• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Halloween Kills (2021) Sinhala Subtitle

Halloween Kills (2021) Sinhala Subtitle

2021/10/18 at 1:21 pm
Hasitha Prasad

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ මගෙ 500 වෙනි උපසිරැසිය. 2016 වසරෙදි සබ්ස් එල් කේ සමගින් එකතුවී වසර පහක පමණ කාලයක් වෙනවා මේ වනවිට, උපසිරැසි 500 සපුරන්නට ගිය කාලයද ඒතරම්ම වෙනවා. මාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මාව සබ්ස් එල් කේ අඩවියට සම්බන්ධ කරගත් අපේ ප්‍රධාන සිස්ටම් ඇඩ්මින් දමිත් ප්‍රියංකර සහෝදරයාගේ සිට එතෙක් මෙතෙක් අප අඩවියට දායකත්වය දැක්වූ හිතාදර සියලු ඇඩ්මින්වරුන්, උපසිරැසිකරුවන් මෙන්ම දයාබර සබ්ස් එල් කේ රසික ඔබ සියලු දෙනාව ආදරයෙන් මතක් කරන්නට මම මෙය අවස්ථාවක් කරගන්නවා, ස්තූතියි ඔබ සියලු දෙනාටම මෙතෙක් අප හා රැඳීසිටියාට, ඉදිරියටත් අඩවියටත් අපගේ සහෝදර උපසිරැසිකරුවන් සියලු දෙනාටත් ඔබ මෙතෙක් ලබාදුන් ධෛර්යය ශක්තිය දිගින් දිගටම ලබාදෙන ලෙසත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. කාලවේලා ගැටලු මධ්‍යයේ පවා හැකි උපරිමව ඔබ වෙත සිනමා/ කතාමාලා ලබාදෙන්නට හැකි වෙහෙසක් ගන්නවා අපි ඉදිරියටත්. 500 වන උපසිරැසිය සඳහා Halloween Kills (2021) චිත්‍රපටය තෝරාදුන් දමිත් සහෝදරයාටත් ස්තූතියි.

_______________________________________________________

මම හොරර්/ස්ලෑෂර් චිත්‍රපට නැරඹීමට ප්‍රියතාවයක් නොදක්වන්නෙක් නිසා මේ හැලොවීන් කිල්ස් චිත්‍රපටය නරඹන්නට ගත්තායින් පසුවයි මම දැනගත්තෙ මෙය චිත්‍රපට මාලාවක නවතම සාමාජිකයා බව. මෙහි එකදු චිත්‍රපටයක්වත් මා නරඹා නොතිබූ නිසාත්, මෙය මුල් චිත්‍රපට 11ක් හා සම්බන්ධ නිසාත් නරඹන්නට පෙර අන්තර්ජාලය හරහා මෙහි කතාව පිලිබඳ යම් අවබෝධයක් ලබාගන්නට සිදුවුනා මාහට. පිලිවෙලින් චිත්‍රපට පෙල මෙසේයි ; Halloween (1978),Halloween II (1981),Halloween III: Season of the Witch (1982),Halloween 4: The Return of Michael Myers (1988),Halloween 5: The Revenge of Michael Myers (1989), Halloween: The Curse of Michael Myers (1995),Halloween H20: 20 Years Later (1998),Halloween:Resurrection(2002),Halloween (2007),Halloween II(2009),Halloween (2018). ලබන වසරේදී Halloween Ends(2022) නමින් මෙහි අවසාන චිත්‍රපටය නිකුත්වෙන බවකුත් අන්තර්ජාලයේ දකින්නට ලැබෙනවා. කෙසේ හෝ මෙම Halloween Kills (2021) නැරඹීම සඳහා මෙයින් මුල් චිත්‍රපටය වන Halloween (1978) , Halloween (2018) පමණක් නරඹා තිබීම ප්‍රමාණවත්යැයි අන්තර්ජාලයේ බොහෝ තැන්වල බොහෝ දෙනා අදහස් පලකර ඇති බව දකින්නට ඇති නිසා මමෙම චිත්‍රපට ද්විත්වයේ සාරාංශයකින්ම ලිපිය ආරම්භ කරන්නම්, නැවත කතාව මතක් කරගෙනම නව චිත්‍රපටය නැරඹීම ඔබට පහසුවක් වනු ඇති නිසා.

