Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Crime
  • The Many Saints of Newark…

The Many Saints of Newark (2021) Sinhala Subtitle

October 12, 2021 Junior Admin
එක් සොප්රනෝ කතාවක්

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ ඩිමෙයෝ අපරාධ පවුලේ සහ ඉතාලි- ඇමරිකානු සොප්රනෝස් පවුලේ එක් කාල සමයක් වටා ගෙතුණ Many Saints of Newark (2021) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය සමග. The Sopranos (1999-2007) කතාමාලාව නරඹා ඇති කෙනෙක්නම් ඔබට මේ චිත්‍රපටයට ප්‍රවිෂ්ට වීම ඉතා පහසු වනු ඇති සේම නරඹා නැති එහෙත් නරඹන්නට අදහස් කරගෙන සිටින අයෙක්නම් මෙම චිත්‍රපටය නරඹන්නට පෙර කතාමාලාව නරඹා සිටීම වඩාත් හොඳ බවයි මගේ හැඟීම, ඊට හේතුව චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ කතාමාලාවේ ප්‍රධාන චරිතය වන ටෝනි සොප්රනෝගේ ලමා කාලය පිලිබඳව වීම. අපරාධ නාට්‍යමය යන දෙවර්ගයට අයත් මෙය රචනා කරන්නේ ඩේවිඩ් චේස් විසින් වන අතර අධ්‍යක්ෂණය මුල් සොප්රනෝස් කතාමාලවේ කොටස් යම් ප්‍රමාණයක්ද අධ්‍යක්ෂණය කල ඇලන් ටේලර් විසින්. මේ වනවිට මෙය (10/12/2021) IMDbවෙතින් 6.4 අගයක්ද Rotten Tomatoes වෙතින් 72%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 60ක අගයක්ද ලබා තිබෙනවා. රංගනයෙන් දායක වන්නේ ඇලෙසැන්ඩ්‍රෝ නිවොලා (ඩිකී මොල්තිසාන්ති), ජොන් බර්න්තල් ( ජොනී සොප්රනෝ), ලෙස්ලි ඔඩොම් කණිෂ්ඨ (හැරල්ඩ් මැක්බ්‍රයර්), වෙරා ෆාමිගා( ලිවියා සොප්රනෝ), කෝරි ස්ටොල් (ජූනියර් සොප්රනෝ), රේ ලියොටා( ‘හොලිවුඩ් ඩික්’ මොල්තිසාන්ති),මිකෙලා ඩි රොසි (ජිසෙපිනා මොල්තිසාන්ති), මයිකල් ගැන්ඩොල්ෆිනි ( නව යොවුන් ටෝනි සොප්රනෝ), බිලී මැග්නසන් (පෝලී වොල්නට්ස්), සෝන් මැගාරෝ (සිල්වියෝ දාන්තේ), මයිකල් ඉම්පිරියොලි ( ක්‍රිස්ටොෆර් මොල්තිසාන්ති- කථනය) ඇතුළු පිරිසක්. දැන් අපට තිබෙන්නේ කතාව දෙසට යාමට වුවත්, සොප්රනෝස් පවුල පිලිබඳ කෙටි පැහැදිලි කිරීමක් ලබාදීම වටින බවයි මගෙ අදහස, ඒ නොදන්නා අයගේ දැනගැනීම පිණිස සහ ඔවුන්ට චිත්‍රපටය වඩාත් පැහැදිලිව රස විඳීමේ අවකාශය ලබාදීම සඳහා. එසේම මේ ඉතාලි- ඇමරිකානු මාෆියා කල්ලි අතර ඔවුන්ටම පොදුවූ වාග්මාලාවක් පවා භාවිතා වී තිබෙනවා. එසේම මෙය ටෝනි සොප්රනෝගේ ලමා කාලය පිලිබඳව වුවත් ප්‍රධාන චරිතය වන්නේ ඔහුව පාතාල ටෝනි සොප්රනෝ ලෙස හැඩගැස්වීමේ වැඩි කාර්යභාරයක් ඉටුකල ඩිකී මොල්තිසාන්ති. ඔහු ගැන කතාමාලාව තුල බොහෝ සෙයින් සඳහන් වුණත් ඔහු ගැන නිශ්චිත පැහැදිලි රූපයක් අපට එය තුලින් ලබා දෙන්නේ නෑ, අන්න ඒ හිදැස සපිරෙනවා මේ චිත්‍රපටය තුලින්. නැරඹීමට පෙර මතක තබා ගත යුතු තවත් දෙයක් තමයි මෙහි විටින් විට කෙරෙන කථන කොටස කරන්නේ ක්‍රිස්ටෝෆර් මොල්තිසාන්ති විසින්, ඔහු තමයි පසුව ටෝනි සොප්රනෝ ඩිකී මොල්තිසාන්තිගෙ පුත්‍රයා. ඔහු මරාදැමූවේද ටෝනි සොප්රනෝ බවයි කියවෙන්නේ. කෙසේ හෝ අපි යමු පසුබිම් කතාව පැත්තට. ඇත්තටම මාත් Sopranos කතාමාලාව නරඹා නෑ, මෙහි එන කරුණු සියල්ල අන්තර්ජාලය ඇසුරෙනුයි ඔබ වෙත ගෙන එන්නේ.

පූර්ව කතාව:
සොප්රනෝ පවුල යනු නෙපොලිටන්- ඇමරිකානු (ඉතාලියේ නේපල්ස් නුවර සම්භවය සහිත ඇමරිකානු) ප්‍රබන්ධමය සංවිධානාත්මක අපරාධ (Mafia) පවුලක්, අපි පෙර කතාකල The Sopranos කතාමාලාව තුල එන. මේ පවුල නිර්මාණය කෙරෙන්නේ 90 දශකයේ සැබෑ අපරාධ පවුලක් වන ඩි කැවැලකන්තේ පවුල පදනම් කරගෙන බවයි කියවෙන්නේ. සොප්රනෝ පවුලේ ආරම්භය වන්නේ ඩිමෙයො පවුල.

ආරම්භය :
ඇමරිකාව තුල ඇල්කොහොල් ආශ්‍රිත නිෂ්පාදන තහනම් කර තිබූ කාලසමය (1920- 1933 අතර) තුල සොර මත්පැන් නිෂ්පාදනය හරහායි මේ පවුලේ ආරම්භය සිදුවන්නේ. මෙහි අරම්භකයා ඇල්ෆනෝ නම් අද්භූත අයෙක් වන අතර මෙම අපරාධ පවුලේ ප්‍රසිද්ධ මුල් සාමාජිකයන් වන්නේ සොහොයුරන් දෙදෙනෙක්, එනම් ඇල්ඩෝ “හොලිවුඩ් ඩික්” මොල්තිසාන්ති සහ සැල්වතෝර් “සැලී” මොල්තිසාන්ති. (මොල්තිසාන්ති යන වචනය අපි සිංහලට පෙරලුවොත් එන්නෙ බහු සාන්තුවරුන් (multi saints) යන අරුත, ඒ නිසයි චිත්‍රපටය Many Saints of Newark ලෙස නම් වන්නේ.) මේ සහෝදරයන් දෙදෙනාම ඔබට චිත්‍රපටය තුලින් දැකගන්නට හැකියි. 1927 වසරේදී සැලී මොල්තිසාන්තිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමිවෙනවා මාෆියා පවුලේ නිල සාමාජිකයෙක්ව (A made member) මරාදැමීමේ වරදට දඬුවම් ලෙස. සොර මත්පැන් නිෂ්පාදනයෙන් (Bootlegging) ඇරඹෙන මේ මොල්තිසාන්ති පවුලේ බලාධිකාරිය වෙනස්වී පසුව හැඳින්වෙන්නේ ඩි’මෙයෝ පවුල ලෙස, එහි ප්‍රධානියා “බූට්” ඩි මෙයෝ ලෙස හැඳින්වෙන්නේ මේ සොර මත්පැන් හා තිබූ සම්බන්ධය නිසා, 1960 දශකය තුල දිවෙන මේ චිත්‍රපටය තුලත් ඔහු ගැන නිතරම සඳහන් වෙනවා සොප්රනෝ පවුලේ බොස් විදියට. මේ වනවිට මෙහි සාමාජිකයන් පිරිසට ඇතුලත් වෙනවා දකුණු ඉතාලියේ ඇවලිනො’හි සිට පැමිණි සංක්‍රමණික පවුල පුතුන් වන ජියොවන්නි “ජොනී බෝයි” සොප්රනෝ සහ කොරාඩෝ “ජූනියර්” සොප්රනෝ. මුල් කාලය තුල ඇමරිකාවේ නිව් ජර්සි නගරයේ නිවාක් පෙදෙස පුරා ආධිපත්‍යය පතුරාගෙන සිටි ඩි’මෙයො අපරාධ පවුලට සොප්රනෝ පවුල සම්බන්ධ වෙන්නෙ මේ විදියට. මෙම සොප්රනෝ සොහොයුරන් දෙදෙනා ඩි’මෙයෝ පවුලට සම්බන්ව වෙන වෙනම අපරාධ කල්ලි දෙකක් පවත්වාගෙන ගොස් තිබෙනවා නිව්යෝක් අපරාධ පවුල් පහ හා සමීප සම්බන්ධතාවක් සහිතව. ඔබ The Irishman (2019) නරඹා ඇත්නම් ඔබ දකින්නට ඇති මෙකී මාෆියාවන් හා වෘතීය සමිති අතර තිබෙන සම්බන්ධකම්. මෙම ඩි’මෙයෝ සහ සොප්රනෝ මාෆියාත් එලෙසම සම්බන්ධකම් තබාගෙන ගොස් තිබෙනවා බොහෝ වෘතීය සමිති සමග(ඔබට චිත්‍රපටය තුල එක් තැනක ජූනියර් මේ ගැන සඳහන් කරනවා අසන්නට ලැබෙයි). දැන් ඔබට මේ ගැන දල අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මම සිතනවා. චිත්‍රපටය ඇරඹෙන්නේ 1967 වසරෙන්, ඒ ලාබාල ටෝනි සොප්රනෝ සහ ඩිකී “ඩික්” මොල්තිසාන්ති දෙදෙනා ඩිකීගේ පියාවන “හොලිවුඩ් ඩික්” මොල්තිසාන්තිව සහ ඔහුගේ නව බිරිඳ ජිසෙපිනාව ඇමරිකාවට පිලිගැනීමට යන දර්ශනයකින්..ඉන් එහාට සියලුම දේ චිත්‍රපටය තුලින් දැකගත හැකි නිසා මින් ඉදිරියට මම කතාව ගැන කියන්නට යන්නේ නෑ, එය නරඹන ඔබට ඉතිරිකරමින්. එහෙනම් ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්. චිත්‍රපටය නැරඹීමේදී ඔබට ගැටලු සහගත විය හැකි කරුණු යම් ප්‍රමාණයක් පහතින් සඳහන් කරන්නම්, ඔබ මෙම ඉතාලි-ඇමරිකානු මාෆියා චිත්‍රපටවලට ආගන්තුකනම් එම කරුණු වැදගත් විය හැකියි ඔබට.

ලබාදී ඇති උපසිරැසිය ‍Web පිටපත් සඳහා ගැලපේ.

ඉතාලි දෙබස් වෙන්කර දැක්වීම සඳහා වරහන් යොදා ඇත.

විශේෂ :

• ක්‍රිස්ටෝෆර් මොල්තිසාන්ති :
මොහු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ඩිකී මොල්තිසාන්තිගේ පුත්‍රයා. පසුව ටෝනිගේ සෙවණේ හැදී වැඩෙන ක්‍රිස්ටෝෆර්ට මරණය ගෙන එන්නේද ටෝනි බවයි කියවෙන්නේ.

• මුසෝලිනි

මේ තැනැත්තා ගැනනම් ඔබ අපි හැමෝම දන්නවා. මේ තමයි එවක ඉතාලි අග්‍රාමාත්‍ය (ආඥාදායක) බෙනිටෝ මුසෝලිනි (1915-1945) ඔහු 1922 වසරේ සිට 1943 දක්වා මෙම තනතුර දැරුවා.

• වීටෝ ජෙනෙවිසි (1897-1969)

ඉතාලියේ උපන් ඇමරිකානු මාෆියා කල්ලිකරුඑක් වන මොහු පෙරකී මත්පැන් තහනම් යුගයේදී ඇමරිකානු මාෆියාවේ ඉහලට ආ අයෙක්.

• අංක ලොතරැයි සූදුව (Numbers game)

මෙය සාමාන්‍ය භාවිතයේදී ඉතාලි ලොතරැයිය ලෙස හඳුන්වන එවක තිබූ නිල නොවන, නීති විරෝධී සූදුවක්. මෙයට වැඩියක්ම ඇබ්බැහිව සිට ඇත්තේ වැඩ කරන පංතියේ දුප්පත් ජනතාව. මේ පිලිබඳ වැඩි විස්තර චිත්‍රපටය තුල සඳහන් නිසා මම මීට වඩා විස්තර කරන්නට යන්නේ නැහැ.

• සොනී සහ ෂෙර් (Sonny & Cher)

1960-70 දශකයන් තුල වෘතියෙන් ඇමරිකානු පොප් ගායක යුවලක් වූ මේ දෙදෙනා සැබෑ ජීවිතයේද සැමියා බිරිඳ.

• ගූමාර් (Comare)

ඉතාලි මාෆියාව තුල මෙසේ හැඳින්වී ඇත්තේ නිල මාෆියා සාමාජිකයෙකුගේ අනියම් බිරිඳ හැඳින්වීම සඳහායි. මෙම පවුල්වල බොහෝ දෙනා මෙසේ අනියම් බිරියක් නොහොත් ගූමාර් කෙනෙක් තබාගෙන සිටීම සාමාන්‍ය දෙයක්ව තිබූ බව කියවෙනවා.

• ශාන්ත ඇපලෝනියා (Saint Apollonia)

ඇපලෝනියාගේ දත් කඩා දැමීම දැක්වෙන කැටයමක්

පුරාණ ඇලෙක්සැන්ඩ්‍රියාව තුල ක්‍රිස්තියානුවන්ට එරෙහි ජනතා නැගිටීමේදී මරණයට කැපකෙරුණු කාන්තාවක් තමයි පසුව ශාන්ත ඇපලෝනියා ලෙස දේවත්වයට නැගෙන්නේ. ඇයව මරා දැමෙන්නෙ ක්‍රිස්තියානි ආගම අත්හරින ලෙස බලකර ඇයගේ දත් කඩා දැමීමෙන් පසුවයැයි කියවෙන නිසයි ඇය දන්ත වෛද්‍යවරුන්ගේ රක්ෂක ශාන්තුවරිය ලෙස සැලකෙන්නේ.

• හිම ටයර් සහ දම්වැල් දැමූ ටයර් (Snow Tyres and Chained Tyres)

ස්නෝ ටයර්

මෙසේ හිම ටයර් නොඑසේනම් වින්ටර් ටයර් ලෙස හැඳින්වෙන්නේ දැඩි ශීත සෘතූන් ඇති රටවල රථවාහනවලට එම සමයන් තුල සාමාන්‍ය දේශගුණික ටයර් වෙනුවට භාවිත කිරීමට ඇති දැඩි ශීතට ඔරොත්තු දෙන සහ ලිස්සායාම ඉතා අවම වන ලෙස සැකසූ ටයර, අප රට තුලට විදේශයන්හි භාවිත කර ගෙනෙන යම් රථවාහනවල මෙම ටයර දකින්නට හැකි අතර, සාමාන්‍ය භාවිතයේදී හැඳින්වෙන්නේ අයිස් ගාඩ් ටයර් ලෙසයි.

දම්වැල් දැමූ ටයර් ලෙස හැඳින්වෙන්නේ උපරිම ඝර්ෂණයක් ලබාදැමීම සඳහා ස්නෝ දම්වැල් දැමු ටයර්. දම්වැල් දැමීම ලිස්සායාම අවම කරගැනීමට උදව්වක් වුවත්, ටයරයට සැලකියුතු හානියක් සිදුවෙනවා ගමන් කරන දුර අනුව.

• ෆ්‍රෑන්ක් සිනාත්‍රා

ෆ්‍රෑන්ක් සිනාත්‍රා යනු ඉතාලි සංක්‍රමණික පවුලකට දාව උපන් ඇමරිකානු ගායකයෙක් සහ රංගන ශිල්පියෙක්. මාෆියා සාමාජිකයන් හා යම් සම්බන්ධකම් තිබූ අයෙක් ලෙසයි ඔහුව සැලකෙන්නේ. චිත්‍රපටය තුලදී ඔහුව හොබෝකන්හි මණ්ඩල ප්‍රධානී ලෙස හඳුන්වනවා ඔබට අසන්නට ලැබෙයි, එය ඔහු හැදී වැඩුණු හොබෝකන් පෙදෙසට ඇති සුවිශේෂ සම්බන්ධ හැඳින්වීමට භාවිතා කල නමක් විනා එයින් කිසි නිල තනතුරක්
හැඳින්වෙන්නේ නෑ.

• G.I පනත (G.I. Bill)

වියට්නාම යුධ සමයේ තෝරාගත් ඇමරිකානු තරුණ පිරිස් විශාල වශයෙන් හමුදාවට (බලෙන්) බඳවාගැනීමට සම්මත කරගත් පනත මෙනමින් හැඳින්වේ. මුලදී විශ්ව විද්‍යාල අධ්‍යාපනයට තේරුණ සිසුන්ට අදාල නොවුණ මේ පනත චිත්‍රපටයේ එන කාල වකවානුව (1965) වනවිට සංශෝධනයට ලක් කෙරෙනවා ඔවුන්වද හමුදා සේවයට බඳවාගතහැකි ලෙස.

• මාෆියා සහ කසල කලමණාකරනය

ලෝකයේ එදා සහ අද මාෆියා කල්ලි ඉතිහාසය අධ්‍යයනය කරනවිට ඔවුන් සහ කසල කලමණාකරනය අතර දැඩි සමීපකමක් දැකගන්නට හැකියි. කුමක් විය හැකිද ඊට හේතුව? ලොකුම හේතුව වන්නේ එය පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ නීත්‍යානුකූලව විශාල ප්‍රදේශයක පාලනය සියතට ගැනීමට පහසුවක් වීම. ජාවාරම්කරුවෙක්ට එය ඉතාම වාසියක්. මුදල් ලාභප්‍රයෝජන තකා විෂ අපද්‍රව්‍ය බැහැරකිරීම් වැනි දේද මෙම පිරිස් සිදුකොට තිබෙනවා තම බලය පාවිච්චි කර.

• වයිට් ෆ්ලයිට් (White flight)

වයිට් ෆ්ලයිට් ලෙස හැඳින්වෙන්නේ වර්ණභේදවාදය දැඩිව තිබූ එවක කළු ජාතිකයන් පදිංචියට ඒම බහුල පෙදෙස්වලින් සුදුජාතිකයන් විශාල ප්‍රමාණයන් ලෙස පදිංචිය හැරයාම. මීට විශාලතම හේතුව ලෙස දැක්වෙන්නේ පොදු පහසුකම් කළු ජාතිකයන් හා සමව භාවිතා කිරීමට සුදු ජාතිකවාදීන්ගේ තිබූ අකමැත්ත.

• සඳට ගොඩබැස්සේ නීල් යංග්ද?

ඔබ දන්නවා නීල් යං යනු කැනේඩියානු- ඇමරිකානු ගායකයෙක්. ඔබ චිත්‍රපටය තුලදී අසන්නට ලැබෙයි ක්‍රිස්ටෝෆර් මොල්තිසාන්ති විසින් සඳහන් කරනවා සඳට මුලින් පා තැබුවේ නීල් යංග්යැයි හැඟවෙන වාක්‍යයක්, හැබැයි මුළු ලෝකයම දන්නවා සඳට මුලින්ම පා තැබුවේ නීල් ආම්ස්ට්‍රෝන් බව. ඒ නිසා ක්‍රිස්ටොෆර් එසේ කීමට පැහැදිලි හේතුවක් සොයාගන්නට නැතත්, චිත්‍රපටයේ කථිකයා ලෙස අප හමුවට එන ක්‍රිස්ටෝෆර්ගේ කතාවේ ඇත්ත නැත්ත ගැන අපිට යම් සැකයක් ඇතිකිරීමට විය හැකියි ඒ.

• RICO පනත (The Racketeer Influenced and Corrupt Organizations)

මෙය සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන්කිරීමට 1970 වසරේදී ගෙන ආ පනතක් මෙය.

• ෆ්‍රෑන්ක් ලූකස් (1930-2019)

ෆ්‍රෑන්ක් ලූකස් යනු 1960-70 කාල සමය තුල ඇමරිකාවේ හාලෙම්හි තම ජාවාරම් සිදුකල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්. ඔහු අතරමැදියන්ගෙන් තොරව සෘජුවම හෙරොයින් අලෙවිකල අයෙකු බවයි කියවෙන්නේ.

• ටයර් රොටේට් කිරීම (Tyre Rotation)

මෙතනදී අපි උදාහරණයකට ගමු රෝද හතරක් සහිත රථයක්,අමතර රෝදයද (Spare Wheel)සමග මුළු ටයර් ගණන 5ක් (අමතර රෝදය අනෙත් ටයරවලට සමාන එකක්නම් පමණක්). රථයක ටයර් ඇති ස්ථාන අනුව ටයර් ගෙවීයාම වෙනස් වනවා, උදාහරණයකට සාමාන්‍යයෙන් ඉදිරිපස ටයර් ගෙවීයාම ඉහලයි පසුපස ටයර්වලට වඩා, එසේම අමතර රෝදය භාවිතා වන්නේම නැති තරම් නිසා එය ගෙවීයාමක් සිදුවන්නේම නැති තරම්. ටයර් සියල්ල හැකිතරම් සමානව ගෙවී යන ලෙස භාවිතා කරන්නටයි ‍ටයර් රොටේට් කිරීම සිදු කරන්නේ (ඉහත රූපයේ ඇති ලෙස). බොහෝවිට පූර්ණ සේවාවාරයක් පාසා මෙම රොටේට් කිරීම සිදුකරනවා. ඉහත රූපයේ ඇති ක්‍රමයට අමතරව එක් එක් රටාවන් තිබෙනවා ටයර් රොටේට් කරන.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2191 වාරයක්
Download Links
DIR
DIR
DIR
TOR
TOR
Available Torrents
720p bluray 1.08 GB
GET
1080p bluray 2.22 GB
GET
720p web 1.08 GB
GET
1080p web 2.22 GB
GET
2160p web 5.36 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (4)
  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 94
    2021-10-12

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 94
    2021-10-13

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • Hashan Unregistered
    Windows 10 Chrome 94
    2021-10-15

    බොහොම ස්තූතියි සහෝ..

    Reply
  • Fernando Unregistered
    Windows 10 Firefox 103
    2022-08-14

    kohomada download karaganne?Thanks whatsapp 0778803348y

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved