
හායි Subz LK වාසී සියලුම දෙනාට. දිගු නිහැඩියවකින් පස්සෙ තමයි මේ ආවේ. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මම ටීවී කතා මාලාවක් කරන්න පටන් ගත්තා FREAKISH කියලා. ඒකෙ පලවෙනි එපිසොඩ් එකේ සබ් එක කරලත් මම සයිට් එකට දැම්ම. ඒ උනාට මුලු සීසන් එකම ඩවුන්ලෝඩ් කරගෙන මම හිටියෙ. ඒ වගේම කොටස් තුනකට සබ් එක හදල තිබ්බෙ. ඉතින් කොහොම හරි මගේ පෝන් එක කැඩුනා. දවස් ගානක් ගියා ඒක හදාගන්න. ඒක හදල ඉවර වෙලා බලද්දි කිසිම දෙයක් නෑ. මට පොලොව පලාගෙන යන්න හිතුනා. එතනින් පස්සෙ මට සබ් කිරිල්ල එපා උනා. ඒ නිසා තමයි කාලයක් නිහඩව හිටියෙ. එහෙම ඉද්දි තමයි ෆිලුමකට අත ගහන්න කියල හිතුනෙ. මේක තමයි මට කියන්න ඕන උනෙ. මොකද කට්ටිය මගෙන් අහුවා TV SERIES එකට සබ් එක කරන්නෙ නැද්ද කියලා. ඒකයි හැමෝටම මට උන දේ කිව්වෙ. ඔයාලා දන්නවනෙ මම සබ් හදන්නෙ පෝන් එකෙන් කියලා. හරි වැඩි කතා නැතුව ෆිලුම පැත්තට යමු.
The Relic – පුරාවස්තුව
මේ ෆිල්ම් එක 1997 ජනවාරි 10 තිරගත කරපු එකක්. Horror, Mystery, Sci-Fi, Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මෙය IMDB 5.7ක්ද, RottenTomatoes අගය 32% ද, Metacritic අගය 55%ද ගන්නවා. ඒ වගේම විනාඩි 110 පුරා දුවන මේ ෆිලුම සුපිරිම ෆිලුමක් කියල කියන්න පුලුවන්. ෆිලුම අධ්‍යක්ෂනය කරන්නේ Peter Hyams විසින්. එතුමා අධ්‍යක්ෂනය කරපු චිත්‍රපට කිහිපයක් පහතින්,
- Timecop – 1994
- End of Days – 1999
- Outland – 1981ක්
- Enemies Closer – 2013
- Beyond a Reasonable Doubt – 2009
- Threshold – 2005
- A Sound of Thunder – 2005
- The Musketeer – 2001
- End of Days – 1999
ඒ වගේම මේ ෆිලුමෙ ඉන්නෙ ඔක්කොම අපිට හුරු පුරුදු නලු නිලියොයි,
- Penelope Ann Miller – ඩොක්ටර් මාර්ගෝ ග්‍රීන්
- Tom Sizemore – ලුතිනන් වින්සන්ට් ඩී’අගොස්ටා
- Linda Hunt – ඩොක්ටර් ඈන් කත්බර්ට්
- James Whitmore – ඩොක්ටර් ඇල්බට් ෆොක්
- Clayton Rohner – පරීක්ෂක හෝලීන්ස්වර්ත්
- Chi Muoi Lo – ඩොක්ටර් ග්‍රේග් ලී
- Thomas Ryan – ටොම් පාකින්සන්
- Robert Lesser – නගරාධිපති රොබට් ඔවෙන්
- Diane Robin – නගරාධිපති බිරිද
- Lewis Van Bergen – ජෝන් විට්නි
- Constance Towers – බ්ලයිස්ඩලේ මහත්මිය
- Francis X. McCarthy – බ්ලයිස්ඩලේ මහතා
- John Kapelos – මැක්නිලී
- Tico Wells – බයිලී
- Mike Bacarella – බ්‍රැඩ්ලී
- Gene Davis – මාටිනී
ඒ වගේම මෙම චිත්‍රපටය රූගත කරල තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ. චිකාගෝ. ඉලිනොයිස් කියන ස්ථානාවල. ආදායම අතින් ගත්තොත් එහෙම මුල් සතියෙම ඇමරිකානු ඩොලර් $ 9,064,143 ක මුදලක් ලබා ගෙන තියෙනවා. ඒ වගේම මුලු මුදල විදිහට ඇමරිකානු ඩොලර් $33,956,608ක මුදලක් ලබා ගෙන Box Office කියන ගොඩට වැටිල තියෙනවා. එතකොටම හිතාගන්නකො ෆිලුම කොහොමද කියලා. තව දෙයක් තමයි මේ ෆිලුම සම්මන 4කට නිර්දේශ වෙලත් තියෙනවා. ඔය ඇති ෆිලුම ගැන කිව්වා. දැන් කතාව ටිකක් කියන්නම්.
සෙන්සේරා කියන ගෝත්‍රයේ අය තමන්ගෙ හතුරන්ව මරල දාන්න පාවිච්චි කරන අවියක් විදිහට කොතොගා කියන රාක්ෂයා යොදා ගන්නවා. ඉතින් ඒ ගෝත්‍රිකයො රාක්ෂයාව නිර්මානය කරගන්නේ අධික හෝමෝන අඩංගු කොළ වගයක් ආහාරයට දීමෙනි. ඉතින් කොහෙන් කොහෙන් හරි කැරකිලා චිකාගෝ වල කෞතුකාගාරයකට මේ යකා එනවා. ඇවිත් කෞතුකාගාර මුර කරන මුරකාරයාගෙ ඔලුව හිල් කරලා හයිපොතැලමස් කියන කෑල්ල කනවා. ඌට කන්න ඒව තමයි ඕන. ඉතින් මේ යකා එන්නෙ කොහොමද? කන්නෙ කොහොමද? කෞතුකාගාරයේ ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නෙ? මූව මරන්නෙ කොහොමද කියල දැනගන්න නම් මේ ෆිලුම බලන්නම වෙනවා. විශේෂයෙන් කියන්න ඕන මේ ෆිලුම ගන්න යන ඩේටා කවදාවත් අපතෙ යන්නෙ නෑ. ඕන කෙනෙක් මුල ඉදලම ඇද බැද ගැනීමේ හැකියාවක් මේ ෆිලුම්ට තියෙනවා. සමහර ෆිලුම් බලද්දි ඒකෙ ඉන්න සතා එක්කො ඇනිමේෂන් වලින් හදල කියල එහෙම නැත්නම් කොම්පියුටර් එකෙන් හදල කියල අපිට පේනව. මේ ෆිලුමෙ එහෙම එකක් නෑ. එතකොට හිතාගන්නකො ඉස්සර තාක්ෂණය කොයි වගේද කියලා. සුපිරි ෆිල්ම් එකක්. අරන් බලන්න.
විශේෂයි :-
- කොතොගා කියන්නෙ Kaijumatic කියන ගෝත්‍රයට අයත් සත්වයෙක්.
- Chimera යනු ග්‍රීක මිනිසුන්ගේ මිත්‍යා සත්වයෙක්.
මෙම උපසිරැසි ලබා දී ඇති වීඩියෝ පටය සදහා ගැලපේ

Harshana Prathimal
Comments: 9
Leave a Reply
Search
Login
Updates










Sulakshana Thilakarathna
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට,, ඉපදුන අවුරුද්දේ ආපු එකක්.. අනිවා බලනව.. ජය වේවා!!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි … බුදු සරණයි – දෙවි පිහිටයි..!
isuru_6
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි!!!!!!!!!!!!!!!!!!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!
geeganagamage
බොහොම ස්තුතියි සහෝ
asitha
Ela saho thanks
nishantha
බොහොම ස්තුතියි සහෝ
Sagara Warnakulasooriya
Thank you.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. සබ් එක දාලා තියෙන්නෙ අවුරුදු දෙකකට කලින්නෙ අද තමා මේක සෙට් උනේ මං හිතුවෙ මේකට කවුරුත් සබ් කරල නැතුව ඇති කියල 😳