Login


Not a member? Register or sign up with

Facebook Page

Online Watch List

Viswam (2024) Sinhala Subtitle

/
                 අද අරන් ආවෙ තවත් නවතම තෙලුගු සලරුවකට උපසිරැසියක්. ජනප්‍රිය තෙලුගු නලු ගෝපිචාන්ද්ගෙ නවතම බ්ලොක්බස්ටරය. සටන්, ගැටුම්, ගීත, ඩාන්ස්, කොමඩි, මේ හැම දෙයක්ම අඩු නැතුව තියෙන සුපිරිම මසාලයක්. ප්‍රේක්ෂකයො කැමති හැම අංගයක්ම තිබුනත් වැඩියෙන්ම බර තියෙන්නෙ කොමඩි පැත්තට. පවුලේ සැමට එකට සිට රස විඳිය හැකි අතර, ඇඟේ ලේ ටිකක් පිරිසිදු කරගන්න කැමති අයට මම ඉහලින්ම නිර්දේශ කරනවා. ඒ තමයි Action, Thriller, Comedy, Drama චිත්‍රපටයක් වන Viswam. මුලින්ම රිදී තිරයේ දිගහැරුනේ 2024 ඔක්තෝබර් 11 දිනයි. බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගැනීමට සමත්වී ඇති "විශ්වම්", පැය 2 විනාඩි 35 ක ධාවන කාලයකින් යුක්තයි.
           නලු නිලි පෙරහැර ගත්තොත් තෙලුගු සිනමාවෙ ඉහළම පෙලේ රංගන ශීල්පීන්ගෙන් සන්නද්ධයි. Gopichand (විශ්වම් / ගෝපි ), Kavya Thapar (සමීරා), Jisshu Sengupta (කුරේෂි), Sunil (බාචිරාජු), Naresh (අඹ ශ්‍යාම් ), Pragathi (කස්තුරි), Shaam (කාර්තික්), Vennela Kishore (සුරේෂ් ගෝපි), Prudhvi Raj (ජාලි රෙඩ්ඩි), Raghu Babu (බුල්ලි රෙඩ්ඩි), Mukesh Rishi (DIG කෙයිලාෂ්) සහ Rahul Ramakrishna (ඩික්ෂිත්ලු) ඉදිරියෙන්ම ඉන්නවා. ඒ වගේම දමිළ නලු VTV Ganesh, දුම්රියේ ටිකට් කලෙක්ටර් ලෙස, කෙටි චරිතයක් වුනත්, මතක හිටින සුපිරි රංගනයකින් චිත්‍රපටය ඔප දාල තියෙනවා. ඔයාල සමහරවිට මෙයාලව නම කිව්වට දන්නෙ නැතිවෙයි. හැබැයි දැක්කම අඳුරගනියි.
          මධ්‍යම ඇමතිව ඔහුගේ මල්ලි වන බාචිරාජු සහ ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී ඉන්න ISIS ත්‍රස්තවාදියෙක් වන කුරේෂි විසින් මරල දානවා. ඒ ඔවුන්ගේ රහස ඔහු දැනගන්නා නිසා. දර්ශනා නමැති කුඩා ගෑණු ලමයෙක් මේ ඝාතනය දකිනවා. ඔවුන් ඇයව මරන්න කණ්ඩායමක් යවනවා. අහම්බෙන් එතනට එන තරුණයෙක් වන ගෝපි, ඔවුන්ට ගහලා ඇයව බේරගන්නවා. ඊටපස්සෙ ඔහු ඇගේ ආරක්ෂකයා බවට පත්වෙනවා. නමුත් මේ ගෝපි කවුද? ඔහු ඒ වෙලාවෙ එතෙන්ට ආවෙ අහම්බෙන්මද? ඔහුගේ යටගියාව මොකක්ද? ඔහුගේ සැලසුම් මොනාද? මේ හැම එකකටම උත්තර හොයාගන්න මේ රසාලිප්ත නිර්මාණය බලමු.
ජය වේවා.
QUALITY // 480p - 450mb / 720p - 700mb, 1.1gb / 1080p - 1.6gb

♣♣ HQ HDRip / 480p / 720p / 1080p ♣♣

4.3
IMDB

Year : 2024

Actors : Gopichand , Jisshu Sengupta , Sunil


2025-03-14 09:46 am
Admin

Movies

146

Tv Episodes

0

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .
  • Prabath Kumara Expert Subtitler
    Windows 10Chrome 133

    mama oyalage subs mage web ekata danava sahodaraya ekata kamaknadda ☺️☺️☺️

    2025-02-26 at 12:43 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More