The Nile Hilton Incident (2017) Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ටික දවසකට පස්සෙ අද මේ එන්නෙ චිත්‍රපටයක උපසිරැසියක් අරගෙනයි. මේ චිත්‍රපටය නමින් The Nile Hilton Incident (2017) (නයිල් හිල්ටන් හෝටලයේ සිදුවීම) . ඇත්තටම කිව්වොත් මේක අපේ සුමින්ද සහෝදරයගේ ඉල්ලීමක්, ඉතින් ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මුලින්ම. ඉල්ලීමක් කිව්වට තව ඉල්ලීම් කීපයක්ම තියනවා ඔහුගේ. ඒවටත් ඉදිරියෙදි උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා.
ස්වීඩනයේ නිෂ්පාදනයක් ලෙසින් අරාබි භාෂාවෙන් නිර්මාණය වුණ මේ චිත්‍රපටය ලබා ඇති Imdb අගය6.9ක්. Rotten tomatos වෙතිනුත් 81%ක තරම් ඉහළ අගයක් ලබාගත් මේ චිත්‍රපටය සම්මාන 7කට නිර්දේශවී එයින් සම්මාන 5ක්ම දිනාගන්නත් සමත්වුණ චිත්‍රපටයක්. එයට Sundance සිනමා උළෙලෙන් ලද සම්මානයක්ද ඇතුලත්. මෙහි අධ්‍යක්ෂණ කාර්ය දායකත්වය Tarik Saleh ගෙන්, තිර රචනයත් ඔහුගේමයි. රංගනයෙන් දායක වෙන්නෙ
Fares Fares ( ඉන්ස්පෙක්ටර් නූර්දීන් මුස්තාෆා), Mari Malek (සල්වා) , Yasser Ali Maher ( පොලිස් ප්‍රධානී කමල් මුස්තාෆා), Ahmed Selim (හතෙම් ෂෆීක්) , Hania Amar (ජීනා) ඇතුළු රංගන ශිල්පි ශිල්පිනියන් පිරිසක්. මෙතනින් Fares Faresව මතක ඇති The Keeper of Lost Causes චිත්‍රපට ත්‍රිත්වය නරඹපු අයට. දැන් තියෙන්නෙ කතාව පැත්තට යන්න වුණත් ඊට කලින් මම මේ චිත්‍රපටයෙ පසුබිම ටිකක් විස්තර කරන්නම් එතකොට කතාව
තේරුම්ගන්න පහසු වේවි.
මේ චිත්‍රපටයේ කතාව දිවයන්නෙ 2011 වසරේ ජනවාරි මස 15 සිට 25 අතර කාලය තුල ඊජිප්තුවේ සිදුවන සිදුවීම් මාලාවක්. කට්ටියට මතක ඇතිනෙ ඒ කාලයේ අරාබි රටවල් පුරා පැතිර ගිය අරාබි වසන්තය. දූෂිත පාලනයන් නිසා දිගුකාලයක් පුරා ඊජිප්තුවද ඇතුළු යම්රටවල තිබූ පොලිස් අමානුෂිකකම්, රාජ්‍ය දූෂණය ,විරැකියාව, අධික උද්ධමනය ආදි පීඩාවන්, 2010 වසරේ දෙසැම්බර් 17වන දින ටියුනීසියාවේ පළතුරු වෙළෙන්දෙක් රජයේ ගොඩනැගිල්ලක් ඉදිරිපිට ගිනිතබා ගැනීමත් සමගින් පුපුරාගොස් ඊට එරෙහි දැවැන්ත උද්ඝෝෂණ සහ ගැටුම් රැල්ලක් ඒ ඒ රටවල් පුරා පැතිර ගියා. මේවා යම් රටවල සාමකාමී උද්ඝෝෂණවලට සීමාවුවත් ,තවත් සමහර රටවල පාලකයන් වෙනස් කිරීමට පවා සමත්වුණ එකක් වුණා. එයින් එක් රටක් තමයි ඊජිප්තුව, මේ කාලය වෙනකොට එහි ජනපති පදවිය දරන්නේ 1981 වසරේදී බලයට පත්වූ හොස්නි මුබාරක් ජනපතිවරයා . තම රට පුරාද පැතිර යන මේ උද්ඝෝෂණයන් වලට ඔහු ප්‍රතිචාර දැක්වුවේ දරුණු විදියට. කොහොමවුණත් 2011 ජනවාරි 25වන දින ඊජිප්තුවේ අගනුවරවන කයිරෝහි තාහීර් චතුරස්‍රය අභියසදී ඇතිවන දැවැන්ත ගැටුමකුත් සමගින් අවසන් වන මේ ඊජිප්තු විප්ලවය 2011 පෙබරවාරි 11වන දින අවසන් වන්නේ හොස්නි මුබාරක්ව ජනපති පදවියෙන් පහ කරමිනුයි. මේ චිත්‍රපටය තුලින් බොහෝදුරට උත්සාහ කර තිබෙන්නේ ඒ කාලයේ ඊජිප්තු පොලිසියේ තිබූ දූෂිතභාවය ඉස්මතු කරන්නටයි. හරි දැන් පසුබිම් කතාව දැනගත්තනේ දැන් බලමු අපි චිත්‍රපටයේ කතාව…
ඉන්ස්පෙක්ටර් නූර්දීන් මුස්තාෆා කියන්නෙ කසර්-එල්-නිල් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක්. ඔය අතරේ නයිල් හිල්ටන් නම් හෝටලයකදී කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනය වෙනවා. මේ සම්බන්ධ විමර්ශණ කටයුතු බාර වෙන්නෙ මේ නූර්දීන්ට. කොහොමවුණත් මේ ඝාතනයේ සැකය එල්ලවෙන්නේ ඊජිප්තුවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් දිහාවට…මම ඊටවඩා මුකුත් කියන්නෙ නෑ ..නරඹල බලන්න. අපරාධ ඝණයට අයිති චිත්‍රපටවලට කැමති අයට මේක ගැලපෙයි. එහෙනම් මම ගියා ආයිත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු.
* මේකෙ තියන ගීතයට කැමති අය ඉන්නවනම් මෙන්න ඒ ගීතය.
Najat Ya Msafer Wahdak (gina’s song )
ස්තුතියි හසිත සහෝ.ජයවේවා!
බොහොම ස්තූතියි, නිරෝෂ් 🙂
Wow bro my favorite category eka. Thank sub ekata…
මගෙත් කැමතිම කැටගරි එක. බොහොම ස්තූතියි, ප්‍රතිචාරෙට 🙂
බොහොම ස්තූතියි සහෝ මගේ ඉල්ලීම ඉෂ්ඨ කරාට..?විස්තරේනම් ඇත්තටම සුපිරියටම ලියලා තියෙනවා..ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ ඕක ඒ දූෂිත කාලෙ ඇසුරුකරගෙන නිර්මාණය වුණු එකක් කියලා..ඒකත් දැනගත්තෙ සහෝගෙ විස්තරෙන්..☺️☺️උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..?ඔබට ජය..??
බොහොම ස්තූතියි, සුමින්ද 🙂 මං ඉතිං ඔය තොරතුරු හොයන්නෙ ලිපිය ලියන වෙලාවට තමයි.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ.
ජයෙන් ජය.
බොහොම ස්තූතියි, දමිත් 🙂
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
බොහොම ස්තූතියි, මධුෂ 🙂
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි, Kantha 🙂
thnx machan
good work
tnx film ekata
නියමයි. නියමයි! ජය ජය සහෝ!
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Saho sub ekata thnz me Thor 3 eke webdl awith sub denna puluwanda ikmanata?saho
Thor දීල තියෙන්නෙ, හිමාල් 😉
elama saho thanks