Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Arabi Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle

() [S01 : E05] Sinhala Subtitle

My Secret Romance [EP 01] Sinhala Subtitle

The Maze Runner The Scorch Trials 2015 Sinhala Subtitle

Guardians of the Tomb (2017) Sinhala Subtitle

The Vampire Diaries (2009) [S02 : E20] Sinhala Subtitle

Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitle

Knightfall (2017) [S01 : E06] Sinhala Subtitle

() [S01 : E04] Sinhala Subtitle

One Punch Man: Wanpanman 2015 [S01 : E01] Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • English Movies
  • Halloween Kills (2021) Sinhala Subtitle
Halloween Kills (2021) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 2021-10-18 / 06:51 PM

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ මගෙ 500 වෙනි උපසිරැසිය. 2016 වසරෙදි සබ්ස් එල් කේ සමගින් එකතුවී වසර පහක පමණ කාලයක් වෙනවා මේ වනවිට, උපසිරැසි 500 සපුරන්නට ගිය කාලයද ඒතරම්ම වෙනවා. මාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මාව සබ්ස් එල් කේ අඩවියට සම්බන්ධ කරගත් අපේ ප්‍රධාන සිස්ටම් ඇඩ්මින් දමිත් ප්‍රියංකර සහෝදරයාගේ සිට එතෙක් මෙතෙක් අප අඩවියට දායකත්වය දැක්වූ හිතාදර සියලු ඇඩ්මින්වරුන්, උපසිරැසිකරුවන් මෙන්ම දයාබර සබ්ස් එල් කේ රසික ඔබ සියලු දෙනාව ආදරයෙන් මතක් කරන්නට මම මෙය අවස්ථාවක් කරගන්නවා, ස්තූතියි ඔබ සියලු දෙනාටම මෙතෙක් අප හා රැඳීසිටියාට, ඉදිරියටත් අඩවියටත් අපගේ සහෝදර උපසිරැසිකරුවන් සියලු දෙනාටත් ඔබ මෙතෙක් ලබාදුන් ධෛර්යය ශක්තිය දිගින් දිගටම ලබාදෙන ලෙසත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. කාලවේලා ගැටලු මධ්‍යයේ පවා හැකි උපරිමව ඔබ වෙත සිනමා/ කතාමාලා ලබාදෙන්නට හැකි වෙහෙසක් ගන්නවා අපි ඉදිරියටත්. 500 වන උපසිරැසිය සඳහා Halloween Kills (2021) චිත්‍රපටය තෝරාදුන් දමිත් සහෝදරයාටත් ස්තූතියි.

_______________________________________________________

මම හොරර්/ස්ලෑෂර් චිත්‍රපට නැරඹීමට ප්‍රියතාවයක් නොදක්වන්නෙක් නිසා මේ හැලොවීන් කිල්ස් චිත්‍රපටය නරඹන්නට ගත්තායින් පසුවයි මම දැනගත්තෙ මෙය චිත්‍රපට මාලාවක නවතම සාමාජිකයා බව. මෙහි එකදු චිත්‍රපටයක්වත් මා නරඹා නොතිබූ නිසාත්, මෙය මුල් චිත්‍රපට 11ක් හා සම්බන්ධ නිසාත් නරඹන්නට පෙර අන්තර්ජාලය හරහා මෙහි කතාව පිලිබඳ යම් අවබෝධයක් ලබාගන්නට සිදුවුනා මාහට. පිලිවෙලින් චිත්‍රපට පෙල මෙසේයි ; Halloween (1978),Halloween II (1981),Halloween III: Season of the Witch (1982),Halloween 4: The Return of Michael Myers (1988),Halloween 5: The Revenge of Michael Myers (1989), Halloween: The Curse of Michael Myers (1995),Halloween H20: 20 Years Later (1998),Halloween:Resurrection(2002),Halloween (2007),Halloween II(2009),Halloween (2018). ලබන වසරේදී Halloween Ends(2022) නමින් මෙහි අවසාන චිත්‍රපටය නිකුත්වෙන බවකුත් අන්තර්ජාලයේ දකින්නට ලැබෙනවා. කෙසේ හෝ මෙම Halloween Kills (2021) නැරඹීම සඳහා මෙයින් මුල් චිත්‍රපටය වන Halloween (1978) , Halloween (2018) පමණක් නරඹා තිබීම ප්‍රමාණවත්යැයි අන්තර්ජාලයේ බොහෝ තැන්වල බොහෝ දෙනා අදහස් පලකර ඇති බව දකින්නට ඇති නිසා මමෙම චිත්‍රපට ද්විත්වයේ සාරාංශයකින්ම ලිපිය ආරම්භ කරන්නම්, නැවත කතාව මතක් කරගෙනම නව චිත්‍රපටය නැරඹීම ඔබට පහසුවක් වනු ඇති නිසා.

