Sentinelle (2021) Sinhala Subtitle

March 08, 2021 Admin
Subtitle by Rasika Samanjith
සහෝදරිය වෙනුවෙන් දිවි පරදුවට

            Olga Kurylenko කිව්වම බටහිර චිත්‍රපටි බලන ඕන කෙනෙක් දන්න ජනප්‍රියම නමක්. අතිශය සාර්ථකත්වයට පත් සිනමා නිර්මාණ ගණනාවකට දායක වී දැනට ඉහළම තලයේ සිටින රංගන ශිල්පිනියක්. Hitman [2007], Quantum of Solace [2008], November Man [2014], Momentum [2015], Johnny English 3 [2018] සහ 2019 වසරේ තිරගතවූ Courier, ඇගේ ජනප්‍රියම චිත්‍රපට අතරින් කීපයක්. ඇගේ නවතම චිත්‍රපටය පසුගියදා, එනම් 2021 මාර්තු 05 වන දින Netflix වෙතින් හා පුරා කියා සිනමා ලොවට තිලිණ කලා. ඒ තමයි SENTINELLE. මේක Action, Drama, Thriller ගණයට වැටෙන ප්‍රංශ සිනමා නිර්මාණයක්. ඔල්ගාගෙ කලින් චිත්‍රපට වගේම එක හුස්මට බලන්න පුලුවන් ෆිලුමක්. ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු භාෂා තුනම මෙහි දකින්නට පුලුවන් මෙහි ධාවන කාලය විනාඩි 80 යි.
2019 වසරේ නොවැම්බර්, දෙසැම්බර් මාසයන්හී දින 35 ඇතුලත, බෙල්ජියමේ බ්‍රසල්ස්, ප්‍රංශයේ නීස් සහ මොරොක්කෝවේ කැසබැලන්කා වලදී රූපගත කිරීම් අවසන් කල නමුත් කෝවිඩ්-19 අවුල නිසා පසු නිෂ්පාදන කටයුතුවලට බාධා ඇතිවීම හේතුකොටගෙන ප්‍රදර්ශනය ප්‍රමාද වූ බවයි වාර්තා වෙන්නෙ. Olga Kurylenko ( ක්ලාරා ) සමග Marilyn Lima ( ටානියා ), Michel Nabokoff ( ලියෝනිඩ් කඩ්නිකොව් ) සහ Andrey Gorlenko ( ඉවාන් ) රංගනයෙන් දායක වෙනවා.
ක්ලාරා ප්‍රංශ හමුදාවේ කාන්තා සොල්දාදුවරියක්. සිරියාවේ ක්‍රියාන්විතයකදී ඇතිවන මානසික ආතතික ප්‍රශ්නයක් නිසා ඇයට තම නිවහන වන නීස් නගරයට මාරුවීමක් ලැබෙනවා. සෙන්ටිනල් කියන ත්‍රස්ත මර්දන ඒකකයට තමයි ඇයව අනුයුක්ත වන්නෙ. ඒත් ඇය ඒ මුර සංචාර වැඩේට එච්චර කැමැත්තක් නෑ. මොකද ඇය අති දක්ෂ හමුදා සාමාජිකාවක්. පුහුණුවේදී ඇගේ පංතියේ පළමුවෙනියා. භාෂා පහක් කතා කරනවා. ඔය අතරේ රාත්‍රි සමාජ ශාලාවකට යන ක්ලාරාගේ සහෝදරිය ටානියාව පසුවදා උදේ හම්බවෙන්නෙ බරපතල තුවාල සහිතව මුහුදු වෙරලේ ඉඳල. ඇය කොමා තත්වෙක ඉන්නෙ. ඇයව දූෂණයටත් ලක්වෙලා. මේකට වගකිව යුත්තා වෙන්නේ ප්‍රභූ පවුලක කෝටිපති පුතෙක්. ඔවුන් පුතාව හන්ගලා තියෙන්නෙ. මේ කේස් එක යට ගහන්න එයාලා දැඩි සත්කාරයේ ඉන්න ටානියාව මරන්නත් උත්සාහ කරනවා. පොලීසියටත් ඔවුන්ට විරුද්ධව කෙලින් තීරණයක් ගන්න බැහැ. තම සහෝදරිය වෙනුවෙන් ඔවුන් සමග සටන් කරන්නට තීරණය කරන ක්ලාරා ජීවිතයත් මරණයත් අතර යුද්ධයකට අවතීර්ණ වෙනවා. ජය වේවා.

SUB FORMAT  –  SRT  &   IDX

♣♣  WEBRip  / 720p / 1080p  ♣♣

ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.

Available Torrents
720p web 740.27 MB
1080p web 1.49 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (12)
  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සහෝ

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 88

      Thanx Thanx.

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 88

    මම ෆිල්ම් එක අරගෙන හිටියේ ..එත් බලන්න බැරි වුනා ..තැන්ක්ස් රසික සබ් එකට …

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 88

      Happy show time, Cheif. Thanx.

  • Rajitha Unregistered
    Android 9 Chrome 88

    Thanks jayawewa…..!

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 88

      oyaatath jayawewa.

  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 88

    ස්තූතියි. මේකට උපසිරැසියක් එනකම් හිටියෙ.

    පොඩි නිවැරදි කිරීමක්: Johnny English-2 නෙවෙයි 3 එකේ මෙයා ඉන්නෙ.

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 88

      owne. podi mistake ekak. thanx saho.

  • Shamal Manojan User
    Android 7 Chrome 88

    පැරණි ෆිල්ම් තව දෙනවා නේද?

  • Rasika Samanjith Admin
    Windows 10 Chrome 88

    Aniwaaren. site eka wenuwen aluth ewath karanna wenawaa.

  • Dilrulshi User
    Android 9 Chrome 77

    sipiri film ekak thanx

    • Rasika Samanjith Admin
      Windows 7 Opera 74

      thanx very much sister.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search