Halloween (1978 film)

1963 වසරේ හැලොවීන් රාත්‍රියේදී, ඇමරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ හැඩන්ෆීල්ඩ් නගරයේදී (ප්‍රබන්ධමය නගරයකි) සයවස් වියැති මයිකල් මයර්ස් විසින්, යම් පැහැදිලි කල නොහැකි ආකාරයකට, තම 17 වියැති සොහොයුරිය වන ජුඩිත්ට මුළුතැන්ගේ පිහියකින් ඇන ඝාතනය කරනවා. ඉන් පසු එන වසර 15ටම, ඔහු සිටින්නේ ස්මිත්ග්‍රෝව් මානසික රෝහලේ. 1978 වසරේ ඔක්තෝබර් 30 වන දින, මයිකල්ට ප්‍රතිකාර කරන වෛද්‍ය සැමුවෙල් ලූමිස් සහ ඔහුගේ සහායිකාව වන මැරියන් චේම්බර්ස් මානසික රෝහලට පැමිණෙනවා මයිකල්ව නඩු විභාගය සඳහා අධිකරණයට කැඳවාගෙන යාමට ; මෙහිදී වෛද්‍ය ලූමිස්ගේ බලාපොරොත්තුව වන්නේ මයිකල් ජීවිතාන්තය දක්වා මානසික රෝහලේ තබන්නට නඩු තීන්දුව ප්‍රකාශ වේවා යන්නයි. කෙසේහෝ, මයිකල් ඔවුන් දෙදෙනාගේ මෝටර් රථය සොරකම් කරගෙන ස්මිත්ග්‍රෝව් රෝහලෙන් පැන, අතරමගදී කාර්මික ඕවරෝල් ඇඳුම ගැනීමට මෝටර් රථ කාර්මිකයෙකුද මරාදමමින් ආපහු හැඩන්ෆීල්ඩ් නගරය වෙත යනවා. ආපසු ගමරට පැමිණ ඔහු සුදු පැහැ වෙස් මුහුණක්ද සොරකම් කරනවා.

හැලොවීන් දිනයේ, උසස් පාසල් ශිෂ්‍යාවක් වන ලෝරි ස්ට්‍රෝඩ් අතින් එවකට ඇගේ පියා සතුව පවතින දිගු කාලයක සිට අත්හැර දමා තිබෙන මයර්ස් නිවසේ යතුර බිම වැටෙනු දකිනවා මයිකල් මයර්ස්. ලෝරි ස්ට්‍රෝඩ්ගේ පියා එම නිවස විකිණීමට උත්සාහ දරමිනුයි සිටින්නේ ඒ වනවිට. මයිකල් මුළු දිනය පුරාම තමන් පසුපස එන බව ලෝරි ඒ වනවිටත් දැන සිටින නමුත්, ඇගේ කීම ගණනකට ගන්නේ නෑ මිතුරියන් වන ඇනී බ්‍රැකට් සහ ලින්ඩා වැන්'ඩර් ක්ලොක් විසින්. මයිකල් සොයාගෙන හැඩන්ෆීල්ඩ් වෙත පැමිණෙන වෛද්‍ය ලූමිස් දකිනවා ජුඩිත්ගේ සොහොන් ගල කනත්තෙන් අතුරුදන්ව තිබෙන බව. ඔහු ඇනී බ්‍රැකට්ගේ පියා, එනම් ෂෙරීෆ් ලී බ්‍රැකට්ව, හමුවෙන අතර ඔවුන් දෙදෙනාම එක්ව මයිකල්ගේ නිවස සෝදිසියට ලක්කරනවා, එහිදී ලූමිස් විසින් ලී බ්‍රැකට්ට පවසනවා මයිකල් තනි නපුරක් බව. බ්‍රැකට් එය එතරම්ම විශ්වාස නොකරන නමුත්, මයිකල් එනතෙක් ලූමීස් නිවසේම සිටියදී පාර පුරා සෝදිසි කරමින් යනවා.එම රාත්‍රියේ, ලෝරි කුඩා ටොමී ඩොයිල්ව බලාගනිමින් සිටින අතර, ඇනී මාර්ගයේ අනෙත් පස නිවසේ ලින්ඩ්සි වොලස්ව බලාගනිමින් සිටිනවා.