Halloween (1978 film)

1963 වසරේ හැලොවීන් රාත්‍රියේදී, ඇමරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ හැඩන්ෆීල්ඩ් නගරයේදී (ප්‍රබන්ධමය නගරයකි) සයවස් වියැති මයිකල් මයර්ස් විසින්, යම් පැහැදිලි කල නොහැකි ආකාරයකට, තම 17 වියැති සොහොයුරිය වන ජුඩිත්ට මුළුතැන්ගේ පිහියකින් ඇන ඝාතනය කරනවා. ඉන් පසු එන වසර 15ටම, ඔහු සිටින්නේ ස්මිත්ග්‍රෝව් මානසික රෝහලේ. 1978 වසරේ ඔක්තෝබර් 30 වන දින, මයිකල්ට ප්‍රතිකාර කරන වෛද්‍ය සැමුවෙල් ලූමිස් සහ ඔහුගේ සහායිකාව වන මැරියන් චේම්බර්ස් මානසික රෝහලට පැමිණෙනවා මයිකල්ව නඩු විභාගය සඳහා අධිකරණයට කැඳවාගෙන යාමට ; මෙහිදී වෛද්‍ය ලූමිස්ගේ බලාපොරොත්තුව වන්නේ මයිකල් ජීවිතාන්තය දක්වා මානසික රෝහලේ තබන්නට නඩු තීන්දුව ප්‍රකාශ වේවා යන්නයි. කෙසේහෝ, මයිකල් ඔවුන් දෙදෙනාගේ මෝටර් රථය සොරකම් කරගෙන ස්මිත්ග්‍රෝව් රෝහලෙන් පැන, අතරමගදී කාර්මික ඕවරෝල් ඇඳුම ගැනීමට මෝටර් රථ කාර්මිකයෙකුද මරාදමමින් ආපහු හැඩන්ෆීල්ඩ් නගරය වෙත යනවා. ආපසු ගමරට පැමිණ ඔහු සුදු පැහැ වෙස් මුහුණක්ද සොරකම් කරනවා.

හැලොවීන් දිනයේ, උසස් පාසල් ශිෂ්‍යාවක් වන ලෝරි ස්ට්‍රෝඩ් අතින් එවකට ඇගේ පියා සතුව පවතින දිගු කාලයක සිට අත්හැර දමා තිබෙන මයර්ස් නිවසේ යතුර බිම වැටෙනු දකිනවා මයිකල් මයර්ස්. ලෝරි ස්ට්‍රෝඩ්ගේ පියා එම නිවස විකිණීමට උත්සාහ දරමිනුයි සිටින්නේ ඒ වනවිට. මයිකල් මුළු දිනය පුරාම තමන් පසුපස එන බව ලෝරි ඒ වනවිටත් දැන සිටින නමුත්, ඇගේ කීම ගණනකට ගන්නේ නෑ මිතුරියන් වන ඇනී බ්‍රැකට් සහ ලින්ඩා වැන්’ඩර් ක්ලොක් විසින්. මයිකල් සොයාගෙන හැඩන්ෆීල්ඩ් වෙත පැමිණෙන වෛද්‍ය ලූමිස් දකිනවා ජුඩිත්ගේ සොහොන් ගල කනත්තෙන් අතුරුදන්ව තිබෙන බව. ඔහු ඇනී බ්‍රැකට්ගේ පියා, එනම් ෂෙරීෆ් ලී බ්‍රැකට්ව, හමුවෙන අතර ඔවුන් දෙදෙනාම එක්ව මයිකල්ගේ නිවස සෝදිසියට ලක්කරනවා, එහිදී ලූමිස් විසින් ලී බ්‍රැකට්ට පවසනවා මයිකල් තනි නපුරක් බව. බ්‍රැකට් එය එතරම්ම විශ්වාස නොකරන නමුත්, මයිකල් එනතෙක් ලූමීස් නිවසේම සිටියදී පාර පුරා සෝදිසි කරමින් යනවා.එම රාත්‍රියේ, ලෝරි කුඩා ටොමී ඩොයිල්ව බලාගනිමින් සිටින අතර, ඇනී මාර්ගයේ අනෙත් පස නිවසේ ලින්ඩ්සි වොලස්ව බලාගනිමින් සිටිනවා.

මයිකල් ඔවුන් පසුපස යන්නේ, ඇනී ගැන ඔත්තු බලමින් වොලස්ගේ සුරතල් සුනඛයා මරාදමනවා. ජනේලයෙන් මයිකල්ව දකින ටොමී සිතනවා ඔහු දරුවන් ගෙනයාමට එන ගෝනි බිල්ලා බව,නමුත් ලෝරි ඔහුගේ කීම ගණනකට ගන්නේ නෑ.
පසුව ඇනී ලින්ඩ්සිව රැය ගෙවීමට ඩොයිල් නිවසට රැගෙන යනවා තම පෙම්වතා වන පෝල්ව ගැනීමට යාම සඳහා. තම මෝටර් රථයට ගොඩවනවිට, එහි පිටුපස අසුනේ සිට මතුවන මයිකල් ඇයව ගෙල සිඳ මරාදමනවා. ඊට සුළු වේලාවකට පසුව, ලින්ඩා සහ ඇගේ පෙම්වතාවන බොබ් සිම්ස් වොලස් නිවසට පැමිණෙන අතර, නිවසේ කිසිවෙක් නැති බව දකිනවා. සංවාසයේ යෙදීමෙන් පසුව බොම් පහල තට්ටුවට යනවා බියර් එකක් බීම සඳහා, එතනදී මයිකල් ඔහුව බිත්තියේ එල්ලනවා මුළුතැන්ගේ පිහියකින්. ඉන්පසු මයිකල් භූත ඇඳුමකින් සැරසුන බොබ් ලෙස පෙනීසිටිමින් ලින්ඩා ඉදිරියට යනවා, ඇය ඔහුට සරදම් කලත් ඔහු ගණනකට ගන්නේ නෑ. මෙයින් සිත රිදෙන ඇය ලෝරිට දුරකථන ඇමතුමක් දෙනවා ඇනීට කුමක් සිදුවූයේදැයි දැනගන්නට. ලෝරි අනිත් පසින් ඇමතුමට සවන්දීගෙන සිටිද්දීම මයිකල් දුරකථන රැහැනින් ලින්ඩාගේ ගෙල සිරකරනවා, ලෝරි සිතන්නේ මෙය ලින්ඩාගේ විහිළුවක් කියා. ඒ අතරවාරයේ, වෛද්‍ය ලූමිස්ට හමුවෙනවා මයිකල් විසින් සොරාගත් මෝටර් රථය මාර්ගයේ තිබියදී, ඔහු පටන්ගන්නවා මාර්ගය සෝදිසි කරන්නට. මේ වනවිට ලින්ඩාගේ ඇමතුම ගැන සැකසිතන ලෝරි මාර්ගයෙන් අනිත් පා ඇති වොලස් නිවසට යන අතර, තම මිතුරන්ගේ මළසිරුරු ඇයට හමුවෙනවා, ජුඩිත්ගේ සොහොන් ගලත් සමගම.බියපත්ව දිව යන ලෝරිට මයිකල් සැඟවී සිට පිහි පහරක් එල්ල කරනවා, එයින් ඇයගේ බාහුව කැපී යනවා, ඇය ඇදවැටෙනවා පඩිපෙල පහලට.

තුවාලත් සමග, ලෝරි නූලෙන් මයිකල්ගෙන් බේරී ආපසු ඩොයිල් නිවසට දිවයන නමුත්, නිවසේ යතුරු ඒ වනවිට ඇය සතුව නෑ පඩිපෙලෙන් වැටුණු මොහොතේ එය බිම වැටෙන නිසා. ටොමී ඇයට දොර විවෘත කරදෙන අතර ඇය ටොමීටත් ලින්ඩ්සිටත් පවසනවා සැඟවෙන ලෙස, පසුව ඇය පොලිසියට ඇමතුමක් ගන්නට තැත්කලත් දුරකථනය ක්‍රියාවිරහිතයි. මයිකල් ජනේලෙයකින් ඇතුල්වී නැවතත් ලෝරිට පහරදෙන නමුත්, ඇය ගෙතුම් ඉඳිකටුවකින් මයිකල්ගේ ගෙලට අනිනවා. මයිකල් මියගියේයැයි සිතමින්, ලෝරි නිවසේ ඉහල මාලයට යනවා දරුවන් ගැන බලන්නට, නමුත් ඇයගේ පුදුමයට මයිකල් මියගොස් නෑ. තමන් නිදනකාමර අල්මාරියේ සැඟවෙමින්, ඇය දරුවන්ට කියනවා නානකාමරයේ සැඟවෙන ලෙස, නමුත් මයිකල් ලෝරිව සොයාගෙන කඩාවදින අතර ලෝරි මයිකල්ගේම පිහියෙන් සහ රෙදි හැඟරයකින් මයිකල්ට අනිනවා. ඉන්පසු ඇය ටොමීට සහ ලින්ඩ්සිට පවසනවා අසල නිවසකට ගොස් පොලිසියට ඇමතුමක් දෙන ලෙස. ඔවුන් ගියායින් පසුව, මයිකල් නැවතත් අවදිවී සෙමින් ලෝරිට කිට්ටු කරනවා. දරුවන් නිවසේ සිට දුවනු දකින වෛද්‍ය ලූමිස් ඊට හේතු සොයන්නට නිවස වෙත යන අතර, එවිට දකින්නේ මයිකල් සහ ලෝරි ඉහල මහලේ අරගලයක යෙදී සිටින ආකාරය. ලෝරි මයිකල්ගේ වෙස්මුහුණ ඉරාදමන අතර, ලූමිස් එල්ල කරන වෙඩි පහර හයකින් මයිකල්ට බැල්කනියෙන් බිමට ඇද වැටෙනවා. ලෝරි වෛද්‍ය ලූමිස්ගෙන් අසනවා “ගෝනිබිල්ලා” මයිකල්ද කියා, ලූමිස් එය තහවුරු කරනවා. ලූමිස් බැල්කනියට ගොස් පහල බලනවිට දකිනවා මයිකල් ආගිය අතක් නැති බව.මෙයින් පුදුම නොවන ලූමිස් රාත්‍රී අහස දෙස බලා සිටිනවා ලෝරි දුක්වන්නට පටන්ගනිද්දී. මයිකල් මෑතක සිටි තැන්වල සුසුම් හෙලන හඬක් චිත්‍රපටය අවසානයේ ඇසෙනවා ඔහු කොහිහෝ තැනක සිටින බව අඟවමින්.

Halloween (2018)

2018 වසරේ ඔක්තෝබර් 29 වන දින තම හැඩන්ෆීල්ඩ් ඝාතන රැල්ල නිසා වසර 40ක්ම ස්මිත්ස්ග්‍රෝව් මානසික රෝහලේ රඳවා සිටි මයිකල් මයර්ස්ව අධි ආරක්ෂිත බන්ධනාගාරයකට මාරු කර යැවීමට කටයුතු සූදානම් කෙරෙනවා. අපරාධ පොඩ්කාස්ට් කරන්නන් දෙදෙනෙක් වන ඇරොන් කොරේ සහ ඩානා හේන්ස් රෝහලට පැමිණෙන අතර ඇරොන් විසින් මයිකල් 1978දී පැලඳි වෙස් මුහුණ ඔහුට පෙන්වනවා. පසු දින තමන්ව අධි ආරක්ෂිත බන්ධනාගාරයට ගෙන යන අතරතුර මයිකල් සිතාමතාම බන්ධනාගාර බස් රථය අනතුරට ලක් කර, මෝටර් රථය කොල්ලකෑම සඳහා පියෙකුත් පුතෙකුත් ඝාතනය කර, නැවත හැඩන්ෆීල්ඩ් නගරය වෙත පැමිණෙනවා.

මයිකල්ට බියෙන් ලෝරි ස්ට්‍රෝඩ් තවමත් හැඩන්ෆීල්ඩ්වල ජීවත්වෙනවා. ඇය මේ වනවිට ඉතා තදින් බීමට ඇබ්බැහිවී සිටින අතර, වයස 12දී පරිවාස භාරයට පත්වන තම දියණිය වන ඇරන්ගෙන්ද ඈත්වීයි සිටින්නේ. ඇය කුඩා හෝ සම්බන්ධයක් පවත්වාගෙන යන්නේනම්, ඒ කැරන්ගේ දියණිය වන ඇලිසන් සමග පමණයි.

ඔක්තෝබර් 31වන දින උදෑසන, මයිකල් දකිනවා ඇරොන් සහ ඩානා තම සහෝදරිය වන ජුඩිත්ගේ සොහොන බැලීමට යන අයුරු. මයිකල් ඔවුන් පසුපස ඉන්ධන පිරවුම්හලක් දක්වා ගොස් එතැනදී ඔවුන් දෙදෙනාද, කාර්මික ඕවරෝල් ඇඳුම සොරකම් කිරීම සඳහා කාර්මිකයෙකුද මරා දමන අතර ඇරොන්ගේ මෝටර් රථයේ තිබී තම පැරණි වෙස් මුහුණ නැවත තමන් අතට ගන්නවා. 1978 වසරේදී මයිකල්ව අත්අඩංගුවට ගත් උප ෂෙරීෆ් නිලධාරී ෆ්‍රෑන්ක් හෝකින්ස් උත්සාහ දරනවා ෂෙරීෆ් බේකර් හට ඒත්තු ගන්වන්නට මයිකල්ගේ ඇති භයානකත්වය. මයිකල්ගෙ පැනයාම දැනගන්නා ලෝරිද උත්සාහ දරනවා තම දියණිය වන කැරන්ට ඒ පිලිබද අනතුරු අඟවන්නට, එහෙත් කැරන් එය ගණනකට නොගන්නා අතර, ලෝරිට පවසනවා අතීතය අමතක කර ජීවත්වන ලෙස.

එදින රාත්‍රියේ සාදයකදී තම පෙම්වතා වන කැමරන් වෙනත් අයෙකු හා පෙමින් වෙලී ඇති බව දැනගන්නා ඇලිසන් ඔහුගේ මිතුරා වන ඔස්කා හා එතනින් පිටවයනවා. ඒ අතරේ ජූලියන් නම් කුඩා පිරිමි දරුවෙකු බලාගනිමින් සිටින, ඇලිසන්ගේ හොඳම මිතුරිය වන විකී සහ ඇගේ පෙම්වතා ඩේව් මයිකල්ගේ ප්‍රහාරයකට ලක්වෙනවා. ජූලියන්ව රැකගැනීම සඳහා විකී තම ජීවිතය කැපකරනවා. මෙම සිදුවීම පොලිස් පණිවිඩ හරහා අසන උප ෂෙරීෆ් නිලධාරී හෝකින් සහ ලෝරි නිවස වෙත යනවා. වසර 40කදී මුල්ම වතාවට ලෝරි මයිකල්ව මුහුණට මුහුණ දකිනවා. මයිකල් පැනයන්නට ප්‍රථම ලෝරි ඔහුගේ උරහිසට වෙඩි තබනවා.

මයිකල්ට ප්‍රතිකාර කරන වෛද්‍ය රන්බීර් සාටේන් ෂෙරීෆ් බේකර්ව කැමති කරගන්නවා මයිකල්ව සොයායාමට උදව් කරන්නට. ඒ අතරේ සාදයෙන් පිටව යන ගමනේදී මයිකල් විසින් ඔස්කාව මරාදමන නමුත් නිලධාරී හෝකින්ස් සහ සාටේන් එවෙලේ එතනට පැමිණෙන අතර එයින් ඇලිසන්ගේ දිවි ගැලවෙනවා. හෝකින් ඉන්පසු උත්සාහ කරනවා. ඉන්පසු හෝකින් විසින් මයිකල්ව මරාදමන්නට උත්සාහ කරන නමුත් , මයිකල්ගෙ මේ ඝාතන වියරුවේ සැබෑව සොයාගැනීමේ ඇබ්බැහියකින් පෙලෙන සාටේන් හෝකින්ට පහරදී ඔහු මියයන්නට දමා යනවා. පසුව එලිදරව්වෙනවා මයිකල්ගේ පැනයාම සැලසුම් කලේත් සාතේන්ම බව, ඒ පිටත පරිසරයේදී ඔහුගේ හැසිරීම අධ්‍යයනය කිරීම සඳහා. කෙසේ හෝ, මයිකල් සාටේන්ව මරා දමන අතර ඇලිසන් පලායනවා. ඉන්පසුව අපරාධ ස්ථානයට පැමිණෙන පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද මයිකල්ගේ ගොදුරු බවට පත්වෙනවා.

