The Wind (2018) Sinhala Subtitle

ආයුබෝවන් Subz Lk රසික රසිකයින් සියල්ලන්ටම! ඔන්න අදත් සුපුරුදු පරිදි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.ඉතින් අද අරගෙන ආවේ ටිකක් විතර හොල්මන් පැත්තට නැඹුරු වෙච්ච කතාවක්.හොඳයි, පොඩ්ඩක් කතාව ගැන විස්තරයක් දෙන්නම්.
මේ චිත්‍රපටය පැයයි විනාඩි තිහක් පුරාවට දිවෙන අතර මුළු චිත්‍රපටයම Horror සහ Supernatural යන කාණ්ඩ වලට අයත්ය.එමෙන්ම චිත්‍රපටය Emma Tammi විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර 2019 අප්‍රේල් 5වන දින ඇමරිකාවේ මුල් වරට මෙම චිත්‍රපටය නිකුත් කර ඇත.Box Office හි වාර්ථා වී ඇති පරිදි ඇමරිකන් ඩොලර් 28,252 උපයාගැනීමට මෙම චිත්‍රපටය සමත්ව ඇත.ඒවගේම විශේෂම කාරණය තමා චිත්‍රපටය පුරාම ප්‍රධාන චරිත හතරක් දැකගන්න පුළුවන්.ඒතමා ලිසී(Caitlin Gerard), එමා(Julia Goldani Telles), අයිසැක්(Ashley Zukerman), ගිඩියොන්(Dylan McTee).ඒවගේම IMDb දර්ශකයේ 5.5 අගයක් සටහන් කිරීමට මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.ඒවගේම Rotten Tomatoes හි 80% අගයක් සටහන් කිරීමට මේ චිත්‍රපටය සමත් වෙලා තියෙන අතර ගූගල් පරිශීලකයින්ගෙන් 66%ක ප්‍රසාදයක් දිනාගැනීමට මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.
කතාව කිව්වොත්, එක ප්‍රදේශයක ලිසී සහ ඇඟේ සැමියා අයිසැක් තනිව ජීවත් වෙනවා.ඉතින් දවසක් එයාලගේ තැනේ ජීවත් වෙන්න තවත් දෙන්නෙක් එනවා.ඒ තමා එමා සහ ගිඩියොන්.ඉතින් මේ දෙන්නා අලුත බැන්ද දෙන්නෙක් සහ ගිඩියොන් එමාගේ නිවසේ ඉන්න කැමති නෑ මොකද ගිඩියොන්ට එමාගේ තාත්තගේ යටතේ වැඩ කරන්න වෙන නිසා.ඒවගේම කියන්නම ඕන කාරණය තමා එමාට අලුතෙන් ආපු තැන එච්චර හිතට ඇල්ලුවේ නෑ, එයාට එතන අමුත්තක් තියෙනවා වගේ දැනුණා.මොකද මෙයාලා ඉන්න තැනට යන්න සොහොන් බිම් ගණනාවක් පහු කරගෙන යන්න ඕන.ඉතින් එමා හිතන්නේ ඒ හින්දා මේ තැනේ යක්ෂ බලවේග තියෙනවා ඇති කියලා.ඒවගේම එයාට රෑ කාලයේදී දැඩි සුළගක් එක්ක අමුතු ශබ්ද ඇහෙන්න ගන්නවා.හැබැයි ඒක එමාට විතරයි දැනෙන්න ගත්තේ.හැබැයි පස්සේ එමා එක්ක වැඩියෙන් ආශ්‍රය කරපු ලිසීටත් ඔය ලෙඩේ පටන්ගන්නවා.කතාවේ තියන විදියට මේ දෙන්නා එක එක පොත් කියවනවා.ඒක හින්දා මේ දේ වුණා කියලා තමා තියෙන්නේ.ඉතින් ලිසී මේ දේවල් ලිසීගේ මහත්තයා, අයිසැක්ට කිව්වට එයා ගණන් ගන්නේ නෑ.එයා හිතන්නේ මේ සේරම දේවල් නිකන් හිතේ මවාගත්ත බොරු කියලා.ඉතින් මන් කතාව ගැන කියන එක මෙතනින් නවත්තනවා.ඉතුරු ටික කතාව නරඹලා දැනගන්න.
එහෙනම් මන් මෙතනින් මගේ කතාව නවත්තනවා. හැමෝටම සුභ දවසක්! තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු!
IMDB
Year : 2018
Actors : Caitlin Gerard, Julia Goldani Telles, Ashley Zukerman, Miles Anderson
A plains-woman faces the harshness and isolation of the untamed land in the Western frontier of the late 1800s.

2021-08-05 07:08 pm
- Download : 831
- File Size : 13.447KB
- Sub Update :2021-01-07
Download Links:
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Windows 10Chrome 76
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
unknownOpera Mini 4.4
Thank you bro sub ekata
Windows 8.1Chrome 77
ela saho thanks