මයිකල් ඔවුන් පසුපස යන්නේ, ඇනී ගැන ඔත්තු බලමින් වොලස්ගේ සුරතල් සුනඛයා මරාදමනවා. ජනේලයෙන් මයිකල්ව දකින ටොමී සිතනවා ඔහු දරුවන් ගෙනයාමට එන ගෝනි බිල්ලා බව,නමුත් ලෝරි ඔහුගේ කීම ගණනකට ගන්නේ නෑ. පසුව ඇනී ලින්ඩ්සිව රැය ගෙවීමට ඩොයිල් නිවසට රැගෙන යනවා තම පෙම්වතා වන පෝල්ව ගැනීමට යාම සඳහා. තම මෝටර් රථයට ගොඩවනවිට, එහි පිටුපස අසුනේ සිට මතුවන මයිකල් ඇයව ගෙල සිඳ මරාදමනවා. ඊට සුළු වේලාවකට පසුව, ලින්ඩා සහ ඇගේ පෙම්වතාවන බොබ් සිම්ස් වොලස් නිවසට පැමිණෙන අතර, නිවසේ කිසිවෙක් නැති බව දකිනවා. සංවාසයේ යෙදීමෙන් පසුව බොම් පහල තට්ටුවට යනවා බියර් එකක් බීම සඳහා, එතනදී මයිකල් ඔහුව බිත්තියේ එල්ලනවා මුළුතැන්ගේ පිහියකින්. ඉන්පසු මයිකල් භූත ඇඳුමකින් සැරසුන බොබ් ලෙස පෙනීසිටිමින් ලින්ඩා ඉදිරියට යනවා, ඇය ඔහුට සරදම් කලත් ඔහු ගණනකට ගන්නේ නෑ. මෙයින් සිත රිදෙන ඇය ලෝරිට දුරකථන ඇමතුමක් දෙනවා ඇනීට කුමක් සිදුවූයේදැයි දැනගන්නට. ලෝරි අනිත් පසින් ඇමතුමට සවන්දීගෙන සිටිද්දීම මයිකල් දුරකථන රැහැනින් ලින්ඩාගේ ගෙල සිරකරනවා, ලෝරි සිතන්නේ මෙය ලින්ඩාගේ විහිළුවක් කියා. ඒ අතරවාරයේ, වෛද්‍ය ලූමිස්ට හමුවෙනවා මයිකල් විසින් සොරාගත් මෝටර් රථය මාර්ගයේ තිබියදී, ඔහු පටන්ගන්නවා මාර්ගය සෝදිසි කරන්නට. මේ වනවිට ලින්ඩාගේ ඇමතුම ගැන සැකසිතන ලෝරි මාර්ගයෙන් අනිත් පා ඇති වොලස් නිවසට යන අතර, තම මිතුරන්ගේ මළසිරුරු ඇයට හමුවෙනවා, ජුඩිත්ගේ සොහොන් ගලත් සමගම.බියපත්ව දිව යන ලෝරිට මයිකල් සැඟවී සිට පිහි පහරක් එල්ල කරනවා, එයින් ඇයගේ බාහුව කැපී යනවා, ඇය ඇදවැටෙනවා පඩිපෙල පහලට.

