Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Raya and the Last Dragon (2021) Sinhala Subtitle Comedy Cold Storage (2026) Sinhala Subtitle Action Inferno (1999) Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E14] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E13] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E12] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E11] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E10] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E09] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E08] Sinhala Subtitle Action Raya and the Last Dragon (2021) Sinhala Subtitle Comedy Cold Storage (2026) Sinhala Subtitle Action Inferno (1999) Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E14] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E13] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E12] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E11] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E10] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E09] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E08] Sinhala Subtitle
  • Genres
  • Action
  • The Trip (2021) Sinhala Subtitle

The Trip (2021) Sinhala Subtitle

October 19, 2021 Rasika Samanjith | Admin
IMDB RATING 7
GENRES
ActionComedyGenresHorrorMoviesNorwegian Movies
CAST

Noomi Rapace,Aksel Hennie,Atle Antonsen

මෙහෙමත් ට්‍රිප් එකක්.

                               ඉතින් සියලුම Subz.lk හිතවතුන්ට ආයුබෝවන් කියමින් ඔයාලගෙන් අවසර ඉල්ලනවා පොඩි සටහනක් එකතු කරන්නට. ඊයෙ අපිට විශේෂ දවසක්. අපේ සයිට් එකේ උපසිරැසිකරුවන් අතර පෙරගමන්කරු මෙන්ම, සමස්ත සිංහල උපසිරැසි ලෝකයේ පුරාවෘත්තයක් වන අපේ සහෝදර හසිත ප්‍රසාද් සහෝදරයාගෙ 500 වෙනි උපසිරැසිය ඊයෙ Haloween Kills [2021] චිත්‍රපටයෙන් සම්පූර්ණ කලා. අවුරුදු 5 ක් වැනි කාලයකින් සබ් 500 ක්. හිතාගන්නවත් බෑ. මේ මගේ 75 වෙනි සබ් එක. ඒ ටික කරන්නත් කොච්චර නිදි මරල තියෙනවද? ඇතැම්විට පාන්දර වෙනකම්. උරහිස් කකියනකොට ටයිප් කරපුවා. වෙලාවකට එපාත් වෙනවා. මට එහෙමනම් 500 දිග් විජය කල හසිතට. ඔයාලට ගුණාත්මක සබ් එකක් අරන් එන්න කොහොම කට්ටක් කන්න ඇත්ද? සබ් කරන්න හීනෙකින්වත් නොහිතපු කාලෙක මාත් නිතරම අරන් බැලුවේ හසිතගෙ සබ්. ඒවා ඒ තරම් කොලිටි. ඒ විතරක් නෙමේ සාමාන්‍යයෙන් හින්දි, දෙමළ, ඉංග්‍රීසි වගේ ෆිල්ම් බලන්න විතරක් පුරුදු වෙලා හිටපු අපිට ප්‍රංශද, ස්පාඤ්ඤද, ස්වීඩන්ද, නෝර්වේජියන්ද, ජර්මන්ද, ඩෙන්මාර්ක්ද, හැම ජාතියකම වගේ ෆිල්ම් වලට සබ් දීලා, අපිව ලෝක සිනමාවේ වෙනස්ම ඉසව්වකට අරන් ගිය කෙනෙක් තමයි හසිත කියන්නෙ. තරගය නිසා සහ රැල්ලක් වෙලා තියෙන නිසා දැන් උපසිරැසි කලාවත් බල්ලට ගිහින් තියෙන්නෙ. හැමෝටම ඕනෙ ඉස්සෙල්ලාම තමන්ගෙ සයිට් එකේ පළ කරගන්න. ඉතින් ගූගල් ට්‍රාන්ස්ලේට් එකක්, ඒක නොපෙනෙන්න පොඩ්ඩක් පොලිෂ් කරල උණු උණුවේ කියල දානවා. සමහර වෙලාවට ඒකට වඩා ඉංග්‍රීසි සබ් එක තේරෙනවා. එයාල නොහිතන දෙයක් තියෙනවා. පාඨකයන්ට තරගයක් ඕනෙ නෑ. ෆිල්ම් එකක් බලන්න දවස් 6-7 ක් ගියා කියල ලොකු අමාරුවක් නෑ. අපේ සිංහල පාඨකයා උගත්, බුද්ධිමත්. එයාලට ඕනෙ බලන්න පුලුවන්, තේරෙන සබ් එකක්. මන් මේ කතා කරන්නෙ එයාල වෙනුවෙන්. මන් කියන කාරණය එයාලට තේරෙනවා. එයාලත් ඒකට එකඟ වෙයි. ඒ වගේම කියන්න ඕනෙ කැපවෙලා කරන හොඳ අයත් ඒ අතරෙ ඉන්නවා. ලහිරු උදයංග (zoom), අශේන් කවිඳු (zoom) සහ තරිඳු රුක්ෂාන් පෙරේරා ඒ අතර ඉහලින්ම ඉන්න, මම දන්න කීප දෙනෙක්. එයාල කරන අමිල කැපවීමත් අගය කරන්න මන් මේක අවස්ථාවක් කර ගන්නවා. ඉතින් උපසිරැසි තරගයට ගිහිල්ලා තමන්ගෙ ගුණාත්මක අනන්‍යතාව නැති කර නොගත්ත උපසිරැසිකරුවෙක් තමා හසිත කියන්නෙ. අලුත් ෆිල්ම් එකකට එයා සබ් එකක් දානකොට බොහෝ වෙලාවට අනිත් හැම සයිට් එකකම දාලා දවස් කීපයක් ගිහින්. එයාට හදිස්සියක් නෑ. කොලිටියයි වැදගත්. එයාගෙ සබ් බලාගෙන කොටසක් ඉන්න බව එයා දන්නවා. මාත් ඉන් එක්කෙනෙක්. එයා ගෙ තේමා පාඨයත්, Quality Takes Time කියන එකයි. ඉතින් හසිත, ඔයා අපේ සයිට් එකේ ඉන්න එක අපිට ලොකු ආඩම්බරයක්. ඔයාගෙ සබ් රස විඳින සියලුම පාඨකයන් වෙනුවෙන් 500 ට උණුසුම් සුබ පැතුම් සහෝදරයා.
                                 ඉතින් දැන් අපේ ෆිල්ම් එක බලමු. මේක නෝර්වීජියානු පට්ට ත්‍රිලර් කොමඩියක්. නම I onde dager. මේකෙ ඉංග්‍රීසි පිටපත තමයි The Trip. මුලින්ම තිරගත වුනේ 2021 ජුලි 30 නෝර්වේහීදී. Action, Comedy, Horror, Thriller යන වර්ගයන්ට අයත් වෙනවා. මිනිත්තු 113 ක ධාවන කාලයකින් යුතු වන අතර 7/10 ක IMDb අගයක්ද, Google පරිශීලකයන්ගේ මනාපය 87% ක්ද ලබාගෙන තියෙනවා. ප්‍රධාන නිළි චරිතයට පෙනී ඉන්නේ Noomi Rapace. ඇයව ඔයාලට මතක ඇති The Girl with the Dragon Tattoo [2009] සහ Close [2019] යන නිර්මාණ වලින් මතක හිටින රංගනයන් ඉදිරිපත් කලා. ඇය මෙහි ලීසාගෙ චරිතය පණපොවන අතර අනෙක් චරිත වලට Aksel Hennie (ලාර්ස්), Atle Antonsen (පෙටර්), Christian Rubeck (ඩේව්), André Eriksen (රෝයි) සහ Stig Frode Henriksen (වික්ටර්) එකතු වෙනවා.                             