මයිකල් මරාදැමුණු පොලිස් නිලධාරීන් දෙදෙනාගේ මෝටර් රථයෙන් ලෝරිගේ නිවසට යනවා, එතනදී ලෝරි එහි සිටිනවා තම දියණිය කැරන් හා මිණිපිරිය ඇලිසන් සමග. ලෝරිගෙ බෑණාවන රේ නිවසින් එලියට එනවා මෝටර් රථයෙන් එන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනායැයි සිතමින්, එහිදී මයිකල් රේගේ හුස්ම හිර කර මරාදමනවා. මයිකල් සමග අවසන් සටනට එලඹීමට පෙර ලෝරි සමත්වෙනවා කැරන්ව ආරක්ෂිත තැනකට ගෙන යන්නට. ලෝරි මයිකල්ව බරපතල ලෙස තුවාල කලත් , මයිකල් ඇයගේ උදරයට පිහියෙන් ඇන ඇයව බැල්කනියෙන් පහලට තල්ලු කරනවා. ලෝරිගේ මිනිය බැලීමට ගියවිට මයිකල් දකිනවා ඇය එතන නැති බව. ඇලිසන් නිවසට පැමිණ තම මිත්තණියගේ නම කියා හඬගසනවා මයිකල්ව රවටා එලියට කැඳවාගනිමින්, එතනදී කැරන් මයිකල්ගේ හනුවට වෙඩි තබනවා. නැවතත් කොහිසිට හෝ පැමිණෙන ලෝරි මයිකල්ට පහරදෙනවා, කැරන්ගේ සහ ඇලිසන්ගේ උදව්වෙන් මයිකල්ව නිවසේ ආරක්ෂත කාමරයේ සිරකරමින්. ඉන්පසු මේ තිදෙනවා නිවස ගිනිතබන අතර ලෝරි “සුභ ගමන්, මයිකල්” යැයි පවසනවා, ඉන් අනතුරුව ඇය සිහිසුන්ව ඇදවැටෙන අතර මාර්ගයේ ගමන් ගන්නා රථයක් නවත්වාගෙන කැරන් සහ ඇලිසන් ඇයව රෝගලට රැගෙන යනවා. මයිකල් ඇතුලේ සිටියදීම ගිනිගන්නා නිවසේභීගත මහලේ දසුනක් ඉන් පසු අපට දකින්නට ලැබෙන අතරම, එහි මයිකල් සිටිනු පෙනෙන්නේ නෑ. චිත්‍රපටයේ පසු නාමාවලි දසුනේදී මයිකල් හුස්ම හෙලන හඬ අපට ඇසෙන අතර, එයින් අපට හඟවනවා ඔහු තවමත් ජීවත්වන බව. එයින් පසු කතාවයි අපිට මෙවර Halloween Kills (2021) චිත්‍රපටයෙන් දකින්නට ලැබෙන්නේ. දැන් අපි යමු එම චිත්‍රපටයේ විස්තර පැත්තට.

Halloween Kills (2021)

පෙර නිර්මාණය සේම ඩේවිඩ් ගෝඩන් ග්‍රීන් අතින් අධ්‍යක්ෂණය වන මේ චිත්‍රපටය මේ වනවිට(10/17/2021) IMDb අගය 6.1ක්ද Rotten Tomatoes අගය 39%ක්ද මෙටාක්‍රිටික් අගය 42%ක්ද ලබා තිබෙනවා, ඒ ගූගල් පරිශීලක ප්‍රසාදය 76%ක්ද සමඟින්. රංගනයෙන් දායක වන්නේ ජේමි ලී කර්ටිස් (ලෝරි ස්ට්‍රෝඩ්), ජූඩි ග්‍රියර්(කැරන්), ඇන්ඩි මටීචෙක් (ඇලිසන්), විල් පැටන් (හෝකින්ස්), තෝමස් මාන් (තරුණ හෝකින්ස්),ජිම් කමින්ස් ( පීට් මැකේබ්), ඩිලන් ආනොල්ඩ් (කැමරන් ඊලම්), රොබට් ලෝංස්ට්‍රීට් (ලොනී ඊලම්), ඇන්තනි මයිකල් හෝල් ( ටොමී ඩොයිල්), චාල්ස් සයිෆර්ස් (ලී බ්‍රැකට්), ස්කොට් මැකාතර් ( ලොකු ජෝන්),මයිකල් මැක්ඩොනල්ඩ් (පොඩි ජෝන්) ඇතුළු පිරිසක්. එහෙනම් ඒ ඇති කියල හිතෙනව විස්තර කලා, මෙම චිත්‍රපට පෙල නරඹා ඇති ඔබට මට වඩා හොඳ අදහසක් ඇති චිත්‍රපටය ගැන. ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම. සියලු දෙනාටම ස්තූතියි නැවතත්.

ලබාදී ඇති උපසිරැසිය PCOK (Peacock) WEB ඇතුළු සියලුම WEB පිටපත්වලට ගැලපේ.

Information

Year : 2021


Genre : Horror,thriller

Actors : Jamie Lee Curtis,Judy Greer,Andi Matichak

Writer : N/A

Director : David Gordon Green

Plot : Halloween Kills: Directed By David Gordon Green. With Jamie Lee Curtis, Judy Greer, Andi Matichak, James Jude Courtney. The Saga Of Michael Myers And Laurie Strode Continues In The Next Thrilling Chapter Of The Halloween Series.

Youtube Trailer

WEB-DL සඳහා වීඩියෝ පිටපත්

Direct පිටපත

Direct පිටපත

Direct පිටපත

Torrent පිටපත

Torrent පිටපත

Torrent පිටපත

සිංහල උපසිරැස Download කරගන්න 201 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
CO - Admin
6.1
0%
0%
  1. Inuka Wijerathna Subtitler October 18, 2021 at 4:18 pm

    නියමයි සහෝ! 500ට සුභ පැතුම්!!!
    🥳 🥳 🥳
    ඉදිරියේ කරන උපසිරැසි කටයුතුත්. පෞද්ගලික වැඩකටයුතුත් සාර්ථකව කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!
    (1000ත් ගහමු මෙහෙම්මම :sweat_smile:)


    Reply
    • Hasitha Prasad Co - admin October 22, 2021 at 6:20 pm

      බොහොමත්ම ස්තූතියි, ඉනුක ❤


  2. Supun Kaushalya Unregistered User October 18, 2021 at 5:09 pm

    තෑන්ක්ස් සබ් එකට හසිත සහෝ…. සුබ පතනවා 500වෙනි සබ් එකට දැකපු සුපිරිම උපසිරසිකරුවෙක්


    Reply
    • Hasitha Prasad Co - admin October 22, 2021 at 6:19 pm

      බොහොමත්ම ස්තූතියි, සුපුන් ❤


  3. Kantha_DLA Unregistered User October 19, 2021 at 1:26 am

    500 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Thanks for SRT sub………………….


    Reply
    • Hasitha Prasad Co - admin October 22, 2021 at 6:19 pm

      බොහොමත්ම ස්තූතියි, Kantha ❤


  4. Rasika Samanjith Subtitler October 20, 2021 at 11:59 am

    ආශ්චර්යමත් 500 ට හදවතින්ම සුබ පතනවා හසිත. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා.


    Reply
    • Hasitha Prasad Co - admin October 22, 2021 at 6:18 pm

      බොහොමත්ම ස්තූතියි, රසික ❤.


  5. Hasitha Prasad Co - admin October 21, 2021 at 1:53 pm

    සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි දැක්වූ සහ දක්වන ප්‍රතිචාර වෙනුවෙන්. :heart::heart::heart:


    Reply
  6. දමිත් ප්‍රියංකර SYSTEM Administrator October 22, 2021 at 12:05 pm

    500 වෙනි සබ් එකට මාගෙන් උණුසුම් සුබ පැතුම් !!:star_struck::heart_eyes::star_struck:
    වෙබ් අඩවියේ තියෙන සබ් වලින් 1/5 තියෙන්නේ හසිතගේ කියලා වගකීමෙන් කියනවා ..

    Halloween (1978) , Halloween (2018) මෙහි මුල් චිත්‍රපට දෙක බවත් එහි කතාවල කොටසක් ලෙස මෙය හදුන්වන්න පුළුවන් …එම නිසා හසිත සදහන් කර ඇති ආකාරයට එම චිත්‍රපට 2 නරබන්න ..මෙහි අවසාන කොටස ලබන අවුරුද්දේ නිකුත් වීමට බලාපොරොත්තුවෙන් ඇත …


    Reply
    • Hasitha Prasad Co - admin October 22, 2021 at 6:18 pm

      දමිත්ගෙ මහන්සියට තමයි වැඩි ක්‍රෙඩිට් එක යන්න ඕනෙ ❤. අපිට නිදහසේ වැඩ කරන්න සයිට් එකක් තියෙන්නෙ දමිත් හින්දනෙ. බොහොම ස්තූතියි, දමිත්, ප්‍රතිචාරයට.


  7. සහන් සුලක්ඛණ Subtitler October 22, 2021 at 12:12 pm

    500 වෙනි උපසිරසියට සුබ පතනවා සහෝ. මෙච්චර කාලයක් අපේ හිත සතුටු කිරීමට අපිට හොඳ විනොදාස්වාදයෙන් සහ දැනුමෙන් යුක්තව ලිපි වගේ උපසිරසි අප වෙත ගෙන ඒම ගැන අයියට බොහොම ස්තුතියි. ඉතින් අයියේ අයියගේ ඉදිරි වැඩ කටයුතු සහ කරන සියලුම දේවල් සාර්ථකව කරගන්න ලැබේවා කියලා මම පතනවා ඉතින් දිගටම අපිට මේ විදිහට උපසිරසි සපයන්න කියලා ජය වේවා! කියලා මම පතනවා.


    Reply
    • Hasitha Prasad Co - admin October 22, 2021 at 6:21 pm

      බොහොමත්ම ස්තූතියි, සහන් ❤


  8. harsha Unregistered User October 22, 2021 at 12:53 pm

    සබ් එකට බොහොම ස්තූතියි…
    500 වෙනි කඩයිමටත් සුභ පැතුම් සහෝ..


    Reply
    • Hasitha Prasad Co - admin October 22, 2021 at 6:21 pm

      බොහොමත්ම ස්තූතියි, හර්ෂ ❤


  9. නෙතූශ Unregistered User October 22, 2021 at 12:59 pm

    500වෙනි උපසිරැසියට සුභ පැතුම් මචන්..තව තවත් සිංහල උපසිරැසි කිරීමට අවශ්ය කාලය වගේම ඉදිරි ජීවිතය සාර්තක කරගන්න අවශය ධෛර්යය ශක්තිය ලැබේවා..මේ උපසිරැසියටත් බොහොම ස්තූතියි..!!!


