සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන දවසකට පස්සේ ඔන්න ඉංග්‍රීසි චිත්‍රපටයකට සබ් එකක් අරගෙන ආවා.
The New Mutants (2020)
විපරිතයන් ගැන කතා කරනකොට හැමෝටම මතක් වෙන්නේ X-Men චිත්‍රපට මාලාව. ඔව්, ඇත්තටම මේ චිත්‍රපටය නව විපරිතයන්ගේ චිත්‍රපටයක්. 2020 අගෝස්තු මාසයේ නිල වශයෙන් තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Josh Boone කියන අධ්‍යක්ෂකවරයා. IMDb ශ්‍රේණි දර්ශකයේ 5.4ක සුළු අගයක් තමා ලැබිලා තියෙන්නේ. ඒවගේම Sci-Fi, Action සහ Horror යන වර්ගයන්ට අයත් වේ.
කතාව ගැන යමක් කියනවනම්, ඩැනී මූන්ස්ටා(ර්) කියන ගෑණු ළමයව විපරිතයන් සිටින ස්ථානයකට ගෙන යනවා. මොකද ඒ ගෑණු ළමයත් විපරිතයෙක් නිසා. නමුත් ඇයට තියෙන බලය මොකක්ද කියලා ඇයටවත් හරිහැටි තේරුමක් නෑ. එම විපරිතයන් රඳවා තබාගෙන සිටින ස්ථානයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන රෙයෙස් නම් වෛද්‍යවරිය ඩැනීට තියෙන බලය ගැන හොයන්න ගන්නවා. ඒවගේම එම ස්ථානයේ තවත් විපරිතයන් හතර දෙනෙක් සිටිනවා. ඒත් හැමෝටම ඕනවෙලා තියෙන්නේ ඒ ස්ථානයෙන් පැනලා යන්නයි. ඩැනීට අනිත් විපරිතයන් හතර දෙනාට වඩා විශේෂ බලයක් තියෙනවා. ඩැනීගේ බලය නිසා සෑහෙන්න දේවල් සිද්ධ වෙනවා. ඉතින්, විපරිතයන්ට ඒ ස්ථානයෙන් පැනලා යන්න පුළුවන් වෙයිද? ඩැනීට තියෙන විශේෂ බලය මොකක්ද? මේ හැමදෙයක්ම දැනගන්න නම් චිත්‍රපටය බලන්න වෙනවා.
එහෙනම් ඉතින් මං දැනට සමුගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
ලබා දී ඇති සිංහල උපසිරැසි Blu-Ray පිටපත් සඳහා ගැලපේ.
Information

Year :
2020
Genre :
Action,horror,sci-fi
Actors :
Maisie Williams,Anya Taylor-Joy,Charlie Heaton,Alice Braga
Writer : N/A
Director :
Josh Boone
Plot : Directed By Josh Boone. With Maisie Williams, Anya Taylor-Joy, Charlie Heaton, Alice Braga. Five Young Mutants, Just Discovering Their Abilities While Held In A Secret Facility Against Their Will, Fight To Escape Their Past Sins And Save Themselves.

සිංහල උපසිරැස Download කරගන්න 514 times
5.4
36%
43%
X MEN කිවොත් ඕනෑම එකක් බලනවා .
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
තෑන්ක්ස් කමෙන්ට් කළාට.:star_struck::star_struck:
Thanks Machan
තෑන්ක්ස් කමෙන්ට් කළාට.:star_struck::star_struck:
Thanks brother