                               කතාව දෙසට හැරුනොත් මුල ඉඳන් අග වෙනකල්ම ඇක්ෂන්, කුතුහලය වගේම කොමඩිත් පිරිච්ච එක හුස්මට බලන්න පුලුවන් ෆිලුමක්. කොමඩි කිව්වට මේකෙ ත්‍රිලර් පැත්ත කොමඩි වලින් විකාරයක් කරල නෑ. ත්‍රාසයට භීතියට හානියක් නොවෙන විදිහට චිත්‍රපටය පුරාම සිනහව තවරන්න නිර්මාපකයන් සමත්වෙලා තියෙනවා. කොමඩි කිව්වට මේක Black Comedy. ලොකු අසභ්‍ය, නිරුවත් දර්ශන නම් නෑ. නමුත් අසභ්‍ය වචන තමයි තියෙන්නෙ. මම නම් සබ් එකේ ඒ වචනම භාවිතා කරල නෑ. සාමාන්‍ය භාවිතයේ තියෙන විදිහට සැර අඩු කරල දාල තියෙන්නෙ. සමහර අනවශ්‍යම ඒවා අතහැරියා. ඒත් ළමයිට නම් නිර්දේශ කරන්න බෑ. හරියට බැලුවොත් ටීවී එකේ යන ඒවලත් ඊට වඩා තියෙනවා. ඒක ඔයාල තීරණය කරන්න. කොහොම වුනත් විවාහක ජෝඩු වලට නම් මේකෙ හොඳ පණිවිඩයක් තියෙනවා. ලාර්ස් රූපවාහිනි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක්. එතරම් සාර්ථකත්වයක් නෑ. වියදම් අධික, වගකීමක් නැති ජීවිතයක් ගෙවන්නෙ. අහස උසට ණය. ළඟදීම වාහන, ගෙවල් පවා අහිමි වෙන්නයි යන්නෙ. එයාගෙ නෝනා, ලීසා නිළියක්. තාම කරන්නෙ වෙළෙඳ දැන්වීම් සහ සුලු චරිත. එයාගෙ නාට්‍ය පන්තියේ හාදයෙක් එක්ක තියෙන සම්බන්ධයකුත් ලාර්ස් දැනගන්නවා. ඉතින් මේ දෙන්නා ලෝකෙට පේන්න හොඳට හිටියට ඇතුලෙ ගිනි ගොඩක්. හරියට ගිනි කන්දක් වගේ. දවසක් සති අන්තෙක මෙයාලා ට්‍රිප් එකක් යනවා. ඈත පිටිසර වැවක් අයිනෙ තියෙන, ලාර්ස්ගෙ තාත්තා හදපු සමර්හවුස් එකකට. ඒත් මේ දෙන්නගෙම හිතේ තියෙන්නෙ වෙන දෙයක්. ඒ අනිත් කෙනාව මරන්න කරන්න. එයාල ඒකට අවශ්‍ය දේවල් අරගෙන ෆුල් ප්ලෑන් පිට යන්නෙ. ලාර්ස්ගෙ හවුල්කාරයෙක් වන වික්ටරුත් සීන් එකට එන්න නියමිතයි. ඒ අතරේ හිරෙන් පැනල යන මිනීමරු අපරාධකරුවන් වන පෙටර්, ඩේව් සහ රෝයි යන තුන් දෙනත් මේ සමර්හවුස් එකට කඩා වැදීමත් සමග මේක පට්ට කැඳ හැලියක් බවට පත් වෙනවා.

විශේෂ
මේ ඩවුන්ලෝඩ් ලින්ක් වල නෝර්වීජියන් ඔරිජිනල් කොපියයි ඩබ් කරපු ඉංග්‍රීසි කොපියයි දෙකම තියෙනවා. අන්තර්ජාලෙ ගොඩක් තියෙන්නෙ ඉංග්‍රීසි පිටපත. මන් ඔයාලට නෝර්වීජියන් කොපියකුත් දීලා තියෙනවා. සබ් එක ඒ දෙකටම ගැලපෙනවා. නමුත්, මම නම් නිර්දේශ කරන්නෙ නෝර්වීජියන් පිටපත. දීලා තියෙන ඩිරෙක්ට් ලින්ක් ( ටොරන්ට් නෙමෙයි) වල 3 වෙනි එක තමයි නෝර්වීජියන් එක.

ජය වේවා.

QUALITY
480p // 320 MB
720p // 797 MB // 1.1 GB
1080p // 1.9 GB

SUB FORMAT // SRT & IDX TV

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

Rasika Samanjith
177 Movies
0 TV Series
177 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2699 වාරයක්
Download Links
WEBRip 720P
1.1 GB TOR
WEBRip 1080P
1.9 GB TOR
WEBRip 480P
320 MB DIR
WEBRip 720P
797 MB DIR
WEBRip 720P
1.1 GB DIR
WEBRip 720P
1.1 GB DIR
Available Torrents
720p bluray 1.02 GB
GET
1080p bluray 2.1 GB
GET
720p web 1.02 GB
GET
1080p web 2.1 GB
GET
Discussion (8)
  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 94
    2021-10-19

    උපසිරසියට ස්තූතියි සහෝ!
    උඩ කියල තියෙන දේට මාත් සම්පූර්ණයෙන්ම එකඟයි.
    මාත් තාම හසිතගෙ සබ් එකක් එනව කියල දැක්කොත්, ඒ ෆිල්ම් එක තියාගන්නවා හසිතගෙ සබ් එකත් එක්ක පස්සෙ බලන්න.

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 94
      2021-10-20

      මාත් එහෙමම තමයි, ඉනුක. සමහර ෆිල්ම් හසිතගෙ සබ නැත්නම් වැඩක් නෑ.
      Free guy, Tenet වගේ ඒවා.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 94
    2021-10-20

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    Request:

    Titane (2021)

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 94
      2021-10-20

      ගොඩක් ස්තුතියි, සහෝ.

  • Lakmal chathuranga Unregistered
    Windows 10 Chrome 94
    2021-10-20

    ගොඩක්ම ස්තූතියි.!

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 94
      2021-10-20

      ඔයාටත් ගොඩක් ස්තුතියි, සහෝ.

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 94
    2021-10-20

    තෑන්ක්ස් සබ් එකට සහෝ… අනිවාරෙන් හසිත කියන්නේ සුපිරිම උපසිරසිකරුවෙක් ඒකෙ කතා දෙකක් නෑ ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ එක උපසිරසි සයිට් එකක කෙනෙක් වෙන සයිට් එකක උපසිරසිකරුවන්වත් අගය කරපු පලවෙනි අවස්ථාවද කොහෙද මේ නැත්තං අපි හැමදාම දකින්නෙ අනිත් සයිට්වල උපසිරසිකරුවන්ට බනින ලිපි… සුපිරිම සහෝ තරඟයට වඩා සහයෝගයයි වටින්නෙ

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 94
      2021-10-22

      මේකනෙ සුපුන්, අපි හැමෝම මේක කරන්නෙ ඔයාල වෙනුවෙන්. ෆිල්ම් එකටත් හානියක් නොකර, පාඨකයන්වත් ගොනාට අන්දන්නෙ නැතුව ගුණාත්මක සබ් කරන අය මොන සයිට් එකේ හිටියත් අගය කරන්න ඕනෙ. ගූගල් ට්‍රාන්ස්ලේට්
      ගහන අය නම් මට අවංකවම අප්පිරියයි. මොකද එයාල හෑල්ලු කරන්නෙ ඔයාලව.

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 199
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved