
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. වෙනසකටත් එක්ක අද මේ අරගෙන එන්නෙ ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක්. මෙයත් උපසිරැසි කරන්නට පටන්ගෙන මගදී පැත්තකට කර තිබූ එකක්, හිතුවා මෙයත් නිමකර ඔබට ලබාදෙන්නට. අපරාධ, නාට්‍යමය, ත්‍රාසජනක යන තුන් ෂානරයන්ට අයිති මේ චිත්‍රපටය නමින් The Square (2008). මෙය ඕස්ට්‍රේලියානු ජාතික රංගන ශිල්පී ජොයෙල් එගර්ටන්ගේ කතාවක් ඇසුරින් ඔහුගේ හා මැතිව් ඩැබ්නර්ගේ තිර රචනයෙන් එගර්ටන්ගේ සොහොයුරු නෑෂ් එගර්ටන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ චිත්‍රපටයක්. IMDb වෙතින් 6.7ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 86%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 75%ක අගයකුත් වශයෙන් ලබා ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ ඩේවිඩ් රොබට්ස් (රේමන්ඩ් ‘රේ’ යේල්), ක්ලෙයා වැන් ඩ’ බූම් (ක්ලාරා ස්මිත්), ඇන්තනි හේයස් ග්‍රේග් ‘ස්මිතී’ ස්මිත්), ඩේමන් හෙරිමන් (එඩී), ස්ටීෆන් වෙස්ටන් (චාලි),ලූසි බෙල් (මාර්තා යේල්), කියර්න් ඩාසි-ස්මිත් (බානි), බිල් හන්ටර් ( ගිල් හබඩ්), පීටර් පෙල්ප්ස් (ජේක්), බ්‍රෙන්ඩන් ඩොනෝ (ලෙනඩ් ලොන්ග්), ජොයෙල් එගර්ටන් (බිලී) හැනා ලෝරන්ස් (ලිලී) ඇතුළු පිරිසක්. තවත් මතක් කරන්නට ඕනෙ මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු තේමාවක් සහිත චිත්‍රපටයක් බව, ඒ වගේම ජීවිතයට යම් වැදගත් පණිවිඩයකුත් රැගත් එකක්.
කතාවට කෙටි ඇරඹුමක්…
රේමන්ඩ් යේල් නොහොත් රේ යේල් කියන්නෙ ඉදිකිරීම් සමාගමක වැඩ පරීක්ෂක වැනි තනතුරක් දරන අයෙක්, ඔහු සේවය කරන හබඩ් ඉදිකිරීම් සමාගම විශාල ප්‍රමාණයේ හෝටලයක් ඉදිකිරීමේ නිරතවන අතර එයින් වැඩ කටයුතු බාරව සිටින්නේ මැදි වයසට ආසන්නයේ පසුවන රේමන්ඩ් යේල්. ඉතා හොඳින් තම රාජකාරිය ඉටුකරන ඔහුගේ ජීවිතය කණපිට පෙරලෙන්නේ ඔහු රහසින් සබඳතාවයක් පවත්වාගෙන යන ක්ලාරා නම් විවාහක තරුණිය ඔහු හට කරනා යම් යෝජනාවකින්… ඒ කුමක්දැයි දැනගන්නටනම් ඔබට මෙම චිත්‍රපටය නරඹන්නටම වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.
ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම Blu-ray පිටපත් සඳහා ගැලපේ.
විශේෂ : –
Shark cages (මෝර කූඩු )
ස්වාභාවික ජලාශවල වෙසෙන මෝරුන් නැරඹීම සඳහා දිය යටට ආරක්ෂාකාරී ලෙස යාමට සාදන ශක්තිමත් දැල් සහිත කූඩුවක් මේ නමින් හැඳින්වේ. මිනිත්තු දෙකක පමණ මෙම වීඩියෝවෙන් ඔබට ඒ ගැන වඩාත් පැහැදිලිව දැන ගත හැක.
♦ Idx_sub උපසිරැසි සමග නැරඹීමට උපදෙස් ♦
1) ඔබ නරඹන්නේ පරිගණකයෙන්නම් මුලින්ම වීඩියෝ පිටපත ඔබ භාවිත කරන ප්ලේයරය හරහා ධාවනය කරන්න. ( Pot Player සහ MPC-HC Player වඩාත් ගැලපේ ) ඉන්පසු උපසිරැසි zip ගොණුව විවෘත කර එහි idx_sub ගොණුව තුල ඇති .idx හා .sub යන ෆයිල් දෙකම එකවර සිලෙක්ට් කර ප්ලේයරය මතට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න.
2) එසේ නැත්නම් වීඩියෝව සහිත ෆෝල්ඩරයට උපසිරැසි ෆයිල් දෙක දමා වීඩියෝවත් උපසිරැසි ෆයිල් දෙකත් එකම නමින් නැවත නම් කරන්න. ඉන්පසු ප්ලේයරයෙන් වීඩියෝව ධාවනය කරන විට උපසිරැසි ස්වයංක්‍රීයවම ලෝඩ් වනු ඇත. ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන මගින් නරඹන අයද මෙම ක්‍රමය භාවිතා කරන්න. (MX Player වඩාත් ගැලපේ)
♦ උදාහරණ :
වීඩියෝ පිටපත – Palmer.2021. web.mkv
උපසිරැසි ෆයිල් දෙක – Palmer.2021. web.idx
Palmer.2021. web.sub
Download Links:
Download Direct පිටපත Download Torrent පිටපත
Hasitha Prasad
Comments: 7
Leave a Reply
Search
Login
Updates










Inuka Wijerathna
ස්තූතියි හසිත
Inuka Wijerathna
බැලුවා.
හොඳ ෆිල්ම් එකක්, උපසිරැසියත් නියමයි.
Hashan
බොහොම ස්තූතියි හසිත සබ් එකට :slight_smile:❤
Rajitha
Thanks jayawewa…..!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Madusha
බොහොම ස්තූතියි සබ් එකට
sam
khmda mcn downlord krnne