Keira Christina Knightley හෙවත් ලොවක් දන්න ජනප්‍රිය බ්‍රිතාන්‍ය නිළි Keira Knightley ගේ නවතම Psychological Thriller එක පසුගිය 2025 ඔක්තෝබර් 10 දින Netflix හරහා නිකුත් වුනා. ඒ තමයි The Woman In Cabin 10. මෙය 2016 වසරේ ප්‍රකාශයට පත්, වාර්තාගත ලෙස අලෙවි වුනු, Ruth Ware ගේ ඒ නමින්ම වූ නවකතාව ඇසුරෙන් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. Whodunnit / Crime / Drama / Mystery / Thriller යන කැටගරි වලට අයත් වෙන මෙය විනාඩි 95 ක ධාවන කාලයකින් යුක්තයි. Keira Knightley (ලෝරා) සමඟ රංගනයෙන් එකතු වෙනවා Guy Pearce (බුල්මර්), Art Malik (මෙහෙතා), Gugu Mbatha-Raw (රෝවන්), Gitte Witt (කැරී), David Ajala (බෙන්) Kaya Scodelario (ග්‍රේස්) සහ Amanda Collin (සිග්‍රිඩ්).
කතාව ගැන කියනව නම් මුල ඉඳන් අග වෙනකල්ම එක හුස්මට බලන්න පුලුවන් කුතුහලය නොඅඩු නිර්මාණයක්. බිලියනපතියන් පිරිසක්, අධි සුඛෝපභෝගි බෝට්ටුවක ගමනක් යනවා විශේෂිත කාර්යයක් වෙනුවෙන්. විශේෂ ආරාධනාවක් ලැබ ඊට එකතු වෙනවා රැඩිකල් ජනමාධ්‍යවේදිනියක් වන ලෝරා බ්ලැක්ලොක්. ඇයට ලැබෙන්නේ 8 වන කැබින් එක. ඊට අල්ලපු එක තමයි කැබින් 10. මුල් දිනම රාත්‍රියේ ඇය දකිනවා 10 කැබින් එකෙන් කවුරුහෝ වතුරට වැටෙනවා. ඒ වෙලාවෙ ඇය දකිනවා 10 කැබින් එකේ බැල්කනියේ වීදුරුවක ලේ පැල්ලමකුත් තියෙනවා. ලෝරා කියනවා වැටෙන්න ඇත්තේ කැබින් 10 යේ සිටි කාන්තාව වෙන්න ඇති කියලා. මොකද එදින දවල් තප්පර කීපයකට, ඒ කාන්තාව කැබින් එකේ ඉන්නවාලෝරා දකිනවා. නමුත් බෝට්ටුවේ බලධාරීන් කියන දෙයින් ලෝරා අන්ද මන්ද වෙනවා. එයාල කියනවා ඒ කැබින් එකේ කවුරුවත් හිටියේ නෑ, ඒක දිගටම හිස්වයි තිබුනේ, එන්න හිටි අමුත්තා දවස් දෙකකට කලින් ගමන කැන්සල් කලා කියලා. ලෝරා ඔවුන්ට වීදුරුවේ තිබ්බ ලේ පැල්ලම පෙන්නන්න යනවා. නමුත් ලේ පැල්ලමකුත් නෑ. පස්සෙ බෝට්ටුවේ අයව ගණන් කරනවා. කවුරුවත් අඩුත් නෑ. මොකක්ද මේ බෝට්ටුවේ වෙන්නෙ? ලෝරා දුටු 10 කැබින් එකේ කාන්තාව කවුද? ඒක ඇය මවාගත් දෙයක්ද? ඇය ඇත්ත නම් බෝට්ටුවේ කවුරුවත් ඇයව දැක්කෙ නැත්තෙ ඇයි? ඔබ නොසිතන අවසානයකට The Woman In Cabin 10 ඔබව රැගෙන යනු නොඅනුමානයි. මෙහි කිසිම අසභ්‍ය දෙයක් නැති බව විශේෂයෙන්ම කියනවා. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. ගිහින් එන්නම්.
ජය වේවා. Quality // 480p - 250mb // 720p - 872mb // 1080p - 1.6gb