    Reply
    • Hasitha Prasad Co - admin October 22, 2021 at 6:22 pm

      බොහොමත්ම ස්තූතියි, නෙතූෂ ❤


  10. Hashan Unregistered User October 22, 2021 at 5:10 pm

    ගුණාත්මක උපසිරැසි කරණයේ ප්‍රමුඛයාණනි!
    500 වෙනි උපසිරැසිකරණයට මාගේ උණුසුම් සුබපැතුම්!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!


    Reply
  11. Hashan Unregistered User October 22, 2021 at 5:13 pm

    සහෝ පුළුවන්නම් Dune 2021 ෆිල්ම් එකට සබ් කරන්න ඒ ෆිල්ම් එකට උපසිරැසි ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කෙනෙක්ට විතරමයි හොඳ සබ් එකක් හදන්න පුළුවන්. අලුත් අය කරන සබ් වලින් බලන්න බෑ, තේරෙන්නෙ නෑ කතාව. පුලුවන්නම් ඒක කරන්න සහෝ.. SRT ලෙසත් උපසිරැසිය ලබා දෙන්න හැකින් නම්, මක් නිසාද වසර ගණනාවකින් බිහි වුණ විශිෂ්ඨ ඝනයේ විද්‍යා ප්‍රබන්ධයක් නිසා!


    Reply
  12. Hashan Unregistered User October 22, 2021 at 5:14 pm

    500 වෙනි කොලිටි උපසිරැසියට උණුසුම් සබපැතුම්!


    Reply
    • Hasitha Prasad Co - admin October 22, 2021 at 6:14 pm

      Dune මම කලින් ආව ලීක්ඩ් වෙබ් එක ඩවුන් කලා, ප්‍රින්ට් එක කොලටි මදි වගේ හින්ද බැලුවෙ නෑ. දැන් රියල් වෙබ් ප්‍රින්ට් එකක් ඇවිත් හින්ද ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නෙ. බලල සබ් දෙන්නම්, හෂාන්. අනිවාර්යයෙන්ම ෆිල්ම් එක හොඳ ඇති ඩිරෙක්ෂන් කලේ ඩෙනිස් විලනිව් හින්ද. බොහොමත්ම ස්තූතියි ප්‍රතිචාරයට.


  13. කවිඳු ජයවර්ධන Unregistered User October 23, 2021 at 2:07 am

    500වෙනි උපසිරැසිගැන්වීම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා හසිත සහෝ.පමාවට සමාවෙන්න ඕනෙ.දැනුයි දැක්කෙ.අයියගෙ සබ් වල ගුණාත්මකබව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.සබ් 500ක් හදනව කියන්නෙ කොහොමටවත් ලේසි පාසු දෙයක් නෙවේ.වැඩ රාජකාරි බොහොමයක් මැද්දේ ලොකු උත්සාහයක් අරන් කරන මේ සේවාවට බොහොම ස්තූතියි සහෝ..ඉදිරියටත් යුරෝපීය සිනමාව පැත්තෙන් බර කරට අරගෙන යන්න අවශය ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්ම ජීවිතේ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…ජය..!!!


    Reply
  14. Kantha_DLA Unregistered User October 25, 2021 at 8:26 am

    Request:

    De Oost (2020)


    Reply
  15. Hashan Unregistered User November 8, 2021 at 3:35 am

    Flag Day (2021) ට සබ් දෙමු. මේ ළඟදි ආපු සෙට් එකෙන් හොඳම ෆිල්ම් එක. හැමෝටම ඒක මගහැරිලා. හසිත නම් ඔය වගේ ඒව මගහරින්නෙ නෑනෙ.


    Reply
  16. DM Perera Unregistered User October 15, 2022 at 3:24 pm

    Halloween Ends (2022) ekatath sub dennako


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

Dinh Mu Suong (2020) Sinhala Subtitle

Fighting Fish (2012) Sinhala Subtitle

Limit (2022) Sinhala Subtitle

Soldier (1998) Sinhala Subtitle

Pewnego razu na krajowej jedynce (2022) [S01 : E01] Sinhala Subtitle

My Hero Academia (2020) [S01 : E01] Sinhala Subtitle

Pewnego razu na krajowej jedynce (2022) [S01 : E01] Sinhala Subtitle

Soldier (1998) Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Halloween Kills (2021) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2023 / Subz.LK