The Meg (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. කලින් උපසිරැසියෙදි පොරොන්දු වුණ විදියටම මේ එන්නෙ ජේසන් ස්ටැතම් රඟන The Meg (2018) චිත්‍රපටයෙ උපසිරැසියත් අරගෙනයි. මේක ඇත්තටම අපේ හිතවතෙක්ගෙ ඉල්ලීමක්, නම පළ කරන්න එපාමයි කියල ඉල්ලීමක් කල නිසා මම එහෙම නොකර ඉන්නම්. ලේඛක ස්ටීව් ඇල්ටන් විසින් 1997 වසරේ පලකල Meg: A Novel of Deep Terror නම් නවකතාව ඇසුරින් නිර්මාණය වුණ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ජොන් ටර්ටල්ටබ්ගෙන්. මෙය මේ වනවිට ලබා ඇති Imdb අගය 6ක් වන අතර Rotten Tomatos වෙතින් ලබා ඇති අගය 46%ක්, ඒ වගේම ගූගල් පරිශීලකයන් 90%කගේ ප්‍රසාදයත් ලබා තිබෙනවා. ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ ක්‍රියාදාම චරිතවලට නම් දරපු ජේසන් ස්ටැතම්. ඊට අමතරව බින්ග්බින් ලී, රේන් විල්සන්, ක්ලිෆ් කර්ටිස්, වින්ස්ටන් චාඕ, රූබි රෝස් වගේ පිරිසක්. හරි දැන් අපි යමු චිත්‍රපටයෙ කතාව පැත්තට…
ජොනාස් ටේලර් කියන්නෙ පළපුරුදු කිමිදුම්කරුවෙක්, ඒ වගේම දියයට මුදාගැනීම් මෙහෙයුම්වල අති දක්ෂයෙක්. ටිකක් මුරණ්ඩු චරිතයක්. කොහොමහරි දවසක් ඔහු කරන මෙහෙයුමකදී නොසිතූ තර්ජනයකට මුහුණ දෙන ඔහුට සිදුවෙනවා බේරාගත් පිරිසගේ සහ තමන්ගේ ආරක්ෂාව තකා කීපදෙනෙක් අත්හැර දමා එන්න. කිව්වට කිසි කෙනෙක් පිළිනොගන්න ඒ සිදුවීමෙන් නොසෑහෙන්න චෝදනා ලබන ඔහු කිමිදුම් අත්ඇරල දාල දැන් ඉන්නෙ තායිලන්තෙ. එහෙම ඉන්න ඔහුට දවසක ආයිත් අර වගේම මෙහෙයුමකට ආරාධනා ලැබෙනවා. ජීවිතේට ආයිත් මුහුදු නොයන්න හිතාහිටියට එක හේතුවක් හින්ද ජොනාස්ට මේ ගමන යන්නම වෙනවා..ඒ ගිහිල්ල හැප්පෙන්න වෙන්නෙත් අර කලින් කිව්ව නොසිතූ තර්ජණය එක්කමයි.. හරි ඒ ඇතිනේ, කොහොමහරි මේකත් CGI වලින් වැහුණු කතාව පැත්තෙන් සෑහෙන හිස්තැන් තියන ෆිල්ම් එකක්. කැමති අය බලන්න මම ගිහින් එන්නම්. හමුවෙමු How It Ends (2018) චිත්‍රපටයේ උපසිරැසියත් සමග.
උපසිරැසි ගොණුව තුලWEB-DL සහ BLURAY පිටපත් ද්විත්වයටම උපසිරැසි අන්තර්ගත කර ඇත. ඩවුන්ලෝඩ් ලින්ක්හි ඉහලින් ඇති ලින්ක් එක WEB-DL පිටපත සඳහාවන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ.
නිකමට වගේ මේකත් බලන්න, මේ තමයි මේ කාලෙ හොලිවුඩ් නිර්මාණ තුල තුල චීනය වැඩි වැඩියෙන් පේන්න ඉන්න හේතුව.How China is changing Hollywood
විශේෂ :-
- මේ චිත්‍රපටයෙදි ජේසන් ස්ටැතම්ට වැඩිහරියක්ම තියෙන්නෙ වතුරත් එක්ක ගැටෙන්න. ඇත්තටම ඔහු සැබෑ ජීවිතයෙදිත් පිහිනුම් ශූරයෙක්. 1990 වසරේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී එංගලන්තය නියෝජනය කරන්නට පවා ඔහු වරම් ලබා තිබෙනවා. මේ තියෙන්නෙ එහි කෙටි වීඩියෝවක්.
- නවකතාවේදීනම් මෙහි එන මෙග්ලඩොන් මෝරා තනි සුදු, දිළිසෙන සතෙක්ලු. නමුත් CGI කිරීමේදි එම වර්ණයන්ගෙන් තාත්වික පෙනුමක් ගැනීමට නොහැකි නිසාලු වර්ණය වෙනස් කරල තියෙන්නෙ. ඒ වගේම නවකතාවෙදි මේ සත්වයා අලෝකයට සංවේදී සතෙක්ලු, ඒ නිසාම පහරදෙන්නෙ රාත්‍රියට විතරලු, හැබැයි චිත්‍රපටයෙදි ඒක වෙනස්.
Thanks Bro. Jayaweva !!