The Vault (2021) Sinhala Subtitle
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාට. අද මේ අරගෙන එන්නෙ වෙනසකටත් එක්ක ස්පාඤ්ඤ චිත්‍රපටයක්. නිවැරදිවම කියතොත් ස්පාඤ්ඤ-ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම නිර්මාණය වූවක්. ක්‍රියාදාම, වීර වික්‍රම, ත්‍රාසජනක යන තෙවර්ගයට අයත් මෙය නමින් The Vault (2021) නොහොත් Way Down. යොමෙ බලගුවේරෝගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙය IMDb අගය 6.4ක් ලබාගෙන තිබෙන අතර Rotten Tomatoes අගය 55%ක් ලබාගෙන තිබෙනවා. රංගනයෙන් දායක වන්නේ ෆ්‍රෙඩී හයිමෝ (තොම්), ඇස්ට්‍රිඩ් බර්ජස්-ෆ්‍රිස්බේ ( ලොරේන්), සෑම් රයිලි (ජේම්ස්), ලියැම් කනිංහැම් (වෝල්ටර්),ඔසේ කොරොනාඩෝ (ගුස්ටාවෝ),ලුයී ටොසාර් (සිමොන්), ඇක්සල් ස්ටේන් (ක්ලවුස්), ෆැම්කි යැන්සන් (මාග්‍රට්), එමීලියෝ ගටියරෙස් කාබා (බැංකු සභාපති),ජේම්ස් ගිබ්ලින් ( තොම්ගේ පියා) ඇතුළු පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට….
වෝල්ටර්, මුහුදුබත්වූ නැව් බඩු ගොඩගන්නා (salvage) අයෙක් , ඔහු වසර ගණනාවක සිට හඹා යනවා මහා ධන වස්තුවක් රැගෙන ගිය ස්පාඤ්ඤ රුවල් නැවක සුන්බුන් සොයමින්. නමුත් ඔහු සොයන ධන වස්තුව තිබෙන්නේ මුහුදු පත්ලේ නොවේ.
තොම්, බ්‍රිතාන්‍ය ක්‍රේම්බිජ් සරසවියේ ඉගෙනුම ලබන අති දක්ෂ ඉංජිනේරු සිසුවෙක්. පෙරකී සුන්බුන් සම්බන්ධව වෝල්ටර්ට යම් උදව්වක් අවශ්‍ය වන අතර ඔහු ඊට තෝරාගන්නේ තොම්ව. මුදල් පරමාර්ථයකට වඩා ඔහු මේ කාර්යයට එක්වෙන්නේ ඉංජිනේරුකරණයේ හාස්කමක් එයට ඈඳී තිබීම නිසා.
මේ දෙදෙනා එක්ව සොයන්නේ කුමක්ද? එය ඇත්තේ කොතනද? ඒ සියල්ලට පිලිතුරු චිත්‍රපටය නැරඹීමෙන් ලබා ගත හැකි වන අතර මෙය ඉතාම සරල කතාවක් සහිත එකක් වන නමුත් ත්‍රාසයට ලැදි ප්‍රේක්ෂකයා චිත්‍රපටය අවසාන වනතෙක් තිරය ඉදිරියේ තබාගන්නට සමත් එකක් බවද කිව යුතුය.
ලබාදී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා වේ. Blu-ray ලෙස වැරදියට නම්කර ඇති පිටපත් ඩවුන්ලෝඩ් කිරීමෙන් වළකින්න, ඊට හේතුව තවමත් මෙම චිත්‍රපටයේ බ්ලූරේ පිටපත් නිකුත්වී නොතිබීමයි.
තෑන්ක්ස් සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
sub ekata thanks saho