The Silencing (2020) Sinhala Subtitle
රේබන් කියන්නේ වසර ගණනකට ඉහතදී තම අතුරුදන් වූ දියණිය සොයා වෙහෙසෙන අභයභූමියක හුදකලාව ජීවත් වෙන පුද්ගලයෙක්. ඒවගේම තදින්ම මත් පැන් වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක්. දිනක් මොහු සිටින ප්‍රදේශයේ විලක තිබී ගැහැණු ළමයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගන්නවා. පොලීසිය පවසන්නේ මෙම ගැහැණු ළමයා කවුරුන් හෝ විසින් දඩයම් කර ඇති බවයි. මේ සමගම ඔවුන් විසින් දඩයම් කිරීමට යොදා ගන්නා ලද පැරණි අයුධයකට අයත් හෙල්ලයක්ද සොයා ගනු ලබනවා. දවසක් රේබන්ගේ කැලේ සවි කර තිබෙන කැමරා මගින් රේබන් අත්භූත පුද්ගලයෙක් දකිනවා. රේබන් මෙම පුද්ගලයා කවුදැයි සොයා බැලීමට කැලයට ගිය අවස්ථාවේ ඔහු රේබන්ට පහර දීමට උත්සාහ කළත්, රේබන් එයින් බේරෙන්නට සමත් වෙනවා. කෙසේ හෝ මෙම පුද්ගලයා පැනගන්නට සමත් වෙනවා. රේබන් නැවත් නිවසට පැමිණ කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී ඔහුට පෙනී යන්නේ එම පුද්ගලයා තරුණ ගැහැණු ළමයෙකු පසු පස හඹා යන දර්ශණයක්… කතාවේ ඉතුරු ටික බලලම ඉමු නේද? ? ඉතිං මේ රේබන්ට පහර දුන්නේ කවුද? පොලීසිය විසින් සොයා ගත් පැරණි ආයුධය මොකක්ද? රේබන්ට අර ගැහැණු දරුවා බේරාගන්නට හැකි වෙයිද? අත්භූත ලෙස ගෑණු ළමුන් අතුරුදන් වීම පසු පස සිටින්නේ කවුද? මේ කියන දඩයක්කරුවා සැබෑවටම කවුරුන්ද? සියල්ලටම පිළිතුරු ලබා ගන්නට මෙම කුතුහලයෙන් යුතු චිත්‍රපටය රස විඳින්න කියලා ඔයාලට ආරාධනා කරනවා.
මෙම චිත්‍රපටය 2020 මාර්තු මාසයේදී නිකුත් කිරීමට කටයුතු කර තිබුණත් කොවීඩ් වසංගතය හේතුවෙන් කල් ගියා. කෙසේ හෝ 2020 ජූලි 18 තමයි මේක Saban Films සමාගම විසින් නිකුත් කලේ. මේ වෙන කොට 6.2 ක Imdb ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක ඇමරිකානු-කැනේඩියානු නිර්මාණයක්. Robin Pront නැමති අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය සිදු කර ඇති මෙහි Annabelle Wallis, Nikolaj Coster-Waldau සහ Zahn McClarnon යන නළු නිළියන් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. ඒවගේම මේක අයත් වෙන්නේ Thriller|Mistery යන කාණ්ඩයට. කම්මැලි නැතිව අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරියක්!
subz.lk එකටසතුටින් පිලිගන්නවා සහෝ. දිගු ගමනකට ආසිරි පතනවා. නියම වැඩක්. අලුත්ම ෆිල්ම් අපිට ලබාදෙන්න කියලා ඉල්ලනවා.
welcome saho
digtama sub demu:fire::fire:
පලවෙනි සබට සුබ පැතුම් සහෝ. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න සහෝදරයා.
පළමුවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්
….!
දිගටම සබ් දෙන්න.
Sub එකට ගොඩක් ස්තුතියි…පුලුවන්නම් Black Water Abyss (2020) Movie එකටත් Sub එක දෙන්න…ජය…