සියළුම දෙනාට ජය වේවා! ඉතින් කට්ටිය හැමෝම වගේ හොඳින් කියල හිතනවා, මේ වතාවෙ අරගෙන ආවෙ ටිකක් විතර අලුත් ෆිල්ම් එකක්, අපේ කවීෂ සොහොයුරාගෙ ඉල්ලීමකට අනුව තමයි මේ ෆිල්ම් එක කරන්න බාර ගත්තෙ, ඔහුට බොහොම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරනවා, මේ ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2016 අවුරුද්දෙ, ඔක්තෝබර් 12 වෙනිද, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 91% ක් ලැබිල තියෙනවා, IMDB අගය 5.8 ක් කියල තමයි කියන්නෙ, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Michael J. Gallagher, කියන අධ්‍යක්ෂක වරයා, අපි ෆිල්ම් එකේ කථාව පැත්තට හැරෙමු..
ෆිල්ම් එකට අනුව ලෝක ජනගහනය පාලනය කිරීමේ වැඩසටහනක් සිද්ධ වෙනවා, විවිධ රටවල විවිධ ක්‍රම වලින් ඒක සිද්ධ වෙනවා, ඇමෙරිකාවෙ පසුබිම තමයි ෆිල්ම් එකෙන් කියවෙන්න, ෆිල්ම් එකේ සිද්ධ වෙන විදිහට ඇමෙරිකාවෙ නීතියට අනුව ජනගහනය පාලනය කරන්නෙ පාසල් යන කාලෙදිමයි, විභාග ලකුණු AB ගන්න අයට විනෝදෙන් ඉන්න පුලුවන්, CD ගන්න අය තමයි ජනගහනය පාලනය කරන්නෙ, ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පාසලේ වෙනම නිලධාරීන් පිරිසක් ඉන්නවා, එම අංශ ප්‍රධානියා විදිහට ඉන්නෙ මේසන් කින් කියල කෙනෙක්, තවත් පැත්තකින් ප්‍රාන්ත ආණ්ඩුකාරතුමා ඉන්නවා, එයාගෙ පුතා ඉන්නෙත් ඒ පාසලේමයි, එයා මේ විභාග ක්‍රමවේදයට තදින්ම විරුද්ධයි, එයා ඒ ක්‍රමවේදය නතර කරන්න ඕන නිසා, හිතාමතාම විභාගයේදි වැරදි උත්තර දෙනවා, ඒ බව දැනගත්තු ආණ්ඩුකාරතුමා එයාගෙ පුතාව බේරගන්න ඕන නිසා මේසන් කින් ට ඇමතුමක් අරගෙන ලකුණු වෙනස් කරන්න කියනවා, ආණ්ඩුකාරතුමාගෙ නියෝග වලට අනුව තමයි විභාග ලකුණු තීරණය වෙන්නෙ, ඒ වගේම එයාගෙ පුතා විභාගයේදි අඩු ලකුණු ගත්තත් ඔහු සමත් වෙනවා, ජනගහන ලැයිස්තුව සමබර කරන්න ඕන නිසා වැඩි ලකුණු ගත්තු සිසුන් ව එම ලැයිස්තුවට දානවා, කොහොම හරි ලොකු කුමන්ත්‍රණයක් තමයි පාසලේ සිද්ධ වෙන්නෙ, මේ සිද්ධිය ආණ්ඩුකාරතුමාගෙ පුතා දැනගෙන ලැයිස්තුවට වැටුනු සිසුන් ව බේරගන්න ඕන නිසා පාසලේ බලධාරීන්ට විරුද්ධව එයත් ලොකු කුමන්ත්‍රණයක් කරනවා, අපි බලමු එයාගෙ වැඩසටහනට මොකක් වෙයිද කියල, සම්පූර්ණ විස්තරය දැනගන්නම් ෆිල්ම් එක බලන්නම වෙනවා, නවතින්න කලින් Subz.lk වෙබ් අඩවියට එන සියලුම සොහොයුරන්ව මතක් කරනවා, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට ජය වේවා෴෴





Windows 7Chrome 70
නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…!උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා, පරක්කු උනත් කමත් නෑඅපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…෴෴
Windows 7Chrome 70
බොහොම ස්තූතියි සහෝ, උපසිරැසි නිපැයුම සුපිරිම කරල තියෙනවා, දිගටම සබ් දෙමු, ඔබට දෙවි පිහිටයි…!
Windows 7Chrome 70
Thanks, bro…! obata jaya…!!