The Wind (2018) Sinhala Subtitle

August 15, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් Subz Lk රසික රසිකයින් සියල්ලන්ටම! ඔන්න අදත් සුපුරුදු පරිදි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.ඉතින් අද අරගෙන ආවේ ටිකක් විතර හොල්මන් පැත්තට නැඹුරු වෙච්ච කතාවක්.හොඳයි, පොඩ්ඩක් කතාව ගැන විස්තරයක් දෙන්නම්.

මේ චිත්‍රපටය පැයයි විනාඩි තිහක් පුරාවට දිවෙන අතර මුළු චිත්‍රපටයම Horror සහ Supernatural යන කාණ්ඩ වලට අයත්ය.එමෙන්ම චිත්‍රපටය Emma Tammi විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර 2019 අප්‍රේල් 5වන දින ඇමරිකාවේ මුල් වරට මෙම චිත්‍රපටය නිකුත් කර ඇත.Box Office හි වාර්ථා වී ඇති පරිදි ඇමරිකන් ඩොලර් 28,252 උපයාගැනීමට මෙම චිත්‍රපටය සමත්ව ඇත.ඒවගේම විශේෂම කාරණය තමා චිත්‍රපටය පුරාම ප්‍රධාන චරිත හතරක් දැකගන්න පුළුවන්.ඒතමා ලිසී(Caitlin Gerard), එමා(Julia Goldani Telles), අයිසැක්(Ashley Zukerman), ගිඩියොන්(Dylan McTee).ඒවගේම IMDb දර්ශකයේ 5.5 අගයක් සටහන් කිරීමට මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.ඒවගේම Rotten Tomatoes හි 80% අගයක් සටහන් කිරීමට මේ චිත්‍රපටය සමත් වෙලා තියෙන අතර ගූගල් පරිශීලකයින්ගෙන් 66%ක ප්‍රසාදයක් දිනාගැනීමට මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.

කතාව කිව්වොත්, එක ප්‍රදේශයක ලිසී සහ ඇඟේ සැමියා අයිසැක් තනිව ජීවත් වෙනවා.ඉතින් දවසක් එයාලගේ තැනේ ජීවත් වෙන්න තවත් දෙන්නෙක් එනවා.ඒ තමා එමා සහ ගිඩියොන්.ඉතින් මේ දෙන්නා අලුත බැන්ද දෙන්නෙක් සහ ගිඩියොන් එමාගේ නිවසේ ඉන්න කැමති නෑ මොකද ගිඩියොන්ට එමාගේ තාත්තගේ යටතේ වැඩ කරන්න වෙන නිසා.ඒවගේම කියන්නම ඕන කාරණය තමා එමාට අලුතෙන් ආපු තැන එච්චර හිතට ඇල්ලුවේ නෑ, එයාට එතන අමුත්තක් තියෙනවා වගේ දැනුණා.මොකද මෙයාලා ඉන්න තැනට යන්න සොහොන් බිම් ගණනාවක් පහු කරගෙන යන්න ඕන.ඉතින් එමා හිතන්නේ ඒ හින්දා මේ තැනේ යක්ෂ බලවේග තියෙනවා ඇති කියලා.ඒවගේම එයාට රෑ කාලයේදී දැඩි සුළගක් එක්ක අමුතු ශබ්ද ඇහෙන්න ගන්නවා.හැබැයි ඒක එමාට විතරයි දැනෙන්න ගත්තේ.හැබැයි පස්සේ එමා එක්ක වැඩියෙන් ආශ්‍රය කරපු ලිසීටත් ඔය ලෙඩේ පටන්ගන්නවා.කතාවේ තියන විදියට මේ දෙන්නා එක එක පොත් කියවනවා.ඒක හින්දා මේ දේ වුණා කියලා තමා තියෙන්නේ.ඉතින් ලිසී මේ දේවල් ලිසීගේ මහත්තයා, අයිසැක්ට කිව්වට එයා ගණන් ගන්නේ නෑ.එයා හිතන්නේ මේ සේරම දේවල් නිකන් හිතේ මවාගත්ත බොරු කියලා.ඉතින් මන් කතාව ගැන කියන එක මෙතනින් නවත්තනවා.ඉතුරු ටික කතාව නරඹලා දැනගන්න.

එහෙනම් මන් මෙතනින් මගේ කතාව නවත්තනවා. හැමෝටම සුභ දවසක්! තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු!

Download Links
720P
DIR
Available Torrents
720p bluray 796.04 MB
1080p bluray 1.39 GB
720p web 762.31 MB
1080p web 1.42 GB
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (3)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 76

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • Hashan M. Priyadarshana Unregistered
    unknown Opera Mini 4.4

    Thank you bro sub ekata

  • asitha Unregistered
    Windows 8.1 Chrome 77

    ela saho thanks

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search