තුවාලත් සමග, ලෝරි නූලෙන් මයිකල්ගෙන් බේරී ආපසු ඩොයිල් නිවසට දිවයන නමුත්, නිවසේ යතුරු ඒ වනවිට ඇය සතුව නෑ පඩිපෙලෙන් වැටුණු මොහොතේ එය බිම වැටෙන නිසා. ටොමී ඇයට දොර විවෘත කරදෙන අතර ඇය ටොමීටත් ලින්ඩ්සිටත් පවසනවා සැඟවෙන ලෙස, පසුව ඇය පොලිසියට ඇමතුමක් ගන්නට තැත්කලත් දුරකථනය ක්‍රියාවිරහිතයි. මයිකල් ජනේලෙයකින් ඇතුල්වී නැවතත් ලෝරිට පහරදෙන නමුත්, ඇය ගෙතුම් ඉඳිකටුවකින් මයිකල්ගේ ගෙලට අනිනවා. මයිකල් මියගියේයැයි සිතමින්, ලෝරි නිවසේ ඉහල මාලයට යනවා දරුවන් ගැන බලන්නට, නමුත් ඇයගේ පුදුමයට මයිකල් මියගොස් නෑ. තමන් නිදනකාමර අල්මාරියේ සැඟවෙමින්, ඇය දරුවන්ට කියනවා නානකාමරයේ සැඟවෙන ලෙස, නමුත් මයිකල් ලෝරිව සොයාගෙන කඩාවදින අතර ලෝරි මයිකල්ගේම පිහියෙන් සහ රෙදි හැඟරයකින් මයිකල්ට අනිනවා. ඉන්පසු ඇය ටොමීට සහ ලින්ඩ්සිට පවසනවා අසල නිවසකට ගොස් පොලිසියට ඇමතුමක් දෙන ලෙස. ඔවුන් ගියායින් පසුව, මයිකල් නැවතත් අවදිවී සෙමින් ලෝරිට කිට්ටු කරනවා. දරුවන් නිවසේ සිට දුවනු දකින වෛද්‍ය ලූමිස් ඊට හේතු සොයන්නට නිවස වෙත යන අතර, එවිට දකින්නේ මයිකල් සහ ලෝරි ඉහල මහලේ අරගලයක යෙදී සිටින ආකාරය. ලෝරි මයිකල්ගේ වෙස්මුහුණ ඉරාදමන අතර, ලූමිස් එල්ල කරන වෙඩි පහර හයකින් මයිකල්ට බැල්කනියෙන් බිමට ඇද වැටෙනවා. ලෝරි වෛද්‍ය ලූමිස්ගෙන් අසනවා "ගෝනිබිල්ලා" මයිකල්ද කියා, ලූමිස් එය තහවුරු කරනවා. ලූමිස් බැල්කනියට ගොස් පහල බලනවිට දකිනවා මයිකල් ආගිය අතක් නැති බව.මෙයින් පුදුම නොවන ලූමිස් රාත්‍රී අහස දෙස බලා සිටිනවා ලෝරි දුක්වන්නට පටන්ගනිද්දී. මයිකල් මෑතක සිටි තැන්වල සුසුම් හෙලන හඬක් චිත්‍රපටය අවසානයේ ඇසෙනවා ඔහු කොහිහෝ තැනක සිටින බව අඟවමින්.

Halloween (2018)

2018 වසරේ ඔක්තෝබර් 29 වන දින තම හැඩන්ෆීල්ඩ් ඝාතන රැල්ල නිසා වසර 40ක්ම ස්මිත්ස්ග්‍රෝව් මානසික රෝහලේ රඳවා සිටි මයිකල් මයර්ස්ව අධි ආරක්ෂිත බන්ධනාගාරයකට මාරු කර යැවීමට කටයුතු සූදානම් කෙරෙනවා. අපරාධ පොඩ්කාස්ට් කරන්නන් දෙදෙනෙක් වන ඇරොන් කොරේ සහ ඩානා හේන්ස් රෝහලට පැමිණෙන අතර ඇරොන් විසින් මයිකල් 1978දී පැලඳි වෙස් මුහුණ ඔහුට පෙන්වනවා. පසු දින තමන්ව අධි ආරක්ෂිත බන්ධනාගාරයට ගෙන යන අතරතුර මයිකල් සිතාමතාම බන්ධනාගාර බස් රථය අනතුරට ලක් කර, මෝටර් රථය කොල්ලකෑම සඳහා පියෙකුත් පුතෙකුත් ඝාතනය කර, නැවත හැඩන්ෆීල්ඩ් නගරය වෙත පැමිණෙනවා.

මයිකල්ට බියෙන් ලෝරි ස්ට්‍රෝඩ් තවමත් හැඩන්ෆීල්ඩ්වල ජීවත්වෙනවා. ඇය මේ වනවිට ඉතා තදින් බීමට ඇබ්බැහිවී සිටින අතර, වයස 12දී පරිවාස භාරයට පත්වන තම දියණිය වන ඇරන්ගෙන්ද ඈත්වීයි සිටින්නේ. ඇය කුඩා හෝ සම්බන්ධයක් පවත්වාගෙන යන්නේනම්, ඒ කැරන්ගේ දියණිය වන ඇලිසන් සමග පමණයි.

ඔක්තෝබර් 31වන දින උදෑසන, මයිකල් දකිනවා ඇරොන් සහ ඩානා තම සහෝදරිය වන ජුඩිත්ගේ සොහොන බැලීමට යන අයුරු. මයිකල් ඔවුන් පසුපස ඉන්ධන පිරවුම්හලක් දක්වා ගොස් එතැනදී ඔවුන් දෙදෙනාද, කාර්මික ඕවරෝල් ඇඳුම සොරකම් කිරීම සඳහා කාර්මිකයෙකුද මරා දමන අතර ඇරොන්ගේ මෝටර් රථයේ තිබී තම පැරණි වෙස් මුහුණ නැවත තමන් අතට ගන්නවා. 1978 වසරේදී මයිකල්ව අත්අඩංගුවට ගත් උප ෂෙරීෆ් නිලධාරී ෆ්‍රෑන්ක් හෝකින්ස් උත්සාහ දරනවා ෂෙරීෆ් බේකර් හට ඒත්තු ගන්වන්නට මයිකල්ගේ ඇති භයානකත්වය. මයිකල්ගෙ පැනයාම දැනගන්නා ලෝරිද උත්සාහ දරනවා තම දියණිය වන කැරන්ට ඒ පිලිබද අනතුරු අඟවන්නට, එහෙත් කැරන් එය ගණනකට නොගන්නා අතර, ලෝරිට පවසනවා අතීතය අමතක කර ජීවත්වන ලෙස.

එදින රාත්‍රියේ සාදයකදී තම පෙම්වතා වන කැමරන් වෙනත් අයෙකු හා පෙමින් වෙලී ඇති බව දැනගන්නා ඇලිසන් ඔහුගේ මිතුරා වන ඔස්කා හා එතනින් පිටවයනවා. ඒ අතරේ ජූලියන් නම් කුඩා පිරිමි දරුවෙකු බලාගනිමින් සිටින, ඇලිසන්ගේ හොඳම මිතුරිය වන විකී සහ ඇගේ පෙම්වතා ඩේව් මයිකල්ගේ ප්‍රහාරයකට ලක්වෙනවා. ජූලියන්ව රැකගැනීම සඳහා විකී තම ජීවිතය කැපකරනවා. මෙම සිදුවීම පොලිස් පණිවිඩ හරහා අසන උප ෂෙරීෆ් නිලධාරී හෝකින් සහ ලෝරි නිවස වෙත යනවා. වසර 40කදී මුල්ම වතාවට ලෝරි මයිකල්ව මුහුණට මුහුණ දකිනවා. මයිකල් පැනයන්නට ප්‍රථම ලෝරි ඔහුගේ උරහිසට වෙඩි තබනවා.

මයිකල්ට ප්‍රතිකාර කරන වෛද්‍ය රන්බීර් සාටේන් ෂෙරීෆ් බේකර්ව කැමති කරගන්නවා මයිකල්ව සොයායාමට උදව් කරන්නට. ඒ අතරේ සාදයෙන් පිටව යන ගමනේදී මයිකල් විසින් ඔස්කාව මරාදමන නමුත් නිලධාරී හෝකින්ස් සහ සාටේන් එවෙලේ එතනට පැමිණෙන අතර එයින් ඇලිසන්ගේ දිවි ගැලවෙනවා. හෝකින් ඉන්පසු උත්සාහ කරනවා. ඉන්පසු හෝකින් විසින් මයිකල්ව මරාදමන්නට උත්සාහ කරන නමුත් , මයිකල්ගෙ මේ ඝාතන වියරුවේ සැබෑව සොයාගැනීමේ ඇබ්බැහියකින් පෙලෙන සාටේන් හෝකින්ට පහරදී ඔහු මියයන්නට දමා යනවා. පසුව එලිදරව්වෙනවා මයිකල්ගේ පැනයාම සැලසුම් කලේත් සාතේන්ම බව, ඒ පිටත පරිසරයේදී ඔහුගේ හැසිරීම අධ්‍යයනය කිරීම සඳහා. කෙසේ හෝ, මයිකල් සාටේන්ව මරා දමන අතර ඇලිසන් පලායනවා. ඉන්පසුව අපරාධ ස්ථානයට පැමිණෙන පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද මයිකල්ගේ ගොදුරු බවට පත්වෙනවා.

මයිකල් මරාදැමුණු පොලිස් නිලධාරීන් දෙදෙනාගේ මෝටර් රථයෙන් ලෝරිගේ නිවසට යනවා, එතනදී ලෝරි එහි සිටිනවා තම දියණිය කැරන් හා මිණිපිරිය ඇලිසන් සමග. ලෝරිගෙ බෑණාවන රේ නිවසින් එලියට එනවා මෝටර් රථයෙන් එන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනායැයි සිතමින්, එහිදී මයිකල් රේගේ හුස්ම හිර කර මරාදමනවා. මයිකල් සමග අවසන් සටනට එලඹීමට පෙර ලෝරි සමත්වෙනවා කැරන්ව ආරක්ෂිත තැනකට ගෙන යන්නට. ලෝරි මයිකල්ව බරපතල ලෙස තුවාල කලත් , මයිකල් ඇයගේ උදරයට පිහියෙන් ඇන ඇයව බැල්කනියෙන් පහලට තල්ලු කරනවා. ලෝරිගේ මිනිය බැලීමට ගියවිට මයිකල් දකිනවා ඇය එතන නැති බව. ඇලිසන් නිවසට පැමිණ තම මිත්තණියගේ නම කියා හඬගසනවා මයිකල්ව රවටා එලියට කැඳවාගනිමින්, එතනදී කැරන් මයිකල්ගේ හනුවට වෙඩි තබනවා. නැවතත් කොහිසිට හෝ පැමිණෙන ලෝරි මයිකල්ට පහරදෙනවා, කැරන්ගේ සහ ඇලිසන්ගේ උදව්වෙන් මයිකල්ව නිවසේ ආරක්ෂත කාමරයේ සිරකරමින්. ඉන්පසු මේ තිදෙනවා නිවස ගිනිතබන අතර ලෝරි "සුභ ගමන්, මයිකල්" යැයි පවසනවා, ඉන් අනතුරුව ඇය සිහිසුන්ව ඇදවැටෙන අතර මාර්ගයේ ගමන් ගන්නා රථයක් නවත්වාගෙන කැරන් සහ ඇලිසන් ඇයව රෝගලට රැගෙන යනවා. මයිකල් ඇතුලේ සිටියදීම ගිනිගන්නා නිවසේභීගත මහලේ දසුනක් ඉන් පසු අපට දකින්නට ලැබෙන අතරම, එහි මයිකල් සිටිනු පෙනෙන්නේ නෑ. චිත්‍රපටයේ පසු නාමාවලි දසුනේදී මයිකල් හුස්ම හෙලන හඬ අපට ඇසෙන අතර, එයින් අපට හඟවනවා ඔහු තවමත් ජීවත්වන බව. එයින් පසු කතාවයි අපිට මෙවර Halloween Kills (2021) චිත්‍රපටයෙන් දකින්නට ලැබෙන්නේ. දැන් අපි යමු එම චිත්‍රපටයේ විස්තර පැත්තට.

Halloween Kills (2021)

පෙර නිර්මාණය සේම ඩේවිඩ් ගෝඩන් ග්‍රීන් අතින් අධ්‍යක්ෂණය වන මේ චිත්‍රපටය මේ වනවිට(10/17/2021) IMDb අගය 6.1ක්ද Rotten Tomatoes අගය 39%ක්ද මෙටාක්‍රිටික් අගය 42%ක්ද ලබා තිබෙනවා, ඒ ගූගල් පරිශීලක ප්‍රසාදය 76%ක්ද සමඟින්. රංගනයෙන් දායක වන්නේ ජේමි ලී කර්ටිස් (ලෝරි ස්ට්‍රෝඩ්), ජූඩි ග්‍රියර්(කැරන්), ඇන්ඩි මටීචෙක් (ඇලිසන්), විල් පැටන් (හෝකින්ස්), තෝමස් මාන් (තරුණ හෝකින්ස්),ජිම් කමින්ස් ( පීට් මැකේබ්), ඩිලන් ආනොල්ඩ් (කැමරන් ඊලම්), රොබට් ලෝංස්ට්‍රීට් (ලොනී ඊලම්), ඇන්තනි මයිකල් හෝල් ( ටොමී ඩොයිල්), චාල්ස් සයිෆර්ස් (ලී බ්‍රැකට්), ස්කොට් මැකාතර් ( ලොකු ජෝන්),මයිකල් මැක්ඩොනල්ඩ් (පොඩි ජෝන්) ඇතුළු පිරිසක්. එහෙනම් ඒ ඇති කියල හිතෙනව විස්තර කලා, මෙම චිත්‍රපට පෙල නරඹා ඇති ඔබට මට වඩා හොඳ අදහසක් ඇති චිත්‍රපටය ගැන. ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම. සියලු දෙනාටම ස්තූතියි නැවතත්.

ලබාදී ඇති උපසිරැසිය PCOK (Peacock) WEB ඇතුළු සියලුම WEB පිටපත්වලට ගැලපේ.

සිංහල උපසිරැසිය ලබා ගන්න 1111

Download Links:

පිටපත (Direct)
පිටපත (Direct)
පිටපත (Direct)
පිටපත (Torrent)
පිටපත (Torrent)
පිටපත (Torrent)
Halloween Kills
  • 720p (bluray)
    1002.25 MB
    Download Torrent
  • 1080p (bluray)
    2.01 GB
    Download Torrent
  • 720p (web)
    966.43 MB
    Download Torrent
  • 1080p (web)
    1.94 GB
    Download Torrent
  • 2160p (web)
    4.69 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • කවිඳු ජයවර්ධන Unregistered User
    Windows 10Opera 80

    500වෙනි උපසිරැසිගැන්වීම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා හසිත සහෝ.පමාවට සමාවෙන්න ඕනෙ.දැනුයි දැක්කෙ.අයියගෙ සබ් වල ගුණාත්මකබව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.සබ් 500ක් හදනව කියන්නෙ කොහොමටවත් ලේසි පාසු දෙයක් නෙවේ.වැඩ රාජකාරි බොහොමයක් මැද්දේ ලොකු උත්සාහයක් අරන් කරන මේ සේවාවට බොහොම ස්තූතියි සහෝ..ඉදිරියටත් යුරෝපීය සිනමාව පැත්තෙන් බර කරට අරගෙන යන්න අවශය ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්ම ජීවිතේ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…ජය..!!!

    2021-10-23 at 2:07 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 94

    Request:

    De Oost (2020)

    2021-10-25 at 8:26 am
    Reply
  • Hashan Unregistered User
    Windows 10Chrome 95

    Flag Day (2021) ට සබ් දෙමු. මේ ළඟදි ආපු සෙට් එකෙන් හොඳම ෆිල්ම් එක. හැමෝටම ඒක මගහැරිලා. හසිත නම් ඔය වගේ ඒව මගහරින්නෙ නෑනෙ. 😉

    2021-11-08 at 3:35 am
    Reply
  • DM Perera Unregistered User
    Windows 10Chrome 106

    Halloween Ends (2022) ekatath sub dennako

    2022-10-15 at 3:24 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms