
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මම දවසක කිව්වා මතක ඇති මම අඩක් නිමකර දමා ඇති උපසිරැසි වැඩ අවසන් කර ඔබට ලබාදෙන බවට. එයින් තවත් උපසිරැසියක් තමයි අද මේ අරගෙන එන්නෙ. කීපදෙනෙක්ම මෙහි සබ්ස් එල් කේ වර්ෂන් එකක් ලබාදෙන්න කියල පුද්ගලිකව ඉල්ලීම් පවා කර තිබුණ නිසයි මෙය තෝරාගත්තෙ මම. මේ තමයි 2015 වසරේ තිරගතවූ The Martian චිත්‍රපටයේ උපසිරැසිය. මම දන්නව ඔබ බොහෝ දෙනෙක් දැනටම මෙය නරඹල තියන බව. කෙසේ වෙතත් මම මේ උපසිරැසිය අරගෙන එන්නෙ මෙහි අවසාන වශයෙන් නිකුත් වූ Blu-Ray Extended පිටපතටයි. මෙය සිනමා ශාලා ප්‍රදර්ශනයට සැකසූ( theatrical cut) පිටපතට වඩා දල වශයෙන් මිනිත්තු නමය හමාරක් පමණ වැඩි ධාවන කාලයකින් යුක්තයි. යම් තරමකින් වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන්නට පුළුවන් වැඩිපුර එක්කර ඇති දර්ශන හා යම් දෙබස් නිසා. එය වැඩිදුර බලන්නට අවශ්‍යනම් මෙම වෙබ් පිටුවෙන් එම පිටපත් දෙක අතර ඇති වෙනස්කම් දැකගත හැකියි, රසවින්දයට බාධා විය හැකි නිසා චිත්‍රපටය නැරඹීමෙන් පසු එම වෙබ් පිටුවට පිවිසෙන්නේනම් එය වඩාත් සුදුසු බවද මතක් කරමි.
ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වලින් හෝ වෙනයම් තැනකින් වීඩියෝ පිටපත් ලබාගැනීමේදී එහි Extended ලෙස සඳහන්ව ඇත්දැයි පරීක්ෂා කර බලා ලබාගැනීමට සැලකිලිමත් වන්න. එසේ සඳහන් නැති කිසිදු පිටපතකට උපසිරැසිය නොගැලපේ.
____________________________________________________
නවකතාව සහ ඇන්ඩි
ඇන්ඩි වෙයර් ලේඛකයාගේ The Martian නවකතාව ඇසුරින් නිර්මාණය වන මේ චිත්‍රපටය අයත්වන්නේ ත්‍රාසජනක, නාට්‍යමය, විද්‍යා ප්‍රබන්ධ යන තුන් ෂානරයන්ට වන අතර මුලින්ම තිරගතවූ දිනය 2015 වසරේ ඔක්තෝබර් 2 ලෙසයි IMDb අඩවියේ සඳහන් වන්නේ. ඩෲ ගොඩාඩ්ගේ තිර පිටපත් රචනයෙන් හා මෙවන් චිත්‍රපටවලටම වැඩි ප්‍රසිද්ධියක් උසුලන රිඩ්ලි ස්කොට්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙය එවක ඔස්කා සම්මාන හතකට පවා නිර්දේශ වූවක් වන අතර ඊට අමතරව තවත් සම්මාන 39ක්ද දිනාගෙන තිබෙනවා. මෙහිදී නවකතාවේ ඇති කතාව සහ යම් යම් චරිත යම් ආකාරයකින් වෙනස්කම්වලට ලක්කර තිබෙන අතර හැකි උපරිම නිරවද්‍යතා මට්ටමක් පවත්වාගැනීම සඳහා නාසා ආයතනයේ උපදේශන සහයද මෙම චිත්‍රපටය සඳහා ඉතා විශාල වශයෙන් ලබාගෙන ඇති බව සඳහන් වෙනවා. IMDb වෙතින් 8.0ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 91%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 80ක අගයකුත් ලබා ඇති මෙයට රංගනයෙන් දායක වන්නේ මැට් ඩේමන් ( මාක් වොට්නි), ජෙසිකා චැස්ටේන් ( කමාන්ඩර් ලුවිස්),ක්‍රිස්ටන් විග් (ඇනී මොන්ට්‍රෝස්), ජෙෆ් ඩැනියෙල්ස් (ටෙඩී සැන්ඩර්ස්), මයිකල් පෙන්යා (රික් මාටිනෙස්), ෂෝන් බීන් (මිච් හෙන්ඩර්සන්), කේට් මාරා (බෙත් ජොහැන්සන්), සෙබස්තියන් ස්ටෑන් ( ක්‍රිස් බෙක්),ඇක්සල් හෙනී (ඇලෙක්ස් වෝගල්), චිවටෙල් එජියෆර් (වින්සන්ට් කපූර්), බෙනඩික්ට් වොන් ( බෲස් න්ග්), මැකෙන්සි ඩේවිස් (මින්ඩි පාක්), ඩොනල්ඩ් ග්ලොවර් (රිච් පර්නෙල්) ඇතුළු පිරිසක්. අඟහරු මෙහෙයුමකදී සිදුවන සිදුවීම් පෙලක් මත දිවෙන කතාවක් නිසා අපි දැන් මුලින්ම බලමු නාසා ආයතනය අඟහරු ග්‍රහයාගේ ස්වභාවය දක්වා ඇති ආකාරය කෙටියෙන්…
පිහිටීම
හිරුගේ සිට සිව්වෙනි ග්‍රහලොව
ප්‍රමාණය
පෘතුවිය, අඟහරු හා චන්ද්‍රයා (සැතපුම්වලින්) ප්‍රමාණාත්මක ලෙස ගත්කල
දුර
හිරුගේ සිට පෘතුවියේ හා අඟහරුගේ කක්ෂයන් ඇති දුර
වර්ෂ
අඟහරුගේ වසරක් පෘතුවි වසරක් මෙන් දෙගුණයකට ආසන්නය.
පරිමාව
පෘතුවියේ පරිමාව පිරවීමට අඟහරු ග්‍රහයන් 6කට වඩා අවශ්‍ය වේ
උෂ්ණත්වය
ගුරුත්වය
අඟහරු මතදී අත්දකින්නට ලැබෙන්නේ ඔබට හුරු ගුරුත්වාකර්ෂණ මට්ටමෙන් 62.5%ක් පමණි
වායුගෝලය
(උපුටාගැනීම NASA ආයතන නිල වෙබ් අඩවිය)
මීට අමතරව….
• දුහුවිල්ල නිසා දිවාකාලයේදී අඟහරු රතට හුරු තැඹිලි පැහයකින් දිස්වේ. රතු ග්‍රහලොව ලෙස හැඳින්වෙන්නේ ඒ නිසයි.
• වායුගෝලයක් නොමැති තරම් නිසා හිරු උදාවීම් හා හිරුබැසීම් නිල් පැහැයෙන් දිස්වේ
• අඟහරු මත එක් දිනයක් (Sol) පෘතුවි දිනයකට වඩා මිනිත්තු 37ක් දිගුය.
කතාවට කෙටි ආරම්භයක්….
අනාගතයේදී අඟහරු වෙතට යැවෙන මිනිසුන් සහිත මෙහෙයුමක් අතරතුර ඇතිවන දරුණු කුණාටුවකදී අභ්‍යවකාශගාමී මාක් වොට්නි මියගියේයැයි සිතමින් ඉතුරු අ්‍යවකාශගාමීන් පිරිස අඟහරුගෙන් පිටවයනවා. එහෙත් එම අනතුරින් කෙසේහෝ මාක් වොට්නිගේ දිවි ගැලවෙන අතර ඔහු ජීවයට කිසිසේත්ම හිතකර නොවන ග්‍රහලොවක ජීවත්වන්නට දරන වෑයමයි මේ චිත්‍රපටයෙන් අපිට දකින්නට ලැබෙන්නේ. එහෙනම් ඉන් එහා ඔබට බාරයි, මම ගිහින් එන්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින්.
ලබාදී ඇති උපසිරැසිය Blu-Ray Extended පිටපත් සඳහා පමණි.
යෙදෙන යම් වදන් හා එහි අර්ථ
• MAV
මෙය Mars Ascent Vehicle යන්න කෙටි කිරීමකි. MAV යනු අඟහරුගේ සිට ගුවන්ගතවීමට (මව්යානයට යාමට) භාවිතා කරන කුඩා රොකට්ටුවකි.
• MDV
මෙය Mars Descent Vehicle යන්න කෙටි කිරීමකි. මව් යානයේ සිට අඟහරු මතට ගොඩබැසීමට භාවිතා කරන රොකට්ටුවකි.
• EVA අභ්‍යවකාශ ඇඳුම (Extravehicular Activity Suit)
EVA යනු රථබාහිර ක්‍රියාකාරකම් සඳහා භාවිත කෙරෙන ඉහත සඳහන් සුදු පැහැ අභ්‍යවකාශගාමී ඇඳුම හැඳින්වීමට භාවිත වන කෙටි වදන වේ. සරලවම ගතහොත් යානයෙන් පිටත අභ්‍යවකාශයේ ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන ඇඳුම වේ.
Download Links:
Download Direct පිටපත Download Torrent පිටපත Download Torrent පිටපත
Hasitha Prasad
Comments: 2
Leave a Reply
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Inuka Wijerathna
දැනට දෙපාරක් බැලුවා.
Extended එකත් බලන්නම්කො.
ස්තූතියි.
Hashan
ගොඩක් ස්තූතියි හසිත සබ් එකට ❤