාඩි 25 ක ධාවන කාලයකින් යුතු ‘ගුමස්තාන්’ 7.3/10 ක IMDb අගයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ප්‍රධාන භූමිකාව වන පල්ලිපාඩන්ගේ චරිතයට Jaise Jose දායකවන අතර සෙසු චරිත සඳහා Dileesh Pothan (ජෝසප්), Bindhu Sanjeev (ඈන් ), Sminu Sijo (ලීලා) සහ Azees Nedumangad (සුරා) පෙනී සිටිනවා.
සොලිසිටර් ලිපිකරුවෙක් වන වයසක පල්ලිපාඩන් දැන් විශ්‍රාම අරන් ඉන්නෙ. නීති ක්ෂේත්‍රයේ වසර ගණනක පළපුරුද්දක් ඇති ඔහු නීතිය ගැන, එහි දුර්වලකම් ගැන හසල බුද්ධියක් ඇති කෙනෙක්. බොහෝ අය, ලෝයර්ස්ල පවා ඔහුව හොයාගෙන එනවා නඩු වලට උපදෙස් ගන්න. හැබැයි ඔහු ගුප්ත, දරුණු අයෙක්. දවසක් ගම්මුන්ට තොරතුරක් ලැබෙනවා ඔහු තම බිරිඳ වන ඈන්ව ඝාතනය කරලා කියල. ඒ අනුව එහි පැමිණෙන පොලීසිය විමර්ශන පටන් ගන්නවා. ඈන්ගෙ සිරුර නම් හොයාගන්න ලැබෙන්නෑ. පොලීසියට ඔහු වැරදිකරු බව ඔප්පු කිරීමට උත්සාහ කරන අතර නමුත් ඒ සඳහා ඔහුගේ බුද්ධිය මගහැර යා යුතුයි. ඉතින් මේ හොරා පොලිස් සෙල්ලමෙන් අවසානයේ කවුරු ජයගනීද? දැනට එච්චරයි කියන්නෙ. තව කිව්වොත් වැඩක් නෑ. සුපිරි භාණ්ඩයක් කියලනම් විශේෂයෙන්ම කියන්න ඕනෙ. පල්ලිපාඩන් සහ පොලීසිය අතර සටන බලන්න ආරාධනා කරමින් නවතිනම්.
ජය වේවා.
QUALITY // 480p – 450mb / 720p – 700mb, 1.4gb / 1080p HAVC – 1.2 gb
♣♣ HQ HDRip / 480p / 720p / 1080p ♣♣