
කොහොමද කට්ටියට? ගොඩ කාලෙකට පස්සේ මම උපසිරැසියක් අරන් ආවා. මේ පාර මං ගෙනාවේ ටිකක් අලුත් ෆිල්ම් එකකට. ඒ මේ අවුරුද්දේ අගෝස්තුවල තිරගත වුණු The Moon කියන චිත්‍රපටියට.Ratings ගැන කිව්වොත් Mydramalist 8.3 කුත් IMDb 6.1 කුත් ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටය පැය 2යි මිනිත්තු 9ක් පුරා දිවෙනවා. මේක Sci-fi/Adventure ගණයටයි වැටෙන්නේ
කතාව ගැන කියනවා නම් මෙහෙමයි, මේ 2029 අවුරුද්ද. ඇමරිකාවෙන් ඇරෙන්න තව කවුරුත් හඳට ගිහින් නෑ. කොරියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ සංගමෙන් අයින් වෙලා ලෝකෙන් හඳට යන දෙවෙනි රට වෙන්න හදන්නේ. එයාලා මීට අවුරුදු පහකට කලිනුත් රොකට් එකක් ගගනගාමියො තුන් දෙනෙක් එක්ක ඇරියත් ඒ රොකට් එක පුපුරලා ගිහින්. ඉතින් මේ අවුරුද්දේ එයාලා තව රොකට් එකක් හඳට අරිනවා. පෘථිවියෙන් එළියට යනකං ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඒත් කරුමෙට වගේ සූර්යාගේ ඉඳන් එන සූර්ය සුළං වලට මේ රොකට් එකට මූණ දෙන්න වෙනවා. මේ පාරත් රොකට් එකේ ගගනගාමියො තුන්දෙනෙක් ඉන්නවා. ඉතිං මේ තුන් දෙනා සුළං වලින් හානි විච්ච රොකට් එක හද හද ඉන්න තැනින් තමා කතාව පටන් ගන්නේ… ( ඊට කලින් පොඩි විස්තර වගයක් යනවා )
මං මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ ඔයාලටම බලන්න දෙනවා… මට නම් මේක ලස්සන චිත්‍රපටයක්. කවුරුත් මේකට උපසිරැසියක් හදලා තිබ්බේ නැති නිසා මම උපසිරැසිය හදන්න ගත්තේ මේ චිත්‍රපටය ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන නිසා…
හරි එහෙමනං කතාවේ තව විස්තර කිව්වොත් මේක Kim Yong Hwa අධ්‍යක්ෂකතුමාගේ සිත්තමක්… කොරියන් කතා බලන ඔයාලා දන්නවා ඇතිනේ Along with the Gods film series එක. ඒක ඔය අධ්‍යක්ෂකතුමාගේ… නළු නිළියෝ ගැන කිව්වොත් මේකේ ප්‍රධාන චරිත 3ක් තියේ…
Hwang Sun Woo විදියට D.O රඟපානවා. එයා දකුණු කොරියාවේ ප්‍රධාන පෙලේ බෑන්ඩ් එකක් වෙන EXO එකේ ප්‍රධාන ගායන ශිල්පියා. එයා මීටකලින් රඟපාපු කතා ටිකක් කිව්වොත් Bad Prosecutor(2023),100 Days My Prince(2018)/ජාතික රූපවාහිනියේ අහිමි මතක,My Annoying Brother(2016),Along with the Gods(2017/2018) ,… විශේෂයෙන්ම කියන්න ඕන D.Oට මේ චිත්‍රපටය වෙනුවෙන් දකුණු කොරියාවේ ජනප්‍රියම සම්මාන උළෙලවල් දෙකක් වන Blue Dragon Film Awards හා Grand Bell Awardsහිදි හොඳම නළුවාට හිමි සම්මානයට නිර්දේශ උණා වගේම 32වන Buil Film Awardsහිදී වසරේ තරුවට හිමි සම්මානය ලැබුණා.
Kim Jae Guk විදියට Sol Kyung Gu රඟපානවා. එයා ජාත්‍යන්තර සම්මාන උළෙලවල් වලදිත් සම්මාන ගත්ත දක්ෂ චිත්‍රපට නළුවෙක්..එයා මීටකලින් රඟපාපු කතා ටිකක් කිව්වොත් The Boys (2022), A Normal Family (2023),Man of Men (2019),Birthday (2019),…
Jennifer/Yoon Moon Young විදියට Kim Hee Ae රඟපානවා. එයා දීර්ඝ කාලයක් තිස්සේ රඟපාපු දක්ෂ නිළියක්. මීටකලින් රඟපාපු කතා ටිකක් කිව්වොත් The world of the married(2020),Queenmaker(2023),A Normal Family(2023),A Dead Man(2023),..
අන්තිම වශයෙන් කියන්න ඕන වැරදි අඩුපාඩු නම් ගොඩක් ඇති. මේක මම එච්චර දන්නේ නැති පැත්තක් නිසා හොයලා බලලා උපසිරැසිය හැදුවේ.. අඩුපාඩු වලට සමාව ඉල්ලන ගමන් ඇඩ්මින් මඩුල්ලටත් ස්තූති කරලා මම මෙතනින් නවතින්නම්… බුදු සරණයි!!!!
කතාව බලද්දි ඕනවෙයි කියලා හිතුණ වචන කීපයක් අන්තිමට දාන්නම්
- Command Module – මෙහෙයුමකදී අවශ්‍ය විවිධ පරිභෝජන ද්‍රව්‍ය සඳහා ගමනාගමනය, විදුලි බලය සහ ගබඩා කිරීම සපයන සිලින්ඩරාකාර මොඩියුලය
- හැච් – අභ්‍යවකාශ යානයක දොර (තව ඒවා මම සබ් එක ඇතුලේ පැහැදිලි කරලා ඇති)
Download Links:
Download Torrent WEB-DL WEB-DL පිටපත 1 GB Safe Download Torrent WEB-DL පිටපත 730 MB Safe Download Direct WEB-DL පිටපත 262 MB Safe Download Direct WEB-DL පිටපත 536 MB Safe Download Direct WEB-DL පිටපත 993 MB Safe
Anjalee Pinsara
Comments: 2
Leave a Reply
Search
Login
Updates










Rasika Samanjith
ඔයා ආපහු ආපු එකනම් පට්ටම සතුටුයි, සහෝදරී. කොරියන් කිව්වොත් ඉතින් පට්ටම ෆිල්ම් තමා. අපිට පුලු පුලුවන් වෙලාවට සබ් එකක් දෙන්න. සබ් එකට ගොඩක් ස්තුතියි.
Rasika Samanjith
ඔන්න කවර් ඉමේජ් එක පොඩ්ඩක් අලුත් කලා.